MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඉසුරු දිල්ශාන්එළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයබලන්නශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Borat Subsequent Moviefilm (2020) Sinhala Subtitles | බොරට් නැවතත්! [සිංහල උපසිරසි සමඟ] ( 18+)

Rating: 9.3/10. From 36 votes.
Please wait...


කොහොමද හැම කෙනෙක්ටම. බොරට්ව මතකයි නම්, ඔයත් එතෙක් මෙතෙක් ඇවිත් තියෙන උපහාසය සපිරි, සුපිරිම ඩාක් කොමඩි ෆිල්ම් එකක් බලල තියෙන කෙනෙක්. 🙂  මේකේ පලවෙනි එක තමයි Borat: Cultural Learnings of America for Make Benefit Glorious Nation of Kazakhstan (2006). බුදු අම්මෝ නමේ දිග නෙහ්හ්.. නම වගේම තමා ආතල් වලත් සීමාවක් නැහැ. මේ වෙනකොට මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවා අරගෙන බලන්න. ලේ පිරිසිදු කරගන්න කියාපු භාණ්ඩේ. 😀 ඒ වගේම වැඩේට කතා කරපු ගමන් හා කියල මේකට හවුල් වෙච්ච ඉසුරු දිල්ශාන්ටත් බොහොම ස්තුතියි කියන්න ඕනා. ඒ වගේම මේක 18+ ෆිල්ම් එකක්. ගෙදර අයත් එක්ක ප්‍රසිද්දියේ බලන්න එපා. බොරට්ගේ කටට බ්‍රේක් නැහැ, ඒ නිසා අපේ සබ එකටත් බ්‍රේක් නැහැ. පුළුවන් උපරිම අවමයෙන් ආතල් නොකැඩෙන්න වැඩේ කලේ. 😀

මේ වෙනකොට imdb 7.4ක මනාප අගයක් වාර්තා කරගෙන තියෙන මේ සිනමාපටය, Jason Wolinerගේ අධ්‍යක්ෂණයක්. ප්‍රධාන චරිතය සහ තිර රචනය Sacha Baron Cohen නමැති අති දක්ෂ නළුවා විසින් සිදුකර ඇති අතර මේ වගේම ආතල් ෆිල්ම්වලට තිර රචනයෙන් දායක වෙච්ච Anthony Hines පලවෙනි බොරට් ෆිල්ම් එකට වගේම මේකටත් සහය තිර රචනයෙන් දායක වෙලා තියෙනව. 

ෆිල්ම් එකේ ගොඩක් ඒවා ඇත්තටම කරපු ඒවා. ඒ නිසා අනිත් මිනිස්සු ගොඩක් අපහසුතාවයට පත්වෙච්ච වෙලාවල් නොසෑහෙන්න තිබිල තියෙනව. විශේෂයෙන්ම පැමෙලා ඇන්ඩර්සන් එහෙම. මේක බලන්න කලින් අනිවා ඒක බලල එන්න. නැත්නම් ආතල් එකේ අග මුල තේරෙන එකක් නැහැ. කොටින්ම මෙදා පොටේ ඇමරිකාවේ උප ජනපති මයිකල් පෙන්ස්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිතිවෙදියෙක් සහ හොඳම යාලුවෙක් වෙන  රුඩොල්ෆ් ගුලියානිව පවා ඇත්තටම ආතල් එකට අරගන්නවා. ඒ සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙහි එන බොරට්ගේ චරිතය රඟ දක්වන Sacha Baron Cohen හට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ලකරලා තියෙනව.

පලවෙනි එක බලපු අයට මතක ඇතිනේ, කසකස්ථානයේ සුපිරි වාර්තාකරුවෙක් වෙච්ච බොරට් US සහ A වලට යන්නේ, එහෙ සංස්කෘතිය ඉගෙනගෙන එන්න. හැබැයි සිද්දවෙන්නේ තමන්ගේ මව් රට ලෝකේ පුරාම විහිළුවට පත්වෙන ජාතියේ වැඩ ටිකක්. ඉතිං ඒ තරහට මේ වෙනකොට බොරට්ව ජිවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව සිරගත කරලා තියෙන්නේ.. හැබැයි ඔන්න ආයෙත්  විශේෂ මෙහෙයුමකට බොරට්ව ඕන වෙලා, කසකස්ඨාන රජය විසින් US සහ A වෙත පිටත් කරනවා. මෙදා පොටේ මිනිහ පැටලෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක. ආයේ කතාව කියන්න දෙයක් නැහැ. අනිවා බලන්න. නිතරම පරිස්සම් වෙන්න. බොරට් වගේ අය අප අවටම ගැවසෙනවා වෙන්න පුළුවන්. මං එහෙම කියන්නේ ඇයි කියල. ෆිල්ම් එක බැලුවම ඔයාලට තේරේවි. අද අපිට මෙහෙම හිඅවෙලා කොටුවෙලා, සීමාවෙලා ඉන්න වෙලා තියෙන්නේ ඇයි කියලත් ඔයාලට තේරුම් යාවි. 🙁

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13626 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

41 thoughts on “Borat Subsequent Moviefilm (2020) Sinhala Subtitles | බොරට් නැවතත්! [සිංහල උපසිරසි සමඟ] ( 18+)

  • Videw Sewmitha

    Upasirasiyata sthuthi

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Anonymous

    සුපිරියක් තමා..,බොහොම පින් සබට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි …. !

    Reply
  • Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    Reply
  • Thanks for the sub!!!!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ….!

    Reply
  • Sahan Gayantha

    Athanks a lot saho sub ekata

    Reply
  • ජයෙන් ජයම වේවා

    Reply
  • Yasas Chandrasiri

    අඩෝ එලම තෑන්ක්ස් බොක්ක . මේකෙ පලවෙනි එකත් ඉල ඇදෙනව බම්. උඹ ලිපියත් එලටම ලියල තියේ

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!1

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thank u…..patta filumakata sub eka deela thiyenne aaaa….

    Reply
  • DEAD SNOW 2ekata sub onee

    Reply
  • අචින්ත

    අනේ ඉවසිල්ලක් නැතුව හිටියේ නියමයි ඔයාලා…250ත් ගහමු ඔහොමම ඉසූ…සබට තුති…දෙවි පිහිටයි

    Reply
  • මයුර

    නියමයි ඈහ්. උඩූ උයා…. ඔහොමම 150 දෙමු ❤️❤️❤️

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    Over the Moon (2020)
    Save Yourselves! (2020)
    Kajillionaire (2020)

    Reply
  • Thanks brother mehema supiri film denawata

    Reply
  • Borat.Subsequent.Moviefilm.2020.1080p.AMZN.WEB-DL
    6.3 GB???

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සහෝ.ජයවේවා ! ද ට්‍රයල් ඔෆ් ද චිකාගෝ 7 එකටත් දෙන්න ඔහොමම

    Reply
  • link eka dala na baiscope downloaf 1ke

    Reply
  • රොෂාන් ශමීර

    නියමයි…
    බොහොම ස්තූතියි…
    ~ ජය වේවා ~

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    සහෝලා දෙන්නටම බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *