Hannibal [S03 : E13] With Sinhala Subtitles |විල් ග්‍රැහැම් සහ රතු මකරා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ අවසාන කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට ගියවර කොටස මතක ඇතිනේ. විල් ග්‍රැහැම් සහ FBI ආයතනය විසින් දොස්තර චිල්ටන්වයි ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්වයි එකතු කරගෙන රතු මකරාව නොහොත් ෆ්‍රැන්සිස් ඩොලරයිඩ් ව කුපිත කරවලා කොටුකරගන්න හදපු සැලැස්ම එච්චර සාර්ථක උනේ නෑ. අන්තිමේදි ඒ සැලැස්මට හවුල් උන දොස්තර ෆ්‍රෙඩ්රික් චිල්ටන්ව රතු මකරා විසින් පැහැරගෙන ගිහින් ඔහුගෙ තොල් දෙක කඩාගෙන ඔහුව පණ පිටින් පුච්චලා දානවා. නමුත් දොස්තර ෆ්‍රෙඩ්රික් චිල්ටන් මියයන්නෙ නෑ. ඒ වගේම රතු මකරා එතනින් නවතින්නෙත් නෑ. තමන්ට අපහාස කරපු අනිත් පුද්ගලයා වන විල් ග්‍රැහැම්ටත් වැඩේ දෙන්න තමයි ඔහු සැරසෙන්නේ. ඒ අතරේ දොස්තර චිල්ටන්ගෙන් කඩාගත්ත තොල් කෑල්ලක් රතු මකරා විසින් දොස්තර හැනිබල්ටත් ලැබෙන්න සලස්වනවා.
මෙවර කොටසෙදි විල් ග්‍රැහැම් විසින් රතු මකරව අල්ලගන්න තවත් ඇමක් දාන්න සැලසුම් කරනවා. ඒ ඇම තමයි දොස්තර හැනිබල් ලෙක්ටර්. හැනිබල් ලෙක්ටර්ව පොලිස් භාරයට පමුණවන අතරේ ව්‍යාජ පැනයාමක් මගින් රතු මකරට ලං වෙන්න විල් ග්‍රැහැම් සැලසුම් කරනවා. ඒ අතරේ රතු මකරත් යම් දෙයක් සැලසුම් කරනවා.
ඉතින් යාළුවනේ… මොකක්ද රතු මකරා සැලසුම් කරන්නේ? රතු මකරගෙ සැලසුම හරි යාවිද? එහෙම නැත්නම් විල් ග්‍රැහැම් ගේ සැලසුම හරි යාවිද? හැනිබල් ලෙක්ටර් විල් ට සහය වේවිද? හැනිබල්ගේ ව්‍යාජ පැනයාම ඇත්තම පැනයාමක් බවට පත් වේවිද? අන්තිමට කාට ද ජීවත් වීමේ වාසනාව ලැබෙන්නේ කියලා කතාව බලලම දැනගන්න. !!!
හැමෝටම ජයවේවා!!!
SInhala Subtitles
-- Count 548 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
මුල සිටම උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තුතියි
Thanks ……………………..good luck ……………………………..
Elama saho
Thnx Bro Sub Ekta,Fattama Kathawa,Thnx Again ! 🙂
OKKOMA EKAPARA BANNA BARIDA BAN ???
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro
Elaaaaaaaaaaaaa. SUPPA KATHAWA . Thnx saho subwalta
බොහොම ස්තුතියි අයියේ මේ කතාව ඉවරයක් කරලම දැම්මට තවම කලින් කොටස බලන්නත් බැරි උනා .. ඒකයි මේකයි දෙකම එකටම බලලා දානවා දැන්… 😀 මේ කතාව බලපු නැති අය ගැන නං දුකයි 🙁 ඔන්න එහෙනං මේකේ සබ් එක ගත්තා..වැඩ අස්සේ අපි වෙනුවෙන් කාලය වැය කරාට පිං .. ජය වේවා !!
තෑන්ක්ස් සහෝ!
එහෙනම් හැනිබල් එකත් ඉවරයි!
කතා දෙකක් නෑ ආයේ සුපිරිම කතාවක් තමා, cast එකත් සුපිරි!
අපරාදේ සීසන් 3න් ඉවර කලේ, බලමුකෝ එහෙනම් අවසානය!
ජය!!!!!!
niayamai…nice work bro….thanks DININDU saho..sub walata..digatama sub demu.jaya wewa……
තවත් සුපිරි කතාවක නිමාවක්…
කොහොම හරි වේලාව හොයන් අපි වෙනුවෙන් මේක කරාට
ගොඩක් ස්තූතියි සහෝ..
කොච්චර පරක්කු උනත් උපසිරැසි එකත් එක්කමයි බැලුවේ..
අපි දන්නව ඉතින් සහෝ කොහොම හරි මේක කරලා දෙනවා කියලා..
එහෙනම් තවත් කතා මලාවකින් හමු වෙමු සහෝ..
ජය වේවා !!!
එහෙනම් මේකත් අහවර කලානේ………. මේ වෙනුවෙන් ගත්ත වෙහෙසට බොහොම ස්තූතියි දිනිඳු.