Watch Trailer

The Scorpion King: Rise of a Warrior (2008) with Sinhala Subtitles| යුධ විරුවන්ගේ පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් මම ඔයාලට වුන පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මම මේ චිත්‍රපටයේ පළවෙනි කොටස ඔයාලට ලබා දුන්නා මතක ඇති. ඉතින් ඒ කොටස රසවිඳපු ගොඩාක් දෙනෙක් මගෙන් දෙවනි කොටසත් ඉල්ලලා තිබුනා. ඉතින් මම දැන් ඔයාලගේ ඉල්ලීම ඉටු කරනවා. ඒ වගේම මාව ධෛර්යමත් කරන මම උපසිරසි යොදපු චිත්‍රපටි ගැන අදහස් පළකරන මගේ ආදර…

ඔන්න යාළුවනේ දැන් මම ඔයාලට වුන පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මම මේ චිත්‍රපටයේ පළවෙනි කොටස ඔයාලට ලබා දුන්නා මතක ඇති. ඉතින් ඒ කොටස රසවිඳපු ගොඩාක් දෙනෙක් මගෙන් දෙවනි කොටසත් ඉල්ලලා තිබුනා. ඉතින් මම දැන් ඔයාලගේ ඉල්ලීම ඉටු කරනවා. ඒ වගේම මාව ධෛර්යමත් කරන මම උපසිරසි යොදපු චිත්‍රපටි ගැන අදහස් පළකරන මගේ ආදරණීය යාළුවන්ටයි මේ උපසිරසි ගැන්වූ චිත්‍රපටය.

මේක කලින් චිත්‍රපටියේ දෙවන කොටස වුනාට පළවෙනි කොටසේ කථාවත් එක්ක මේ කථාවේ සම්බන්ධයන් නෑ. මේ කථාවත් ගොඩ නැගෙන්නේ ආකේඩියන් රණ ශුරයෙක් වටා. 2008 දී නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය Russell Mulcahy ගේ අධ්‍යක්ෂණයක්.

හරි මම දැන් මේකේ කථාව පොඩ්ඩක් කියන්නම්. මේ කියන කාළේ වෙනකොට යුපට්‍රීස්,ටයිග්‍රීස් ගංගා දෙපස රාජධානි බිහි වෙලා. එකාඩ් කියන්නේ මේ රාජධානි අතුරෙන් බලගතුම රාජධානිය. මේ රාජධානියේ ඉන්න යුධ විරුවන් හදුන්වන්නේ කළු ගෝණුස්සන් නමින්. මේ කලු ගෝණුස්සන් අතර විශිෂ්ඨයා තමයි අෂර්. හැබැයි අෂර් කැමති නෑ එයාගේ වැඩිමහළු පුතා කළු ගෝණුස්සෙක් වෙනවා දකින්න. ඒත් එයාගේ ලොකු පුතා මතායස් (Michael Copon), තාත්තා කියන දේ අහන්නේ නැතුව කළු ගෝණුස්සන් තෝර ගන්න පරීක්ෂනයට සහභාගී වෙනවා. මේ පරීක්ෂනයට ඉදිරිපත් වෙන්න පුළුවන් කොල්ලන්ට විතරයි. ඒත් ලයිලා (Karen David) කියලා කෙල්ලෙක් වෙස්වලාගෙන පරීක්ෂනයට ඉදිරිපත් වෙනවා. මේ කෙල්ල තමයි මතායස්ගේ හොඳම යාළුවා. ඉතින් මේ හොර වැඩේ පරීක්ෂනය බාරව ඉන්න සෙන්පති සාර්ගන්ට (Randy Couture)අහු වෙනවා. කෙල්ලට දඩුවම් කරනවට මතායස් විරුද්ධ වෙනවා. එතකොට මේ සෙන්පතියා මතායස්ටත් දඩුවම් කරන්න හදනවා. එතකොටම මතායස්ගේ තාත්තා අෂර් එතනට එනවා. ඇවිත් මතායස්වයි කෙල්ලවයි බේර ගන්නවා. සාර්ගන් කොහොමත් අෂර්ට වෛර කරනවා. ඉතින් මේ සාර්ගන් නපුරට අධිපති දෙවි දේවතාවන් තමයි අදහන්නේ. මේ සිදුවීමෙන් වඩාත් අෂර් එක්ක වෛර බැදගන්න සාර්ගන් එයාගේ මයා බලයෙන් අෂර්ව මරා දමනවා. ඉතින් මේක නිසා මතායස් සාර්ගන්ගෙන් පළිගන්න දිවුරනවා. මේ සිදුවීමෙන් පස්සේ මතායස් කළු ගෝණුස්සන් පුරුදු කරන පාසලේ පුහුණුවට යනවා. එයා කළු ගෝණුස්සෙක් වෙලා එනකොට අර දුෂ්ඨ සාර්ගන් රජ වෙලා.

