DCs Legends of Tomorrow (2016) [S02 : E08] with Sinhala Subtitles | චිකාගෝ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]
ක්‍රොස් ඕවර් එකේ අන්තිම කොටසෙදි ඔලිවර් සහ එයා එක්ක හිටපු අනිත් අය පිටසක්වල යානයෙන් පැනල ආව. දැන් කණ්ඩායමේ සැලැස්ම තමයි ඩොමිනේටර්ලාගෙන් කෙනෙක්ව අල්ලගන්න එක. ඉතිං ඒක කරන්න තියන විදිහ තමයි 1951 වසරට ගිහිං එහෙම කෙනෙක්ව පැහැරගන්න එක. ඒක කරන්න ෆෙලිසිටි, සිස්කෝ, නේට්, රෝරි සහ අමාය යනවා 1951 වසරට. මොකද 1951දීත් ඩොමිනේටර්ල පෘථිවි හමුදාවට පහරදීල තියනවා. ඒවගේම ඔලිවර් කැමති වෙන්නෙ නෑ සුපර්ගර්ල් වැඩිය මේ දේවල් වලට සම්බන්ධ වෙනවට. ඒ නිසා ඔලිවර් කියනවා එයාට මේ දේවල් වලින් ටිකක් ඈත් වෙලා ඉන්න කියල. 1951ට ගියපු කට්ටිය පිටසක්වලයෙක් අල්ලගන්නවා ආපහු අරන් එන්න. හැබැයි එයාලට ගේන්න හම්බෙන්නෙ නෑ. ඊට කලින් එයාලව කොටු වෙනවා රජයට. ඉතින් රජය මෙයාලව හිර කරලා තියාගන්නවා අර පිටසක්වලයත් එක්කම. එයාල ඩොමිනේටර් ගැන පරීක්ෂණ කරන්න හදන්නෙ. හැබැයි මෙතන කොටු වෙලා ඉන්නෙ රෝරි, නේට් සහ අමාය විතරයි. ෆෙලිසිටි සහ සිස්කෝ දෙන්න ඉන්නෙ යානයේ. මෙයාල හිර වෙලා ඉන්න තැනම තමයි ඩොමිනේටර්වත් හිර කරලා තියෙන්නෙ. ඉතින් මෙයාල ඩොමිනේටර් එක්ක කතා කරන්න තීරණය කරනවා ඇයි පෘථිවියට පහර දෙන්නෙ කියල. එතැනදී ඩොමිනේටර්ගෙන් දැනගන්න ලැබෙනවා මේකට හේතුව. එයාල ඇවිල්ල තියෙන්නෙ මෙටා මිනිස්සු එයාලට තර්ජනයක්ද කියල බලන්න. කොහොම වුණත් ෆෙලිසිටි සහ සිස්කෝ දෙන්නගෙ උදවු ඇතුව මෙයාලට පුළුවන් වෙනවා ඩොමිනේටර්ව බේරලා ආපහු එයාගේ ලෝකෙට යවන්න.
මේ අතරේ 2016 ප්‍රොෆෙසර් ස්ටයින් ඩොමිනේටර්ලට පහර දෙන්න ආයුධයක් හදන්න උත්සාහ කරනවා. ඇත්තටම මේකට සහය දෙන්න කෙනෙක් එනවා. ඒ තමයි එයාගෙ දුව. එයාගෙ දුවටත් නැනෝ තාක්ෂනය පිලිබඳ PHD එකක් තියනවා. හැබැයි ප්‍රොෆෙසර් වැඩිය කැමති නැහැ දුව එක්ක ඉන්න. මොකද එයා වැඩිය දුවව දන්නෙ නැති නිසා. මේ අකමැත්ත දුවට ටිකක් අවුල්. ඒ නිසා එයා කරන වැඩ ටිකවත් හරියට කරගන්න බැරි වෙනවා. කොහොම වෙතත් කේට්ලන් කියන නිසා ප්‍රොෆෙසර් එයාගෙ දුව එක්ක හොඳින් ඉන්න උත්සහ කරනවා. ටික ටික ප්‍රොෆෙසර්ට දුව ගැන මතකයන් එනවා කියල ඔයාල දන්නවනේ.
ඇරෝ, ෆ්ලෑෂ්, රේ සහ සාරා යනවා ජනාධිපතිතුමිය මුණගැහෙන්න. හැබැයි මුණගැහෙන්න ගියාට එතනට එන්නෙ ජනාධිපතිතුමිය නම් නෙවෙයි. එයාගෙ සහයකයෙක්. ඒ ඇවිල්ල තියෙන්නෙත් මෙයාලව මරන්න. හැබැයි මරන්න නම් හම්බෙන්නේ නෑ. සටනින් එයාල දිනනවා. මරන්න හේතුව තමයි බෙරී ලෝකයට තර්ජනයක් වීම. මොකද බෙරී කාලය හරහා ගිහින් කාල රේඛාව වෙනස් කරපු නිසා. ඩොමිනේටර්ල කියනවා බෙරීව එයාලට බාර දෙනවා නම් එයාල මේ ලෝකෙට හානියක් කරන්නෙ නෑ කියල. 1951ට ගියපු කණ්ඩායම ආපහු 2016ට එනවා. ආවට පස්සෙ එයාල කලින් බේරගත්ත ඩොමිනේටර් මෙයාලට කියනවා බෙරීව බාර දුන්නොත් මෙයාලව නිදහස් කරනවා කිසි කරදරයක් කරන්නෙ නෑ කියල. මොකද ඩොමිනේටර්ල හදන්නෙ මෙටා මිනිස්සුන් මරල දාන්න බෝම්බයක් හෙලන්න. කොහොමවුනත් බෙරී තීරණය කරනවා ඩොමිනේටර්ලට බාර වෙන්න. හැබැයි ඔලිවර් ඇතුළු කණ්ඩායමේ අනිත් අය ඒකට කැමති වෙන්නෙ නෑ.
ඉතින් එයාල තීරණය කරනවා ඩොමිනේටර්ල එක්ක සටන් කරන්න. ප්‍රොෆෙසර් කොහොමහරි පුංචි උපකරණයක් හදල ගෙනත් දෙනවා. ඒක ඩොමිනේටර්ලගෙ ඇගේ හයි කරලා එයාලට ලොකු වේදනාවක් දෙන්න පුළුවන්. කට්ටිය ඩොමිනේටර්ල එක්ක සටන් කරන අතරේ බෙරී සහ සුපර්ගර්ල් දෙන්න ඩොමිනේටර්ලට නොදැනෙන්න මේවා එයාලගේ ඇගේ හයි කරනවා. ඒවගේම සාරා සහ සිස්කෝ ෆයර්ස්ටෝම්ගේ උදවු ඇතුව මෙටා බොම්බේ අක්‍රිය කරනවා. එහෙම කරන්නෙ ෆයර්ස්ටෝම්ගේ බලයෙන් සම්පූර්ණ මෙටා බෝම්බය ද්‍රවයක් බවට පත් කරලා. ඒවගේම අර වේදනාව ගෙන දෙන පුංචි උපකරණය සවි කරලා ඒක ක්‍රියාත්මක කළාම දරාගන්න බැරි වේදනාව නිසා ඩොමිනේටර්ල පැනල යනවා.
අන්තිමට ජනධිපති තුමිය මේ සුපිරි වීර කණ්ඩායමට ස්තූති කරනවා එයාල ලෝකය වෙනුවෙන් කරපු දේ වෙනුවෙන්. ජය සාදයෙන් පස්සෙ කණ්ඩායම නැවතත් විසිර යනවා. ඉතිං මෙතනින් පස්සෙ අපේ ලිජන්ඩ්ලා කොහෙටද එන්නේ? එයාලට හම්බෙන අප්‍රේරණය මොකක්ද? පොඩි දෙයක් කියන්නම්. අද රිප් හන්ටර් බලාගන්න පුළුවන්. එහෙනම් බලමුකෝ මොකද වෙන්නෙ කියල. එහෙනම් ආයෙ ලබන අවුරුද්දෙ ජනවාරි 24 හම්බෙමු. ජය වේවා!!!
~~~~~ Merry Christmas ~~~~~
Due to copyright issues, we do not provide any torrent links.
dcs.legends.of.tomorrow.208.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17045 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තූතියි……………………..
බොහොම ස්තුතියි
Dannam iwasanna ba ban marei ban ikman karapan bro
9 ko bn
sub eka denne nadda ban aiyoooo..davas kiyakda dan
namaya ta sab denne nedda
namaya ko
kawaddda ep.09 eke sub eka enne 9 eka awiilath iwari
සබ හොඳයි. ඇයි තාම ep9 දැම්මෙ නැත්තේ
yako 9 deeepiya do
S02E09 sub eka dipanko
E09 එකේ සබ් දියන්කො බං
9 kooooooo ikmnta dennko
9 නැද්ද
9
නමය දෙන්ඩො
Thanks Saho. E9 ekath ikmanta dannoooo
E9 sub dennako plz
E9 dennako bro
episode 9 nadda bro
thanx bro…..
#Thnx brow
බොහොම ස්තුතියි අචියෝ..
ලබන වසරේ හම්බවෙමු එහෙනම්..
thanks machan
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Niyamai saho.sabata thanks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහෝම ස්තුතියි සහෝ
Thanks machan……jayawewa…..!
thanks 4 sub.
Thanx brooo sub ekata
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sau ekata Thanks bro
Tnx mchoo
බොහොම ස්තූතියි සහෝ……
bohoma sthuthie saho obalage me sewayata…
Thnx
thx brooo
සහෝලා ෆ්ලෑෂ්,සුපර්ගර්ල්,ඇරෝ,ලෙජන්ඩ් ඔය ඔක්කොම ආයෙ එන්නෙ ජනවාරි 24පස්සෙද එතකන් ඉන්න මොකක්ද වගේ
Thanks
9215a254abf429d00c0810c4bedf383d8d0f2b16
පොඩ්ඩක් ඇරෝ එකයි flash එකෙයි සබ් නැත්තේ ඇයි කියලා බලනවද’
eyata excame lu ne .ok
උපසිරසට තැන්ක්ස් ..
ලබන අවුරුද්දේ ආයි හම්බවෙමු …
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