අර්ජුන්ගෙ නංගිගේ කසාදය වෙනුවෙන් වියදම් වලට අර්ජුන්ගෙ තාත්තාගේ දේපලක් උකසට තියලා රු. ලක්ෂ 20ක ණය මුදලක් අරගන්නවා. ඒ සල්ලිත් අරගෙන ගෙදරට යන ගමන් හිටිද්දී පොලිස් නිලධාරියෙක් අර්ජුන්ව නවත්වාගෙන පරීක්ෂා කරනවා. රක්ෂණ ලියකියවිලි නැති නිසා පොලිසිය අර්ජුන්ට දඩ ලියන්නට ලැහැස්ති වුණා. අර්ජුන්ගෙ ලඟ තිබුණ සල්ලි…

අර්ජුන්ගෙ නංගිගේ කසාදය වෙනුවෙන් වියදම් වලට අර්ජුන්ගෙ තාත්තාගේ දේපලක් උකසට තියලා රු. ලක්ෂ 20ක ණය මුදලක් අරගන්නවා. ඒ සල්ලිත් අරගෙන ගෙදරට යන ගමන් හිටිද්දී පොලිස් නිලධාරියෙක් අර්ජුන්ව නවත්වාගෙන පරීක්ෂා කරනවා. රක්ෂණ ලියකියවිලි නැති නිසා පොලිසිය අර්ජුන්ට දඩ ලියන්නට ලැහැස්ති වුණා. අර්ජුන්ගෙ ලඟ තිබුණ සල්ලි අරගන්නවා. පසුවදා උදේ පොලිස් ස්ථානයට ඇවිත් සල්ලි අරගන්න කියලා එතන හිටිය පරීක්ෂකවරයා කියනවා. සල්ලි නැතුව ගෙදර ගිහින් අර්ජුන් තාත්තගෙන් හොඳටම බැනුම් අහනවා. අර්ජුන් ගැන තාත්තට කිසිම විශ්වාසයක් තිබුණෙ නැහැ. කොහොම හරි අර්ජුන් පහුවදා උදේ ස්ටේෂන් එකට ගිහින් සල්ලි ඉල්ලා ගන්නවා. ඒත් එතන තිබුණේ රු. ලක්ෂ 5ක් විතරයි. දැනටමත් අර්ජුන්ගෙ කලක්‍රියාව හොඳ නැති නිසා තාත්තගෙන් හොඳටම බැනුම් අහන අර්ජුන් ගෙදර අයට මුහුණ දෙන්නෙ කොහොමද? අර්ජුන් පොලිසිය අරගත්ත සල්ලි ආපහු අරගන්න වෙනස්ම විදිහේ අද්විතීය ක්‍රමයක් හොයාගන්නවා. ඒ කොහොමද? කියන කතාව තමයි ඉස්සරහට ගලාගෙන යන්නෙ.
චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, රචනය නවීන් කුමාර් විසින්. ඒ වගේම නවීන් මෙහි රංගනයටද දායක වනවා. කැමරාකරණය, අධ්‍යක්ෂණය, හඬකැවීම් කටයුතුවල ආධුනික නොවී තරමක් පරිනත මට්ටමක් දකින්න පුළුවන්. වැඩිය දුර දිග යන කතාවක් නැහැ. පැය 1යි විනාඩි 15ක කතාවක් යන්නෙ. මේ චිත්‍රපටයට සම්මාන කිහිපයක්ම හම්බවෙලා තිබෙනවා. අන්තර්ජාලයෙ හොයලා බැලුවත් ඒ ගැන මට දැනගන්න බැරිවුණා. කොහොම වුණත් කම්මැලි කමක් නම් හිතෙන්නෙ නැහැ. මම නිර්දේශ කරන්නෙ නැහැ, තීරණය ඔබ සතුයි.
මේ චිත්‍රපටය මට කරන්න කියලා අදහස දුන්නෙ බයිස්කෝප් සිසිල සහෝදරයා. සිසිල අයියටත් ස්තූතියක් කරන ගමන්, අදහස් දක්වන හැමෝටමත් ස්තූතිය පුද කරනවා. ඉක්මනින්ම ආයෙමත් සබ් එකකින් එන්න පුළුවන් වේවි කියලා හිතනවා.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත සඳහා අදාළ වේ.
4,554 downloadsDownload Valiyor-Silar-2022.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
15 comments
Anonymous
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..indika 75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
SALUTE sub plz
Samith
Thanks brother
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Eranda
Thanks brother
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි..ජයවේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මචන් මේ වගේ ෆිල්ම් දෙන වෙලේ දුල්කර් සල්මාන්ගේ SALUTE ෆිල්ම් එක දුන්න නම් වටිනවා නේද
මොකද ඔයාගෙ වුනත් කාලය අපරාදේ නේ