Beyond Valkyrie: Dawn of the 4th Reich (2016) Sinhala Subtitles | නාසී මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය.ඉතින් ගොඩක් වැරදි අඩු පාඩු ඇති. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අසංක ප්‍රදීප් රණතුංග සහෝට, මට මේ උපසිරැසිය කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව.ඒ වගේම අඩුපාඩු පෙන්නා දුන් සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතියි.ඇත්තටම වැඩේට අත ගැහුවට පස්සේ තමයි තේරුනේ හිතුවට වඩා මේක අමාරුයි කියලා. සබ් එක කරන්න ඉල්ල ගෙන ටික කාලයක් වෙනවා,ඒත් අධ්‍යාපන කටයුතු හින්දා සබ් එක ඉවර කරන එක කල් ගියා. මේ වැඩේදී උදුල ඉදුනිල් මිත්‍රයා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.ඔහුටත් බොහොම ස්තුතියි.
ඇත්තටම Film එක ගැන කිව්වොත්, 2016 අගෝස්තු 12 දින තිරගත කිරීම් ආරම්භ කළ, විනාඩි 100 ධාවන කාලයකින් යුත්, War-History-Drama ගණයට අයත් වන ඇමරිකානු චිත්‍රපටයක්. Claudio Fah විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර Jeffery Beach විසින් නිෂ්පාදනය කර ඇත. මේ සඳහා Sean Patrick Flanery( කැප්ටන් ඉවාන් ), Pasha D.Lychnikoff(මේජර් කුල්කෝව් ), Julie Engelbrecht(එල්කේ ෂෙරෝඩර් ), Michael Epp(නාසී මේජර් කෲස් ) යන අය රංගනයෙන් දායකත්වය සපයයි.කොහොම වුනත් මේ සඳහා IMDB දර්ශකයේ 4.9 අගයකුත්, කුනු තක්කාලි දර්ශකයේ 29% අගයකුත් තමයි ලැබිලා තියෙන්නේ. ඒත් මන් හිතන්නේ ඒ අගයන් Film එක රසවිදින්න කිසිම විදියකට බාධාවක් නෙවෙයි.මොකද Film එකේ කතාව ගොඩක් හොදයි.
කතාව ගැන කිව්වොත්…… Valkyrie නම් වු මෙහෙයුම මගින් Adolf Hitler ව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා තවත් නාසී ලොක්කෙකු නායකත්වය සපයන අතර ඔහුව ආරක්ෂා කිරීමට එංගලන්තයෙන් හා රුසියාවෙන් විශේෂ හමුදා ඒකක දෙකක් ජර්මනියට පැමිනෙයි. නමුත් Valkyrie මෙහෙයුම අසාර්ථක වන නිසා එයට නායකත්වය සැපයු නාසී ලොක්කාව මරා දැමීමට නාසී නිළධාරීන් ක්‍රියා කරයි. කෙසේ වෙතත් ඔහු මිය යෑමට ප්‍රථම අතිශය රහසිගත ලේඛනයක් එම විශේෂ කණ්ඩායම්වලට ලබා දෙයි. ඇත්තටම ඒ යුද්ධය පරාජයට පත් වෙමින් යන නාසී පක්ෂයේ සියලුම ප්‍රධාන නිලධාරින්,බිලියන ගනනක රත්තරන් සමඟ ආර්ජන්ටීනාවට පලා යන මෙහෙයුමක් සම්බන්ධ ලිපිගොනුවක්. තමා පැමිනි මෙහෙයුම අසාර්ථක වුනත්,එංගලන්ත හා රුසියානු කණ්ඩායම් අතර හැලහැප්පීම් තිබුනත් ඔවුන් මේ මෙහෙයුම නතර කිරීම උදෙසා එකට එක්ව කටයුතු කරයි.මන්ද යත් නාසීන්ගේ මේ පලා යාමේ මෙහෙයුම සාර්ථක වුවහොත්, එය නාසී පක්ෂයේ නැවත නැගිටීමට හේතු විය හැකි නිසාවෙනි.ඇත්තටම රත්තරනුත් එක්ක නාසීන්ට ආර්ජන්ටීනාවට පලා යෑමට හැකි වෙයිද?????
මේ සිද්දිය ඇත්තක්ද,බොරුවක්ද කියන්න මන් දන් නෑ.ඒත් මම දන්න විදියට නාසී පක්ෂයේ දෙවැනියා මෙවැනිම වු මෙහෙයුමක් මගින් සබ්මැරීනයකින් පලා යෑමට උත්සහ කර තිබෙනවා.ඔහුත් බේරුනාද නැද්ද කියලා දන්නේ දෙවියොම තමා……මම හිතන්නේ දැනට මේ ඇති. ඔයාලම Film එක බලලා සබ් එක හොඳද නැද්ද කියලා තීරණය කරන්න.
~~~ඔබට ජය~~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2122 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදීප සඳකල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-12-31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks…
Thanks for subtitles
Thanks bro sub ekata..
Jaya wewa!
ko sub eka
sub eka ko…
පළවෙනි සබ් එකට සුබපැතුම්.
සබ් එක නැහැනේ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදීප සහෝ.
ජයෙන් ජය.
~ජයම වේවා සහෝ~
Ela
එලම
~ජය~
Thanx bro
Welcome
elama saho thanks
එලම
~ජය~
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට………
ලගදීම තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය…..
අනිවා බන්….
~ජය~
Thanks
Welcome
බොහොම ස්තූතියි සහෝ
එලම Kevin සහෝ..
~ජය~
supiriiiii
එලම
~ජය~
පළමු වෑයමට ස්තූතියි. තවත් නිර්මාණයක් අරන් එන්න.
අනිවා අක්කේ..
~ජය~
super work
ස්තුතියි .
~ජය~
eloooooooooooooooooooooo
එලම
~ජය~
උපසිරැසියට බොහෝම ස්තුතියි
~ජය~
thank you hoyapu deyak labuna
Welcome bro.
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
එලම
~ජය~
Thanks for your great job
Welcome..
Congratulations brother 1st sub ekata…
ස්තුතියි.
~ජය~
පළමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්
ඉක්මනට අනිත් එකක් ගේන්ඩ
අනිවා අලුත් එකක් ගේනවා
~ජය~
පළමු උපසිරැසියට උණුසුම් සුබපැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා…!!
~ජය~
The Foreigner (2017) brrip 720p yify ෆිල්ම් එකට sub තාම නැද්ද ?? උණුසුම් සුබපැතුම් 2018 නව වසරට
🙂 පළමු උපසිරැසියට උණුසුම් සුබපැතුම් උදීප සඳකල් සහෝ.. ඉදිරියටත් මේ වගේම කරගෙන යමු. ජය!…. 🙂
~ජය~
rhank u bn,,,jaya weawa
~ජය~
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
““““`සුබ අලුත් අවුරුද්දක් වේවා.“““““““`
~ජය~
thanks for sub bro…
welcome to baiscopelk & happy new year too…
සබ් එක නැහැනේ