MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉතිහාසමයඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නයුද්ධරුසියානුවික්‍රමාන්විතසමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Furious (2017) AKA Legenda o Kolovrate (2017) Sinhala Subtitles | අළුයට සැගවුන රයිසාන් නරගයේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.7/10. From 77 votes.
Please wait...

චීනයෙන් රුසියාව වෙත මාර වෙන්න තමයි මේ සුදානම් නමුත් මේ පැනිල්ල රටකින් රටකට පනින පැනුමක් විතරක් නෙමෙයි කාල තරණයක්…. කොටින්ම ක්‍රි.ව. 1237 වගේ ඈත කාලයකට, සත්‍ය සිදුවීම් සහ රුසියානු ජනප්‍රවාදයේ එන මේ සටන පිලිබඳ සඳන් නොයෙකුත් කතාන්දරය ඇසුරෙන් නිර්මාණය වුන මේ සුපිරි ක්‍රියාදාම යුධමය චිත්‍රපටය, Vikings, Game of Thrones, Spartacus බලන කෙනෙකුට නම් බොහොම හිතට අල්ලන නිර්මාණයක් වේවි…. නමුත් ඒ කතා කියන්න කලින් පොඩ්ඩක් ඇත්ත අතීතය ගැන දැනගෙන ඉමු…

රයිසාන් රාජ්‍ය සලකුණ

මුලින්ම රයිසාන් රාජ්‍ය ගැන කතා කරනවා නම් ක්‍රි.ව. 1097 වන තෙක් චර්නගෝව් රාජ්‍යට අයිතිව තිබ්බ මේ ප්‍රදේශය ක්‍රි.ව. 1097 දී තමයි යරෝලාව් ස්වාසොතලාවිච් යටතේ වෙන්නම රාජ්‍යක් ලෙස තමුන්ගේ නම ඉතිහාසයට එකතු කරගන්නට කටයුතු කරන්නේ. රයිසාන් හි ආදිපාදවරයා (කුමාරයා) ලෙස නම් කෙරුණ පුද්ගලයෙකු අත බලය රැදුන මෙම දේශයේ කතාව බොහොම විට යුද්ධත් එක්ක තමයි බැදිල තියෙන්නෙ, කොටින්ම 1186 – 1208 දක්වා කාල පරාසය තුල මුල නගරයම දෙවරක් පොලොවට අළු කර දමන්නට සිදු වුන සිවිල් යුද්ධ සහ සතුරු කරදර තිබ්බ කිව්වොත් මම නිවැරදි.

අපි මේ කතා කරන කාලය වෙනකොට මොන්ගෝලියානු අධිරාජ්‍ය ලෝකය පුරාම තමුන්ගේ අණසක පතුරවමින් ලොවම ලෙයින් නහවමින් තිබ්බ කාලයක්. මොවුනේ ප්‍රබලතම පාලකයෙකු වුන බාටු ඛාන් තමයි අපේ කතාවට අදාළ මොන්ගෝලියානු අධිරාජ්‍ය වන්නෙ. ඔහු ක්‍රි.ව. 1207 සිට 1255 දක්වා කාලය තුල මොන්ගෝලියානු අධිරාජ්‍ය පාලනය කල අතර ඔහු ලොව ප්‍රසිද්ධ Golden Horde හි නිර්මාපකයා ලෙසත් ඉතිහාස පොත්වල සඳහන් වෙනවා… නමුත් ඔහුගේ කතාව ඊට වඩා තවත් බොහොම ස්වර්ණමය සලකුණු ඇතුලත් කතාවක් කොටින්ම ඔහුගේ සීයා වෙන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි ජෙන්ගිස් ඛාන් අධිරාජ්‍ය… ක්‍රි.ව. 1227 දී ඔහුගේ මරණයත් එක්ක ඔහුගේ අධිරාජ්‍ය කොටස් 6 කට කඩා ඔහුගේ පුතුන් වෙත බෙදා දෙනු ලැබුවා නමුත් ජෝචී නම් වූ ඔහුගේ වැඩිමහලු පුතණුවන් මේ රාජ්‍යන් හයේම ප්‍රධාන පාලන කේද්‍රය වෙමින් මොන්ගෝලියානු අධිරාජ්‍ය ව්‍යාප්තිය සඳහා කටයුතු සුදානම් කරන්න තමයි නියමිත වුනේ… නමුත් තම පියාගේ වියෝවෙන් මාස 6 ක් ගිය තැන ඔහුත් මරණයට පත් වෙනවා. ඔහුගේ වැඩිමහලු පුතා තමයි අපි පෙර කතා කල බාටු ඛාන්. පියාගේ මරණයත් එක්ක ඔහුට මොන්ගෝලියානු අධිරාජ්‍ය බටහිර දේශ සීමාව ආසන්න භුමිය පැවරෙනවා, අද ලෝක සිතියමෙන් කතා කලොත් ඒ රුසියාවෙන් කොටසක් සහ කසාක්ස්තානය. ඇත්තටම ඔහුගේ ඉතිහාස කතාව බොහොම දිග එකක් ඔහුගේ ජයග්‍රහණ ඔහු ලෝකයට දායාද කල දේවල් කියන්න ගියොත් වෙනම ලිපියක් ලියන්නට සිද්ධ වේවි ඒ නිසාවෙන් මම මේ ලිපිය පුරාවට තැන කිහිපයක වෙනත් පිටු වෙත යන්නට මගක් තියා යන්නම්, ඔබ උනන්දු නම් මේ ඉතිහාස කතා දැනගන්න ඔබට පුළුවන් ඒ ලින්ක් හරහා ගිහින් තවත් විස්තර දැනගන්න… දැන් අපි හැරෙමු අපේ චිත්‍රපටයේ වීරයා දිහාට…

ඉව්පටී කොලොව්රට් වෙනුවෙන් රයිසාන් නගරයේ නිර්මාණය කර ඇති පිළිරුව

ඉව්පටී කොලොව්රට් නම් වන ඔහු නැගෙනහිර ස්ලාවික් ජනප්‍රවාදයේ එන වීර චරිතයක් ඔහුගෙ වරිතය ඇත්තටම අයත් වෙන්නේ බගතීන් නම් (Bogatyr) මාධ්‍ය කාලින යුගයේ රණ ශුරයන් ගොන්නට. ක්‍රි.ව, 1200 දී රයිසාන් හිදී උපත ලැබු බවට සඳහන් මොහු ඉතිහාස ගත වෙන්නේ මොන්ගෝලියානු අධිරාජ්‍ය බාටු ඛාන් සමඟ තමුන්ගේ නගරය වන රයිසාන් විනාශ කිරීම වෙනුවෙන් කල සටන නිසාවෙන්… එම සටනේ දී ඔහු පෙන්වූ නිර්භිකතම ගැන සැබවින්ම රුසියානු ජනප්‍රවාදය තුල කවී ගී ලියවිලා තියනවා විතරක් නෙමෙයි, චිත්‍ර සහ අද කාලයේ සිනමාවත් ඔහු වෙනුවෙන් තමුන්ගේ කාලය කැප කරල තියන එකේ ලේසී පහසු කෙනෙක් වෙන්න බැහැ නෙව ඔහු…

Ivan Shurkhovetskiy අධ්‍යක්ෂණයක් වන මේ නිර්මාණය Dmitriy Paltsev, Sergey Yudakov, Evgeniy Raevskiy වගේ පිරිසක් අතින් තමයි පිටපත් රචනය වෙලා තියෙන්නේ. තිරයේ දකින මුහුණු වෙන්නේ Ilya Malakov, Polina Chernyshova, Aleksei Serebryakov, Aleksandr Ilyin Jr. සහ Yulia Khlynina වගේ පිරිසක්… 2017 වසරේ නොවැම්බර් මස 30 වැනිදා රුසියාවේ දී ප්‍රදර්ශනය ආරම්භ වුන මේ නිර්මාණය අයත් වෙන්නේ Action, History කියන කාණ්ඩ වලට… පැය 1 කුත් මිනිත්තු 43 ක් පුරා දියවන සටන් සපිරුණ, මේ ඓතිහාසික යුධ කාව්‍ය IMDB අවඩියේ 6.3 ක ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත් වෙලා තියනවා.

