MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නරොෂාන් ශමීර ජයසිංහසිංහල උපසිරැසි

Lock Up (1989) Sinhala Subtitles | ජන්මාන්තර පළිගැනීම [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 15 votes.
Please wait...

අළුත් මාසයක්.. අළුත් දවසක්..
ඒත් රටේ බොහොම අවධානම් තත්වයක්..

පුළුවන් තරම් ගෙදරටම වෙලා, හැමෝම එක වගේ හිතලා අපි මේ වසංගත තත්වයෙන් ගැලවෙමු. කාටවත් දොස් කියන්නේ නැතුව අපි හිතලා අපි වැඩ කරමු. කම්මැලි කමට ගෙදර ඉඳන් චිත්‍රපටියක් බලමු.

Lock Up (1989)

සිල්වෙස්ටර් ස්ටැලොන් කියනවට වඩා අපි දන්නේ රැම්බෝ කිව්වම. ඉස්සර වීඩියෝ සෙන්ටර් වලට ගිහින් ඉල්ලන්නෙත් රැම්බෝගේ ඒවා නැද්ද කියලා. රැම්බෝ කියන්නේ සීමිත චිත්‍රපටි ගණනක එක් චරිතයක් වුනත් අපි සිටැලෝන් කියන නමට වඩා රැම්බෝ නමින් ඔහුව ඇමතුවා.

හෙට අනිද්දා හිරෙන් නිදහස් වෙන්න ඉන්න ෆ්‍රෑන්ක් ලියෝනිට හදිසියේ මාරුවීමක් එනවා. ඒක හිරගෙයක්ට වඩා ෆ්‍රෑන්ක්ට අපායක් වෙන්නේ කලින් ඔහු පැනගිය හිරගෙයි සිටි පාලකයා මේ හිර කඳවුරෙත් පාලකයා වීමයි. ෆ්‍රෑන්ක් සිරගත වෙන්නේ ඇයි, ඔහු හිරෙන් පනින්නේ ඇයි, මේ සිරකරු මාරුව මොකක්ද ?

හරියටම විනාඩි 100ක් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්. John Flynn අධ්‍යක්ෂනය කල මෙම චිත්‍රපටය Charles Gordon සහ Lawrence Gordon අයියා මලෝ දෙන්නගේ නිෂ්පාදනයකි. මෙහි රංඟනයෙන් Sylvester Stallone ට අමතරව Donald Sutherland, Tom Sizemore, John Amos, Darlanne Fluegel, Frank McRae සහ Sonny Landham රංඟනයෙන් දායක වෙනවා.

1989 අගෝස්තු 04 වනදා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 24ක් වුවද බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 22 කි. IMDb දර්ශකයේ 6.4ක්, Rotten Tomatoes 23% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 93%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1906 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

12 thoughts on “Lock Up (1989) Sinhala Subtitles | ජන්මාන්තර පළිගැනීම [සිංහල උපසිරසි]

  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි රොෂාන් සහෝ.

    දිගටම පැරණි චිත්‍රපටම දෙන්න. ඉතා අගය කරමි මෙම චිත්‍රපටය.

    ජෙට් ලී ගේ Shaolin Temple – 1982, Once Upon Time in China Collection
    වෑන් ඩෑම් ගේ Street Fighter 1994, Sudden Death 1995 වැනි චිත්‍රපට සඳහාද හැකිනම් උපසිරැසි දෙන මෙන් ඉල්ලමි.

    එමෙන්ම තවත් ඉල්ලීමක් තිබෙනවා. 1001 Movies You Must See Before You Die කියලා පොතක් තියනවා. ඒ පොත මිල අධික පොතක්. රොෂාන් සහෝ ඒ පොත බැලුවොත් බයිස්කෝප් අඩවිය තවත් අගනා විශිෂ්ට ඉපැරැණි නිර්මාණ රැසකින් වර්ණවත් වේවි යැයි මා සිතනවා. පොත් ඔන්ලයින් සර්ච් කරලා බලන්න.

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • දුර්ලභ Classic movies subs nm Roshan bro tamai highly recommended.

    Reply
    • රොෂාන් ශමීර ජයසිංහ

      ♥♥♥

      Reply
  • රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, රැම්බෝ සිනමා මාලාවේ කීපයක්ම නරඹා තිබෙනවා.
    මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

    Reply
  • නියමයි! දිගටම කරගෙන යමු!
    බොහොම ස්තූතියි!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *