Watch Trailer

Happy (2006) | ඇත්තක් වූ බොරුවක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කිවුවා වගේම මම ඉක්මනටම ආයෙත් ඔයාලට තවත් උපසිරසියක් ගෙනාවා. ඔන්න මේ වතාවෙ, මට මම ආස කරන හින්දි භාෂාවෙන් පොඩ්ඩක් පිටට පැනලා තෙළිඟු භාෂාවට යන්න වුණා. දැනටම කට්ටිය 2006 කියන එක දැකලා බය වෙලාද දන්නෙ නැහැ. ඔව් ඉතින් ටිකක් විතර පරණයි තමයි. ඒත් තාමත් රස විඳින්න පුළුවන් කතාවක්. නියම කොමඩියක්. ලස්සන ආදර…

happy

ඔන්න කිවුවා වගේම මම ඉක්මනටම ආයෙත් ඔයාලට තවත් උපසිරසියක් ගෙනාවා. ඔන්න මේ වතාවෙ, මට මම ආස කරන හින්දි භාෂාවෙන් පොඩ්ඩක් පිටට පැනලා තෙළිඟු භාෂාවට යන්න වුණා. දැනටම කට්ටිය 2006 කියන එක දැකලා බය වෙලාද දන්නෙ නැහැ. ඔව් ඉතින් ටිකක් විතර පරණයි තමයි. ඒත් තාමත් රස විඳින්න පුළුවන් කතාවක්. නියම කොමඩියක්. ලස්සන ආදර කතාවක් .බලපු අයත් ඇති .

2006 අවුරුද්දේ නිදහස් වුණ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් වන Allu Arjun විසින්. එයාගෙ නර්තන හැකියාව ගැන නම් Arya 2, Iddarammayilatho වගේ චිත්‍රපටි බලපු අය දන්නව ඇති. ඒ වගේම මගේ කලින් උපසිරසිය, Force එකේ හිටපු Genelia D’Souza. මේ චිත්‍රපටියෙත් ප්‍රධාන නිළිය ලෙස වෙනස්ම චරිතයකට පණ පොවනවා. ඒ වගේම Manoj Bajpayee, Tanikella Bharani සමගින් නිතර හාස්‍යජනක චරිත තුළින් දකින්නට ලැබෙන Brahmanandam මෙහි රංගනයේ යෙදෙනවා. සමහරවිට කෙනෙකුට හිතෙයි මේක “දෙකයි පනහේ ” ෆිල්ම් එකක් කියල. ඒත් වගකීමෙන් කියන්නම් මේක නම් එහෙම ෆිල්ම් එකක් නෙවෙයි. මොකද ඒ වගේ චිත්‍රපටියකට IMdb දර්ශකය 7.2 ක අගයක් දෙන්නේ නැහැනේ.

ඉතින් මේකයි සිද්ධිය. බනී කියන්නෙ අනාථයෙක්. බනී පීසා හට් එකක වැඩ කරමින් ඉගෙන ගන්නවා. මදූ කියන්නෙ ඉගෙනීමට මුල් තැන දීලා ආදරයට දෙවෙනි තැන දෙන කෙනෙක්. කුල භේද ගැන හිතන දේශපාලඥයෙකුගේ දුවෙක්. දවසක් පීසා හට් එකේදි වෙන කෙනෙකුට දීපු පෙම් හසුනක් බනී අතින් මදූගෙ පොතකට යනවා. (දැන් අපේ කොල්ලො කෙල්ලන්ට මතක් වෙන්න ඇති තමන්ටත් වුණ ඇබැද්දි ) කොහොමහරි මේක මදූගෙ තාත්තට අහු වෙනවා. එයා හරි තද කෙනෙක්. එයා මදූගෙ අධ්‍යාපනය නවත්වලා මදූට විවාහයක් සූදානම් කරනවා. කොහොමහරි බනී තමන්ගෙ වැරැද්දෙ වගකීම අරගෙන, මදූගෙ තාත්තා මදූට යෝජනා කරපු, DCP අර්වින්ද්ව මුණ ගැහිලා කතා කරනවා. වෙන කරගන්න දෙයක් නැතුව භනීට කියන්න වෙනවා, මදූයි එයයි එකිනෙකාට ආදරය කරනවා කියල. ඔන්න ඒ විවාහය නැවැත්තුවට පස්සෙ මදූගෙ තාත්තා තවත් විවාහයක් සූදානම් කරනවා. මේ විවාහයෙන් මදුවයි භනීවයි බේරගන්න කියල හිතලා DCP ඒ දෙන්නව කසාද බන්ධනවා. එයා දන්නෙ නැහැනෙ ඇත්ත. අර දෙන්නත් DCP ට තියන බයටම කසාද බඳිනවා. ඔය අතරෙ තව දුෂ්ටයෙකුත් ඉන්නවා. එයා ගැන කතාව බලලම දැන ගන්න.

එක එක අය, එක එක දේවල් වෙනුවෙන් තමන්ගෙ පවුල, ගෞරවය, ජීවිතය පවා පරදුවට තියනවා. ආදරය, මුදල් වගේ දේවල් වෙනුවෙන් වෙනුවෙන් අවදානම් ගන්න අය ඕන තරම් ඇති. ඒත් අධ්‍යාපනය වෙනුවෙන් අවදානම් ගන්න අය ඉන්නවද? හිටියොත් ඉන්නෙ ටික දෙනයි. මම මෙහෙම කිවුවෙ ඇයි කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි. ඒ වගේම මේ කථාවෙන් අධ්‍යාපනයයි ආදරයයි ගැන වෙනස්ම කතාවක් කියනවා. අවසානය දක්වාම ආශාවෙන් බලන්න පුළුවන්. මේකෙ ලස්සන සින්දු ටිකකුත් තියනවා. නොබලපු අය අනිවාර්‍යයෙන් බලන්න. බලපු අයටත් උපසිරසි එක්කම බලන්න පුළුවන්.

අපි ඔක්කොම මිනිස්සුනෙ. පොඩි පොඩි වැරදීම් වෙනවා. කොච්චර පොඩි වැරැද්දක් වුණත් පෙන්වල දෙන එක වටිනවා. ඉතින් පහළින් පුංචි අදහසක් දක්වලා යන්න. නැතත් අමනාපයක් නැහැ. comment නැතත් හැමෝටම හොඳ නිර්මාණයක් දෙන එකයි එකම අරමුණ. ඉතින් ආයෙත් තවත් අපූරු චිත්‍රපටියක් එක්ක ඔයාල මුණ ගැහෙන්න එන්නම්. හැමෝටම බුදු සරණයි! දෙවි පිහිටයි!

Happy (2006) on IMDb

 

 

495 MB කොපිය මෙතනින් බාගන්න

ce60926070d4b11a1782738f1e53cb5b3feab6f2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,257 downloadsDownload Happy.2006.baiscopelk.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/aditha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

7,257 downloadsDownload Subtitles63 KB

60 comments

  1. chirath

    ela ela thanks sub ekata mama 1st aniva balanava

  2. Gayashan

    Thanks

  3. Sisira Hegoda

    Thanks.

  4. නලින්

    ස්තුතියි අදිත සහෝ

    ජය වේවා!

  5. dinu

    thanx machan ela.

  6. චතුර මදුසංක

    නියමයි සහෝ,
    පට්ටයි වගෙයි,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි.

  7. චාමර

    මචං Allu Arjun ගේ sub දුන්නු අනිත් film වල ලින්ක් දීපන් කෝ දන්නා කෙනෙක්...

    1. Aditha Praween

      iddarammayilatho ,arya 2 දෙකට බයිස්කෝප් අඩවියේ
      සබ් දීලා තියනවා.
      Search කරල බලන්න සහෝ
      iddarammayilatho එකට direct links තියනවා

    2. චාමර

      thnx bn

  8. Tharindu Perera

    Sahoo mekata komadiyak kyla kynna nam bahaa...meka siramaa kathavakk..mn 3 parakata vada baluvaa..oyage sub ekenn ayeth blnvaa..etharamata mata epa venne nathi kathavakk..marama lassanaii..onna ehenamm bagannavaa..thankss sahoo sub ekatahh...

  9. රංග මධුශංඛ

    ස්තූතියි සබ් එකට.. ඔන්න බෑවා...

  10. allu

    niyamai brother.. puluwannam alluge vedam movie ekath danna..

  11. Ravindu Nipun

    elazz machan!!!! තව සබ් එකක් දෙනකල් අපි බලන් ඉන්නවා.පුලුවන්නම් හොලිවුඩ් එකකට සබ් කරමු.

  12. SAMPATH

    tanx tanx saho

  13. Ravindu

    Andena film ekak ne deela thiyenne.Niyamai saho meka nam supiri film ekak thamai

  14. amila roxx

    thnkzzzzzzz :*

  15. Kulanjana Maduranga

    wow.patta film 1k ne.aniwa balanna ona.good work.subta thanks ADITHA saho.digatama sub demu.jaya wewa.......

  16. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  17. “චූටී මල්ලි”

    ම්ම්ම්ම්ම්ම්..
    මරු ඔකෙ ඉන්න කොමඩි නලුවා නම් පට්ටයි
    සබට තුති
    ඔබට ජය.......

  18. bee

    ELA ELA ELA

  19. sahan

    Machan meka pattama film ekak.mn hithue ne mekatath sub dei kiyala. Thanks a lot machan,

  20. supun dilshan

    මේ කතාව බලලනම් තියනවා මාරු කතාව බන්.මේකෙන් පස්සේ අර්ජුනට කියන්නෙත් බනි කියල පට්ටම කතාව

  21. chamarasp

    macha.. uba kohoma dunnath api balanawa bn... thnks saho... theligu movie 1k netuwa weeli weeli hitiye. uba nikan deiiyek wagee awilla dunna. thnks.,,

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  23. Jagath

    thanks saho.

  24. nipun navod

    ela kiri

  25. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. nuwan

    machan mata 'tadakha' 'autonagar surya' ye maaya cheasave' kiyana film tike sub denna puluwanda?

  27. mahinda

    happy eka sinhala sub dowlode wenne vlc player eka ne
    sinhala pennanna

  28. delmar

    ado patta padiri movie eka machan
    thanks macho sub dunnata..
    digatama me wage ewata sub dapan..
    pattai kollo...

  29. Niroshan

    patta..........Genelia D'Souza ge thawa film tikak danndooooooooooooo...........................
    plzzzzzzzzzzzzzzz...................

  30. mahinda

    sinhala sub dowlorde wenna vlc player eka open weea kalin ka
    la

  31. dinesh

    බොහෝම ස්තුතියි.

  32. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  33. dinesh

    aththatama yaaluva meka venasma vidiye lassana film ekak sub ekata thanks macho

  34. venuka

    thanks machan film ekata.mama tamil film balanne nam na wadiya
    kiyana nisama balamuko kohomada kiyala

  35. Yushen

    පට්ට film එක..sub එකට thanks සහෝ!!!!

  36. namika

    නියමයි සහෝ! ඇල්ලු අර්ජුනගේ මට මග හැරුණු එකක්. බොහොම ස්තුතියි සහෝ සබට. mkv කොපියක් නිසා හොඳට ඇති. ජය වේවා!

  37. jani

    meka balala math kohaata ka gahuwa hehe kohath itapasse kaa gahuwa meh dawas wala innawaneh kohaa wtever nice story thnkx bro...

  38. samanali

    thank u very much ...

  39. Aditha Praween

    බොහොම ස්තුතියි හැමෝටම

    1. nimna senuri

      ai e me film ekata sinhala subitle gaththama english subitle ne denne...KMplayer eken man play karanne..ethakota kmplayer ekenda denne naththe sinhala subtitle?

  40. nimna senuri

    ane kauru hari kiyannako film eka download karan kohomada sinhala subtitle ekka balanne kiyala..man download karagaththeth happy film eka..eth denne english subtitlen ekkane...

  41. shaini dilusha

    niyamai me film eka...thawa telugu movies tikak danna,,allu arjunge,nithinge,ram pothinenige films godak lassanai..eyalge movies danna...

  42. Asitha

    Thanx a lot bro...!! Machan, meka copy eke quality eka kohomada..??

    1. Aditha Praween

      එච්චරම අවුලක් නැහැ සහෝ
      අවුලක් නැතුව බලන්න පුලුවන්
      :D

  43. nuwan

    this is one of the best fil i hv ever watched

  44. nelum nethanjana

    thanq thanq....:)

  45. nadun

    onna apith gaththooooooooo

  46. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  47. Sandani

    බොහොම ස්තූතියි........

  48. Kevin

    saho.. meke english ne play wenne

  49. kavinda

    බොහොම ස්තූතියි……..

  50. sanath indika

    බොහොම ස්තූතියි

Load more comments