Watch Trailer

Game of Thrones [S01E07] with Sinhala Subtitles (18+) | දිනන්න නැත්තම් මැරෙන්න … [සිංහල උපසිරැසි සමඟ]

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ හත්වෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොදට රසවිදින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ Khal Drogo විසින් රත්ත…

කට්ට්යටම මතක ඇතිනේ බයිස්කෝප් අලුත්ම වෙනසක් එක්ක පටන් ගත්තු රූපවාහිනි කථා මාලව. ඒකේ පලවෙනි අදියරේ හත්වෙනි කොටස තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. මන් හිතනවා කලින් කොටස් නොබලපු අයට මෙතනින් පරණ කථා බලලම හිටියොත් මේ කොටස හොදට රසවිදින්න පුළුවන් වෙයි කියලා. මතක ඇතිනේ ගියපාර කථාව ඉවරවෙන්නේ Khal Drogo විසින් රත්තරන් භාණ්ඩ ටික උණු කරලා එහෙමම Viserys ගේ ඔළුවට වක්කරලා ඔහුව මරලා දාන තැනින් නේ…… :D

මේ අතර Riverland වල Cersei Lannister රැජිනගේ පියා Tywin Lannister විසින් 60,000ක හමුදාවක් සුදානම් කරනවා රජුගේ දෙවනියා වන Eddard Stark ට එරෙහිව සටන් කරන්න හා Catelyn අර්යාවගෙන් තමන්ගේ පුතා කොට ආදිපාදතුමා Tyrion ව බේරගන්න. මේ අතර රජුගේ දෙවනියාට හමුවෙන තොරතුරු අනුව ඔහුට ඔප්පු වෙනවා රැජිනට ඉන්නේ Robert රජුට දාව උපන් දරුවන් නොවන බව. මෙය කලින් හිටිය රජුගේ දෙවනියා වන Jon Arryn විසින් දැන ගත් නිසා ඔහුට මරණයට පත් වීමට සිදුවූ බව Eddard Stark ට තේරුම යනවා. නමුත් ඔහුගේ තිබෙන මහත්මා ගතිය නිසා රැජිණ කැදවා ඔහු රැජිනට කියනවා ඇය අනාචාරයේ හැසිරුණ බව හේතු සහිතව ඔප්පුවෙලා තිබෙන නිසා රජු ඒමට පෙර රාජ්‍යය අත හැර යන ලෙස. නමුත් මේ ප්‍රකාශය මහා ගැටුමක මුල බීජය බව වත් හීනෙන් වත් නොසිතන්න ඇති.

මේ අතර දඩයමේ ගිය රජුගෙන් මහා භයානක පණිවිඩයක් King’s Landing අගනුවර මාලිගාවට ලැබෙනවා. මේ පණිවිඩය මොකද්ද? රැජිණට රජතුමා ආපසු මොකද වෙන්නේ ? රැජිණගේ පියා සහ ඔහුගේ සහෝදරයා Eddard Stark ගේ බිරිදට එරෙහිව සේනා මෙහෙයවාවිද? රැජිණ මාලිගාවෙන් පලා යාවිද? නැගෙනහිර දේශයේ Daenerys කුමරිය සිය සොහොයුරාගේ මරණින් පස්සේ මොකද්ද කරන්නේ? මේ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා .


ප .ලි : මම නම් කියන්නේ පළවෙනි කොටසේ මෙතෙක් ඔයාලට තේරුම් ගන්න බැරුව තිබ්බ ප්‍රශ්ණ ඔක්කොම මේ කථාවෙන් නිරාකරණය කරගන්න පුළුවන් වෙයි… ;)
ඒ නිසා නොවරදවාම මේ කොටස බලන්න කියල මම කියනවා ………….
 :D

දීලා තියන 210 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක. එයට උපදෙස් මෙතන ඇත.

මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ අටවන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

72,655 downloadsDownload 201811062306-GOTS01E07.zip193 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

                                             Next BT1All BT1Next BT1

 

Subtitles

72,655 downloadsDownload Subtitles193 KB

0 comments

No comments yet.