MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නයශෝධ ශ්‍රීමාල්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

John Carter (2012) | ඔහු අඟහරු ජය ගනීද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 25 votes.
Please wait...

John Carter (2012)
යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියන් ගමන් මමත් එකතු වුණා බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක..බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් කෙරෙන මේ සේවයට මාත් එකතු වුණොත් හොඳයි කියලා හිතුණේ නිතරම මේ අඩවියෙන් සිංහල උපසිරැසි ගන්න එන නිසාමයි.. ඒ වගේම පොඩි ආසාවකුත් තිබ්බා මගේම කියලා සිංහල උපසිරැසියක් දාන්න. සිංහල උපසිරැසියක් හදන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා තේරුණේ ඒක කරගෙන යද්දී තමයි. කොහොමහරි ලෝකේ ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටයක් එක්ක මම මගේ පළමු උපසිරැසි නිර්මාණය බයිස්කෝප් අඩවියට ගොඩවෙන ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.

ඉස්සෙල්ලම මේ වැඩේ කරන්න මට අවස්ථාව අරන් දුන්නු බයිස්කෝප් අඩවියේ හසන්ත වික්‍රමරත්න සහෝට ස්තූතිවන්ත වෙන්න ඕන.මේක මගේ පළවෙනි උපසිරැසිය නිසාම හොඳ තත්වයෙන් ඒක ඔයාලට අරගෙන එන්න උත්සාහ කළා. වැරදිත් තියෙන්න පුළුවන් ඉතින්. කොහොමහරි වැඩේ ඉවර කරාම හිතට දැනිච්ච සතුටනම් පට්ට..වැරදි ඇතොත් සමාවෙන්න කියන ගමන් මන් කියන්නම් අරන් ආපු චිත්‍රපටය ගැන.

John Carter. 2012 වසරේ මාර්තු 09 වනදා ඇමෙරිකාවේදී තිරගත වීම ආරම්භ කළ ජෝන් කාටර් චිත්‍රපටය Walt Disney Pictures වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේ Toy Story, Finding Nemo වැනි ලෝ ප්‍රකට චිත්‍රපටවලට සම අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුණු Andrew Stanton විසින්. Edgar Rice Burroughs ගේ “බාර්සූම්” නම් නවකථා මාලාවේ පළමු පොත වන “A Princess of Mars” ග්‍රන්ථය පාදක කොටගෙන නිර්මාණය වුණු මෙම චිත්‍රපටය ඉදිරිපත් කෙරුණේ ඇමෙරිකානු විද්‍යාප්‍රබන්ධ හා ක්‍ර්යාදම චිත්‍රපටයක් ලෙසයි. Jim Morris, Colin Wilson, Lindsay Collins විසින් නිෂ්පාදනය කළ මෙහි ප්‍රධාන චරිත දෙක වන John carter ගේ චරිතය සඳහා Taylor Kitsh සමඟ Dejah Thoris ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ Lynn Collins. මීට අමතරව අනෙකුත් ප්‍රධාන චරිත සඳහා Willem Dafoe, Mark Strong සහ Smantha Morton යන නළු නිළියන් දායක වෙලා තියෙනවා. Michael Giacchino විසින් සංගීත නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 132ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන $250 ක වියදමින් නිර්මාණය වූ මෙම දැවැන්ත නිර්මාණයේ Box office ආදායම $284,139,100. මෙහි IMDb අගය 6.6/10 ක් ලෙස දැක්වෙනවා.

චිත්‍රපටයේ අන්තර්ගත කතාව ගැන මම කෙටියෙන් විස්තර කරන්නම්. 1868 වසරේ දකුණු ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ අශ්වාරෝහක බලඇණියක දක්ෂ එහෙත් දඩබ්බර නිලධාරියෙකු වන ජෝන් කාටර් තම ඉහළ නිලධාරීන්ගෙන් පලා යන අවස්ථාවක තමන් කාලයක් තිස්සේ සෙවූ රත්තරන් ගුහාවට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහිදී ඔහුට බලාපොරොත්තු නොවන ආකාරයේ අකරතැබ්බයකට මුහුණ පාන්න සිදු වෙනවා. අත්වැරදීමකින් අඟහරු ලෝකය වෙත යැවෙන ජෝන් කාටර් එහි සිටින තර්න් නම් ගෝත්‍රික පිරිසකගේ සිරකරුවෙක් බවට පත් වෙනවා. බාර්සූම් ලෙසින් හැඳින්වෙන අඟහරු ලොවේ, ප්‍රධාන පාලක ගෝත්‍ර දෙක වන සෝඩැන්ගා වරුන්ගේ හා හීලියම් වරුන්ගේ යුද්ධයට මැදි වීමට ජෝන කාටර්ට සිදු වෙනවා. එයට හේතු වන්නේ හීලියම් රජුගේ දියණිය වන ඩීජාහ් තෝරීස්ගේ බලපෑමයි. අඟහරු ලොවේ යුද්ධය ජය ගැනීමට ජෝන් කාටර්ට හැකිවෙයිද? ඔහු නැවතත් පෘථිවියට පැමිණෙන්නට හැකිවෙයිද?.. අඟහරු ලොව කුමරියගේ අතගැනීමට ඔහුට හැකිවෙයිද?.. මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න නම් ඔයාලට මේ ච්ත්‍රපටය බලන්නම වෙනවා…..

එහෙනම් යාළුවනේ චිත්‍රපටයත් බලලා මගේ පළමු උපසිරැසිය ගැන ඔයාලගේ අදහසුත් දක්වන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. කට්ටියටම ජයම වේවා…!

John Carter (2012) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15069 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

66 thoughts on “John Carter (2012) | ඔහු අඟහරු ජය ගනීද? [සිංහල උපසිරැසි සමඟ]

  • zip file not working

    Reply
    • Nirmal Vimukthi

      දැන් ගන්න පුළුවන් සහෝ…

      Reply
    • විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

      Reply
        • Ravindu Heshan - Admin

          Dan Wada

          Reply
        • Nirmal Vimukthi

          දැන් ගන්න පුළුවන් සහෝ…

          Reply
  • Sahan Gayantha

    thanks a lot Yashoda saho sub ekata

    Reply
  • Soorige Don

    පට්ට ෆිලුම.. තෑන්ක්ස් සහෝ

    Reply
  • Sandunprabath1230

    ආපහු බලනව.Thanks සහෝ සබට

    Reply
  • ayeth balanna hithuna film eka. thank u bro sub ekata…

    Reply
  • Nishanpradeep95

    Tnx ma puthi…jayin ජය

    Reply
  • oyage pk 2014 sub eka ko eka download karaganna barida ?

    Reply
  • සබට තුති …………

    Reply
  • nelum nethanjana

    bohoma sthuthi saho…..

    Reply
  • එල කිරි වැඩක් ආහ්හ්.. තැන්කු වේවා… 😀 😀

    Reply
  • Saman Prasad ( Black Panther )

    onna ithin adai comment ekak danne. wade ela. sub ekata thanks saho.

    Reply
  • අභියා

    කලින් බලලා තියේ ඈ ,,,,ආයෙ බලනෝ ,,,,මෙන්න බෑවා ,,,,,,ගොඩක් ස්තූතියි

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • අසින්ත

    3D ටික නම් පොඩ්ඩක්වත් හොයන්න බෑ.

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • කේ.යූ.ජී. උදාර

    මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ………..
    දිගට ම මේක කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    සාදරයෙන් පිලිගන්නවා
    අලමු එහෙනම් මේ එකතු උනේ තවත් ජෝන් කාටර් කෙනෙක්ද කියලා 🙂

    Reply
    • ශාන් විමුක්ති [විමා]

      අලමු නෙමේ බලමු හොදේ 😉

      Reply
  • යශෝධ

    බයිස්කෝප් අඩවියේ සහෝලා ඔක්කොටම ස්තූතියි…. මට මේ අවස්ථාව අරන් දුන්නට.. දිගටම ඔයාලත් එක්ක මම ඉන්නවා.. ඉස්සරහටත් හොඳ නිර්මාණ වලින් හමුවෙමු..

    ඔයාලගේ කමෙන්ට්ස් මට හයියක්.. ජයෙන් ජය…!

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • mudiya / මුදියා

    එල එල යශෝධ.
    සුපිරිම එකක් තමයි පළවෙනියටම දීල තියෙන්නෙ.
    පළවෙනි සබ් එකට මගේ උණසුම් සුභ පැතුම්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න ජයවේවා.

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    මේකනම් කලින් බැලුවා මචන්
    තවත් හොද ඒවා දෙමු මචන්
    පලමු 1ට ජය
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • යශෝධ සහෝ.. ඔබට ජයවේවා. ඒ වගේම බයිස්කෝප් අඩවිය තුල තව තවත් ජය කෙහෙලි නැංවීමට හැකිවේවා..

    Reply
  • දිගටම සබ් දෙන්න පළමු වැඩේට සුභ පැතුම්!

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • වරුණ

    ela ela dedatama imu

    Reply
  • thanks machan sub ekata…
    mekath niyama film eka…

    Reply
  • හර්ෂ ලහිරු

    හා..හා..පුරා කියලා කොර ෆිල්ම් එකකට
    සබ් ගෙනල්ලා තියෙන්නෙ ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි ශ්‍රිමාල් සහෝ

    ජය වේවා!

    Reply
  • Thisara NEO

    දවස ගානේ අලුත් අය එකතු වෙනවානේ…
    නියමයි….
    බයිස්කෝප් අඩවියට නියම ප්‍රතිචාරයක්නේ තියෙන්නේ…..
    ජයවේවා සහෝ…..
    දිගටම හොඳ නිර්මාණ වලට සබ් දෙමු……….
    ජයවේවා පළමු උත්සාහයට…..

    Reply
  • දිගටම සබ් දෙන්න පළමු වැඩේට සුභ පැතුම්!

    Reply
  • තෑන්ක්ස් වේවා!!!

    Reply
  • aluth sahowa sadarayen piligannwa digatama subs demu baiscope
    akka akathu wela

    Reply
  • අලුත් සහෝලා එනවා කොර වෙන්න
    බයිස්කෝප් වසන්තය වගේ

    ඔහොමම යමු

    ජය!

    Reply
  • supiri akak mulinma deela
    2 kath denna lagadima

    Reply
  • palamu sub akata jaya niyamayi balanna one

    Reply
  • පට්ටයි සහෝ, ස්තුතියි සබ් එකට

    Reply
  • nipuna prasad

    thanks saho thwath subs denna shakthiya wasanwa labeywa!

    Reply
  • budu ammooo aluth kollo thoga pitin awith ne jayama wewa baiscope adawiyta

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *