Invincible [S01 : E07] Sinhala Subtitles | රහස් එළියට… [සිංහල උපසිරසි]
Invincible [S01 : E07] Sinhala Subtitles
කොහොමද ඉතින්? ඔන්න අද අරගෙන ආවා ඉන්වින්සිබල් කතා මාලාවේ හත්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. දැන් අපි සීසන් එකේ අවසානය ළඟටම ඇවිල්ලයි ඉන්නේ. අද එපිසෝඩ් එකෙන් රොබොට්ගේ රහස ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි.
පසුගිය කොටසින්…
බැට්ල් බීස්ට් එක්ක කරපු සටනින් පස්සේ මරණය පෙනි පෙනී උන්නු ඉන්වින්සිබල්ට, තමන්ගේ විල්ටෘමයිට් ජානවල පිහිටෙන් සුවය ලැබුණා. බ්ලැක් සැම්සන්ටත් එයාගේ බලයන් ආපහු ලැබුණා. රොබොට්ගේ උදව්වෙන් මන්ස්ටර් ගර්ල්ටත් හොඳ වෙන බවක් තමයි පේන්න තියෙන්නේ.
ඇම්බර් එක්ක ආපහු යාළු වෙන මාර්ක්, එයාගේ හොඳම යාළුවා විලියම් එක්ක විලියම්ගේ කොල්ලා බලන්න අප්ස්ටේට් විශ්වවිද්‍යාලයට යනවා. එතනදී එකපාරටම සයිබෝග් කෙනෙක් එයාලට පහර දෙනවා. එයාලා හොයාගන්නවා මේ සයිබෝග්ලා හදන්නේ පාසලේම ශිෂ්‍යයෙක් වන සින්ක්ලෙයා කියලා. එයා විලියම්ගේ කොල්ලා වෙච්ච රික් වත් සයිබෝග් කෙනෙක් බවට හරවනවා. විලියම්ටත් ඒ ඉරණම අත්කරන්නයි සින්ක්ලෙයාගේ අදහස. ඒත් ඉන්වින්සිබල්ට ස්තුතිවන්ත වෙන්න ඒක සිද්ධවෙන්න කලින් සින්ක්ලෙයාව නතර කරන්න පුළුවන් වෙනවා.
මේ අතරේ ඩෙබීට නෝලන්ගේ ලේ වැකුණු සුපිරිවීර ඇඳුම හම්බවෙනවා. එයා ගාඩියන්ස්ලව මරද්දී දාගෙන හිටපු ඇඳුම. ඒක පරීක්ෂා කරල බලලා ආර්ට් සහතික කරනවා නෝලන් තමයි ගාඩියන්ස්ලව මැරුවේ කියලා. මේක නෝලන් එළියේ ඉඳන් අහගෙනයි ඉන්නේ. පස්සේ එයා ගිහිල්ලා ආර්ට් ට තර්ජනය නොකර තර්ජනය කරන හැටි මතක ඇතිනේ. ඒවගේම එපිසෝඩ් එක අවසානයේ ඩෙබී, නෝලන් එක්ක රණ්ඩු වෙනවා. නෝලන්ට හෙණ ගහපන් කියල පවා කියනවා.
ඉතින් කතාව එන්න එන්නම උද්වේගකර වෙනවා. හෙට අපි හමුවෙන්නේ සීසන් එකේ අවසානය තුළින්. එහෙනම් එපිය බලන්නකෝ. හෙට හමුවෙමු. පීස් ✌️.
Invincible [S01 : E07] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1315 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහෝම ස්තූතියි…