ඉතින් මේ මතායස්ට දුෂ්ඨ රජතුමාගෙන් තමන්ගේ තාත්තා මරපු පළිය ගන්න පුලුවන් වෙයිද?නපුරට අධිපති දෙවිවරුන්ගේ බලය පරාද කරන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලා චිත්‍රපටය නරඹලම හොයා ගන්නකෝ.

ඉතින් සමහර සහෝදරවරු මගෙන් අහලා තිබුනා අළුත් චිත්‍රපටි වලට උපසිරසි දාන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් ඒක නිසා මම ඊ ලගට උපසිරසි දාන්නේ Rise of the Planet of the Apes (2011) චිත්‍රපටයට. ඒකේ හොඳ කොපියක් ආපු ගමන් මම උපසිරසි දාලා දෙන්නම්. එතකන් කළබල වෙන්නේ නැතුව ඉවසීමෙන් සිංහළ උපසිරසි එක්කම ඒ චිත්‍රපටිය බලන්න ඉන්න ලියලා ඔයාලගෙන් ඉල්ලීමකුත් කරනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ මම ඔයාලගේ තෘප්තිය වෙනුවෙන් උපසිරසි යොදනවා. ඉතින් ඒවා බාන ඔයලා හැමෝම මගේ තෘප්තිය වෙනුවෙන් දාන කමෙන්ට් එක මට ගොඩාක් වටිනවා. ඉතින් හැමදාම කලා වගේ මේ බයිස්කෝප් එකත් රසවිඳලා ඔයාලගේ වටිනා අදහස් පල කරලා යන්න අමතක කරන්න එපා.
ජය වේවා!!

පළවෙනි එක මෙතන තියනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07

Subtitles by

අමිල මනනදේව

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

87 comments

  1. chamila

    thanks :D

  2. jz

    elaaaaaaaaaaaaa tnxxxxxxxxxxxxxxxxxxxx

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  3. rajitha

    බොහොම ස්තුතියි.

  4. lakshan

    sinhala sab walata tnxxxxxxxxx

  5. රාම් රාජ්

    කථාවනම් හොදයි වගේ බාලම බලමු නේද එහෙනම්.සිංහල උපසිරැසි වලට ස්තූතියි. නැත්තං මේ ෆිලම් හරියට තේරුම් ගන්න බෑ.

  6. ns

    sub walata sthuthiy. jaya wewa.

  7. sha

    good job,but seedersla adui neda

  8. කේ. යූ. ජී. උදාර

    මේ වැඩේ දිගටම කරගෙන යන්න අමිල. ජය වේවා!!

  9. හේමජිත්

    නියමයි සහෝදරය, දිගටම කරගෙන යන්න.
    රොයිල් සහෝදරයත් ඔන්න ආයෙත් වැඩේට බැස්සලු... බල බලා හිටියෙ එනකන්. රොයිලයත් නිකන් චිත්‍රපටයක ප්‍රධාන චරිතෙ වගේ නේ.................?
    අතුරුදහන් වෙනවා, ආයෙත් ඒනව, එනකන් ඔක්කොමලා බලං ඉන්නවා.. මරු මරු... ඔහොමයන් කට්ටියම. ජය වේවා බයිස්කෝප්....!!!

  10. තිසර ප්‍රමුදිත

    අමිල,නියමයි මචන්...ඔයාට පින් සිද්දවෙන්න දෙයියනේ කියලා Thor එකත් සති 2 කින් විතර Sub ලැබෙයි විස්‌වාසේ තියන නිසා ඒක බලන්නෙ නැතුව Sub එනකන් ඉන්නවා..ඔබට ජය වේවා !!

  11. සාගර

    මනේ ඔයා නම් මාරයි අනේ.සන්‍තෝසේ බැරුවා ස්තුතීයි සහෝදරයා

  12. තිසර ප්‍රමුදිත

    අමිල,නියමයි මචන්!!ඔයාට පින් සිද්දවෙන්න දෙයියනේ කියලා Thor එකත් සතියකින් විතර Sub ලැබෙයි විස්‌වාසේ තියන නිසා ඒක බලන්නෙ නැතුව Sub එනකන් අපි බලාගෙන ඉන්නවා..ඔබට ජය වේවා !!

  13. cc

    amila ape illeemata kan deela. :)
    thnkz macho me wage hoda filmswalata sub daala denawata.

  14. M.D.A Pradeep (අමිල මනනදේව)

    ඔව් ඔව් තිසර සහෝ අද මම තෝර් ෆිල්ම් එකට සබ් දාලා ඉවර කරනවා.ඉතින් ඔයාට ඒක ලගදීම බලන්න පුළුවන් වෙයි.

  15. mihiran

    ela ela sinhala upasirasa damannanta jayawewa!!!!!!!!!!!!!!

  16. hs

    ela kiriyoooo

  17. Shashi Fernando

    huray menna dekat avilla, thank u soo much brooooooooo. :D habai parana eke naluwa neweida inne meke? :(

  18. සමියා

    මරු මරු නියමයි මචෝ තෑන්ක් යූ.... ජය වේවා.

  19. me

    Thanks

  20. amila

    සිංහල උපසිරැසි වලට ස්තූතියි.

  21. Edgar

    Thanks bro.

  22. සමන් කලුබෝවිල

    ela film ekak ewith....onna mama banawa... thankx.

  23. anu

    Thank you saho.

  24. Chanaka

    මේ හැම ෆිල්ම් එකකම සබ් වලට තැන්ක්ස්

  25. rohan

    maxxxxxxxxxxxxxxxxa thanks :)

  26. Tharindu Chat

    thanks alot bro!!

  27. Chanuka

    spy kids එකට සින්හල සබ් දාලා මෙකට දාන්නකො...............මෙක දිගටම කරන්යන්න සුබපතනවා!!!!!!!!!!!!!!!!

  28. ganesh

    thanks

  29. ashan suranga

    thanks machan.......

  30. sameera

    තැන්කූ කීවා මේකෙ ෆිල්ම් 1 ක ගැන විස්තර දෙනකොට ෆිල්ම් 1 Quality ක ගැනත් දාන්න තව Mb ගානත් දාන්න

  31. palitha kanthale

    mama asama film ekak thank you jayawewaaaaaaaaa

  32. shanka

    ela machan......math meka denakam thama hitiye........thanx

  33. Harh

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසි වලට..

  34. විදුර ඉමේෂ්

    onna gannawa. patta saho digatama karan yanna :)

  35. saradiyel

    thanks koluwo,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  36. Nilantha

    thank you......ela ela

  37. Shashi Fernando

    onna download wenna meu torrent ekata damma. :D

  38. kamal

    man kohomada me films balanne

  39. චින්තක

    hoda fillm ekak wage apith banna damma
    sinhala subwalata godak thank....

  40. upamali

    mata uni eke vibhage... e unata kamak na.. onna ohe meka balanawa :D fail unoth eelangata thiyena subject eka onna waga kiyanna wei :P

  41. දනුක බෙන්තරවිතාන

    අමීල අය්යේ ඔයා නම් මාර කොල්ලෙක් තමයි, මම ජීවිතයේ ආසම කරපු film එකක දෙවනි කොටස , සිංභල උපසිරසිත් එක්කම . මේක නම් මරේ මරු. දිගටම කරගෙන යන්න.

  42. ෂෙවින්

    සහෝ උඹ නම් මරු මචං දෙන දේ එපා කරවන්නේ නැතුව ඉක්මනට දෙනවා පුලුවන්නම් අලුතෙන් එන ෆිල්ම්ස් වලට සබ් දාන්න මොකද ඒවා එනකම් තමා හුගක් අය බලන් ඉන්නේ සබ් දාන්න කල් ඕනේ අයට තියෙන්නේ අලුතෙන්ම එන ඒවා බාර ගන්නේ නැතුව උඹ වගේ ඉක්මනට සබ් දෙන අයට ඒවා දාන්න දෙන්න උදාහරණයකට Pirates of the Caribbean On Stranger Tides ෆිල්ම් එකේ දන BRrip එකත් ඇවිල්ලා එත් තාම සබ් නැ එතකොට වෙන්නේ ඒක සබ් නැතුව හරි බලන එක උඹ වගේ සහෝ කෙනෙක් එක බරගත්තනම් එක මෙලහටත් ලැබිලා කොහොම උනත් උඹට ගොඩක් thanks සහෝ උඹත් රොයිල් සහෝ වගේ Maxxa සහෝ කෙනෙක් ජයවේවා

  43. M.D.A Pradeep (අමිල මනනදේව)

    මමත් ඔයා කියන දේ පිළිගන්නවා සහෝ ඔයා විතරක් නෙමෙයි මමත් ඔය අළුත් ෆිල්ම් බයිස්කෝප් එකේ දානකල්ම බලාගෙන ඉන්නවා.ඒත් සහෝ එක අතකින් ඒ අළුත් ෆිල්ම් බාර ගත්ත සහෝදරයින්ට බනින්නත් බෑ එයාලටත් අහස උසට වැඩඇති.එහෙම උනත් එක දවසකට ලයින් 100ක් පරිවර්ථනය කලත් දවස් 10ක් යනකොට ෆිල්ම් එක දෙන්න පුළුවන්.එහෙම එකකුත් තියනවා.

  44. Anonymous

    SUB walata bohoma stutiiiii

  45. Alaya

    jaya wewaaaaaaaaaaaa \m/

  46. දුලිත් දීමන්ත

    නියම film එකක් වගේ.සිංහල සබ් එකත් ස්තුතියි.Rise of the Planet of the Apes (2011)film එකේ DVDrip එකකට සබ් දාලා දෙන්න.

  47. දුලිත් දීමන්ත

    මම සිංහල සබ් හදන හැටි දැන ගන්න “අමිල මනනදේව” සොහොයුරාට mail එකක් දැම්මා හැබැයි තාම reply නෑ.

  48. sahan

    Elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz......lot of thanksss.......

  49. Godage

    නියමයි මිත්‍රයා ගොඩක් වටිනවා... කරගෙන යන්න සුභ පතනවා

  50. dilan

    thanks machan

Load more comments