Minnal Murali 2021 සිනමාපටය ගැන එහි නිෂ්පාදකයින් විසින් හෙලිකරන්නට ගත්දා පටන් පුවත් මවන චිත්‍රපටයක් වුණ බව ශ්‍රීලාංකීය මලයාලම් සිනමා රසිකයින් වන ඔබත් හොඳාකාරවම දන්නා කරුණක්!එම කරුණු ගැන මුල සිට මතක් කලහොත් චිත්‍රපටය තිරගත නොකර ඉඳුරාම Ott හරහා නිකුත් කරන බව නිෂ්පාදකයින් විසින් සැලකල විට ඇතිවුණ ගැටළුකාරී තත්වය. විශේෂයෙන්ම චිත්‍රපටය සඳහා විශාල මුදලක් වැයකරමින් සකසා තිබු පසුතලයක් විනාශ කිරීම කැපී පෙනුනා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන Tovino Thomas ප්‍රකාශ කර තිබුනේ පසුගිය දිනයන් හි කෝවිඩ් 19 වසංගත තත්වය නිසා මුළු රටම වසා දැමු අවස්ථාවේදි ඔවුන් රූගත කිරීම් තාවකාලිකව නවත්වා සිටින අවස්ථාවේදි කල්ලඩි ප්‍රදේශයේ සකසා තිබු පසුතල සැකසුම ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කර ඇති බවත් ඒ සඳහා ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව සහ මෙවන් කටයුතු කිරිමෙන් එම කණ්ඩායම් ලබන තෘප්තිය කුමක්දැයි යන්න තවමත් නොවැටෙහෙන බවයි.
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Basil Joseph විසින් වන අතර Sophia Paul මෙය නිෂ්පාදනය සිදුකර තිබෙනවා. චිත්‍රපටයේ කතාව රචනය කර තිබෙන්නේ Arun Anirudhan සහ Justin Mathew විසිනි. මලයාලම්, දමිළ, තෙලෙඟු, කන්නඩා, හිංදි සහ ඉංග්‍රීසි යන භාෂා හයෙන් මෙම චිත්‍රපටය නිකුත් කරනු ලබනවා. ඉඳුරාම නෙට්ෆිලික්ස් හරහා මෙම චිත්‍රපටය නිකුත් කරන නිසාවෙන් මේ සඳහා වාර්තාගත මිලක් නියම වී ඇති බව සිනමා ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. අනුව දශකයේ කතාවක් ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටයෙහි දේශිය පසුබිමක කතාවක් ගලා යනවා. මෙහි ක්‍රියාදාම දර්ශනයන් නිර්මාණය කර ඇත්තේ හොලිවුඩ් සිනමාවේද ක්‍රියාදාම දර්ශන ශිල්පියකු වන Vlad Rimburg සහ ඔහුගේ කණ්ඩායම විසිනි. බොහෝ විට මලයාලම් සිනමාපටයක මෙවන් හොලිවුඩ් නියෝජනයක් වන පලමු අවස්ථාවද මෙය වියහැකියි. සුපුරුදු ලෙසින් චිත්‍රපටයේ අන්තර්ගත කතාව පිළිබඳ කිසිවක් ලිවිමට අදහස් කරන්නේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබාදෙන නිර්මාණශීලි මලයාලම් සිනමාපටයක් නරඹන ලෙසට නැවතත් ඔබ සැමට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම | සදුනි අමා දහරා
                                                     
 
ඔන්න ඉතින් අද අරගෙන ආවේ ගොඩක් කට්ටිය බලන්න ආශාවෙන් හිටිය දමිල චිත්‍රපටියක්..නොහිතූ වෙලාවක තමයි ඔන්න මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ…ඉතින් අද අරගෙන එන චිත්‍රපටිය තමයි Annaatthe..මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත්,කම්මැලි කමක් නැතිව බලල ඉවර කරන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්.මිශ්‍ර ප්‍රථිචාර ලැබෙන්න ගොඩක්ම හේතු උනේ මේ චිත්‍රපටියේ කතා තේමාව ගොඩක් දමිල චිත්‍රපටි වලින් දකින්න පුලුවන් උන නිසා…
 
ඉතින් දමිල සිනමාවට ආදරේ කරන කවුරුත් නම කිව්ව පමණින් දන්න Rajinikanth  ප්‍රධන චරිත නිරූපනය කරන මෙහි Nayanthara ,Keerthy Suresh, Meena, Khushbu,Jagapathi Babu,Soori,Prakash Raj වගේ විශාල නලු නිලි කැලැක්ම අපිට දැකගන්න පුලුවන්…
 
ඉතින් කතාව ගැන කිව්වොත්…කලෙයියාන් ,මෙයාට ගමේ හැමෝම ආදරේට කියන්නේ අන්නාතේ කියල,ඉතින් මේ කලෙයියාන්ට නංගි කෙනෙක් ඉන්නවා එයා තමයි මීනාක්ෂී..කාලේයියා එයාගේ නංගිට ගොඩක් ආදරෙයි,මෙහෙම කාලේ ගෙවෙද්දී තමයි මෙයාලගේ ජීවිතේට නට්ටදුරෙයි කියල මැරයෙක් එන්නේ..ඒත් ටික දවසකින් මේ නට්ටදොරෙයි කලෙයියාන්ගේ ගතිගුණ දැකල එයාගේ නංගිව තමන්ගේ ගෙදර ලේලී කරගන්න ආශාවෙන් කලෙයියාන් එක්ක කතා කරන්න එනවා..කොහොම හරි මීනාක්ෂීත් මේ කසාදෙට ඉහලින්ම කැමති වෙනව..ඉතින් දෙපාර්ශවයෙම කැමැත්තෙන් ලෑස්ති කරපු මේ කසාදේ  ,අන්තිම මොහොතෙදී මීනාක්ෂී අතුරුදහන් වෙනව…කසාදෙට කැමැත්තෙන් හිටපු මීනාක්ෂිට මොකක්ද ඇත්තටම උනේ…ඒක දැනගන්න එහෙනම් අරගෙන බලන්න Annaatthe..
 
අලුත් උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම |  නුවන් අසේල අරියරත්න
                                                     
 
අද අරගෙන අවේ දෙමල චිත්‍රපටයක් චිත්‍රපටයේ නම භූමිකා රංගනයෙන් දායක වෙන්නෙ Aishwarya Rajesh vidhu  surya Ganapathy Madhuri Pavel Navageethan Avantika vandanapu යන අය රංගනයෙන් දායක වෙන්නෙ 5.9/ අගයක  ලබා ගෙන ඇත 
භූමිකා ආරම්භ වන්නේ නාගපට්ටිනම් අසල සිදු වූ අනතුරකින්.. මිනිසෙකු තම ගැබිනි බිරිඳට දුරකථනයෙන් කතා කරමින් සිටියදී ට්‍රක් රථයක් ඔහුගේ කාරයේ ගැටී ඔහු මිය යනවා. පසුව කතාව ඌටිවල පුදුමණ්ඩු ගම්මානය වෙත මාරු වන අතර එහිදී අපට ප්‍රධාන චරිත කිහිපයක් මුණ ගැහෙනවා.
ගෞතම් හා ඔහුගේ මනෝවිද්‍යාඥ බිරිඳ සෑම් (අයිශ්වර්යා රාජේෂ්) සහ පුතා සිදු සමඟ ඇමතිවරයෙකුගේ දේපළ වෙළඳාම් ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීම සදහා පිටත් වනවා. ඔවුන් සමඟ ගෞතම්ගේ මිතුරිය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ගයාත්‍රි ඔහුගේ ව්‍යාපෘතියට උදව් කිරීමට ආරාධනා කරන අතර ඔහුගේ සහෝදරිය වන ආර්තිද ඔවුන් සමඟ ගමනට එකතු වෙනවා. ඔවුන් දුර බැහැර වත්තක පිහිටි පරණ පාසැල් ගොඩනැගිල්ලක් වෙත යන අතර, ඉතා ඉක්මනින් අමුතු දේවල් සිදු වීමට පටන් ගන්නවා. ගයත්‍රී ක්‍රිෂන් නම් ඇගේ සහ ගෞතම්ගේ යහළුවෙක් සමග මැසේජ් කර කර ඉන්න අවස්ථාවක එතනට පැමිණෙන ගෞතම්ගේ නැගණිය ඉස්සර ක්‍රිෂාන් නිතර නිතර තමන්ගේ ගෙදරට පැමිණෙන බවත් ඔහු කඩවසම් පුද්ගලයෙක් බවත්ය. ඔහුගේ මෑතකදි ගන්නා ලද ජායාරූපයක් ඉල්ලාගන්න ලෙස ආදිති ගයත්‍රිගෙන් ඉල්ලීමක් කරනව. එක පාරම ෆොටෝ එකක් ඉල්ලන්න බැරි නිසා දෙන්න එකතුවෙලා සෙල්ෆියක් අරන් ක්‍රිෂාන්ට යනවා.
පස්සෙ එයාගෙ ෆොටෝ එකක් එවන්න කිව්වාම එයා කියනව එයාගෙ ෆොටෝ එකක් ඔයාගෙ ෆෝන් එකේ තියෙනව කියල. ගයත්‍රියි අදිතියි පුදුම වෙලා ගැලරිය පරීක්ෂා කරල බලන්න හදනකොට කියනව ගැලරියේ නෙමෙයි, දැන් එවපු ෆොටෝ එක හොදට බලන්න මම ඒකෙ ඉන්නව කියල. ෆොටෝ එක සූම් කරල බලනකොට ආදිති බයවෙලා කෑ ගහනවා. එතනට එන සෑම් මොකද අහල එයාලගෙ බය නැති කරත් ගමනක් ගිහින් එතනට එන ගෞතම් කියන දෙයින් ඔක්කොමලා භීතියෙන් තැති ගන්නවා. ඒ මොකද්ද දන්නවද ? ක්‍රිෂ්ණා පහුගියදා රාත්‍රියේ අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා කියන ආරංචිය. ක්‍රිෂ්ණා මැරුණා නම් ගයත්‍රී එක්ක මැසේජ් කරන අත්භූත පුද්ගලයා කවුද  එයාගෙ ඉලක්කය වෙන්නෙ මොකද්ද ?
අලුත්  උපසිරැසියයකින් නැවත හමුවෙමු ජය වේවා 
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
උපසිරැසි ගැන්වීම |නුවන් අසේල අරියරත්න / තිසරි සෙව්වන්දි
                                                     
 
A local barber's fate turns overnight when he becomes the single deciding vote in the village elections.
 
Sinhala Subtitles for Netflix                                                                                 Watch Now On Netflix
 
As a blind librarian, dispirited cricketer and desolate psychiatrist each seek retribution and release, their lives overlap under eerie influences.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by |Pavindu Nimesh

An aspiring Indian entrepreneur confronts disapproval, sexism and rivalry as she draws from culture to start a tea business.

 

How to Enable Sinhala Subtitles for Netflix

Subtitled by | Subash Asalanka

A former football player struggles to train a women's football team and avenge his father's death.

 

Subtitled by | Pavindu Nimesh

 

 

Showing all 7 results