Bramayugam (2024) Sinhala Subtitles | උමතුවේ නවාතැන [සිංහල උපසිරැසි]
Bramayugam (2024) Sinhala Subtitles
රසිකයින් නොඉවසිල්ලෙන් බලා සිටපු තවත් බොක්ස් ඔෆිස් වාර්ථා තබපු චිත්‍රපටයක් අද OTT නිකුත් උනා. ඉතිං එහි වැදගත් කම සලකා අදම එහි උපසිරැසිය ගෙන එන්න තීරණය කලා. මේ වසරේ නිකුත් වූ මලයාලි චිත්‍රපට අතරින් තුන් වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය තමයි මේ. මංජුමෙල් බෝයිස්, ප්‍රේමාලු යන නව පරපුරේ ශිල්පීන් රැගත් චිත්‍රපට වලට අමතරව ඉන්දීය රුපියල් කෝටි 50 ඉක්මවූ තෙවැනි චිත්‍රපටය මෙය, කළු සුදු චිත්‍රපටයක් වන මෙය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ කළු සුදු චිත්‍රපටය බවටද පත් උනා.
Bramayugam (2024) Sinhala Subtitles
17 වන සියවසේ සිදු වූ කතා පුවතක් ලෙස ගෙන එන මෙය Horror ඝනයේ චිත්‍ර පටයක්.වහල් සේවයේ යෙදෙමින් සිටි කුලහීන ගායක තරුණයෙකු ඉන් මිදී පළා ඒමේදී වනයේ අතරමං වී අනතුරුව ඉතා පැරණි අත්භූත මංදිරයකට ඇතුල් වෙනවා. එහි සිටින්නේ ස්වාමියා හා එක් සේවකයෙක් පමණයි.මුලින් ඔහු වෙත දක්වන ආගන්තුක සත්කාරයෙන් සතුටු වෙන තරුණයා පසුව තේරුම් ගන්නවා තමන් උගුලක වැටුන බව.ඒ කිසි දා ජය ගත නොහැකි දාදු කෙළියකට තම අනාගතය උගස් කර පරාජය වීමෙන් පසුවයි. අත්භූත බලයක් හිමි මේ මංදිර හිමි කරු කවුද? ඔහුගෙන් ගැලවී පළායා හැකි වේද? ඒ සම්බන්ධව දිග හැරෙන මේ කතා පුවත අධ්‍යක්ෂණය කරන්නේ කලින් භූත කල්‍යානම් චිත්‍ර පටය අධ්‍යක්ෂනය කල රාහුල් සදාසිවම් විසින්. මෙහි චරිත ඇත්තේ ඉතා සුළු ප්‍රමානයක්. මම්මූටි සමග අර්ජුන් අශෝකන්, සිද්ධාර්ත් භරතන්, මනිකන්දන් සහ අමල්ඩා ලිස් මෙහි චරිත නිරූපනය කරනවා.
Bramayugam (2024) Sinhala Subtitles
කළු සුදු වුවත් රඟපෑම්, කැමරාකරණය, සංගීතය, ශබ්ද පරිපාලනය ඇතුළු සියළු අංග ඉතා විශිෂ්ඨ ලෙස හසුරුවා තිබෙනවා. ඒ නිසා ඔබට කිසි අපහසුවකින් තොරව මෙය රස විඳිය හැකි බලන්නම ඕනෑ ඝණයේ චිත්‍රපටයක් බවට සහතික විය හැකියි
Bramayugam (2024) Sinhala Subtitles
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Bramayugam (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7426 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks…………
බොහෝම ස්තූතියි…
thanks malli sub ekta
බොහෝම ස්තූතියි උපසිරසියට
අලුත්ම අලුත් සුපිරියක් බස්සලා බන්දුල සහෝ බොහොම ස්තුතියි
බොහොම ස්තූටී සබ් එකට..උණු උණුවේම දුන්නට ජය ✌
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!