Hannibal [S03 : E06] |ආරක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ හයවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි හැනිබල් විසින් රිනල්ඩෝ පාසි නැමති පොලිස් පරීක්ෂකවරයව ඝාතනය කරනවා. එතනට පැමිණෙන ජැක් ක්‍රව්ෆෝඩ් විසින් හැනිබල්ට හොඳටම පහර දෙනවා. ඒත් තවමත් හැනිබල් ලෙක්ටර් වාසනාවන්තයි. ඒ වගේම දක්ෂයි. ජැක් ක්‍රව්ෆෝඩ්ගෙන් කොහොමහරි ගැලවෙන හැනිබල්, ෆ්ලෝරන්ස් නගරය අතහැර යන්න සූදානම් වෙනවා. ඒ අතරේ හැනිබල්ව හොයාගෙන දුම්රියෙන් යන විල් ග්‍රැහැම්ට සිදුවෙන්නේ නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්නයි.
මෙවර කොටසත් සුපිරි විදිහට ගලාගෙන යනවා. හැනිබල් ලෙක්ටර් හෙවත් ඉතාලි ජනතාව දැනගෙන හිටිය විදිහට දොස්තර ෆෙල් ගැන හොයන්න ඔහුගේ බිරිඳ වන බෙඩීලියා හෙවත් ෆෙල් මහත්මිය මුණගැහෙන්න ජැක් ක්‍රව්ෆෝඩ් සහ විල් ග්‍රැහැම් යනවා. නමුත් තමන් බෙඩීලියා බව ඇය පිළිගන්නෙ නෑ. ඔවුන් ඇයව හමු වන්න කලින් තවත් කෙනෙක් ඇයව හමු වෙනවා. ඒ වගේම විල් ග්‍රැහැම්ට ගියාට පස්සෙත් ඇයව හමුවෙන්න තවත් කෙනෙක් එනවා. ඒ අතරේ මේසන් වර්ජර්ට ඕන වෙනවා තමන්ගෙම කියලා දරුවෙක් උපද්දවගන්න. තමන්ගෙ දේපළ පිට යන නිසා ඔහුට අවශ්‍ය වෙන්නේ ඔහුගෙ සහෝදරිය වන මාර්ගොට් වර්ජර් මාර්ගයෙන් තමන්ගෙ දරුවෙක් උපද්දවගන්නයි. ඒත් මේ වෙනකොට මාර්ගොට් වර්ජර්ගෙ ගර්භාෂය ඉවත් කරලා ඉවරයි.
ඉතිං යාළුවනේ. බෙඩීලියාව හමුවීමට එන අනෙක් පුද්ගලයන් කවුද? ඇයි ඇය තමන් කවුද කියලා පිළිගන්නෙ නැත්තේ? කවුද මේ ආරක්ෂකයා? ගිය වර කොටසෙදි විල් ව දුම්රියෙන් තල්ලු කරපු චියෝ ඇයි එහෙම කරන්නේ? මේසන් වර්ජර් තමන්ගෙ අවශ්‍යතාවය සපුරගන්න කරන්නෙ මොනවද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 2876 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………..good luck ……………………..
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් එකක් දාන්න වුණේ ඔන්න අද තමා. ජය෴෴ 😛 😛
කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට සමාවෙන්න ඕනෙ. ඊයේ තමයි බලල ඉවර කළේ. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ……………
thanx bro
තෑන්ක්ස් සහෝ!
ගියපාර කොටසනම් මරු ඈ!
ජයවේවා!
Thanks bro
maru kamak kavee ,,,,man kamathima kalla thanks broo
උපසිරැසියට තුති
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
හැනිබල් එහෙම කයි කියලනම් හිතුවේ නෑ.. 😛
ඒක ටිකක් අවුල් වගේ..
බලමුකො ඉස්සරහට මොකද වෙනනෙ කියලා..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
True Detective එකෙන් හමු වෙමු..
ජය වේවා !!!
Thanks
nidimaragena sub dunnata tanx