මරක්කාර්… කුන්ජාලි මරක්කාර්! චණ්ඩ මහා සාගරයේ පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් වැදි, මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්, මුහුදු කොල්ලකාර මරක්කාර්! පෘතුග්‍රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්! කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින් තිරගත වීම ඇරඹි දිනම…
මරක්කාර්…
කුන්ජාලි මරක්කාර්!
චණ්ඩ මහා සාගරයේ පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් වැදි,
මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්,
මුහුදු කොල්ලකාර මරක්කාර්!
පෘතුග්‍රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ
කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්!
කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින්
තිරගත වීම ඇරඹි දිනම BoxOffice වාර්තා යළිත් අලුත් කළ,
මලයාලමේ මරක්කාර්!
මේ….
67වන National Film Awards හිදි වසරේ විශිෂ්ටතම චිත්‍රපටය බවට පත්වී
ජාතික සම්මාන 03ක් සහ ප්‍රාන්තීය සම්මාන 03කින් අබිසෙස් ලැබූ
කුන්ජාලි මරක්කාර්!!!
පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් කරමින් දුප්පත් වැසියන් අතරේ වීරයෙක් වුණු “කුන්ජාලි මරක්කාර්” නැමැති ඉන්දීය පුරාවෘත්තය ඇසුරෙන් තමයි Marakkar: Arabikadalinte Simham මලයාලම් සිනමාපටය නිර්මාණය වෙන්නේ. සම්මානලාභි සිනමාකරුවෙකු වන Priyadarshan විසින් අධ්‍යක්ෂණය කළ මෙය, ඉන්දීය කෝටි 70කට අධික පිරිවැයක් දරමින් ඉන්දීය සිනමා ඉතිහාසය තුළ නිර්මාණය වූ දැවැන්තම මලයාලම් සිනමාපටය ලෙස හැඳින්වෙනවා.
ඉන්දීය ඉතිහාසයේ කුන්ජාලි මරක්කාර්වරුන් හතර දෙනෙක් ගැන අපට විස්තර හමුවෙනවා. එයින් Marakkar: Arabikadalinte Simham චිත්‍රපටයට පාදක වී තියන්නේ හතරවන අවසාන කුන්ජාලි මරක්කාර්වරයාගේ කතා පුවතයි. 16වන සියවසේ කැලිකට් හි සැමොරින්ගේ හමුදා ප්‍රධානියෙකු වශයෙන් සේවය කළ ඔහු වරෙක පෘතුග්‍රීසි යුධ නැව් අතිවිශාල ප්‍රමාණයක් මුහුදුබත් කළ කොල්ලකරුවෙක්. නමුත් පෘතුග්‍රීසින්ට එරෙහි ඉන්දීය නිදහස් අරගලයේ මුල් පුරුකක් ලෙසත් ඔහුගේ නම සඳහන් වනවා.

2021 දෙසැම්බර් 02වනදා ලෝ පුරා තිරගත වීම ඇරඹි Marakkar: Arabikadalinte Simham සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මලයාලම් සිනමාවෙන් බිහි වූ දැවැන්තම සිනමා තාරකාව වන Mohanlal විසිනුයි. ඊට අමතරව කීර්ති සුරේෂ්, සුනිල් ෂෙට්ටි, අර්ජුන්, අශෝක් සෙල්වන්, කළ්‍යාණි ප්‍රියදර්ශන් සහ ප්‍රනව් මෝහන්ලාල් වැනි ජනප්‍රිය තලයේ විශාල රංගන ශිල්පීන් පිරිසක් මීට සම්බන්ධ වෙලා තියෙනවා. 2018-2019 වකවානුවේ දින 100කට අධික කාලයක්, Ramoji සිනමා ගම්මානය තුළ රූපගත කිරීම් සිදු කළ මෙහි පසු නිෂ්පාදන කටයුතු සඳහා මාස 14ක් වැනි දීර්ඝ කාලයක් ගත වී තිබෙන බවත් සඳහන්.
