1992 (2024) Sinhala Subtitles ඒ 1992 වර්ෂය. මර්සර් (Tyrese Gibson) පෙර වැරදි හදාගෙන තමන්ගේ පුතා ඇන්තෝනි (Christopher Ammanuel) එක්ක ලොස් ඇන්ජලිස් වල අලුත් ජීවිතයක් ගත කරන්න උත්සහ කරන ගමන්. ඒ අතරේ තවත් එක පියෙක් (Ray Liotta) තමන්ගේ පුතාලා දෙන්නා වන රිගින් (Scott Eastwood) සහ ඩෙනිස් (Dylan Arnold) එක…

ඒ 1992 වර්ෂය. මර්සර් (Tyrese Gibson) පෙර වැරදි හදාගෙන තමන්ගේ පුතා ඇන්තෝනි (Christopher Ammanuel) එක්ක ලොස් ඇන්ජලිස් වල අලුත් ජීවිතයක් ගත කරන්න උත්සහ කරන ගමන්. ඒ අතරේ තවත් එක පියෙක් (Ray Liotta) තමන්ගේ පුතාලා දෙන්නා වන රිගින් (Scott Eastwood) සහ ඩෙනිස් (Dylan Arnold) එක්ක එක රැයෙන් මිලියනපතියන් වෙන්න ක්‍රමයක් හොයන ගමන්. ඔව්. එයාලට ක්‍රමයක් හම්බ වෙනවා. ඒ මර්සර් වැඩ කරන Pluton Metals වල ආරක්‍ෂිත සේප්පුවක දමා ඇති ඩොලර් මිලියන 10 ක් වටිනා ප්ලැටිනම් තොගයක් මංකොල්ල කන්න අදහසක් පහළ වෙලා. තනියම නෙමෙයි. තවත් හොරු දෙතුන් දෙනෙක් එකතු කරගෙන.
ඔය මං කිව්වේ අද ඔයාලට අරන් එන 1992 චිත්‍රපටයේ කෙටි හැඳින්වීමක්. වැඩි කතා ඕන නැහැ නේ. කම්මැලි නැතුව බලන්න පුළුවන් Thriller/Drama ගණයේ චිත්‍රපටයක් කිව්වොත් හරි. මට නම් මේක Action ගොඩටත් දාන්න පුළුවන්.
මේ චිත්‍රපටය ඇත්තටම නිර්මාණය කරලා තියෙන්නේ 2022 අවුරුද්දේ. හැබැයි එළියට ආවේ 2024 අගෝස්තු 30. ඒ කියන්නේ මගේ උපන්දිනය දවසේ. ඒ වගේ විශේෂ දවසක ආපු චිත්‍රපටයකට උපසිරැසියක් නොදී කොහොමද නේද? හැබැයි ඉතින් මේ වැඩේ මට ඉක්මනින් කර ගන්න යුරාන් මල්ලිත් උදව් කරා. අපි දෙන්න එකතු වෙලා තමයි උපසිරැසිය ඔයාලට අද අරන් එන්නේ.
පැයකුත් විනාඩි 37 කට ආසන්න කාලයක් දිවෙන මේ චිත්‍රපටය Lionsgate Films ආයතනය තමයි බෙදාහැරීම කරලා තියෙන්නේ. අධ්‍යක්‍ෂක වරයා වෙන්නේ Ariel Vromen. IMDb අගය 5.8 ක් සහ Rotten Tomatoes අගය 61% ක් වෙන නිසා කතාවේ ගුණාත්මක භාවය ගැන සැක හිතන්න දෙයක් නැහැ.
මේ චිත්‍රපටය ගැන තව විශේෂ කරණා දෙකක් කියන්න ඕන. එකක් තමයි කතාවේ අවසානය. ඒක ඇත්තටම හරිම වෙනස් අවසානයක්. Spoil වෙන නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. අනිත් දේ තමයි මේ Ray Liotta ගේ අන්තිම චිත්‍රපටය. එයා චිත්‍රපටය නිර්මාණය කරපු 2022 අවුරුද්දේම මිය ගියා. Ray Liotta ට නිවන් සුව පතන ගමන් ඔයාලට මේ චිත්‍රපටය බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.
අන්තිමට කියන්න ඕන මේක 2024 අවුරුද්දේ එළියට ආවට 2022 අවුරුද්දේ නිර්මාණය වුවක් නිසා ඔයාලා ෆිල්ම් එකේ කොපියක් හොයන කොට මේ අවුරුදු දෙකෙන්ම හොයලා බලන්න.
එහෙනම් ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BluRay / WEB පිටපත් සඳහා ලබා දි ඇත.
7,889 downloadsDownload 1992-2024.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
1992 (2022) Sinhala Subtitles
Subtitles
15 comments
Y
Netflix පිස්සා
බොහොම ස්තුතියි ඔබ කරන මේ සත්කාරයට සහෝදරයා....
යුරාන් ධනුක
බොහොම ස්තුතියි අයියේ මාවත් සම්බන්ධ කරගත්තට.
ජයවේවා!syd
thank you brother
magnet link walin kohoma download karanne kiyala danna kenek kiyanna puluwandaRoshan Shameera
උපසිරසියට ස්තූතියි සහෝ..
Buddhika laKMal
බොහෝම ස්තූතියි සහෝල දෙන්නටම මේ උපසිරැසියට
Sahan Gayantha
thanks a lot Yuran saho sub ekata
Bimsara Yashan (ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. පට්ට ෆිල්ම් එකක් තමා. ජයවේවා!
Shehan
Bro Industry 2020-2024 TV series එකට Subtitles දෙන්න බැරිද ?
පුලුවන්නම් දාන්න ඒකත්Shehan
Bro Industry 2020-2024 TV series එකට Subtitles දෙන්න බැරිද ?
Anonymous
උපසිරසියට ස්තූතියි ....
Malith samarawickrama
Thanks so much sub ekata
Rest in power ray liottaRashika
thanks....
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Speak no evil sub dennako