කොහොමද ඉතිං හැමෝටම?! හොඳින් ඇති කියලා හිතනවා. කාර්යබහුලතාවය අතරතුරම කාලෙකින් ඔන්න උපසිරැසියක් අරගෙන එන්න හිතුවා. ඉතිං මෙදාපාර උපසිරැසියක් කරන්න මං තෝරගත්තෙ Horror ගණයේ චිත්‍රපටයක්. ඒ 2025 වසරේ අග නිකුත් වූ විසිල් (2025) චිත්‍රපටය. ඔයත් horror වයිබ් එකෙ චිත්‍රපට වලට ඇලුම් කරන කෙනෙක් නං අනිවාරෙන්ම ම…

  කොහොමද ඉතිං හැමෝටම?! හොඳින් ඇති කියලා හිතනවා. කාර්යබහුලතාවය අතරතුරම කාලෙකින් ඔන්න උපසිරැසියක් අරගෙන එන්න හිතුවා. ඉතිං මෙදාපාර උපසිරැසියක් කරන්න මං තෝරගත්තෙ Horror ගණයේ චිත්‍රපටයක්. ඒ 2025 වසරේ අග නිකුත් වූ විසිල් (2025) චිත්‍රපටය.   ඔයත් horror වයිබ් එකෙ චිත්‍රපට වලට ඇලුම් කරන කෙනෙක් නං අනිවාරෙන්ම මේ විසිල් චිත්‍රපටයත් මඟහැරගන්නෙ නැතුවම බලාවි කියලා මං විස්වාස කරනවා. මට අනුව චිත්‍රපටය පුරාම මොකක්දෝ අඩුවක් දැනුණු එකත් අනිවාරෙන්ම මං මෙතනදි සඳහන් කරනවා. නමුත් ඔයාත් මං වගේම හොල්මන් චිත්‍රපට වලට ආස කරන කෙනෙක් නං බලන්නම ඕනෙ චිත්‍රපටයක් මේක. Thrill එකත් එක්ක හොඳට enjoy කරන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක්.   ට්‍රේලර් එක දැනටමත් බලපු කෙනෙක් නං ඔයාට මේ වෙද්දී චිත්‍රපටය ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති. උසස් පාසල අධ්‍යාපනය ලබන ළමුන් කිහිප දෙනෙකුට හදිසියේම නොහිතනා අන්දමින් ටිකක් අමුතු ස්වභාවයක් හෙබි විසිල් එකක් හමුවෙනවා. ඒ විසිල් එක පිඹින ඕනම කෙනෙක්ට මාරයා ළඟා වෙනවා. ට්‍රේලර් එකෙනුත් ඒ පිළිබඳව අපිට බලාගන්න ලැබුණු නිසාමත් මං ඒ ගැන අවබෝධයක් ලැබෙන පරිදි අද ලිපියට නමත් ඒ විදිහට යොදාගත්තෙ කාටත් විස්තරාත්මකව පැහැදිලි වෙන්නයි. ඒ නිසාම චිත්‍රපටය තුළ සිදුවන සිදුවීම්, ඔවුන් ඒවට මුහුණ දෙන විදිහ, ඔවුන්ට ඒවගෙන් ගැලවෙන්න හැකි වෙනවද යන දේවල් විස්තර කරන්න යන්නෙ නැහැ. ඒක ඔයාලම බලලා අත්විඳින්න ඕන දෙයක්. ඉතිං මීට වඩා දෙයක් ලිපියෙන් කීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.  මෙහිදී අපිට ප්‍රධාන චරිත වශයෙන්, • Dafne Keen • Sophie Nélisse • Alissa Skovbye • Percy Hynes White • Nick Frost • Michelle Fairley                                   යන අයව බලාගන්න ලැබෙනවා. ධාවන කාලය පැය 1යි මිනිත්තු 40 ක් ලබාගන්න මේ චිත්‍රපටය 5.2/10 ක IMDb අගයක් සහ 64% ක Rotten Tomatoes අගයක් ද ලබාගන්න සමත් වෙලා තිබෙනවා.   චිත්‍රපටයේ ගුණ-දොස්, ඔයාලට හැඟෙන විදිහට හරි පහලින් කමෙන්ට් එකක් දාලා කියාගෙන යන්න අමතක කරන්නත් එපා.   එහෙනම් හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි Bluray/WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,384 downloadsDownload Whistle-2025-Bluray-Updates-2.zip70 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

1,384 downloadsDownload Subtitles70 KB

0 comments

No comments yet.