Watch Trailer

Prison Break [S01 : E01] Sinhala Subtitles | සහෝදරත්වය ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපේ සිංහල උපසිරැසි කලාවේ මහ ගෙදරින් තවත් අලුත් පට්ට වැඩකට අත ගැහුවා. මේක මොකක්ද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ (මොකද බැනර් එකක්ම දාලා තියෙනවැ නෙවෑ නමත් එක්ක. 😀 ) ඒ මොනවා උනත් මෙය ගැන පවසන්නට බොහෝ දේ ඇති මුත්, ඒවා ඉදිරියට පවසන්න තියාගෙන අද එයින් බිඳක් පවසන්නම්. මේක තමයි 2005 වස…

ඔන්න එහෙනම් අපේ සිංහල උපසිරැසි කලාවේ මහ ගෙදරින් තවත් අලුත් පට්ට වැඩකට අත ගැහුවා. මේක මොකක්ද කියලා අමුතුවෙන් හදුන්වා දෙන්න දෙයක් නැහැ (මොකද බැනර් එකක්ම දාලා තියෙනවැ නෙවෑ නමත් එක්ක. 😀 ) ඒ මොනවා උනත් මෙය ගැන පවසන්නට බොහෝ දේ ඇති මුත්, ඒවා ඉදිරියට පවසන්න තියාගෙන අද එයින් බිඳක් පවසන්නම්. මේක තමයි 2005 වසරේදි ඇමෙරිකා රූපවාහිනි නාලිකාවක විකාශය ඇරඹූ, සැමෝගෙම ජනාදරයට පත් වු ටෙලි සිත්තම. මෙය සීසන් හතරකින් සහ අවසාන බිදීම (Final Break) යන කොටසකින් යුක්ත වූ ටෙලි සිත්තමක්, එනම් මෙහි මුලු කොටස් ගනන 81ක්. මෙහි අවසන් කොටස වීකාශය වූයේ 2009 වසරේදි. එනම් මෙහි සම්පූර්න ධාවන කාලය අවුරුදු හතරකට සීමා විය. අපද මෙය එසේ සිංහල උපසිරැසි සමග පුරා අවුරුදු හතරක කාලයක් නොකඩවා ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු. (පොඩි ගොන් පාට් එකක් හොඳේ :D) අවාසනාවකට ඇත්ත කතාව නම්, දැන් ලැබුන පුවත අනුව මෙය නිම කිරීමට අපට අවුරුදු හතරක් ගත කිරීමට හැකියාවක් නැත. එ නිසා අප කණ්ඩායම හැකි විගසින් මෙහි සම්පූර්ණ කොටස් ටික ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නෙමු. (ජය වේවා 😀 කෝ සද්දේ මදි).

අයියෝ කවුද අර ලිපියේ උඩ ටික ලියපු එකා. ඌට නම් මොකක් හරි මොලේ අමාරුවක් තියෙනවද කොහේද ? 😀

අපි දැන් බහිමු සිරා කතාවට. මේකේ නම තමයි Prison Break එකේ තේරුම ගැන නම් කියන්න ඕනා නැහැ, ඕනා කෙනෙක්ට තේරෙනවනේ මොකක්ද කියලා. මේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, ඇත්තටම මං මේක බලන්න හිතුවේ ගොඩක් අයගේ මූණු පොතේ අර දාන්නේ තමන් කැමති ඒවා ගැන. අන්න එතන එයාලා වැඩියෙන්ම ආස ටෙලි කතාව මොකක්ද කියන තැනට දාලා තිබුනේ මේක. ඉතිං ඕක දැකලා දැකලා හිතුවා අඩේ මේ මොකක්ද හැමෝම දාලා තියෙනවා, මාත් බලන්න ඕනා කියලා බෑවා බලන්න. ඔයාලට කියන්න මේ පලවෙනි කොටස විතරයි මං බෑවේ, මේක බාලා බලන්න ගත්තා විතරයි, හරියට නිකම් මේ කතා මාලාවට ඇබ්බැහි උනා වගේ සීන් එකක් මට උනේ. මං හිතන්නේ ඔයාලටත් ඒක වෙයි. මොකද කියනවා නම් මං එදා මෙදා තුර බලපු හොඳම ටෙලි කතා මාලාව තමයි මේක. මං හිතන්නේ නැහැ කවදාවත් මේක අමතක වෙයි කියලා. කතාව කියන්න අරන් ආයේ වෙන එකක් කිවුවා. ඔන්න දැන්නම් ඉතිං තද වෙනවා ඕං, කතාව කියනවකෝ..