කතාව වෙන්නේ මෙහෙමයි… රයිසාන් නගරය වට කරගත් මොන්ගෝලියානු අධිරාජ්‍ය එක්ක එකවර සටන් කරන්නට තමුන්ට බලයක් නැති නිසාවෙන් පාලනයේ සිටින රයිසාන් කුමරුවා තමුන්ගේ කුමරුවෙක් සහ ඔහුගේ ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් දරන කොලොව්රට් නයිට් වරයා ඇතුළු පිරිසක් යවනවා සාම සාකච්චා වෙනුවෙන්. මුලින් හොඳින් වැඩ සිද්ධ වෙන බව පෙනුනත් එක්වරම සියල්ල කණපිට හැරෙන්න ඔහුට අහිරාජ්‍ය ඉදිරියේම ප්‍රහාරයක් එල්ල වීමත් එක්කයි… කෙසේ හෝ එතනින් පැනගන්නා මේ දූත පිරිස හැකි උපරිම වේගයෙන් මහා හිම කුණාටුවක් අස්සේ තමුන්ගේ නගරය වෙත එන්නේ අනතුරු ඇගවීම හිත දාරගෙන… නමුත් ඒ එන ඔවුන්ට දකින්න ලැබෙන දර්ශනය ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවුවක්…

රයිසාන් නගරය මුළුමනින්ම විනාශ වී ගොසින්, එහි වැසියන් තැන තැන හිමේ ගල්වෙන මල සිරුරු බවට පත් වෙලා… ඔවුන් සතුව තවත් හමුදාවක් ඇත්තේ නැහැ ඔවුන්ට සිටින්නේ අධිරාජයා සමඟ හමුවට ගිය සෙබළුන් 20 දෙනෙක් වැනි සුළු පිරිසක් පමණයි… තමුන්ගේ නගරය, දේශය විනාශ කරන්නට වෙර දරන අධිරාජ්‍ය වෙනුවෙන් හිස නොනමන නයිට් වරයෙක් සහ ඔහුගේ පිරිවර සුදානම් වෙනවා දහස් ගණනක බට සේනාවක් එක්ක සටන් කරන්න ඒ අතිශය උපාය ශිලිව, විශිෂ්ඨ සටන් හැකියාවක් පෙන්වමින්… ඉතින් මේ වීරයන් සැබවින්ම නොනවා කරයි ද? ඔවුන්ගේ ඉරණම කොහොම වේවි ද? මේ සියල්ල ඔබට දැකගත හැකි වේවි… මේ කතාව බැලුවොත්…

කියන්නම ඕන මේ කතාව තුල තවත් කතාවක් දිව යනවා කොලොව්රට්ගේ අතීතය සම්බන්ධයෙන් මම ඒ ගැන මෙතන කිසිම දෙයක් සඳහන් කලේ නැහැ ඒ දෙයත් ඔබට දැකගැනීමට භාරයි… හොඳ කඩු සටන් ටිකක් දැකගත හැකි වේවි ඔබට මෙයින්… මේ රුසියාව නිසා කතවා දිවයන පසුබිම තනිකරම ස්ටර්ක් බල ප්‍රදේශය වන උතුරු පළාත වගේ, බොහොම හිමෙන් වැහිලා තියන බොහොම අමාරු ප්‍රදේශයක්, මේ සටන වෙනුවෙන් කොලොව්රට් ඒ භුමියේ වාසියත් ලබාගන්න හැටි ඔබට දැකගත හැකි වේවි… ඒ වගේම එක කුඩා දර්ශනයක් නිසා මෙය 18+ කියන්න සිද්ධ වෙනවා නමුත් ඒ තත්පර ගණනක් නමුත් අපි ඔළුව බේරගන්න ඕන නිසා ඔන්න ඒක 18+ ලෙස නම් කිරීමත් සිද්ධ කළා…

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අදහසක් දක්වා යන්න, දැන් ඇත්තටම බොහොම උපසිරසකරුවන් අතිශය කලකිරීමෙන් ඉන්න කාලයක් ඉස්සර වගේ නෙමෙයි ආයෙත් අපිට ලැබෙන අදහස් එන්න එන්නම අඩුවෙලා ගිහින්… ඔබ වෙනුවෙන් පැය ගණනක් වෙහෙසිලා මේ කරන කාර්යය වෙනුවෙන් ඔබට අපි වෙනුවෙන් විනාඩියක් වෙන් කරන්නට බැරි නම් එයින් ඇත්තටම කිසිම ප්‍රයෝජනයක් නැහැ හොඳ මේ දේ අපි ඉංග්‍රීසි උපසිරසක් අරගෙන මේ බලන දෙයක් බලල ඔබට කැමති හැටියකට බලාගන්න ඉඩ දෙන එක… ඉතින් එහෙම වෙන්න දෙන්න එපා කියල ඉල්ලීමක් කරනවා, මොකද අන්තර්ජාලය තුල දැන් ඇති අනිකුත් උපසිරස ලබාදෙන වෙබ් අඩවි වෙතත් ඔබ යනවා නම් දකින්න ඇති නෙව දවසකට ඒ තුල යන උපසිරස ප්‍රමාණය, ඉතින් අපේ පිරිසත් ඒ වගේ මේ ක්‍රියාව නවතා දැම්මොත් ඉතින්… ඒ ගැන හිතන්නට ඔබට භාරයි…

කලින් වගේම මෙහිත් පිටපතක් හොයාගන්න උදව් කල ඉමේෂ් මලේ ඔබට ස්තුතියි, පූර්ව ප්‍රචාරක පටය බලල ඉන්න කෝකටත්. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි.
කරුකාරල බාගන්න ලින්ක් නම් මෙතන ඉල්ලන්න එපා ඒ වෙනුවෙන් වෙනම වෙබ් අඩවියක් අපි නිර්මාණය කරල තියනවා baiscopedownloads නමින්, ගුගල් කරන්න ඔබට හොයාගන්න හැකි වේවි… අපි පළකර ටික වෙලාවකින් ඒ තුලින් ඔබට ටොරන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් ලබාගන්න හැකි වේවි…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13881 --

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

186 thoughts on “Furious (2017) AKA Legenda o Kolovrate (2017) Sinhala Subtitles | අළුයට සැගවුන රයිසාන් නරගයේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Thanks lot my friend

    Reply
  • bluray walata me subtitle eka sync wenne nehene..
    please bluray walata sub eka dennako..

    Reply
  • Rusiru Rukmal

    Thank you. good luck

    Reply
  • ස්තුතියි සමීර!
    කාරණා දෙකක් නිසයි ස්තුති කරන්නේ.
    එක සබ්ස් වෙනුවෙන්!

    දෙක.
    මේ වගේ හැබෑ දේශප්‍රේමී වීරයන් ගැන
    එයාලගෙ වීර වික්‍රමාන්විත කටයුතු ගැන
    නැණැස මෙහෙයවීම ගැන
    අප වැනි රසිකයන්ට මෙවැනි චිත්‍රපට මඟින්
    හැබෑම වින්දනයක් ලබාගන්නට
    අවස්තාව සැලසීම වෙනුවෙන්!

    ඒ වගේම ස්තුතියක් බයිස්කෝප් සිංහලෙන් අඩවියටත්.

    ම්….. තව ඩිංගෙන් අමතක වෙනවා.
    මං වගේ රසිකයන් නිසා වෙන්නැති
    films බාගන්න තරමට කමෙන්ට්ස් නොවැටෙන්නේ,
    මම හොඳ ෆිල්ම්ස් බාගන්නවා වුණාට
    ඒ සමහරක් බලන්න වෙන්නේ කල්පෙකට පස්සේ.
    හැබැයි එහෙම පමාවෙලා හරි බලන හැම ෆිලුමකටම
    කමෙන්ට් එකක් නං දානවාමයි!

    Reply
  • Thanks ………………….good luck …………………..

    Reply
  • Thanks a lot… for the sub and article..

    Reply
  • Sub ekta thnk u broh❤️

    Reply
  • chathurangakpc

    Thak br………..

    Reply
  • ලිපියටයි සබ් එකටයි ස්තුතියි

    Reply
  • ela bro…..good luck…

    Reply
  • upeka.ashan

    ela machoo jayen jaya.tnx sb 1ta

    Reply
  • Milindapriyalal

    Thanks bro sub එකට
    ️️

    Reply
  • Thushradamith

    නවතින්න එපා අපි වෙනුවෙන් ලියන්න ජය පතනවා

    Reply
  • thiwanka anuhas

    Thanks bro supiri

    Reply
  • Kelum Sri Desh

    thank a lot bro

    Reply
  • Kasun Nisansala

    Thank you….

    Reply
  • geethkamal

    sub ekatai film ekatai tnx saho…..

    Reply
  • Smsandaruwan

    තෑන්ක්ස් බන්….දිගටම කරන් යං…

    Reply
  • Pasindu Akalpa

    720 Bluray ekata sub denne nadda?

    Reply
  • Rumeksh Dilhan

    sub ekata thanks

    Reply
  • BR ekata update karannako…

    Reply
  • asankabalage

    thanks brother digatama sub karamu.

    Reply
  • DarshaDulan

    Thanx machan sub ekata

    Reply
  • hoda wadak bro uyala karanne thank u

    Reply
  • Thanks… Digatama karagena yanna sahoo

    Reply
  • Rasitha Pradeep

    Tnx for the Subtitle……

    Reply
  • Thilankadissanayake

    Thanks bro.jaya wewa !

    Reply
  • thanks saho niyamai jayawewa..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

    Reply
  • Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • good job bro thanks lot jaya wewa

    Reply
  • ela ela mchan. avengers infinity war eke hoda copy ekk enna kochchara kal yaida thwa?

    Reply
  • chandima subashini

    nice work. keep it up bro..

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thx bn,….. hoda film ekak vage.. balamuko ..elama

    Reply
  • baiscopekasun123

    ela machooo. man asa commondo film walata tamai tawa ekak denna

    Reply
  • kamal arjuna

    Ela Saho Jayawewa

    Reply
  • prageeth chamalka

    අනිවාරෙන් අයියේ..අයිය කියන දේ 100%ක් ඇත්ත..උපසිරැසියට බොහොම ස්තූතියි…අපි හැමදාම බයිස්කෝප් එකත් එක්ක..ජය වේවා !!!!

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • nalinda594

    Thank you very much dear I wish U all the best gd luk

    Reply
  • page not found bro…. ai a fix this

    Reply
  • THANKS BRO. Great job

    Reply
  • namaljayathunga

    lipiya supiriyi. thanks

    Reply
  • thanks bro for ur kindness

    Reply
  • madushanka_baiscopelk_user

    Thanks.

    Reply
  • Danushka Chathuranga

    tns oyala hamotama godal loku deyk karanne ake blase aka aniva hamba vei !!!!!!!!!

    Reply
  • thanxx machooo sub ekata…..

    Reply
  • me wage story patta lassani. thanks bro

    Reply
  • Sajithlakshan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි.මං කැමති මෙවගෙ ඒවට

    Reply
  • lakshankkn

    උපසිරැසියට බොහෝම ස්තුතියි.. ජය වේවා…!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • PIYUMI WASANA

    Thanks….දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!!!

    Reply
  • Janasanka

    Thanks sub aketa…
    Obeta jaya…..

    Reply
  • තරිඳු කටුවාවල

    උපසිරැසියට බොහෝම ස්තුතියි.. ජය වේවා…!!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thikshana.danushka

    Sub akata Thank bro.

    Reply
  • ගොඩාක් ගොඩාක් ස්තූතියි.සුපිරි වැඩක්

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Mahesh Rajapaksha

    Thank you for sub….

    Reply
  • ස්තුතියි සමීර…. චීන එකෙන් පස්සෙ තව එකක්.. ස්තුතියි…
    ස්තුතියි බයිස්කෝප්…

    Reply
  • DBMadhushan

    Nice Bro…. Thanks…….

    Reply
  • SANATH RANGA ABEYWEERA

    ela ela broo

    Reply
  • thusharasanjaya

    tanx kollane subeta

    Reply
  • DilanDilshan

    ehemama kiyannat epa saho.oyala natnam sub ekak dala film ekakwat balanne kohomada api..thankz sub ekata.jaya wewa.

    Reply
  • brilliant work bro thanks a lot

    Reply
  • yomalravindu

    සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thanks bro……jayawewa…..!

    Reply
  • නියම වැඩක්‌ සහො..සිංහල උපසිරැසියට ස්තූතියි!!!!!

    Reply
  • Jaime Lannister

    thnx brother….digatma kragena ymu………

    Reply
  • tired finding movie related subs

    Reply
  • Tnx brother ❤️❤️

    Reply
  • sampath n perera

    ane please nawathwannanam epa api semada oyalath ekka innawa
    oyala karana mema sewaya raththaran watinawa
    oba sematama budu saranai dewi pihitai…..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • Sabata pattama thankz mcho,,,ubalata pin mcn ubalage watina kale kapakarala mehema sub karanawata…thankzz bro….

    Reply
  • ela sahoo digatama kranna jaya wewa!!!

    Reply
  • chanaka765

    thanks………….

    Reply
  • Ashanherath

    Thankz mvn sub ekata sameera bro dunna kiyanne patta paharak thama

    Reply
  • Ran KE Almainz

    එල. බොහෙම ස්තුතියි…

    Reply
  • Gathsara Umesh

    Bhoooom thnxxx ayyee..
    Api inwa hmdaaam….ayyl ekka..
    Digatm yan gmn ymu aye..

    Reply
  • ela bro..sub akata tanx

    Reply
  • තරිඳු පෙරේරා

    නියම වැඩක්‌ සහො හොද ලිපියක්‌ හොද උපසිරසයක් ස්තුති

    Reply
  • Udara Damith Dissanayaka

    ලිපිය නියමයි

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ උපසිරසියට…

    Reply
  • Hiran Senanayaka

    මේක පට්ට පාර ෆිලුමක්… සබ් එකට ස්තූතියි සහෝ…..

    Reply
  • Samith Suranga

    Nice film bro… Mama kamatima jathiye film ekak….

    Reply
  • gihan perera

    ඕන ඕන….සිංහල උපසිරැසි නම් ඕන මචෝ…..කවුරු නැතත් අපි ඉන්නවා දිගටම…..මං හැමදාම ඔගොල්ලො උපසිරැසි කරන චිත්‍රපටි බානවා..දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ….මෙිකත් දැන් බානවා…

    Reply
  • thank u very much… keep it up bro

    Reply
  • Thank you very much Sameera

    Reply
  • aththama kiuwoth api film eka balanna thiyana hadissiyata sub eka download karan ohe yanawa eka waradi aththatama ada idan hamadama mama hama ekakatama comment karanawa thankz sub ekata saho

    Reply
  • chathurangakpc

    බොහෝම ස්තුතියි. සහෝදරය. ඔයා කල කිරිමෙන් ඉන්නවා කියා දන්නවා ඒත් ඔයලාගේ නිහඩ සේවය මුලු ලංකාවවටම ඉතා වැදගත්. ඔබට ජය …..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ranga11112

    ස්තුති සහො….. සබ් එක ගත්තා

    Reply
  • thnks broo. ash vs evil dead s3 sub eka puluwannam diyan

    Reply
  • hirusha ekanayake

    THANK for sub … ESCAPE PLAN 2 ekt pluwn tharam ikmnt sub dennko

    Reply
  • dsdkavishka

    Thenks bro, fatta film eka

    Reply
  • බොහෝ ම ස්තූතියි සමීර බ්‍රෝ……….ජය…….

    Reply
  • Prabhasoft

    බොහොම ස්තූතියි…. සහෝ…. ජය වේවා…!!!
    මේ ගැනත් ටිකක් හිතන්න. තරහ වෙන්නත් එපා. ඔබ සැමගේ සේවය අපට ලොකු උදව්වක්. නැත්නම් මේ සලරූ වල රූප විතරක් බලලා තේරෙන ඉංගිරිසියෙන්නේ කතාව බලන්නේ… ඔබත් ඔබේ සහෝදර සැමත් කරන මේ දෙයට ගොඩක් ස්තූතියි.
    ඒ වගේම අපි අදහසක් දැම්මට පිළිතුරක් වත් අපට ලැබෙනවානම් හොයි කියන එකයි මගේ අදහස.ඔබ කාර්ය බහුල ඇති මොකද කමෙන්ට් ලොකු ගානකට පිළිතුරු දෙන්න ලොකු කාලයක් ඕනනේ… ඒ නිසා හැමෝටම පොදුවේ හරි පිළිතුරක් දෙනවානම් මේ තත්වය හොඳ අතට හැරේවි. අඩුම තරමේ ලයික් එකක් වගේ දෙයක් වත්…
    තව දෙයක් ඔබේ උපසිරසි අප බලන්නේ බාගෙන ගිහින්. ඒත් ඒක බැලුවාම හිතෙනවා ඔයා ගොඩක් මහන්සි වෙලා.. අදහසක් දාන්න තිබුනනම් කියලා. ඒත් ඒ වෙන කොට සයිට් එකේ ඒ ෆිලුම ගොඩක් යට ගිහින් හොයන්න වෙනම වෙහෙසක් ගන්න ඕනි.සබ ගන්න කොටම අපිට කියන්න පුළුවන් ස්තූතියි කියල විතරයි.
    ඉතින් ඇඩ්මින්වරු හැමෝම ඒ ගැනත් හිතනවානම් මේ සයිට් එකත් එක්ක නිහඩව ඉන්න තවත් ගොඩක් පිරිසක් අදහස් දමාවි… ඔබ ඒ ගැන කියල තිබුන නිසා ඒ ගැන කියන්න හිතුනේ. මම ත් දැන් වසර 10 කට අධික කාලයක් බයිස්කෝප් එකත් එක්ක ඉන්නවා.. අලුත් ෆිලුමක් අාවත් සබක් එනකල් ඉන්නේ ෆිලුම බලන්නේ නැතිව..
    ඒසේනම් ඔයාලා හැමෝටම මේ සත්ක්‍රියාව දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා…..
    බුදු සරණයි….!!! ජය වේවා….!!! සිංහල උපසිරසියට..
    මම ප්‍රභාත්….

    Reply
    • පුභාත් කියපු දේ හරි.. මේ සයිට් 1කේ Notifications තීරුවක් දාන්න බැරිද.. ඒහෙම උනොත් මං හිතන්නෙ මග අැරෙන දේවල් බලාගන්න පුලුවන් වෙයි නේද.. අනික අපි දාපු කොමන්ට් 1ක කට රිප්ලයි කරත් අපි අායිත් දන්නෙ නෑ Notifications තීරුවක් අාවනම් මග අැරෙන 1ක් නෑ.. අදහසක් විතරයි.. මං දන්නෙ නෑ කරන්න පුලුවන් වෙයිද කියලා..
      සිංහල උපසිරැසියට නැවත වරක් ස්තූතියි.. දිගටම කරගෙන යන්න.. කරන සත් ක්‍රියාවන් ගැන පසු තැවෙන්න ඒපා… ජයෙන් ජයම වේවා.

      •••ZEAL•••

      Reply
  • Thank you for Subtitle
    We really appreciate your work in baiscopelk
    It was a pleasure to be a part of baiscopelk

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • thank tremores alut film ekata sub denna puluwanda loku deyak

    Reply
  • Pradeepkumara

    Thanx brooooo….

    Reply
  • madusanka

    නියමයි ජයෙන් ජයම වේවා..**

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *