Vikram Bhatt ගේ Raaz ​ෆිල්ම් එක මතක ඈතිනේ. කෙනෙකුට ෆිල්ම් එක මග ඇරුණත් ඒකේ සිංදු ටික නම් අනිවා කනේ ඈති. එහෙම නේද … ? හොදයි, අද මං මගේ දෙවැනි සිංහල උපසිරැසි ෆිල්ම් එක විදිහට අරගෙන ආවෙත් Vikram Bhatt ගේම නිර්මාණයක්. ඈත්තටම කිව්වොත් මට මේක හම්බවුණේ බොහොම අහම්බෙන්. කොහොම වුණත් බලල ඉවර වුණහම චිත්‍රපටයේ…

Vikram Bhatt ගේ Raaz ​ෆිල්ම් එක මතක ඈතිනේ. කෙනෙකුට ෆිල්ම් එක මග ඇරුණත් ඒකේ සිංදු ටික නම් අනිවා කනේ ඈති. එහෙම නේද … ? හොදයි, අද මං මගේ දෙවැනි සිංහල උපසිරැසි ෆිල්ම් එක විදිහට අරගෙන ආවෙත් Vikram Bhatt ගේම නිර්මාණයක්. ඈත්තටම කිව්වොත් මට මේක හම්බවුණේ බොහොම අහම්බෙන්. කොහොම වුණත් බලල ඉවර වුණහම චිත්‍රපටයේ රසය උපරිමයි කියල දැනුණ හින්දම බයිස්කෝප් එකේ කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා.

Drama, Horror, Mysteries යටතේ වර්ගීකරණය කරල තියෙන මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ Rajneesh Duggal සහ Adah Sharma යන නවක නළු නිළි යුවළයි. මෙය ඔවුන් දෙදෙනාගේම පළමු චිත්‍රපටය වීම ද විශේෂ කරුණක්. කොහොමවුණත් චිත්‍රපටය නරඹද්දි මේ නවකයින් දෙදෙනාගේ තියෙන ප්‍රවීණත්වය කොතෙක් ද යන්නත් ඔයගොල්ලන්ට වටහාගන්න පුළුවන් වෙයි. එහෙනම් වැඩි කථාවක් නැතිවම කථාව මොකක්ද කියල දැනගමු.

මේ නිර්මාණයට පසුබිම් වන්නේ ඉන්දියානු නිදහස් සටන ක්‍රියාත්මක වෙමින් තිබුණු කාලවකවානුවයි. රාර් බහදූර් ප්‍රතාප් සිංග් කියන්නෙත් මවුබිමේ නිදහස් සටන වෙනුවෙන් තම දිවි දෙවැනි කොට කටයුතු කළ පුද්ගලයෙක්. මොහු ජීවත් වුණේ පාලම්පූර් හි තිබූ දැවැන්ත මන්දිරයකයි. ඒ කියන්නේ මෙයා ධන කුවේරයෙක්. කොහොමවුණත් මෙයාගේ මරණින් වසර ගණනාවකට පසුව මේ මන්දිරය අත්තර් සිංග් ජස්වාල් නැමති පුද්ගලයාට අයිති වෙනවා. ඔහු කරන්නේ මේ මන්දිරය කඩල එතන හෝටලයක් හදන්න කියල ඉංජිනේරු සමාගමකට බාරදෙන එකයි. මෙම සමාගම අවස්ථා දෙකක දී තමන්ගේ ඉංජිනේරුවන් දෙදෙනෙකු මේ කටයුත්ත සඳහා මන්දිරයට එවූව ද ඔවුන්ට තමන්ගේ අපේක්ෂාවන් ඉ‍ටු කරගන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් දෙදෙනාම අබිරහස් අන්දමින් මිය යාම මීට හේතුවයි. ඉන් පසුව අර්ජුන් සිංග් රා‍තෝඩ් ( Rajneesh Duggal) තම බිරිඳ ලීසා සිංග් රා‍තෝඩ් (Adah Sharma) සමඟ මෙහි පැමිණෙන්නේ ද කලින් දෙදෙනාට කර ගත නොහැකි වූ කටයුත්තට අතගැසීමේ අරමුණෙන්. ඒත් මෙහිදී ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදුවන්නේ අන්පේක්ෂිත වූ සිදුවීම් පෙළකටයි. මේ සියල්ලටම හේතුව වන්නේ කාලයේ වැලි තලාවෙන් වැහිල ගිය එක් තනි සිදුවීමක්. කොහොමවුණත් වර්තමානයේ මේ මන්දිරයට සම්බන්ධ කිසිවෙකුත් ඒ ගැන දන්නේ නැහැ. මෙහිදී ඔවුන් මුහුණ දෙන බොහෝ අවාසනාවන්ත සිදුවීම්වලට හේතුව වෙන්නෙත් ඒකමයි. කොහොමවුණත් මේ සියල්ල ගැන දැනගන්න නම් ඔයගොල්ලො මේක බාගෙන බලන්නම ඕන. චිත්‍රපටය පුරාවට ගලා යන ත්‍රාසය, භීතිය, කුතුහලය වගේම ඒ සියල්ල මතින් දිගහැරෙන උණුසුම් ආදර අන්දරයකුත් මෙහි තියෙනවා. මතක තියාගන්න ඒ කියන්නේ මේක Horror, Mysteries විතරක්ම නෙවෙයි….

මේ ‍ෆිල්ම් එකට සබ්දාන්න ගිහිල්ලා මං කාපු කට්ට ගැනත් වචනයක් හරි නොකිව්වොත් ඒක අඩුපාඩුවක් කියල හිතුණ හින්දම ඒ ගැනත් කියන්න හිතුවා. සරලවම කිව්වොත් මේකට සබ්දාන්න මට පිහිටවුණේ English Hardcode සබ් ගහපු කොපියක්. ජාලෙන් බාගත්ත සබ් ෆයිල් එකක් වත් 100% නිවැරදි ඒවා නොවීම ඊට හේතුවයි. මුලින්ම Time code හදල, ඉංග්‍රීසි වචන ගලපල තමයි චිත්‍රපටයට සිංහල සබ් දැම්මේ. මෙහි එන හනුමාන් ස්ත්‍රෝත්‍රයකට සහ දේවගැතිවරයෙකුගේ යාඥාවන්ට හැර අනෙක් සියලුම කොටස්වලට සිංහල උපසි‍රැසි දාලයි තියෙන්නේ. කොහොමවුණත් ඔයගොල්ලො බලලම කියන්නකෝ වැඩේ සාර්ථක ද කියල.

මේ වෙලාවේ චිත්‍රපටයේ එන සංගීතය ගැනත් වචනයක් හරි කියන්න ඕනෙ. Adnan Sami ගේ සංගීතයෙන් හැඩවෙලා තියෙන මෙහි සිංදු පහක් අන්තර්ගතයි. අනිත් ඒව කොහොම වෙතත් Vaada Tumse Hain Vaada , Tujhe Main Pyar Karu යන සිංදු දෙක නම් මට උපරිමයි. මේකෙම ටැමිල් මූවි එකක් 1920 Gayathri නමින් රිලීස් වෙලා තියෙන බවත් කියන්න ඕන.

චිත්‍රපටය බලන්න කලින් බලන අයට පොඩි අවවාදයකුත් දෙන්න කැමතියි. ඒ තමයි මේක හුඟක් අයට රෑ වරුවේ දී බලන එක නම් එච්චර ඇඟට ගුණදායක නොවෙන්න පුළුවන්. ඒ හින්ද බලන්න කලින් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒත් චිත්‍රපටය හොඳටම දැනෙන්න නම් මේක තනියම බලන්න try එකක් දෙන එකත් හොඳයි. එහෙම නම් ගිහින් එන්නම්. යන්න කලින් හැමෝටම චිත්‍රපටය බලන්න කියල ඇරයුම් කරන ගමන් කමෙන්ට් එකක් දාල පොඩි හයියක් දෙන්න කියලත් කියන්න කැමතියි.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

Download Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ. යූ. ජී. උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Subtitles by

කේ.යූ.ජී.උදාර

136 comments

  1. kte

    Thanks macho......good luck..

  2. Uraj Deemantha

    Horror Movies වලට අකමැති උනත්, සිංහල සබ් එක්ක දීලා තියෙන නිසා බානවා...... :)

  3. chamila

    thanks.......

  4. Tharanga Darshana Ekanayaka

    niyamayi. thanks sahoadarayaa...........

  5. Anonymous

    filme 1 k nam maruwage.. but baganna puluhanda danna...balamu............

  6. රාම් රාජ්

    සබ් දෙන්න මෙච්චර මහන්සි උන එකේ කවුරුත් කමෙන්ටියක් දාලා මේ උත්සහය අගය කරන්න ඕනේ නේද.ඔන්න මගේ උපරිම ස්තූතිය.තව තවත් දිගින් දිගටම සබ් දෙන්න.

  7. rk

    ela ela bro aniwa banawa.

    dan nam ba office eka ne

  8. තිසර ප්‍රමුදිත

    එක කිරි මචන්...ස්‌තූතී ගොඩාක්‌..

  9. Dilshan

    Ela machan.....

  10. halaya

    thanks you machan....

  11. Nimal

    thanks machan....good work...

  12. NARMI

    Thank u sooooooooooooooooo much :)

  13. විකියා

    බොහොමත්ම ඉස්තූතියි සහෝ..
    මැක්සා....

    ජයෙන් ජය !

  14. akalanka27

    maru maru :D

  15. Sahan

    ela wadak saho.good luck

  16. M.D.A Pradeep (අමිල මනනදේව)

    මම මේක කළින් බලලා තියනවා උදාර සහෝ.Vikram Bhatt ත් ගේ හොල්මන් චිත්‍රපටියක් නිසා මම මේකේ Original DVD එක අරගනම බැලුවා.මම බලපු හොදම හින්දි හොල්මන් චිත්‍රපටියක්.කොහොම වුනත් සිංහල සබ් තියන නිසා මම මේක ආයෙත් බාගෙන බලනවා.

    සබ් වලට ස්තුතියි උදාර සහෝ.ඔයා කළින් සබ් දාපු සාවෝහි මිනී කන්නෝ ෆිල්ම් එකත් එළම කිරි.තවතවත් හොද චිත්‍රපටි වලට සබ් දාන්න.

  17. Kasun

    Niyamai saho Pattai Thnx anyway!!!!

  18. Nalina de silva

    ela ela nice work

  19. (Esha)ඊශා.....

    Thank you

  20. dilan

    thanks machan

  21. Anonymous

    nice work bro....

  22. හේමාල්

    බොහොම ස්තුතියි සහො, ඔන්න උදෙන්ම බාන්න දැම්මා.

  23. Akalanka Yapa

    thanx bro

  24. Edgar

    Thanks bro.

  25. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    මේකට කමෙන්ට් එකක් නොදා ගියොත් ඉතින් වැඩක් නෑ..

    පට්ට සහෝ. මාත් මේක බානවා බට් හොරර් ඒවා බලන්න මං ටිකක් බයයිනේ..

    හික්ස් කමක් නෑ. වැඩේ නම් උපරිමයි කියලා හිතෙනවා. ජය වේවා
    තව තවත් සිංහල උපසිරැසි දාන් ශක්තිය ධෛරය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..

    අහිංසක හිත්නේ..... :D

  26. hs

    elazzz

  27. waruni

    ela ela

  28. හසිතා මහේෂි

    හින්දි දමිළ චිත්‍රපටවලට සබ් දාන්න ගියාම වෙන මහන්සිය ගැන මමත් හොදටම දන්නවා...බොහොම හොද වැඩක් ඔන්න ‍එහෙනම් මමත් ඩවුන්ලොඩ් කරගෙන බලනවා..ස්තුතියි

  29. anu

    මම හිතනව මේ ෆිල්ම් එක ගොඩක් හොද එකක් වේවි කියල. කොහොමටත් මම බාගන්නව.ගොඩක් ස්තුතී.

  30. දක්ෂිණ

    අනිවා බලනවා. මේ වගේ හින්දි ෆිල්ම්ස් කොහොමත් මම මග අරින්නේ නැහැ.

    සිංහල සබ් දාන්න ගත් වෙහෙසට බොහොම ස්තූතියි!!!

  31. mark

    තැන්ක් යු මචO.......සබ් ටයිටල් වලට......මම සිOහලෙන් මේ ටික කොටා ගත්තෙත් හෙන ගේමක් දීලා.....මම එහෙම සබ් ටයිටල් ෆිල්ම් එකකට දන්න ගියොත් මගෙ තරුන කාලෙම කැප කරන වෙයි...........ගොඩක් ස්තූතියි...... great job bro...keep it up...

  32. kalum gunasekara

    Ela ela. Dan banna damme. balala tawa comment 1k dennam.

  33. DAMER

    බොහොමත්ම ස්තූතියි යාලුවා... :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා හැමෝටම…! 👍

  34. Sha

    Ela ela onna damma down wenna :)

    Thankzzz film 1ta n sinhala sub 1ta :D

  35. shiwantha

    niyamai thanx machan :D

  36. අමල් ප්‍රසාද් සමරවීර

    මම හිංදි වලට ඇතරම් මනාප නැති උනත් මේක බලනවා... සිංහල සබ් හිංදම

  37. Nishantha

    sinhala sub walata thanx.

  38. ashen malinda

    මොකද යකො හින්දි ම දෙන්නෙ? කමක් නැ සබ් තියෙන නිසා බාන්නවා. හොල්මන් නෙ. හැබැයි හොද නැත්තම් දෙනවා උම්මා එකක්.

  39. CRIP

    Thanks

  40. CRIP

    Thanks for your talents.

  41. kavindu

    thz kiwwa.

  42. AL1717

    Thanks Machan me Movie Ekata De Nam Bewenn Danawa

    Snihala SUb Ekatath Thanks Wewaaaa

  43. Ajee67

    බොහොම ස්තුති කරපු සේවයට.ඔන්න මමත් බාගන්න දැම්මා.බලලා ඉවර වෙලා තව කමෙන්ට් එකක දාන්නම්.

  44. DNC

    suppa wadak.... math me balanna horror film ekak nathuwa hitiye... gindara wadak ahh

  45. asanka

    තැන්ක්ස් මචෝ මමත් උදේම මෙක බාන්න දැමිමා හැබැයි මෙක
    හොදද දන්නේ නැ මම ටිකක් විකර බයයි මචෝ හොල්මන් වලට සබි තියෙන නිසාම බාගෙන බලනවා මෙ කරන වැඩෙට මගෙන් උපරිම සුබශිංසන

  46. cc

    me wage apita maga aruna supiri films apita sinhala sub daalama dena 1ta machn kohoma isthuthi karannada manda...!! anyway thnkz broo

  47. chathurabuddi

    hindi, holman, sinhala sub!
    Mage ummmmmmaaaaaaaaa kote.
    Love u sooo much.
    Thankx bro.

  48. ruchiranga

    elA MCAHO

  49. කේ. යූ. ජී. උදාර

    කමෙන්ට් එකක් දාල සහයෝගයක් දුන්න හැමෝටම බොහොම ස්තූතියි. ඊළඟ එකත් ඉක්මනටම දෙන්නම්.

  50. Jayan Chamal

    ela ela ela kollo ela noyamai machan hodata mahansi vela vade karala tiyanavva top elakiri vachana na kiyanna

Load more comments