Golden Slumber (2018) AKA Gol-deun seul-leom-beo Sinhala Subtitles | රත්තරං යාළුවෝ [සිංහල උපසිරැසි සමඟ]
golden slumber කියන්නෙ 2018 පෙබරවාරි 16 තිරගත වුණු Noh Dong-seok විසින් අධ්‍යක්ෂණය කරපු Gang Dong-won, Han Hyo-joo ඇතුළු තවත් නළු නිලියන් රැසකගෙ රංගනයෙන් දායක වුණු action/thriller ගණයට අයත් වෙන චිත්‍රපටියක්. imdb අගය 7.2 ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 2007 ජපන් නවකතාකරුවෙක් විසින් රචනය කරපු ‘golden slumber’ කියන නවකතාවයි.
මේ චිත්‍රපටිය දිවයන්නෙ ජනාදිපති අපේක්ෂක කෙනෙක්ගෙ වාහනේක සිද්දවෙන බෝම්බ පිපිරීමකට සැකකරුවෙක් වෙන ඇණවුම් භාරදෙන්නෙක් එහෙමත් නැත්තන් ඩිලිවරි මෑන් කෙනෙක්ගෙ පලා යෑමක් සම්බන්ධවයි. මේ සැකකාරය එහෙමත් නැත්තන් කිම් ගුන් වූ කියන හාදයා සෑහෙන්න අහිංසක පුද්ගලයෙක්. මිනිස්සුන්ව විශ්වාස කරන, හැමෝගෙම යහපත ගැන හිතන හරිම හොඳ ජීවතයක් ගත කරන කෙනෙක්. සමහරුන්ට මෙයාව පේන්නෙ නෝන්ජලයෙක් විදියට. ඒ වගේම තමයි මෙයාට ඉස්කෝලෙ යන කාලෙ හිටපු යාළුවො සෙට් එකක් ඉන්නවා. මේ අයට ඒ කාලෙ බෑන්ඩ් එකක් තිබුණා. ඒත් හැමෝම ලොකු වෙද්දි මේ අපිට වෙලා තියෙනව වගේ ඒ යාළුවො කොහෙ කොහෙවත්. හොයාගන්න හරි අමාරුයි. මේ චිත්‍රපටිය බලනකොට තේරෙයි යාළුකම සහ හොඳම යාළුවො කියන්නෙ මොනතරම් වටින දෙයක්ද කියලා. චිත්‍රපටිය ඉවර වෙද්දි තම තමන්ගෙ හොඳම යාළුවො කවුද කියල හැමෝටම මතක් වෙයි කියල මම හිතනවා. යාළුකම ගැන චිත්‍රපටියක් කිව්වත් මේකට වැරද්දක් නෑ.හරි එහෙනම්…
මේ සිද්දිය සිද්දවෙන දවසෙ උදේ මේ ඩිලිවරි මෑන් කෙනෙක් වෙන ගුන් වූට පරණ යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා. මෙයා වැඩ කරන්නෙ රක්ෂණ සමාගමකට. අඩුගානෙ එහෙම තමයි අනිත් හැමෝම හිතාගෙන ඉන්නෙ. ඉතින් මේ දෙන්න හම්බෙලා ටිකක් කතා කරනවා. ඒ කරල එක තැනකදි දෙන්න වෙන් වෙනවා. ඊට පස්සෙ තමයි මේ ජනපති අපෙක්ෂකගෙ ඝාතනය සිද්ද වෙන්නෙ. ඊට පස්සෙ මේ ගුන් වුගෙ යාළුව ආපහු එයාට කතා කරල කියනවා.. මේ ඝාතනය කලේ ඔයා. තව බෝම්බයක් ඔයාගෙ අතේ තියනවයි කියලා. ඒත් මේ කිසිම දෙයක් අහිංසක ගුන් වූට හිතාගන්න බැරිවෙනවා.
ඉතින් එතන ඉඳන් තමයි ගුන් වුට කරදර පිට කරදර එන්නෙ. පොලිසියයි ආරක්ෂක අංශෙයි දෙකම මෙයා පස්සෙ පන්නන්න ගන්නවා. නොකරපු වැරැද්දකට මෙයාට අහුවෙන්න බැරි නිසා ගුන් වූගෙ පලා යෑම පටන් ගන්නවා.
ඉතින් මුල් ටික බලද්දි තේරෙයි කතාව කොච්චර හොඳද කියලා. මං දන්නව මං මොන බයිල ගැහුවත් කොරියන් බලන අය මේක බලනව කියලා. ඒ නිසා මම වැඩිය මේ ගැන නොකියම අදට ගිහින් එන්නම් වෙන දවසක තවත් උපසිරැසියකුත් අරගෙන.
ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3122 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Brother
බොහෝම ස්තූතියි සහෝ….
Thanks cka bro
Thanks for sub
thanks bro
Thanks for Sub!
bohoma sthuthi sahoo
Thanks bro sub එකට.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
thank u soo much
Korean nam super thama… THANKS
ela saho thanks
Seetharama Kalyana 2019 mekata sub diyanko machan
Thnx……….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ela machan
Ela ela
තැන්ක්ස් බන්.බලන ෆිල්ම් එකක් නැතුව හිටියේ
link ekak danno trailer eka beluwa patta film eka korean film baiscopedownload wala nane
Line walker 2 ekata sub dennako
Thanks
ගොඩක් ස්තුතියි මචෝ. පුලුවන් නම් සබ් දාල නැති පරණ teenage. පිල්ම් වලට සබ් දෙන්න.
Link ekak dapallako kauru hari
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Link ekak dapanko kauru hari
,උපසිරිසියට බොහොම ස්තුති
Mewatath sub dennako
Accidental detective (2015)
Keys to the heart (2018)
Front line (2011)
The gifted hands (2013)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට… 🙂
ජය වේවා.!