Marakkar තිරගත කරන්නට මුලින්ම දින නියම වුණේ 2020 මාර්තු මාසයේදීයි. නමුත් කෝවිඩ් බලපෑමත් සමඟ එය ප්‍රමාද කරන්නට නිෂ්පාදකයින්ට සිදු වුණා. අවසානයේදී දින නියමයක් නොමැතිව කල් ගිය Marakkar චිත්‍රපටය සිනමාශාලා ප්‍රදර්ශනය මඟ හරමින් Amazon Prime ඔස්සේ Direct OTT මාධ්‍යයෙන් නිකුත් කරන්නට යන බවයි රසිකයින්ට ආරංචි වුනේ. ඒ ඉන්දීය කෝටි 90කට ආසන්න මුදලකට…
නමුත් මේ බව සැලවීමත් සමඟම කේරළ සිනමාශාලා අයිතිකරුවන් සහ ප්‍රාන්තීය අමාත්‍යවරුන්, චිත්‍රපටයේ නිෂ්පාදක Antony Perumbavoor සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වූයේ මේ තීරණය වෙනස් කරගැනීමේ අරමුණෙන්. කෝවිඩ් වසංගතය නිසා වසා දැමුණු කේරළ සිනමාශාලා යළි විවෘත කරන්නට නම් Mohanlal වැනි ජනප්‍රිය තරුවකගේ චිත්‍රපටයක් තමන්ට අවශ්‍ය බව ඔවුන් කියා සිටීමත් සමඟම මෙහි ප්‍රදර්ශනය ගැන යළිත් කතාබහක් ඇතිවුණා. ඒ අනුව සාකච්ඡා වට ගණනාවකට පසුව, Marakkar: Arabikadalinte Simham චිත්‍රපටය දෙසැම්බර් මාසයේදී ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය කරන බවට කේරළ ප්‍රාන්ත ආණ්ඩුව විසින් ජනතාවට දැනුම් දුන්නා.
සිනමාපටයක් තිරගත කිරීමේ ප්‍රශ්නයක් වෙනුවෙන් ඉන්දීය ප්‍රාන්ත ආණ්ඩුවක් මෙහෙම මැදිහත් වුණෙත් ඉතිහාසයේ පළමු වතාවටලු.
කෙසේ නමුත්, සියලුම බාධක අවසානයේ පසුගිය දෙසැම්බර් 02වනදා තම සිනමාශාලා ප්‍රදර්ශනය අරඹන්නට මෙයට හැකියාව ලැබුණා. ලෝ පුරා රටවල් 45කට අධික ප්‍රමාණයක දැවැන්ත අයුරින් release වුණු මරක්කාර් සිනමාපටය ශ්‍රී ලාංකීය රසිකයින්ටත් සිනමාහලේදීම නරඹන්න අවස්ථාව උදා වුනා.ඒ මෙරට සිනමා ශාලා 24කුත් Marakkar තිරගත කරන්නට එකඟ වීමත් සමඟයි.
පළමු දිනයේම ඉන්දීය කෝටි 20.35ක Box-Office ආදායමක් උපයා ගත් Marakkar: Arabikadalinte Simham මලයාලම් සිනමා ඉතිහාසය වෙනස් කළේ ආරම්භක දිනයේදී ඉන්දීය කෝටි 20 සීමාව පසු කළ පළමු මලයාලම් චිත්‍රපටය බවට පත් වෙමිනුයි. ඒ අනුව
- ආරම්භක දිනයේදී ලෝ පුරා වැඩිම ආදායමක් ලැබූ මලයාලම් චිත්‍රපටය (20.3 Cr)
- ආරම්භක දිනයේදී දෙවන වැඩිම කේරළ ආදායම ලැබූ මලයාලම් චිත්‍රපටය (6.9 Cr)
- ආරම්භක දිනයේදී වැඩිම overseas ආදායමක් ලැබූ මලයාලම් චිත්‍රපටය (12.3 Cr)
- ආරම්භක දිනයේ UAE කලාපයේ පස්වන වැඩිම ප්‍රේක්ෂකාගාරයක් හිමි වූ දකුණු ඉන්දීය චිත්‍රපටය
- Fan Shows හරහා වැඩිම Pre Sales ආදායම ලැබූ මලයාලම් සිනමාපටය (2.5 Cr)
යන ආදායම් වාර්තා සියල්ලම තමන්ගේ නමට ලියා ගත්තා. නමුත් තිර පිටපතේ ඇතැම් දුර්වලතා නිසාම සමස්තයක් වශයෙන් දුර්වල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තමයි චිත්‍රපටයට ලැබුණේ. ඔවුන් ක්‍රියාදාමවලින් සපිරි Period Drama නිර්මාණයක් බලාපොරොත්තු වුණත් Marakkar කතා තේමාව නාට්‍යමය ස්වරූපයෙන් ගලා යෑමයි ඊට ප්‍රධානම හේතුව වුණේ.
විශේෂයෙන්ම අධ්‍යක්ෂකවරයා විසින් Mohanlalගේ රංගනය ඔහේ ගලා යෑමට ඉඩ දුන් බවකුත් පෙනෙන්නට තිබුණා. ඒ නිසාම නිර්මාණයේ පිරිවැය සම්පූර්ණ කරගන්නට හැකි වුණත් ආදායම් අතින් එතරම් සාර්ථකත්වයක් අත් වුණේ නම් නැහැ.

ප්‍රේක්ෂක ප්‍රතිචාරය එසේ වුණත් බොහෝ විචාරකයින් නම් දැක්වූයේ ඊට වඩා වෙනස් අදහසක්. ක්‍රියාදාම පිරුණු තවත් එක ඵෙතිහාසික චිත්‍රපටයක් නිර්මාණය නොකර ඊට වඩා වෙනස් මාවතකට පිවිසීම බහුතරයක් විචාරකයින් අගය කර තිබුණා.
ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්තම සහ ප්‍රධානම සම්මාන උළෙල වන 67වන National Film Festival හිදී “වසරේ විශිෂ්ටතම චිත්‍රපටය” වශයෙන් ඇගයුමට පත් වූයෙත් මෙයමයි. ඊට අමතරව එහි තවත් ජයග්‍රහණ ද්විත්වයක් ලබා ගන්නට මරක්කාර්ට හැකි වුනා.මලයාලම් සිනමාවේ ප්‍රධානම සම්මාන උළෙල වෙන කේරළ ප්‍රාන්තීය සම්මාන උළෙලේදී තවත් ජයග්‍රහණ තුනක් හිමි කරගැනීම චිත්‍රපටයේ ගුණාත්මකබාවය යළිත් තහවුරු කිරීමක් වූ බවටයි විචාරකයින් පවසන්නේ.
67වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල
(67th National Film Awards )
- Best Feature Film – වසරේ විශිෂ්ටතම චිත්‍රපටය
- Best Costume Design – විශිෂ්ටතම ඇදුම් නිර්මාණය
- Best Special Effects – විශිෂ්ටතම දෘශ්‍ය ප්‍රයෝග භාවිතය
50වන කේරළ ප්‍රාන්ත සිනමා සම්මාන උළෙල
(50th Kerala State Film Awards)
- Best Dubbing Artist – විශිෂ්ටතම හඬ කැවීම් ශිල්පියා
- Best Choreography – විශිෂ්ටතම නර්තන සංකලනය
- Special Jury Award – දෘශ්‍ය ප්‍රයෝග සඳහා ජූරියේ කුසලතා සම්මානය
චිත්‍රපටය තමන්ගේ සම්මාන රාක්කය තද කරගත්තේ මේ අයුරිනුයි. චිත්‍රපටය Digital Release වෙන්න තිබුණේ දෙසැම්බර් 24වනදා වුණත් නොහිතපු විදිහට එක්වරම දෙසැම්බර් 17වනදා වෙනකන් දිනය ඉස්සරහට ආවා. අධ්‍යාපන කටයුතු නිසා මේ සතියෙම වැඩ ගොඩ ගැහුණු වෙලාවක උපසිරැසියක් කරන්නත් සිද්ධ වුනහම තවත් ලොකු වැඩක්නෙ! කාලයක් තිස්සේ බලන් හිටපු චිත්‍රපටයක් නිසා පරක්කු කරලත් බැහැ! අනික උපසිරැසියක් බාර ගත්තෙත් කල්ප කාලාන්තරයකට පස්සෙ නොවැ. ඒ වෙලාවේ තමයි අපේ “දහරා මුතු අමා” අක්කා උදව්වට ආවේ…
එයා නොහිටින්න තවත් පරක්කු වෙන්න තිබුනා වැඩේ. බොහොම ස්තූතියි අක්කේ ඒ උදව්වටත්!
ඉතින් මේ ලිපිය ලියන්නෙත් බොහොම හදිස්සියේ. වෙනදා වගේ විස්තර පිරුණු දිග ලිපියක් නැති වුනාට සමා වෙන්ඩෝනේ. ලිපිය මෙතනින් නවත්තලා ඉක්මනටම උපසිරැසිය publish කරන්න යවන්නයි දැන් හදිස්සිය තියන්නේ.
Marakkar සිනමාශාලාවකදීම නරඔපු කෙනෙක් විදිහට කාලෙකට අමතක නොවෙන, හරිම ලස්සන visual treat එක්ක විඳගන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපට පිටපතේ දුර්වලතා නිසාම දෙවන භාගය යම් අසාර්ථක මට්ටමක පැවතුණත් සමස්තයක් වශයෙන් සාර්ථක නිර්මාණයක් බවයි මගේ පෞද්ගලික අදහස…
ඒ වගේම කේරළයෙන් මේ විදිහෙ high- budget ඉතිහාස කතා නිර්මාණය වෙනවා අඩු නිසාම මේ අත්දැකීම විඳගන්න කියලා ආරාධනා කරනවා හැම දෙනාටම.
කොහොම නමුත් තීරණය ඔබේ අතේ!!
Action Sequences පිරුණු Mass ඉතිහාස කතාවක් වෙනුවට, Classical ඇප්‍රෝච් එකකට ගියපු calm drama ඉතිහාස කතාවක් බලන්න කැමති නම් මේ ඔබට හරියනම නිර්මාණය වෙන්න පුලුවන්.
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.
8,349 downloadsDownload Marakkar-Arabikkadalinte-Simham-2021.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිනු වීරක්කොඩි” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
39 comments
හේමන්ත
Anonymous
Adehh niyamai bn
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Naveen
උපසිරසියට තුති
Samith
Thanks brother
Jevan
Thanks machi
Anonymous
සුපිරියි ඇහ්හ්හ්
ss
film eka download karanna link ekak danna kauruhari
Anonymous
මේ විස්තරේ මදැයි
තෑන්ක්ස් බ්‍රදර්Anonymous
elakiri
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
indika 75
thanks..
Idunil Weerasinghe
Thanks brother
Gihan
දෙන්නටම ගොඩක් ස්තුතියි
සුභාෂිණී මල්ලව ආරච්චි
සිංහල උපසිරසියට දෙන්නටම ගොඩක් ස්තූතියි. ❤️❤️
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ !!
Anonymous
Thanks dennatama
Kavinu saho aphu gemata bahala wage,niyamaiAnonymous
Nivin pauly ගේ අලුත් ෆිල්ම් එකත් දෙන්නකෝ
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Lahiru
බොහොම ස්තුතියි දෙදෙනාටම
Redrux
Thnkz both
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Yash
උපසිරසියට ස්තුතියි
Anonymous
mohanlal nisa baluwata patta kammali kame baluwe
Eranda
Thanks both
J.d
උපසිරසියට ස්තුතියි
Dineth de silva
Thanks brother & sister
Anonymous
John abraham ge "SATYAMEVA JAYATE 2" sub plz
Yash
Thanks brother thank you for your time and effort
Anonymous
meke 2nd half eka nikan troy film ek copy karala wage
Anonymous
anthima hariya braveheart wage :)
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ස්තුතියි කවීනු...