MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නවෝදනී තිළිණිනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Cobra Kai (2018-) [S02 : E05] Sinhala Subtitles | උපරිමෙන්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 24 votes.
Please wait...

හරි ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. මං කලින් කොටස ගැන මතක් කරන්නම් එහෙනම්. දිමිත්‍රිට කරාටේ ඉගෙන ගන්න ආස හිතිලා එයා කෝබ්රා කායි පැත්තෙ යනවා. ඒත් ජෝන් ක්‍රීස්ගෙන් හොඳ වැයින් පාරක් කාලා තමා එළියට එන්නෙ. ඒක වැරදි දෙයක් නිසා, ඒ වගේම අපරාධයක් නිසා, දිමිත්‍රි කරන්නෙ අන්තර්ජාලයට ඒ ගැන ලිපියක් දාන එක. මේ ගැන හෝක්ට් කේන්ති යනවා. ඒ වගේම ඩියාස් මේ ගැන ජොනීට කියන්න ගියත් ජොනී කරන්නෙ එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා ඒක ෂේප් කරන එක. එහෙම කළත් ජොනීටත් ජෝන් ගැන සැක හිතිලා ජෝන් පස්සෙ එයා මොනාද කරන්නෙ කියලා හොයන්න යනවා. දන්නවනේ ජෝන් හැමෝටම කියන්නෙ එයා මෙහෙම හමුදාවෙ හිටියා, මෙහෙම ලොකු යුද්ධයකට මැදිවෙලා හිටියා, දැන් ජීවත් වෙන්නෙ හොඳම වර්ගෙ නිවාසෙක කියලා. ඒත් මේ කිසිම දෙයක් ඇත්ත නෙවෙයි. ජොනී පස්සෙන් ගිහින් බලනකොට, ජෝන් ජීවත් වෙන්නෙ හොඳ නිවාසෙක තියා, එකම කාමරේ තව කෙනෙක් එක්ක. ඒ තරමට අන්ත තත්වෙට ජෝන් වැටිලා ඉන්නෙ. ජොනීට මේ ගැන දුක හිතිලා එයා ජෝන්ට තව අවස්ථාවක් දෙනවා. ඔය අතරෙ කෝබ්රා කායි වලට අළුත් සාමාජිකයෙක් එකතු වෙනවා. ඒ තමයි ටෝරි. අපේ පිරිමි යාළුවො ටික ගොඩක් සතුටු වෙන්න ඇති ටෝරි නිසා. ඔව් එයා ඇත්තටම ලස්සන වගේම ගොඩක් සටන් හැකියාවකුත් තියෙන කෙනෙක්.
ටෝරිට රඟපාන නිළිය ගැන කිව්වොත්, එයාගෙ නම තමයි Peyton List. එයා රංගනයෙන් දායක වුන චිත්‍රපටි ගැන බැලුවොත් The Thinning, 27 dresses, Anthem of a Teenage Prophet වගේ ජනප්‍රිය වුන චිත්‍රපටි ඒ අතරෙ තියෙනවා.
මේ ටෝරි එක්ක අයිෂා බීච් ක්ලබ් එකකට යනවා මොකද එයාට සැමැන්තට මුහුණ දෙන්න බැරි නිසා තනියෙම. එතනදිත් ලොකු ආරවුලක් ඇති වෙනවා. අනික් පැත්තෙන් එතනට ගිහින් හිටපු ඩැනියෙල්ට ලැබෙන්නෙ නෑ එයා හිතපු විදියට දෙමව්පියන්ට කියවලා ළමයින්ව මියාගි දෝ එක්ක එකතු කරගන්න. ඔහොම කතාව යනකොට අද කොටසත් එකතු වෙනවා. අද කොටසිනුත් ලොකු දෙයක් බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ බලනවා වගේම ඉවසලා අනිත් ටිකත් බලන්න කියලා මතක් කරනවා. අනිත් කොටස් ටිකත් ඉක්මණට අරන් ඒවි අපේ කෝබ්රා කායි මිත්‍රයො ටික. එහෙනම් අද කොටසත් බලන්න ආරාධනා කරනවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10914 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

21 thoughts on “Cobra Kai (2018-) [S02 : E05] Sinhala Subtitles | උපරිමෙන්! [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck…. ❤️️❤️️❤️️

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you sis sub ekata….
    Jaya wewa.!

    Reply
  • Thankz Buddy Sub ekata

    Reply
    • Thanks ………………………………..good luck ……………………

      Reply
  • Isuru_heshan

    තෑන්ක්ස් .සබ් එක එනකන් ⁣බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නේ.

    Reply
  • malithmadhushan45

    නමොදනී උපසිරසට ස්තුතියි

    Reply
  • chinthanabro123

    Thanks akke good work !

    Reply
  • බොහෝම ස්තුතියි නවෝදිනි සොයුරියේ උපසිරැසියට….
    ජය…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *