අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsComing-of-ageFeatured ArticlesIMDB Top 250MaxxASinhala Subtitleඅප‍රාධඅභ්‍යවකාශඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකබලන්නබියජනකයුද්ධවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිෆැන්ටසි

Dune: Part Two (2024) Sinhala Subtitles | නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා? [සිංහල උපසිරැසි] 400*

Rating: 9.1/10. From 72 votes.
Please wait...
Dune: Part Two (2024) Sinhala Subtitles

සුබ දවසක් වේවා හැම කෙනෙක්ටම! ඔන්න ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. අද අරගෙන ආවේ එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයි, මේ සිනමාපටයේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා. මේ තමයි මං දැනට සිනමාශාලාවකින් නරඹපු හොඳම සිනමාපටය. ඒ වගේම 2010න් පසුව imdb වෙබ් අඩවියේ හොඳම සිනමාපට ලැයිස්තුවේ ඉහලම ස්ථානයකට පැමිණි සිනමාපටය තමයි මේක.

Dune: Part Two (2024) Sinhala Subtitles

ඒ වගේම මේ තමයි මගේ 400වැනි උපසිරසි පරිවර්තනය සහ පේන විධියට අවසාන කඩයිම. ඉතිං මේ වෙනකම් මේ වැඩේ කරගෙන යන්න සහය දුන්නු අපේ වෙබ් අඩවියේ ඇඩ්මින් මඩුල්ලත්, සහෝදර උපසිරැසිකරුවනුත් ඒ වගේම අපේ වෙබ් අඩවියට පිවිසිලා අපිට කමෙන්ට් එකක් දාල දිරිමත් කරන ඔයාලවත් බොහොම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. 🙂

Dune: Part Two (2024) Sinhala Subtitles

විශේෂයෙන්ම කිසිම කෘතඥතාවක් පල කරන්නේ නැතුව ආව සබ් එක ගත්තා තමන්ගේ වැඩේ කරගත්තා ගියා කියන පන්නයේ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් අතරින් අර කමෙන්ට් එකක් දාල අපිව දිරිමත් කරන තිහක් හතළිහක් වගේ පිරිසව නැවත වතාවක් මතක් කරන්න ඕනා. ඒ අය නොවෙන්න මේ තරම් දුරක් මේ විධියට මේ අමාරු වැඩේ කරගෙන එන්න හිතක් පහල වෙන්නේ නැහැ. එහෙනම් ඒ කතා ඇතිනේ ඉතිං. අද අරගෙන ආව ෆිල්ම් එක ගැන විස්තරයට යොමුවෙමු අපි එහෙනම්. 

Dune: Part Two (2024) Sinhala Subtitles

මේ සිනමාපටයේ වරදක් කියල කියන්න දෙයක් නැතිම තරම්. ඉතිං එහෙම සිනමාපට මේ ලෝකේ මිට කලින් බිහිවෙලා නැද්ද? අපොයි නැහැ. ඕන තරම් බිහිවෙලා තියෙනවා. හැබැයි මේක ඉතාම විශේෂිත වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි, ලෝකේ බොහෝ විචාරකයින් මත පල කලේ මේ ඩුන් කියන විද්‍යා ප්‍රබන්ධ නවකතා මාලාව කොහෙත්ම, සාර්ථකව සිනමාවට නගන්න බැරි නවකතා මාලාවක් ලෙස. එහෙම කියන්න හේතු ඇති පදම් තියෙනව.

මිට කලින් 1984 වර්ෂයේදී මේ සඳහා උත්සහ දැරුවා. Dune (1984) නමින් David Lynch විසින් තමයි මේ සිනමාපටය නිර්මාණය කරන්නේ. හැබැයි ඒක ඒ හැටි සාර්ථක වෙන්නේ නැහැ. ඊට පසුව ඔස්කා සම්මානය සඳහා තෙවරක්ම නිර්දේශ ලබාගත්, Denis Villeneuve නම්වූ විශිෂ්ඨතමයා මේ වගකීම බාරගන්නවා, ඒ අනුව 2021 වසරේදී Dune පළමු සිනමාපටය නිර්මාණය කරනවා. අතිශය සාර්ථකව ඔහු එම සිනමාපටය නිර්මාණය කිරීමට සමත් වෙනවා. ඒ ගැන ඉතිං පුදුමයට පත්වෙන්න කාරනාවකුත් නැහැ. මොකද ඔහු මින් පෙර  Prisoners (2013), Sicario (2015), Arrival (2015), Blade Runner 2049 (2017) වගේ සිනමාපට නිර්මාණය කළා. ඔයාල ඒ සිනමාපට නරඹල තියෙනව නම් ආයේ ඒ ගැන කියන්න දෙයක් නැහැනේ?

Dune: Part Two (2024) Sinhala Subtitles

ඉතිං කොහොමහරි මෙහි මුල්ම සිනමාපටයෙන් පසුව ඔහු අවුරුදු තුනක්ම අරගෙන එහි දෙවැන්න නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම සිනමා ලෝකය දෙදරුම් කැවීමට සමත් වෙනවා. මේ සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයා ඒ වෙත කෙතරම් ඇළුම් කරනවාද යන්න ඔප්පු වෙන්නේ imdb වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යන ලොව හොඳම සිනමාපට 250 ලයිස්තුවේ #15 වැනි ස්ථානය Dune දෙවැනි සිනමාපටය වෙනුවෙන් වෙන් වීමෙන්. මේ ඒ ලයිස්තුවේ මේ තරම් ඉහල රෑන්ක් එකකට එන්න අවසාන වතාවට සමත්කම් පෑවේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ Inception (2010) සිනමාපටය. ඒ එම ලැයිස්තුවේ #14වැනි ස්ථානය දිනාගනිමින්.

Dune: Part Two (2024) Sinhala Subtitles

මේ සිනමාපටය මේ තරම් විශිෂ්ඨතත්වයට පත්වෙන්න තවත් එක හේතුවක් ප්‍රධාන වශයෙන් බලපෑම් කළා කියල මම විශ්වාස කරනවා. ඒ තමයි වත්මන් ලෝක සිනමාවේ පසුබිම් සංගීත නිර්මාණකරුවන් අතර විශිෂ්ඨයෙකු වෙන හාන්ස් සිමර් තමයි මේ සිනමාපටයේ සංගීතය නිර්මාණය කරන්නෙ. මම දන්නේ නැහැ ලැප් එකකින් හෝ රුපවහිනියකින් මේක නරඹනකොට ඔයාට මේ දේවල් කොහොම දැනේවිද කියලා, හැබැයි මම මේ සිනමාපටය සිනමා ශාලාවකින් නරඹන වෙලාවේ, ඔහුගේ සංගීතය මාව වෙනම තලයකට අරගෙන ගියා කියල කතා දෙකක් නැතුව කියන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ නිසාමයි මේ වගේ සිනමාපට නරඹන්න අපි සිනමාශාලාවන් වෙතම යා යුතු වන්නේ! හැබැයි ඉතිං අපේ රටේ ආර්ථික තත්වයත් එක්ක ඒ දේවල් විඳින්න තරම් හැකියාවක් අපි කාටවත් නැහැ මම හිතන්නෙ. මම උනත් මේ වගේ තෝරා බේරාගත් සිනමාපටයක් බලන්න යනවා ඇරෙන්න හැම එකම බලන්න යන්නේ නැහැ. ඒවා ඉතිං දුක්ඛිත කතන්දර… 🙁

Dune: Part Two (2024) Sinhala Subtitles

ඒ වගේම මෙහි රංගනයේ යෙදෙන නළු-නිළි කැලත් හරිම අපුරුවට තමන්ගේ කාර්‍යයන් 100%ක් ඉටුකරනවා. එහෙම නොවෙන්න ලෝක සිනමාවේ මේ වගේ විශිෂ්ඨ සිනමා කෘතියක් බිහිවෙන්නේ නැහැනේ නේද? ඒ අතරින් ප්‍රධාන වශයෙන් Timothée Chalamet සහ Zendaya දෙදෙනාත්, ඊට අමතරව Rebecca Ferguson, Javier Bardem, Josh Brolin, Florence Pugh, Dave Bautista ඒ වගේම විශේෂයෙන්ම දෙවැනි සිනමාපටයේ සුපිරිම දුෂ්ඨ චරිතයක් සිදුකරන Austin Butler කියන සුවිශේෂී තරුණ නළුවව අපට අමතක කරන්නම බැහැ. විචාරක අගයන්, ප්‍රේක්ෂක අගයන් විතරක් නෙමෙයි මේ සිනමාපටය 2024 මාර්තු පළමුවැනිදා සහ 2024 අප්‍රේල් 07 වැනිදා අතර කාලය අතරතුර සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය කරමින් ලබාගත් ආදායම ඩොලර්ක් මිලියන 650කට ආසන්න වෙනවා. මේ සිනමාපටය ගැටුනේ ඉතාම ප්‍රසිද්ධ සිනමාපට ද්විත්වයක් වෙන Kung Fu Panda 4 සහ Godzilla x Kong: The New Empire යන සිනමාපට ද්විත්වයත් එක්ක.

Dune: Part Two (2024) Sinhala Subtitles

පඳුර වටේ තැලුවා ඔය මදැයි නේද? ෆිල්ම් එකේ ස්ටොරිය වෙත යොමු වෙමු අපි එහෙනම්. ඔයාලට මේ සිනමාපටයේ සිදුවෙන සිදුවීම් හරියටම තේරුම් ගන්න ඕන නම්, මෙහි මුල් සිනමාපටය අනිවාර්යෙන්ම නරඹන්න වෙනවා.

Dune: Part Two (2024) Sinhala Subtitles

මුල් සිනමාපටයේදී අපිට දකින්න ලැබෙනව හදිසියේම අධිරාජ්‍යාගේ කීම අහලා අරාකීස් නමැති ග්‍රහලෝකයෙන් පිටවෙලා යන හාකොනෙන්වරුන්ව. හාකොනෙන්වරුන් ඉන් පිටවෙලා ගියාට පසුව අධිරාජ්‍යයා විසින් අරාකීස් ග්‍රහලෝකයේ භාරකාරීත්වය පවරන්නේ ඒ කාලය වෙනකොට ප්‍රභල වංශයක ප්‍රධානියා බවට පත්ව සිටි ඩියුක් ලේටෝ ඇට්‍රෙඩිස් වෙත. කැලඩන් නමැති ග්‍රහලෝකය පාලනය කලේ එම වංශය විසින්. අහ්හ් මේ කියන අධිරාජ්‍යයා තමයි මේ විශ්වයේ ඉහළතම පාලකයා වෙන්නෙ.

Dune: Part Two (2024) Sinhala Subtitles

ඔහු යටතේ තමයි කැලඩන් සහ අරාකීස් වැනි ග්‍රහලෝක පවතින්නේ. මේ අතරින් විශ්වයේ වැදගත්ම සහ වටිනාම ග්‍රහලෝකය බවට පත්වෙලා තියෙන්නේ අරාකීස් ග්‍රහලෝකය. ඒකට හේතුව තමයි අන්තර් ග්‍රහලෝක සහ අනෙකුත් අභ්‍යවකාශ ගමනාගමනයන් සඳහා මොවුන් යොදාගන්න ඉන්ධනය වෙන ස්පයිස් නමැති මුලද්‍රව්‍යය පවතින එකම ග්‍රහලෝකය තමයි මේ අරාකීස් කියන්නෙ. ඉතිං හදිසියේම අධිරාජ්‍යයාගේ සුරතලා බවට පත්වෙලා හිටිය බැරොන් හාකොනෙන් හට ඉන් පිටවෙලා යන්න කියන්න හේතුවක් ඇතිනේ මොකක් හරි. අන්න ඒ හේතුව අපිට පලවෙනි සිනමපටයේදී දකින්න ලැබෙනවා. ඉන් පසුව සිදුවන සිදුවීම් දාමයේ ඉතුරු කොටස් ටික තමයි මේ සිනමාපටයේදී ඔයාලට දකින්න ලැබෙන්නෙ…

Dune: Part Two (2024) Sinhala Subtitles

එහෙනම් අපි දවස් දෙක තුනක්, සමහරවිට ඊටත් වැඩි කාලයක් මහන්සි වෙලා ඔයාලට ලබා දෙන සබ් එක අරගෙන යනකොට විනාඩියක් වැය කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් වැඩියෙන් වැටෙනකොට තමයි මගෙන් වගේම අපේ අනෙකුත් සහෝදර උපසිරසිකරුවන්ගෙන් ඔයාලට වැඩි වැඩියෙන් සබ් ලැබෙන්නේ. කවුරුත් අපිව දිරිමත් කරන්නේ නැත්නම්, අපේ අඩුපාවක් පෙන්නලා දෙන්නේ නැත්නම් කිසි කික් එකක් එන්නේ නැහැනේ සබක් කරන්න. එතකොට කාටද පාඩු? 😉

එහෙනම් යලිත් දවසක සුපිරි සබක් එක්ක හමුවෙමු. සැලකිල්ලට සැලකිල්ල, ජය! 🙂

[box]

Director:

Writers: , ,

IMDB Ratings : 8.8 

Release Date:  2024.03.01 (USA)

Tomatometer : 93% ( විචාර 408ක් සමගින්)

Audience Score :  95% (5000+ මනාප පළකිරීම් සමගින්)

[/box]

Note : මෙම ලිපිය අවසන් වරට යාවත්කාලීන කල දිනය වන්නේ 2024.04.07 දින බව කරුණාවෙන් සලකන්න. මෙහි තිබෙන ඇතැම් සංඛ්‍යාත්මක දත්තයන් කාලයත් සමග වෙනස් විය හැක.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web iNTERNAL සහ Original Web පිටපත් සඳහා ලබා දි ඇත.

 

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Dune: Part Two (2024) Sinhala Subtitles

 

223 thoughts on “Dune: Part Two (2024) Sinhala Subtitles | නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා? [සිංහල උපසිරැසි] 400*

  • Thanks Brother, Congratulations on your achievement.

    Reply
  • Thank you for Sub
    Goodluck

    Reply
  • Thanks brother sub ekata..jaya wewa ❤️

    Reply
  • බුදු සරණයි

    Reply
  • Thankyouu for the sub ❤️

    Reply
  • ජනිදු සේමිණ

    සුපිරී අයියේ…. thanks මහන්සි වෙනවට ඉස්සරහටත් මේ වගේම ඔක්කොම movies , series sub කරන්න පුලුවන් වෙන්න ඕනි… බුදු සරණය යි….

    Reply
  • Mn biscop patan gatta kale idala inna knk..thawa kochchara sub dena site tibbath hodama sub eka tiyanne biscop eka vitharai..e nisama wenna athi adata anith hama sub site ekakma paraddala aunka eka 01 wajabenne jaywewa ..Sub ekata godak sthuthi..may god bless u

    Reply
  • Supiri. Tnanks For Sub Bro

    Reply
    • Thank you godaaaaaak ❤

      Reply
  • සුපිරියක් තමා ඉතින් අය…..
    Thank you sub එකට මහන්සි උන කට්ටියටම.

    ~ dileepa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Obata Godak Isthuthi Yaluwa.oba godak Loku Kapa Kirimak Karanawa.Hadawathinma Isthuthi…Jayawewaa..

    Reply
  • Chamindu Udayantha

    Bluray Up Please

    Reply
  • Bluray Update එකත් දෙන්නකෝ

    Reply
  • bluray up karannako…

    Reply
    • සිංහල sub එකට බොහොම ස්තුතියි.නැත්නම් මේ කතාව තේරුම් ගන්නත් අමාරුයි.ඔබට ජය!!!

      Reply
    • Anonymous

      Thanks for the sub. Keep it up♥️

      Reply
  • Thanks for the sub blud

    Reply
  • Chanya Dilum

    බොහොම ස්තූතියි සහෝදරයා.ඔබ අප වෙනුවෙන් ඉහල ගුණාත්කමක මට්රටමේ උපසිරැසි ගෙන ඒමට කරන කැපකිරීම,වෙහෙස අගය කරනවා.බොහොම ස්තූතියි වත් ඉදිරියට මෙවන් නිර්මාණ වලට උපසිරැසි ගෙන ඒමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. ❤️

    Reply
  • Anonymous

    Ado ela machn.adarei

    Reply
  • Manuga malhiru

    supiri kollo digatama karadgena yanna
    jaya wewa!

    Reply
  • Kaushalya Bandara

    විමාගෙ සබ් කියන්නෙ ඉතින් සුපිරයක් තමා. ස්තුතියි මචං ❤

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • Mahesha Senanayake

    superb work bro

    Reply
  • Congratulation….. Brother
    Thanks a lot.

    Reply
  • Bohoma stuti sub ekata

    Reply
  • Thank You for the time and subs. Keep it up.

    Reply
  • දහස් සංඛ්‍යාත පිරිසක් සබ් ඩවුන්ලෝඩ් කරගෙන යද්දි, ඇයි කීප දෙනෙක් විතරක් කමෙන්ට් එකක් දාන්නෙ. නිකමට ඒ ඇයි කියලත් හිතල බලන්න. මොකද ෆිල්ම් එක බලන්න මයින්ඩ් එකේ ඉන්න එකාට සබ් එක හදපු එකාට ආතල් දිදී ඉන්න තරන් ට්‍රැක් නෑ. ෆිල්ම් එක හදපු එකාවත් මෙච්චර අවදානෙ ඉල්ලන්නෙ නෑ. සුද්දා, ඔයාට අවදානෙ ඕනෙ නන්, ටික්ටොක් කරන්න. සබ් අරන් ගිහින් කමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ ඉහි ඉහි ගගා ඉන්නෙ නැතුව.

    Reply
    • විමා - Admin

      සබ් එකක් නැතුව ෆිල්ම් එකක් බලන්න බැරි ශ්‍රී ලාංකික “පොරක්”
      ආ මෙන්න ටික් ටොක් එක ෆලෝ කරන්න 😀

      Reply
    • මෙහෙම උන් නම් අම්ම තාත්ත දෙන්නගේ වැරදි, ජාන වල වරදින් තමා මෙහෙම අපතයෝ බිහිවෙන්නේ.
      තමන් නිකම් බලන සබ් එකට ස්තුතියි කියන්නත් බැරි, නිකම්මුන්ව ජාතක කලාම උන් හැසිරෙන්නේ මෙන්න මෙහෙමයි.
      මෙහෙම උන්ගේ කතා නම් කනකට ගන්න එපා!

      Reply
  • Amila Mudalige

    400ට සුබ පැතුම්!! සබ් එකට තුති විමා සහෝ❤

    Reply
  • Kavindu Anushka

    Thanks for ths subtitle ❤️❤️

    Reply
  • සුජාන්

    බොහෝම ස්තූතියි සහෝ. සෑහෙන දවසක් බලාගෙන හිටියා සබ් එක එන කල්.

    Reply
  • අඩෙ කොල්ලනේ ,sub එකට තැන්ක්ස්.baiscopelk එකට ජය.හැමදාම කරන් යන්න ශක්තිය දහිරිය ලැබේවා.

    Reply
  • Anonymous

    Thank you so much team baiscopelk for doing this great work❤

    Reply
  • සබ් එකට thanks බොසා
    400ට සුභ පැතුම් විමා

    Reply
  • KAVISHKA JAYASINGHE

    Thanx Brother

    Reply
  • Thanks Brother for the sub

    Reply
    • Dilana Pulsitha

      Thanks for the sub bro ❤️

      Reply
  • Anonymous

    ස්තුතියී සහෝදරයා

    Reply
  • Sahan Gayantha

    thanks a lot Shan saho sub ekata

    Reply
  • හශාන්

    සුපිරී… බන් සුපිරී….

    Reply
  • Danushka Fernando

    Thank You For the Sub!!

    Reply
  • කසුන් ප්‍රනාන්දු

    ස්තූතියි සබ් එකට සහෝ.තව තවත් ඉදිරියට හොද නිර්මාණ ගේන්න ශක්තිය දහිරය ලැබෙන්න ඕනා.

    Reply
  • Thnx bro.Great job.Good luck.

    Reply
  • Anonymous

    Good ජය වේවා

    Reply
  • Sandeep Madushan

    Congratulations brother ️

    Reply
  • Malshan Waidyarathna

    බෝහොම ස්තුතියි….
    ජය වේවා…..
    සහෝදරයා …..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුති
    400 වෙනි උපසිරැසියට සුබපැතුම්

    Reply
  • Kavindu Edirimanne

    400 වන උපසිරැසියට සුබ පැතුම් සහෝ, සිනමාපටයකින්⁣ විඳින්න පුළුවන් උපරිම රසය විඳිින්න පුළුවන් වෙන්නෙ ඒ⁣කෙ සංගීතය එක්ක..ඔයා කිවුව හරි මේකෙ සංගීතය කියන්නෙ වෙනමම ලෙවල් එකක්. ඒ වගේ ම ඔයාගේ පරිවර්තනයත් වෙනමම ලෙවල් එකක්. කතාව ගලාගෙන යනව දැනෙන්නෙවත් නැතුව. Amazing stuff bro keep it up

    Reply
  • Thank you
    ආදරෙයි ❤️

    Reply
  • Pattai MN balapu supirim ek….. Upasariya dammt thanks

    Reply
  • chathura dilshan

    niyami vima aiyaa

    Reply
  • Thanks bro❤️❤️❤️

    Reply
  • Prasad Wickramarathne

    thanx bro gl

    Reply
  • Nimesh Wanigasekara

    Thanks brother

    Reply
  • Oba veni tharunainge uthsahaya nisa api ithamath ashawen meveni sinamapata rasa vidinawa. sthuthi

    Reply
  • thank you for the sub. great job.

    Reply
  • ගැම්මක් සහෝ

    Reply
  • ශෙහාන්

    Dune කියන්නෙ වෙනම රසක්. ඒක hall එකක බලන්න බැරි උන එක ලොකු අඩුපාඩුවක්. විමා කියන නම සෙට් උනාම සබ් එකේ ආයේ පොඩි එකෙක්ට උනත් සබ තේරෙනවා. ජය

    Reply
  • බොහොම ස්තූතිය sub එකට

    Reply
  • සුපිරි සහෝ….

    Reply
  • Thanks Bn mechchara kalayak kapawela me wade karata..

    Reply
  • Comments amuthuwen danna deyak na sago. Me sub naththam api anathai echcharai. ❤️

    Reply
  • Dilum Udayarathna

    400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පැතුම් සහෝදරයා.Dune 2 Sub එක මග බලන් හිටියෙ.බොහොමත්ම ස්තූතියි ❤

    Reply
  • chathupa wagisha

    Thanks brother

    Reply
  • බොහෝම ස්තුතියි !

    Reply
  • උපසිරැසි 400ක් කරනවා කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවෙයි!
    ඒකෙනුත් ගුණාත්මකභාවයෙන් ඉහළම උපසිරැසියක් කරනවා කියන්නෙ තවත් අමාරුයි
    Keep it up brother, Respect

    Reply
  • රුක්ෂාන් ඛාන් (රුකා)

    400 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරයා!

    Reply
  • ruk_shan_rk

    බොහොම ස්තුතියි, විමා සහෝ උපසිරැසියට! ජයවේවා!

    Reply
  • Kalpa Liyanaarachchi

    Congratulations on your achievement with 400 subtitles, brother. Excellent work, and keep it up!

    Reply
  • Sanjaya manodara

    Thanks for sub…

    Reply
  • Sherin De Silva

    400 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම් මල්ලි……

    Reply
  • සුසුබපැතුම් මිත්‍රයා

    Reply
  • 400 weni upasirasata subapatum

    Reply
  • සුහ පැතුම් සහෝදරයා…️

    Reply
  • සුබ පැතුම් 400 වෙනි උපසිරසයට ගොඩක් ස්තූතියි වැඩ පාඩුකරං මේ නොමිලේ කරන සේවයය. ජය වේවා. Kung fu Panda 4, Godzila new empire move sub ඉක්මණටම දෙයි කියලා හිතනවා…!!!

    Reply
  • සුපිරි මචන්…

    Reply
  • උපසිරැසි 400ක්❤️❤️❤️❤️❤️ ඒ සේවය ඇගයිය යුතුයි……..500 ක් නොව 1000ටම යන්න ශක්තිය ලැබේවා❤️❤️❤️❤️

    Reply
  • kanchana devinda

    Love it good job and thank you ❤️

    Reply
  • නුවන් සමිර

    උපසිරස දැම්මට ගොඩක් ස්තුති සහෝ. ගොඩ කාලයක් බලාගෙන උන්නු කථාවක්..

    Reply
  • machan me wage film daapu gaman sub eka dena eka mara widiyata watinawa.jayawewa

    Reply
  • 400 congrats 500th gahamu

    Reply
  • Dilshan Chathuranga

    ela kollek

    Reply
  • Forza Nemesis

    Congrats for the 400th Subtitle bro

    Reply
  • උපසිරැසි 400ක් කියන්නේ ඉතිං සෙල්ලං නෑ… කිසිම ලාබප්‍රෙයා්ජනයක් නැතිව තමුන්ගේ වටින කාලය ඒ වෙනුවෙන් වැයකරනවා කියන්නේ ඉතිං ♥♥….
    බොහෝම ස්තූතියි මචං ඒ කැපකිරීමට… ඉස්සරහට ඔයා කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා…. ♥♥
    400න් නවතින්නේ නැතිව ඉඩක් තියෙන වෙලාවට අවුරැද්දට එකකින් හරි ආයෙ සබකින් හමුවෙමු…. ♥♥ ♥♥
    ඒ වගේම මේ උපසිරැසියටත් බොහෝ ම ස්තූතියි සහෝ……..

    Reply
  • ඔබගේ 400 වන උපසිරැසියට මාගේ සුභ පැතුම්. උපසිරැසි කරණයට අමතරව මා වැනි නව උපසිරැසිකරුවන් රැසකටම විශාල අත් වැලක් වූ කෙනෙක් ඔබ.
    ඔබ නොවේනම් මා වැන්නවුන් උපසිරැසි කරණයේ මෙතරම් දුරක් පැමිණෙයි කියා හිතන්නවත් බෑ, පලමු උපසිරැසියෙන්ම මට ලැබුන දිරිමත් කිරීම නිසා තමයි මා දිගටම උපසිරැසි කිරීමට පෙළඹුනේ. ඒ නිසා ඒවායේ ගෞරවයත් ඔබට අයිතියි. ජය වේවා!

    Reply
  • නුවන් අසේල

    400 වැනි සිංහල උපසිරසියක් ගොඩක් තැන්ක්ස් අශාන් විමුක්ති අයියට
    Congratulations

    Reply
  • HAR Chanara

    Very good work.
    Thank you lot

    Reply
  • pissu katha karanna epaa digatama yamu niyametama karanawa oya

    Reply
  • Harsha Indunil

    බොහොම ස්තූතියි සබ් එකට. සිංහල සබ් ලෙජන්ඩ් කෙනෙක්ගෙම සබ් එකක් එක්ක මේක බලන්න ලැබුන එකට ගොඩක් සතුටුයි. <3

    Reply
  • bohoma sthuthiyi sub ekata 400 kadaimata suba pathum

    Reply
  • 400ට සුභ පැතුම්.. විමා සහෝදරයා.

    Reply
  • Supiriyak AAA. Subata thanks machan

    Reply
  • Thanx for the sub & good luck bro..❤️❤️

    Reply
  • මීට අවුරුදු 10කටත් උඩ දී විමා සබ් දීපු Monsters University බැලුවා මතකයි. තව අමෙලියා කියලා ප්‍රංශ චිත්‍රපටයක් බැලුවා මතකයි. (ඒක නම් එච්චර තේරුනේ නැහැ හැබැයි.) ඉතින් ඒ කාලේ බලපු ෆිල්ම් පවා මතක හිටින්න තරම් ගුණාත්මකව උපසිරැසි ලබා දීම ගැනත්, හැමවිටම හොඳ චිත්‍රපට ලබාදීමට කටයුතු කිරීම පිළිබඳවත් ඒ කාලයේ ස්තුති කරන්න බැරි උනානම් දැන් මම ඒකට අවස්ථාවක් ලබාගන්නවා මොකද එහෙම ස්තූතියි නොකරනවානම් ඒක බොහොම කළ ගුණ නොදත් කමක් විදිහට මම සලකන නිසා. එහෙනම් බොහොම ස්තූතියි මෙපමණ කලක් බොහෝ දෙනාගේ හිත සුව පිණිස අඛණ්ඩව වෙබ් අඩවියට දායක වීම පිළිබඳව!

    Reply
  • Thanks, good job bro…!

    Reply
  • Thanks brother….for your service

    Reply
  • නියමයි ගොඩක් ස්තූතියි…!!!ජය වේවා…

    Reply
  • Mayura suraj

    සුභපැතුම් මචං
    ඉස්සරහට තවත් කාර්යබහුල වේවි උඹ
    ඒත් අපිව නම් අමතක කරන්න එපා..

    Reply
  • Sanupa Ranmeth - Admin

    උපසිරසි 400ට අනේකවාරයක් තුති අයියේ. අවුරුදු 11ක් පුරා උපසිරසි 400කට වෙච්ච මහන්සිය හිතාගන්නත් බෑ අපට නම්.

    පොඩි කාලෙ සබ් එක්ක ෆිල්ම් බලනකොට දැකපු, සයිට් එකේ ලෙජන්ඩ් කෙනෙක් කිව්ව හැකි චරිතයක් තමයි.

    උපසිරසි විතරක් නම් මදෑ. බයිස්කෝප් එක දක්කගෙන යන එකෙත් වැඩිම කාලයක් කරන්නේ අයියනෙ. මට සයිට් එකට එන්න පළවෙනි මේල් එක දාල ෆිල්ම් එක බාරදුන්නෙත් අයිය. තාමත් සෑහෙන දේවල් කියල දෙන චරිතයක්. බයිස්කෝප් වෙනුවෙන් ඉතින් පණ වුණත් දෙයි.

    රෙස්ට් එකක් ගන්නවා නම් ඒක well-deserved. ඒත් 400න් නොනැවතී 500ක්වත් ගහමු නේද?

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    400* කියන්නේ එසේ මෙසේ ගාණක් නෙමෙයි විමෝ
    අනික එහෙම ආවට ගියාට එහෙම උපසිරසි කරන්නත් බෑ
    ගුණාත්මකබව, විනෝදාස්වාදය සහ 100% නිවැරදි අදහස සමඟ උපසිරස කරන වැඩ්ඩෙක් කියලා විමාව හදුන්වන්න පුළුවන්.
    ඇත්තටම මාත් උපසිරසිකරණයට් යොමුවෙන්න බලපාපු එක චරිතයක් කියලා ඕන තැනක කියනවා.
    එහෙනම් කඩයිමට හදවතින්ම සුබ පතනවා මචෝ, එහෙම ලේසියෙන් ගැලවෙන්නේ නැතුව 500*ත් ගහමු
    ජයවේවා!!!

    Reply
  • 400 ට සුභ පැතුම්…..ස්තූතියි.. එනකම් බලං හිටිය එකක්..

    Reply
  • Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

    Reply
  • Subtitle එක දෙනකං බලං හිටියා.සෑහෙන්න ස්තූතියි.

    Reply
    • supun_sanjeewa 96

      බොහොම ස්තූතියි ❤️

      Reply
  • Roshan Shameera

    400 වෙනි උපසිසරසියට මගේ උණුසුම් සුබ පැතුම් මිත්‍රයා..
    සයිට් එකට සම්බන්ද වුන දවසේ ඉඳලා දැන අඳුරගත්තා.
    උපසිරසි හදන්නත.් සෑහෙන්න උදව් කලා.
    හදවතින්ම සුබ පතනවා සහෝ..
    ජය වේවා..

    Reply
  • Akila Dilhara

    Thanks for Sub Brother…

    Reply
  • Namindu Savinda Bandara

    thank you for your kindly work with dedicating your time for others entertainment and congratulations on your 400 subtittle

    Reply
  • dune 3 ewida
    me sub ekata thuthi!

    Reply
  • Tnqqq sub akata.. 400 ta Jaya weewaa…!!!

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    400 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් විමා අයියේ. ඔයා දුන්න උපසිරැසි සෑහෙන්න බලලා තියෙනවා, ඒවායෙ ගුණාත්මක බව ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ, බයිස්කෝප් එකේ දැනට ඉන්න තේරෙන සිංහලෙන් සුපිරියටම උපසිරැසි හදන කෙනෙක් තමා ඔයා. ඒ විතරක් නෙවේ තිරයෙන් පිටුපසත් සයිට් එකේ වැඩ බලන ගමන් තාමත් ක්‍රියාකාරී උපසිරැසිකරුවෙක් විදිහට ඉන්න එකටත් වෙනම ස්තූතියක් හිමි වෙන්න ඕනෙ. අනිවාරෙන් මෙතනින් නවතින්නැතුව දවසක 450 වෙනි උපසිරැසි කඩයිමත් අපිට බලාගන්න හැකි වෙයි කියලා හිතනවා සහ පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලත් සුබ පාර්තනා කරනවා. ජයවේවා!

    Reply
  • Thank you mchn sub ekata
    Mn palaweni eka baluwa dn nm mthaka na hbai seen eka storyath echchara therune na ..part 2 eka balanna hitye na hbai ube lipiya kiyewwama nobalath ba….
    E nisa part 1 eka saralawa poddak explain krpnko
    Jaya wewa

    Reply
  • සබ් 400ක් කියන්නෙම අනෙකා වෙනුවෙන් තම කාලය කෙතරම් කැප කිරීමක් ද, බොහෝමත් ම ස්තූතියි ඔබ ඇතුළු සබ් හදන වෙබ් එක නඩත්තු කරන සියළු දෙනාටම…

    Reply
  • Achintha Udayanga

    කඩයිම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් කිව්වා
    මේ ඔබෙ සේවය අපට අත්‍යවශ්‍යම කාලයයි.

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…
    ❤❤❤400❤❤❤

    Reply
  • Kalum Hettigoda

    ස්තූතියි උපසිරසියට. ගොඩක් මහන්සිවෙලා අපේ සතුට වෙනුවෙන් කැපවීම. 400 ක් කියන්නෙ සෑහෙන කාලයක්.

    Reply
  • Anoj Rukshan

    උපසිරැසියට ස්තුතියි
    සුබ ම වේවා

    Reply
    • ජය වේවා සහෝදරයා

      Reply
  • සුපිරි කොල්ලෙක් තමා…ලිපි ලියනව යසටම…
    එව කියවද්දිත් වෙනම ආතල් එකක් තියෙන්නෙ..එක ඔගොල්ලොන්ගෙ හැකියාව …
    බොහොම ස්තුතියි සබ් එකට යාලුවා….
    මන් මෙ ෆිල්ම් එකෙ පලවෙනි එක බැලුවෙත් නෑ විකාරයක් කියල හිතුන සිරාවටම…හැබැයි ඔයගෙ මුවි එකේ විස්තරේ කියෙව්වම හිතුන…වටින ෆිල්ම් එකක් මග හරිනව කියල … thx ❤️ එක බලලා 2 බලමු… හොදම quality එකෙන්…
    ඉදිරියටත් සබ් ගෙනිම් මචෝ…. උබේ සබ් අතාරින් නෑ

    Reply
  • thank you aiye subtitles ekt…sinhala subtitles එක එනකන්මයි බලන් හිටියෙ..❤️❤️❤️❤️

    Reply
  • Thanks For the substitle bro

    Reply
  • Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තුතියි ❤️

    Reply
  • Chamikara Vidanage

    400 වෙනි උපසිරැසියට සුබ පැතුම් ❤️

    Reply
  • කජු ඇටද කොස් ඇටද? උපසිරැසි 400ක්. ටයිම් ලයින් 1000+, 2000+ ෆිල්ම් එකක උපසිරැසියක් කරන්න සාමාන්‍යය තත්වයකදි පැය 24කට වඩා කාලය වැය වෙනවා. ඉතින් කාලය කැප කරගෙන මේ කරපු, කරන මෙහෙයට ගොඩක් ස්තූතියි. මේක අවසාන කඩයිම නම් නෙවෙයි කියලා දන්නවා. 400 වැනි කඩයිම උණුසුම් සුබ පැතුම් අයියේ!

    Reply
  • Kavindu Nethmina

    400 වෙනි උපසිරැසි කඩයිමට Very Very Congratulations Bro.. 500 වැනි කඩයිමටත් ඉක්මනට ම යන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා කොල්ලො..මේ Film එකේ සබ් එක දැන් දායි දැන් කිය කිය බලාගෙන හිටියේ,අද දවසට 10 පාරක් විතර Baiscopelk Site එකට ආවා..ඔයාලගේ කාලය වැය කරලා අපි වගේ ෆිල්ම් පිස්සොන්ට ඉක්මනටම සබ් ගහලා දෙනවාට ගොඩක් ස්තූතිය Bro..තවත් සුපිරි Film එකක සබ් එකක් ඉක්මනට දෙන්න..❤️❤️

    Reply
  • baiscopelk ishu

    සුභ පැතුම් විමා.. උබ 500 ක් ගහල යනව බලන්න ඇත්තටම ආසයි..
    මිනිස්සුන්ට සබ් එකක් කරන්න කන කට්ට තේරෙන්නෙ නෑ බන්. උන්ගෙ වැඩේ කරගෙන යනවා, එච්චරයි.
    වචනෙකින් දෙකකින් ස්තූති කරල යන්න තප්පර 5 ක් වෙන් කරන්නවත් අකමැතියි.. හැබැයි උන් දන්නෙ නෑ සබ් එකක් වෙනුවෙන් සබ් හදන එකෙක් පැය 10 ක් 15 ක් කන කට්ට..
    හිත සතුටු වෙන්න වචනයක් කොටාගෙන යමල්ලා.. ඒකට තප්පර 5යිනෙ යන්නෙ. අපිත් වැඩි කාලයක් සබ් ෆීල්ඩ් එකේ ඉන්න එකක් නෑ මේ යන විදිහට.. සබ් හදන වුන්ට රුපියලක්වත් ලැබෙන්නෙ නෑ..
    ඒක දැනගෙන නොදන්නව වගේ යන එක තමා ලොකුම දුක.
    උබල වගේ උන් මේ ෆීල්ඩ් එකට නැතිවෙන එක දරාගන්න බැරි පාඩුවක් විමා..

    Reply
  • Thank you very much bro… Wish you all a very happy Sinhala & Hindu new year…!!!

    Reply
  • thanks aiya good luck

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි වීමා සහෝ..
    400 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා..

    මේ අවසාන කඩයිම කිවුව එකටනම් පට්ට දුකයි හොදේ…
    ඒම නොවේවයි පතන ගමන් අදට සමුගන්නවා..

    තවත් සුපිරිම ෆිලුමකින් හරි ටීවී එපියකින් හරි හමු වෙමු..
    ජය වේවා..

    Reply
  • great job hermano… muchas gracias…

    Reply
  • thanks bro
    keep up your good work.

    Reply
  • thanks bro.
    keep up your good work.

    Reply
  • Sub එක එනකම් හිට්යේ ☺️☺️ජයවෙවා..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *