“යුටාකටයි මටයි, රිකාකෝව හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා…” ” කනිෂ්ඨ පාසල් හා උසස් පාසල් කාලය අතරතුර යුටාකා කවදාවත් මගේ පන්තියේ ඉඳලා නෑ.ඒ උනාට ඔහු ගොඩක් සමීප මිත්‍රයෙක් වගේ මට දැනුනා…” ” මම ඒ ගැන දැන ගනිද්දී – මම ඇයට පිස්සු වැටිලා හිටියේ…” කොහොමද හැමෝටම. බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන මගේ දෙවෙනි උපසි…

“යුටාකටයි මටයි, රිකාකෝව හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා…”

” කනිෂ්ඨ පාසල් හා උසස් පාසල් කාලය අතරතුර යුටාකා කවදාවත් මගේ පන්තියේ ඉඳලා නෑ.ඒ උනාට ඔහු ගොඩක් සමීප මිත්‍රයෙක් වගේ මට දැනුනා…”

” මම ඒ ගැන දැන ගනිද්දී – මම ඇයට පිස්සු වැටිලා හිටියේ…”

කොහොමද හැමෝටම. බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන මගේ දෙවෙනි උපසිරසි පරිවර්තනය තමයි මේ. පලවෙනියට ලබා දුන් From up on poppy hill චිත්‍රපටය හැමෝම රසවිඳින්න ඇති කියලා විශ්වාස කරනවා. ඒකට අදහස් දක්වපු හැමෝටමත් ගොඩක් ස්තූතියි. අද ගෙනාපු Ocean Waves චිත්‍රපටයත් Studio Ghibli ඇනිමේ එකක්.

1993 නිකුත් උනු මේ චිත්‍රපටය MAL 6.56 හා Imdb 6.6 අගයක් ලබා ගෙන තිබෙනවා.ඒ වගේම මේක Drama, Romance, School, Slice of life කියන Genres වලට අයත් වෙනවා. Ocean Waves කියන්නේ මගේ කැමතිම ඇනිමේ චිත්‍රපටයක්. Ghibli ඇනිමේ ඔක්කොටම වගේ බයිස්කෝප් වෙබ් අඩවියේ සිංහල උපසිරසි තිබුණත් මේකට නොතිබීම මට අඩුපාඩුවක් වගේ දැනුනා. ඒ වගේම කිහිපදෙනක් මේ චිත්‍රපටයත් උපසිරසි ලබා දෙන්න කියලා තැන් කිහිපයකම ඉල්ලීම් කරලා තියෙනවා දැක්කා. ඉතින් මේ කිව්ව සේරම හේතු නිසා මම මේකට උපසිරසිය ලබා දෙන්න තීරණය කලා.

ඉතින් පලවෙනි එකටත් වඩා හොඳින් මම මේ උපසිරැසිය කලා කියලා විශ්වාස කරනවා. ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් කෙනෙක් වෙන අශාන් විමුක්ති අයියට. සබ් එකක් කරන්න කැමතී කිව්වම “හරි මලේ, කරලා එවන්න” කියලා කියපු ඒ වචනේ නිසා තමා ඉතින් මේ විදිහට අද දෙවෙනි උපසිරසියත් ගේන්නේ.

ඒ වගේම සුපිරිම ඇනිමේ කතාමාලාවක් වන “ඩීමන් ස්ලේයර්” සඳහා බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරසි ලබා දෙන, ලංකන් weebs කණ්ඩායමේ ප්‍රධාන සමාජිකයෙක් වෙන ඉසුරු සංදීප අයියටත් මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මේ උපසිරසියේ එකවරම සිංහල තේරුම ගළපගන්න බැරි දෙබස් සැලකිය යුතු ප්‍රමාණයක් තිබුනා. ඉතින් ඒ හැම වෙලාවකම ඉසුරු අයියා ගොඩක් උදව් කලා මට. මේ දෙපලගේ උදව් නිසා තමා දෙවෙනි සබ් එකත් ඔන්න අද ගෙනාවේ.

ඉතින් උඩම තියන දෙබස් ටික කියෙව්වනම් මේ චිත්‍රපටයේ විස්තරේ ඔයාට තේරෙනවා ඇති. ඔව්.ගොඩක් ලස්සන චිත්‍රපටයක්. ඉතින් හැමෝම මේක නරඹලා රසවිඳිවී කියලා හිතනවා.

🔴විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ ලබා දීලා තියෙන උපසිරසිය අදාල වෙන්නේ japanese audio එකෙන් තියෙන, ඒ කියන්නේ ජපන් භාෂාවෙන් තියෙන පිටපතකට. ඇනිමේ වල English dub කරපු, ඒ කියන්නේ ඉංග්‍රීසී හඬ කවපු පිටපත් තියෙනවා. ඉතින් ඔයා ඉංග්‍රීසි හඬකවපු පිටපතකට මේ උපසිරසිය දාලා බැලුවොත් නොගැලපීමක් වෙන්න පුලුවන්. ඒ වගේම ඇනිමේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සයිට් එකකින්, මේ චිත්‍රපටයේ ඩුවල් ඕඩියෝ (dual audio) පිටපතක් ගත්තත්, ඒකටත් සුළු නොගැලපීමක් වෙන්න පුලුවන්. ඒ නිසා මේ ලබා දීලා තියෙන උපසිරසියට අදාල බ්ලූ රේ පිටපත පමණක් ඩවුන්ලෝඩ් කරගන්න.🔴

එහෙනම් හැමෝම රසවිදින්න මේ ඇනිමේ එකත්. ඔයාලගේ අදහසක් එකතු කරන්නත් අමතක කරන්න එපා.

හැමෝටම සුබ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

2,946 downloadsDownload Ocean.Waves_.1993.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

2,946 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Kasun

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ.. පුලුවන්නම් The Promised Never Land Season 02 / Parasyte: The Maxim එකටත් සබ් දෙන්න..
    තෑන්ක්ස්..

  2. Anonymous

    Thanks

  3. Anonymous

    Ammo Niyamai ! tava japan anime movies walata subs karamu kochra lassana eva thiyeda

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    1. Unik

      Sword art online ekatath sub dennako

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. El camio

    Puluwan nm Sword art online series ekatai the promised Neverland s2 ekatai sub dennako please

  9. Nawodya subhashitha

    මමත් මේකට සබ් එක හොය හොය හිටියේ පවිත් සහෝ...නියමයි

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Anonymous

    Only yesterday ඕන... ❤️