225 views
0

මේ සයිට් එකට දාන මගේ පළවෙනි උපසිරැසිය තමයි මේක. මට මේක හදලා ඉවර කරන්න මාසයක් විතර ගියා.
හරි අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු. 2018 වසරෙ ඉන්දියාවෙ තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටය Drama/Romance/Comedy කියන වර්ගෙට තමයි අයත් වෙන්නේ. ඒ වගේම මේක IMDb දර්ශකයේ 6.9 ක් වගේ ඉහළ අගයල් ගන්න සමත් වෙලා තියෙනවා.තව ඉන්දියානු රුපියල් මිලියන 38.5ක Box office වාර්තාවකටත් මේක හිමිකම් කියනවා.

මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනෙ Jackky Bhagnani සහ Kritika Kamra යන දෙපළ විසිනුයි.. මේ කතාවෙ තියෙන්නෙ හරිහමන් රස්සාවක් නැතුව ගෙදරට වෙලා ඉන්න තරුණ කොල්ලෙක් තමන් අහන්බෙන් වගේ බලන්න යන මනමාලිය නිසා තමන්ගෙ මුළු ජීවිතේම වෙනස් වෙන විදියෙ කතාවක්. අනිත් එක තමයි කියන්න ඕනෙ මේක පට්ටම ආතල් කතාවක්. ඒ විනෝදයත් එක්ක අපේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් මේ කතාවෙ තියෙනවා. ඇත්තටම රස්සාවක් නැතුව ගෙදරට වෙලා ගෙදරින් හොඳට බැනුම් අහන කොල්ලෙක්නන් ඔයා අනිවාරෙන් මේක බලලා ජීවිතේ හදාගන්න කියලා මං අනිවාරෙන් ඔයාට ආරාධනා කරනවා..
හරි එහෙනන් මං දැනට නවතිනවා. ඊළඟ උපසිරැසියෙන් ළඟදිම හමුවෙමු...ජය වේවා!

උපසිරැසි ගැන්වීම: දිනෙත් එරන්ද

Be the first to review “Mitron”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.