හරි මේ සම්පූර්ණ කතාවම ගලා යන්නේ සහෝදරයෝ දෙදෙනෙක් වටා. එක්කෙනෙක්ගේ නම තමයි ලින්කන් බරොව්ස් ඒ කියන්නේ අයියා, මල්ලි තමයි මයිකල් ස්කෝෆිල්ඩ්. තමන්ගේ එකම අයියා ලින්කන් හිරේට නියම වෙනවා මිනීමැරීමකට, එසේ මෙසේ මිනීමැරීමක් නෙමී, උප ජනාධිපතිගේ සහෝදරයව මැරූ වරදට තමා මොහුව හිරේට නියම වෙන්නේ. හිරේට විතරක් නෙමී මොහුට මරණ දණ්ඩනයද නියම වෙනවා. නමුත් ලින්කන් කියන පරිදි ඔහු ඒ මිනි මැරීම සිදු කරලා නැහැ. නමුත් හැම සාක්ෂියක්ම තියෙන්නේ ඔහුට විරුද්දව. ඉතිං කාටවත් බැහැ ඔහු නිර්දෝෂි කියලා කියන්න. නමුත් තමන්ගේ මල්ලි, මයිකල් විශ්වාස කරනවා ඔහු කියන දේ. ඒ නිසා මයිකල් සැලසුමක් හදනවා ඔහුව නිදහස් කරගන්න. ඒ නඩු කියලා නෙමී හිර ගෙයින් පැනලා යාමක් ගැන. මයිකල් කියන්නේ ගොඩනැගිලි ඉංජිනේරු වරයෙක්. ඉතිං ඔහු තමන්ගේ සහෝදරයා බේරගන්න ඉතා සූක්ෂම සැලැස්මක් හදනවා. ඔහුට තමන්ගේ සහෝදරයව බේරගන්න හැකි වෙයිද ? ඔහුගේ සැලැස්ම මොකක්ද ? ඒ හැමදේම දැනගන්න වෙන්නේ මේක බලලම තමයි.

තව දෙයක් මේක මෙහෙම බලද්දි මට හිතුන දෙයක් තමයි ඇත්තටම තමන්ගේ සහෝදරයා වෙනුවෙන් කෙනෙක්ට මේ වගේ වැඩක්, මේ වගේ කැප කිරීමක් කරන්න පුලුවන්ද කියන එක. මං හිතන්නේ මේක බලලා තියෙන අයත් ඇති. ඒ අයට කියන්නේ මේක ආයේ බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. පරණ උනත් රන් හා සමාන කතාවක් මේක මට නම්. ඉතිං ඒහෙම බලපු අය ඉන්නවා නම් සහෝදරත්වය ගැන තියෙන හැඟීම් කමෙන්ට් එකකින් දාලා යන්න බලන්න.

තව එකක් තියෙනවා මේක කියන්නම එපැයි., අන්තර්ජාතික චිත්‍රපට දර්ෂකයේ මේ කතා මාලාවට 131,431කගේ මනාප සමග 8.3ක ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. මං නම් හැබැයි ඔය රේටින් එක ගැන හිතන්නේ නැහැ. ඇගට දැනුනම් කතාව අන්න ඒක පට්ටම තමයි. ඒක තමයි වෙන්නත් ඕනා. තව මේ කතා මාලාව නිෂ්පාදනය කරලා තියෙන්නේ  Paul Scheuring විසින්. තව මෙහි රංගනයෙන් දායක වෙනවා ලින්කන් බරොව්ස් ලෙස Dominic Purcell සමග මයිකල් ස්කෝෆිල්ඩ් ලෙස Wentworth Miller. හැමේම බැගෙන බලන්න කිසි අපරාදයක් වෙන්නේ නැහැ මේක බෑවැ කියලා. මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඉතිං කියන්න තියෙන්නේ මේ දෑස මක්කටදැයි කියලා.. 😀

අනිවා බාගෙන විතරක් නම් යන්න එපා පොඩි කමෙන්ට් පාරක් දාලා යන්න. මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගෙන් ඒ සහයෝගය අපිට නැත්තම්, මේ වැඩේ අපිට දිගටම කරගෙන යන්න බැරි වෙනවා. මොකද මේ හැම දේම කරන්නේ හිත සතුටු වෙන්න, නැතුව සල්ලි ලැබෙන්නේ නැහැ. අපි ඔබලට මේ හිත සතුටින් මහන්සි වෙලා දෙන දේට යම් අගයක් එකතු කරන්න (මුදල් වලින් නෙමී). පොඩි හරි අදහසක් දක්වලා යන්න. මං මේ අපේ හැම උපසිරැසි දාන සහෝදරයෙක් වෙනුවෙන්මයි කිවුවේ. හැමෝටම බුදු සරණයි !!

අහිංසක හිත්නේ.. 😀

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

70,456 downloadsDownload Prison.Break_.S01E01.Baiscopelk.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19

All BT1Next BT1

Subtitles

70,456 downloadsDownload Subtitles67 KB

341 comments

  1. chathura

    wowwwwwwwwwwwwww

    1. jeewaka

      wadeenam niyamai........hariaasawen mama meeka balanne,,,,,,,,nice aaaaa,,,,

  2. | D i N 3 s H | දිනේෂ් ගමගේ |

    සුපිරි වැඩක්.. නියමයි! ජය!

  3. චමිඳු සඳකැලුම්

    මෙන්න යකෝ දීල.. එලාස් සහෝ.

  4. akila

    අඩේ පට්ටනේ සුපිරි හොදේ ලොවෙත් හොදමම ටි වී සීසන් එක..දිගටම මේකේ නම් සබ් දෙන්න මොනා නැත්ත මේක නම් අනිවා බලනවා..ධනා ට බොහොම පින් වේවා :)

  5. කැලුම් ගූණසේකර

    මැක්සා ම ටීවි සීරිස් එකක් නේ මේක? නියමයි. ස්තුතියි ධනා මේ වගේ සුපිරිම කතා මාලාවක් සිංහලෙන් බලන්න දුන්න සහයෝගයට.

  6. Chanaka

    එල කිරි වැඩක් ආයෙත් බැලුව කියල පාඩු වෙන්නෙ නෑ. ස්තුතියි සහෝ..

  7. Dina

    මේකට මුලිනම කමෙන්ට් එකක් දාන ලැබීමත් පිනක්.. මේ මම බලලතියෙන පට්ටම tv series එක.. මේක සින්හල සබ් එක්ක අපිට දෙනවට ඔබලාට කොහොම ස්ත්ති කරන්නද මන්දා...අනික් TV series එකකට සබ් දෙනව කියන්නෙ සෙල්ලම් වැඩක්යැ.. දැන් ඉතින් මොකා කෑගහුවත් බයිස්කෝප් එක අoක එකම තමා.......

  8. කැලුම් ගූණසේකර

    කොල්ලනේ, මෙක බලන්න පටන් ගත්ත කියන්නේ **ජා බොන්න පුරුදු වුනා වගේ තමා. ඇබ්බැහි වෙනවා. වෙනවාමයි.

  9. Isuru dimantha

    බොහොම ස්තුතියි මට මෙකෙ season 4 හම්බෞන විතරයි ඩන් සින්හලත් එකකම බෙලුව හෙකි :-)

  10. f_live

    පට්ට පතුරු වැඩක් තමා මේක නම් ලොවෙත් නෑ :)

  11. uda

    හහ් හා...! මෙන්න බොලේ වැඩක්. ඒක තමයි මේ හොරේ එහෙනම්. ධනා තවත් අලුත් එකකට අත ගහලනේ. ඒකයි පොර Game of Thrones එක නොකර ඇරලා තියෙන්නේ. මරේ මරු සහෝ! මේකත්නම් ලොවෙත් මරු කතා සෙට් එකක්. මම මේකේ පළමු කතා මාලාව විතරක් බලලා තියෙනවා. නමුත් ඔයා සබ් දෙන හින්දා ආයෙමත් බලන්න එපැයි. දැන් ඉතිං එක විතරක් නෙමේ අනික්වත් දිගට ලැබෙන්නෙ නැතැයි. දැන්නම් වැඩේ මරේ මරු.

    හැබැයි කොල්ලෝ ෆිල්ම් සබ් කරන එකනම් අතාරින්න එපා ඔන්න හොදේ. එහෙම වුණොත් අපට සයිට් එකේ නමත් වෙනස් කරන්න වෙනවා ෴බයිස්කෝප් සිංහලෙන්෴ කියන එක වෙනුවට ෴රූපවාහිනී මාලා සිංහලෙන්෴ කියලා... :) හික්ස්!
    නියමයි සහෝ වැඩේ. අලුත් වැඩේ කට්ටියටම අල්ලා ගියා නේද එහෙනම්. සබ් නිර්මාණකරුවන් සහ ප්‍රේක්ෂකයන් යන දෙපිරිසටම! වැඩේ නැගලා යනවානේ... :P
    එහෙමනම් මේ වැඩේටත් ජය වේවා සහෝ!

  12. rss

    Maxxxama tv s akak.loweth balanna oney.bohoma thxzz

  13. අසංක

    අඩේ මේක නම් කියන්න දෙයක් නෑ පට්ටම පට්ට පට්ට ධනා අනෙක් ඒවාත් දෙන්න මේක බලන්නම ඕනේ..හැමකෙනෙක්ගේම කටේ තියෙන්නේ මේක ගැන.බැලුවේ නෑ කිවුවහම නොන්ඩි කරනවා :( අඩේ දැන් දාන්න සිංහලෙන්ම බලන්න හැකිනේ..බයිස්කෝප් ජයම ජයම ජයම වේවා!!!!!!!!!!!

  14. යසිරු මධුක

    පිස්සු හැදෙනවා. දැන්ම බානවා. බොහොම ස්තුතියි.

  15. mihin ලංකා

    සුපිරි වැඩේ බලන්නම එපාය ධනා කොල්ලට ජය වේවා

  16. kalinga

    පට්ට පතුරු මෙන්න කතා ජය ජය බයස්කෝප් !!!!!! ධනා සුපිරි හොදේ

  17. chamath cafe

    ලොවෙත් නැත මේක තමා මගේ අංක 1 මොන කතා ආවත් සබ් එක්ක දුන්න එක මිල කරන්න බැරි වටිනා වැඩක් .දිගටම කරගෙන යමු..ධනා නියම සහෝ කෙනෙක් කොහොමත් .

  18. DilanH

    එල එල

  19. චමිඳු සඳකැලුම්

    නියම වැඩක් සහෝදරයා!දිගටම කරගෙන යමු! ජයෙන් ජය!

  20. ns

    බොහොම ස්තුතියි..
    දිගටම කරගෙන යන්න....

  21. වෙනුර

    ඔන්න මමත් මේක සබ් දෙන්න කියලා ඉල්ලා ඉල්ලා උන්නේ නියමයි වැඩේ..
    සුභ පතනවා!!!!

  22. nadiya

    mchn wede nam supirima eketh supirima..eth ban man meka me dawas wala balan yanawa...season 2 bn yanneh..uba danakan mta iwasan inna beri wewi...:D...jaya wewa mchn...supiriyata wede karan palayan anith ayat hodak wewi oka..:D

  23. tharanga

    pattama patta meyka nam balannama one.thanks saho

  24. සුමුදු

    සුපිරි වැඩක් මචෝ ඇත්තටම ඔයාල කරන්නේ.දිගටම මේ වැඩේ කරන්න ශක්තිය ලැබේවා! කියලා පතනවා !

  25. delmar

    ah..onna mama first ekatama baanawa..
    maxxa wadak machanla..

  26. uda

    විකියෝ මේ යන යෑමට අපේ සයිට් එකට තව අලුත් පේජ් එකක් ඕනි වෙනවා බොලේ දැන්නම්! දැනට තියෙන මේ 'ලිපි ලැයිස්තුව' කියන පේජ් එක "සිනමා ලිපි ලැයිස්තුව" කියලා වෙනස් කරලා ටෙලි වලට අලුතින් එකක් දාන්න වෙයි වගේ ~ටෙලි ලිපි ලැයිස්තුව~ කියලා...
    :P
    එච්චරකට ටෙලි දෙනවනේ කට්ටිය වහ වැටිලා වගේ!
    හැබැයි පුතෝ 'ඕනෙම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ' කියලත් මතක් කරන්න වෙනවා. ;)

  27. කැළුම්

    ලොවෙත් නැත :) මෙන්න හොදම එකකට දීලා මේක නම් අගනා වැඩක් ධනා සොයුරාට මෙහෙවින් පින් මේ වැඩේට අත ගැහුව එක ගැන

  28. chamara

    Maxxxxxxxxxaaaaaaaa thzzz

  29. elakiri

    ඔන්න මමත් ගන්නවා මොන ටි වී සීසන් නොබැලුවත් අනිවා මේක නම් බලනවා.ඔවු බන් හැමෝම කියන්නේ මේක ගැන තමා.අපි බලල නැති නම් නොන්ඩි සීන් එක .. දැන් ඉතින් සිංහලෙන් සුපිරියටම බලන්න හැකිනේ.ජයම ජය වේවා

    එලම කිරි හොදේ

  30. darshana

    pattai baiscope aka nam macho.suba anagathayak

  31. vee

    ජය වේවා බොහෝ තුති :)

  32. රජිත අයි.බි.කේ(ribk____)

    maxxa....(thumbsup)

  33. rusuru | රුසිරු

    පට්ටම පට්ට සහෝ :)

  34. lasidu

    වැඩේ මල් 7 යි මේවාට නේ සබ් දෙන්න ඕනේ.නියමයි හොදේ වැඩේ දිගටම කරන්න මගේ සුභ පැතුම්

  35. eranga

    thanks machan mama hoya hoya hitiye sub

  36. සරදියල්

    පට්ටම
    පට්ට
    ජය ශ්‍රී...

  37. gihan

    tv katahwa walin best of the best.thx macho sub walata... :-P

  38. dj

    මරු මචං මම ආසාවෙන්ම බලපු එකක් සබ් නැතුව සමහර ඒවා තේරුනේ නෑ අයෙ බලන්න පුළුවන්.ධනා සහෝට බොහොම ස්තූතී

  39. සිංහලයා

    නියමම කතාවක් මචං සබ් දෙන්න ගත්ත එක නියමම වැඩක් ..... :)

  40. මංජුල

    පට්ට බොහෝ තුති

  41. වරුණ w@c

    sub එක්ක ආයෙත් බලනව. මුලු කතාවම බලල තියනව...... වෙලාවට ඩිලිට් නොකර තියා ගත්තෙ. බොහොත් ශුක්‍රියා වේවා!

  42. චරිත පොල්ගස්දෙණිය

    එල එල පට්ටම පට්ට සුපිරි ධනා .... :)
    ~ ජයවේවා ~

  43. ashan

    pattai... mama balagena hitapu ekak den dila tiyenawa.
    ela
    ela
    ela
    ohommama serama tikat denna.

  44. samaith4

    pattai thanks thankssssss

  45. Dana

    මම මේ series එක බැලුවා.සුපිරි series එකක්......කටියම බලන්න...
    thnx.....

  46. එරංග

    නියම සුපිරි කතාවක් නේ අද දීලා තියෙන්නේ ඔහොම වැඩේ කරන්න ධනා

  47. වා.මු.නිලන්ත පියසිරි

    බුදු අම්මෝ, මේකට අත ගැහුවේ කවුරුද? මේ අපේ ධනා මලයණ්ඩි නේද? මේ කථා මාලාව තමයි ටි.වී. කථා මාලාවකින් හරි අවසානයක් තියෙන කතා මාලාව. ඇත්තෙන් මම මේක නො ඉවසිල්ලෙන් බැළුවා. මා ලඟ මුළු කථා සමයන් සියල්ලම තියෙනවා. (මගේ හිතේ) හැමෝම බලන්න. ධනා ගේ හපන් කම් ඉතිං කියන්න ඕනේ නැහැනේ.

  48. Sheraa

    ගොඩක් වටිනවා. මගේ ආසම කතා මාලාව. සිංහල සබ් දෙනවා කියන්නෙ ආයෙ සුපිරිම වැඩක් .............
    පට්ටයි ඈ..........

  49. දනුක

    ඇත්තටම නොමිලේ කරන මේ සේවාව අගය කරනවා..වැඩේ උපරිමයි දිගටම කරන්න වැඩේ මට නම් සුපිරියටම අල්ලලා ගියා :)

  50. kalana

    Supiri katahwak sub akakama dunna akata oyalata huga..kama isththi

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.