Despicable Me 4 (2024) Sinhala Subtitles ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් අළුත් ෆිල්ම් එකක් ගොඩක් පරක්කු වෙලා අරන් මේ පැත්තට ආවා. Despicable Me චිත්‍රපට මාලාවේ නිළ අයිතිකරු වෙන්නෙ අපේ විමා සහෝ බව ඔයාලා දන්නවා ඇති. විමා කාර්‍යබහුල වීමත් එක්ක එයා මේක මට භාර දුන්නා. ඒත් නොහිතපු විදියට මගෙ අවිවේකය…
Despicable Me 4 (2024) Sinhala Subtitles
ආයූබෝවන් බයිස්කෝප්වාසීනි, ඔන්න එහෙනම් අළුත් ෆිල්ම් එකක් ගොඩක් පරක්කු වෙලා අරන් මේ පැත්තට ආවා. Despicable Me චිත්‍රපට මාලාවේ නිළ අයිතිකරු වෙන්නෙ අපේ විමා සහෝ බව ඔයාලා දන්නවා ඇති. විමා කාර්‍යබහුල වීමත් එක්ක එයා මේක මට භාර දුන්නා. ඒත් නොහිතපු විදියට මගෙ අවිවේකයත් එක්ක උපසිරසි ගැන්වීම ගොඩක් පරක්කු උන බව කියන්න ඕන. කොච්චර පරක්කු උනත් අපෙන්ම සබ් අරගෙන බලන අයට සාධාරණයක් කරන්න ඕන නිසා වෙලාවක් ලැබුන ගමන්ම ඔයාලා වෙනුවෙන් චිත්‍රපටය අරගෙන ආවා. ඇනිමේෂන් චිත්‍රපට අතර පෙරළියක් සිදුකරපු, දුෂ්ටයෙක් ප්‍රධාන චරිතය නිරූපණය කරන ලොවපුරා අතිශය ජනප්‍රිය සිනමාපට පෙළක් විදියට Despicable Me චිත්‍රපට මාලාව හදුන්වන්න පුළුවන්. කලින් ලබාදීලා තියෙන ෆිල්ම්වල මේ ගැන සවිස්තරාත්මක ලිපි තියෙන නිසා මම වැඩිපුර කතා කරන්න යන්නේ නෑ.
Despicable Me 4 චිත්‍රපටය 2024 ජූලි මස 3වෙනිදා තමයි නිකුත් කරලා තිබුනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chris Renaud විසින්. මේ වෙද්දි IMDb හි 6.2ක අගයකුත්, 85%ක ගූගල් මනාප ලබාගන්නත් මේ සිනමාපටය සමත් වෙලා තියෙනවා. ඒ වගේම කලින් චිත්‍රපට සාර්තක උන විදියටම ඩොලර් මිලියන 958ක දැවැන්ත ආදායමක් උපයන්නත් මේ සලරුව සමත් උනා. Family/Comedy කාණ්ඩයන්ට අයත් මෙම සිනමාපටයේ හඬ ශිල්පීන් ලෙස සුපුරුදු පරිදි Steve Carell ගෘ ලෙසත්, Kristen Wiig ලුසී ලෙසත්, Will Ferrell ප්‍රධාන දුෂ්ට චරිතය වන මැක්සීම් ලමෙල් ලෙසත් එක් වෙනවා. ඊට අමතරව Joey King, Sofía Vergara, Miranda Cosgrove, Madison Polan, Dana Gaier සහ Pierre Coffin විනාසකාරී මිනියන්ස්ලා සෙට් එක විදියටත් හඬ ලබා දීලා තියෙනවා.
තමන්ගේ සුපුරුදු අධම ගති වලින් මිදෙන ගෘ AVL එහෙමත් නැත්තම් දුෂ්ටයන් පිටුදැකීමේ සංගමයට එකතු වෙලා සිලාස් රැම්ස්බොටම් යටතේ වැඩ කරන විදිය අපි කලින් ෆිල්ම් වලදී දැක්කනේ. ගෘගේ ආදරණීය බිරිඳ ලුසීව හම්බෙන්නෙත් ඒ අතරතුර තමයි. ඉතිං ඒ කාලෙදි ගෘ තමන්ගේ පාසලේ ආදී ශිෂ්‍ය එකමුතුවකදි තමන්ගේ පාසල් කාලේ හතුරෙක් වගේම ඒ වෙද්දි සුපිරි දුෂ්ටයෙක් වෙලා හිටපු මැක්සීම් ලමෙල් කියන පුද්ගලයව AVL එකට අල්ලලා දෙනවා. ඒත් එහෙම කරන එකෙන් අනාගතේදී ගෘගේ ඉරණම සම්පූණයෙන්ම වෙනස් වෙයි කියලා ගෘ පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව ඇති. අන්තිමේදී මේ වැඩේ නිසා ගෘට තමන්ගේ පවුල ආරක්ෂා කරන්න පදිංචිය පවා වෙනස් කරන්න සිදුවෙනවා. ඒත් ගෘ කියන්නෙත් ලේසි පහසු කෙනෙක් නෙමෙයි වගේම හිටපු සුපිරි දුෂ්ටයෙක් බව ඔයාලා දන්නවනේ. එහෙනම් මේ සුපිරි දුෂ්ටයන් දෙන්නගේ ද්වන්ධ සටනින් වෙන්නේ මොකක්ද කියලා බලන්න ඔයාලට දැන් අවස්ථාව තියෙනවා. ඒ වගේම කලින් චිත්‍රපට වල හිටපු සුපිරි දුෂ්ටයෝ හැමොමත් ඔයාලට බලාගන්න හැකිවෙනවා කියලත් මතක් කරන්න ඕන.
එහෙනම් විස්තර කිව්වා ඇති මට මේක උපසිරසි ගන්වන්න අවසර දුන්න විමාට නැවතත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. වෙනදා වගේම ඔයාලා උපසිරසිය අරගෙන කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම යනවා. තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙමු.
Despicable Me 4 (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,648 downloadsDownload Despicable-Me-4-2024-Sinhala-Subtitles.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Despicable Me 4 (2024) Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Despicable Me 4
- #Despicable Me 4 (2024)
- #Despicable Me 4 (2024) Sinhala Sub
- #Despicable Me 4 (2024) Sinhala Subtitles
- #Joey King
- #Kristen Wiig
- #Pierre Coffin
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofía Vergara
- #Steve Carell
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Will Ferrel
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
SACHINTHA
SACHINTHA
Halo S02 : E06 , 07, 08 සිංහල උපසිරැසි දෙන්න පුලුවන්ද සහෝ
හුග කාලයක් වෙනවා මග නැවතිලාBuddhika laKMal
ස්තූතියි සහෝ සබට
Sahan Gayantha
Thanks a lot Yuran saho sub ekata
Sahan Gayantha
Thanks a lot saho sub ekata
Bimsara Yashan (ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි යුරාන් සහෝ. පරක්කු වෙලා හරි බලන්න පුළුවන් කොලිටි සබ් එකක් ගේන එකයි වටින්නේ. ජයවේවා!
Asela chathuranga
බොහොම ස්තූතියි සහෝදරයා
Anonymous
ස්තූතියි
Damith Niwanthaka
thanks bro. jaya wewa
Vihanga Pabasara
Thanks Bro, Jaya!
mindika
Thanks !!!
mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
THANKS FOR SUB