28 Years Later: The Bone Temple (2026) Sinhala Subtitles ආයුබෝවන්, යම් කාලයක නිහැඬියාවකින් පස්සේ අද මම මගේ 200* වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා අතරට අරගෙන එනවා. 28 Years Later (2025) නිකුත් වෙලා මාස කිහිපයක් ඇතුළත ඉක්මනින්ම මේකේ ඊගාව කොටසත් 2026 ජනවාරි අපි අතරට ඇවිල්ලා තියනවා. ඇත්තටම මෙහෙම තමයි චිත්‍ර…

28 Years Later: The Bone Temple (2026) Sinhala Subtitles
ආයුබෝවන්, යම් කාලයක නිහැඬියාවකින් පස්සේ අද මම මගේ 200* වෙනි උපසිරැසි නිර්මාණය ඔයාලා අතරට අරගෙන එනවා.

28 Years Later (2025) නිකුත් වෙලා මාස කිහිපයක් ඇතුළත ඉක්මනින්ම මේකේ ඊගාව කොටසත් 2026 ජනවාරි අපි අතරට ඇවිල්ලා තියනවා. ඇත්තටම මෙහෙම තමයි චිත්‍රපටි හදන්න ඕනේ. ආයේ තව කොටසක් අවුරුදු 5ක් විතර ගිහිල්ලා අරන් ආවම ඒකේ කිසිම ගතියක් දැනෙන්නේ නෑ. කලින් චිත්‍රපටියේ වෙච්ච දේවලුත් අපිට එතකොට ගොඩක් අමතකයි. ඉතින් මේකට sequel එකක් හදන්නත් දැනමට වැඩ පටන් අරන් තියන බව ආරංචියි. ඒකත් මේ අවුරුද්දෙම නිකුත් කරන්න ලොකු ඉඩක් තියනවා.
2024 අප්‍රේල් වලදී තමයි 28 Years Later (2025) චිත්‍රපටයේ දෙවන කොටස හදන්න යනවා කියලා ආරංචි වුනේ. ඩැනි බොයිල් වෙනුවට නියා ඩකොස්ටා අධ්‍යක්ෂණය කරන්න කතා කරලා තිබුණා. ඇලෙක්ස් ගාලන්ඩ් තිර රචනය කරන්නත් එකඟ වුණා. 2024 ජූනි මාසෙදී, කොපිරයිට් ගොනු කිරීමකින් හෙළි වුණා චිත්‍රපටයේ නම 28 Years Later Part II: The Bone Temple කියලා.
ෆ්‍රැන්චයිස් එකේ උරුමය ගැන හිතලා, නියා ඩකොස්ටා තීරණය කළා ඩැනි බොයිල්ගේ අධ්‍යක්ෂණ ස්ටයිල් එක කොපි නොකර තමන්ගේම වැඩක් කරන්න. එයා ඇලෙක්ස් ගාලන්ඩ්ට කිව්වා ස්ක්‍රිප්ට් එකට ආසාදිතයෝ තව එකතු කරන්න කියලා. කලින් ෆිල්ම් එක හදද්දිම ඩකොස්ටා බොයිල් එක්ක එකතු වෙලා සැම්සන් කියන චරිතය හැදුවා, මොකද ඒ චරිතය The Bone Temple එකේ වැදගත් වෙනවා.
2024 අගෝස්තු 19 වෙනිදා තමයි ප්‍රධාන වශයෙන් රූගත කිරීම් මේකේ පටන් අරන් තිබුනේ. කලින් ෆිල්ම් එක ඉවර වෙලා සති තුනකට විතර පස්සේ මේක පටන් ගත්ත නිසා, දෙකේම එන චරිත සහ ලොකේෂන්ස් කළමනාකරණය කරගන්න එක මෙයාලට ලොකු අභියෝගයක් වෙලා තියනවා. The Bone Temple සෙට් එක හැදුවේ උතුරු යෝක්ෂයර් වල Redmire වල.
රාල්ෆ් ෆයින්ස් කියන විදියට, කලින් ෆිල්ම් එකේදී ඩැනි බොයිල් වැඩ කළේ දඩිබිඩියේ, තමන්ට ඕන දේ පැහැදිලිව තේරුම් අරන්. හැබැයි නියා ඩකොස්ටා වැඩ කළේ හොඳට කල්පනා කරලා, විශේෂයෙන්ම ක්ලෝස් අප් ෂොට්ස් වලදී. නළු නිළියන්ට තමන්ගේ රංගනය හොඳට කරගෙන යන්න කාලය දුන්නා.
28 Years Later (2025)
2002 දී, Rage virus එක මුලින්ම පැතිරෙන කාලේ, ස්කොට්ලන්ත උස්බිම් ප්‍රදේශයේ ඉන්න ජිමී ක්‍රිස්ටල් කියන පොඩි ළමයා එයාගේ පවුලට ආසාදිතයෝ පහර දෙද්දි ගෙදරින් දුවනවා. කොල්ලා පල්ලියට ගිහින් හැංගෙනවා තමන්ගේ තාත්තා එක්ක. තාත්තා පූජකයෙක්. හැබැයි තාත්තා හිතන්නේ මේක ලෝක අවසානය පටන් ගන්න ලකුණක් කියලා. තාත්තා ජිමීට කුරුස මාලයක් දෙනවා ආසාදිතයොන්ගෙන් බේරෙන්න ශක්තියක් විදියට තියාගන්න. තාත්තගේ අවසාන වචන ටික වෙන්නේ “විශ්වාස තියාගන්න” කියන එකයි. ජිමී ආසාදිතයන්ගෙන් බේරෙන්න දුවලා හැංඟෙනකොට තාත්තා උන්ට හිතාමතාම බිලි වෙනවා.
අවුරුදු 28කට පස්සේ, යුරෝපයෙන් Rage virus එක සම්පූර්ණයෙන්ම තුරන් කරලා. බ්‍රිතාන්‍ය දූපත් තාම නිරෝධායනය කරලා, ජීවත් වෙන්නේ ටික දෙනයි. Lindisfarne කියන දූපතේ මුහුදු දිය රැල්ලත් එක්ක යට වෙන පාලමක් තියන නිසා ඒක මහ බ්‍රිතාන්‍යයෙන් ස්වාභාවිකවම ආරක්ෂා වෙලා තියෙන්නේ. මෙහෙ ඉන්නවා ජේමී කියලා පුද්ගලයෙකුයි, එයාගේ බිරිඳ අයිලා (එයාට මානසික ලෙඩක් තියෙනවා), සහ එයාලගේ අවුරුදු 12ක පුතා ස්පයික්.
ජේමීයි ස්පයිකුයි ආසාදිතයෝ දඩයමේ යන්න මහ බ්‍රිතාන්‍යයට යනවා. මෙයාලට හම්බවෙනවා බැඳලා තියන ආසාදිතයෙක්, එයාගේ ඇඟේ “ජිමී” කියලා සලකුණු කරලා. ඊට පස්සේ මෙයාලට දුවන්න වෙනවා “ඇල්ෆා” කෙනෙක් නායකත්වය දෙන ආසාදිත කණ්ඩායමකින්. මේ ඇල්ෆලා කියන්නේ වඩාත් ශක්තිමත් සහ බුද්ධිමත් ආසාදිතයෝ කොටසක්. ජේමීයි ස්පයිකුයි රෑ වුණ නිසා ගරාවැටුණු පොඩි ගෙයක උඩු මහලේ හැංගෙනවා. එතනින් ස්පයික් දකිනවා විදේශීය නැව් නිරෝධායන මුර සංචාරයන් කරනවා සහ ඈත ගින්නක්. උඩු මහල කඩා වැටෙද්දි, ඇල්ෆා මෙයාලා පස්සේ පන්නගෙන එනවා වතුරෙන් යට වෙච්ච පාලම දිගේ. ගමේ මුරකරුවෝ ගිනි දැල් එක්ක දැවැන්ත ඊතල විදිනයකින් ඇල්ෆාව මරනවා.
ගමේ අය ස්පයික්ගේ පළමු දඩයමේ සාර්ථකත්වය සමරන්න උත්සවයක් පවත්වනවා. ජේමී තමන් කරපු දේවල් ඕනාවට වඩා අතින් දාලා මහ ලොකුකමින් කියවද්දි ස්පයික්ට අවුල් යනවා. පස්සේ කොල්ලට දකින්න ලැබෙනවා තමන්ගේ තාත්තා ජේමී, රෝසී කියන ගමේ ගුරුවරිය එක්ක සම්බන්ධයක් තියන බව. ස්පයික් අර මහ බ්‍රිතාන්‍යයෙදි දැකපු ගින්න ගැන සෑම් කියන පවුලේ හිතවතෙක් එක්ක කතා කරද්දි, ඒ පිටුවහල් කරපු දොස්තර ඉයාන් කෙල්සන් දැල්ලුවා වෙන්න ඇති කියලා කියනවා. පහුවදා උදේ ස්පයික් තමන්ගේ තාත්තා ජේමීට බනිනවා තමන්ගේ අම්මා අයිලාට වෛද්‍ය උපකාර හොයන්නේ නැති එක ගැන සහ රෝසී එක්ක තියන සම්බන්ධය ගැන. ස්පයික් කෙල්සන් ගැන ජේමීට කිව්වම මිනිහා කියනවා දවසක් තමන් කෙල්සන් මිනී පුච්චපු හැටි දැකපු නිසා එයා පිස්සෙක් කියලා තමන් විශ්වාස කරන බව.
ඒත් ස්පයික් ඒක පිළිගන්නේ නැතුව අයිලා එක්ක දූපතෙන් පැනලා මහ බ්‍රිතාන්‍යයට යනවා. මෙයාලව ආසාදිතයෝ කණ්ඩායමකින් බේරගන්නේ එරික් සන්ඩ්ක්විස්ට් කියන ස්වීඩන් නාවික හමුදාවේ නැවියෙක්. මිනිහා නෙටෝ නිරෝධායන මුර සංචාර බෝට්ටුවක ඉතුරු වුණු එකම කෙනා. අයිලාට හම්බවෙනවා ගැබිනි ආසාදිතයෙක්, ඒ ආසාදිත කාන්තාවට දරුවෙක් වදාගන්න උදව් කරනවා. අත දරුවා ආසාදිත කෙනෙක් නෙවෙයි. මේක දැකපු එරික් පිස්සු හැදිලා වගේ ආසාදිත අම්මව වෙඩි තියලා මරනවා. දරුවත් මරන්න හදද්දි ඇල්ෆා කෙනෙක් ඇවිල්ලා එරික්ගේ ඔළුව ගලවනවා. 🙂
ස්පයික්, අයිලා සහ අලුත උපන් දරුවා ඇල්ෆාගෙන් පැනලා යනවා. ස්පයික් ඌට ඊතල විද්දත් ඇල්ෆා ස්පයික් ළඟටම එනවා. ඒ වෙලාවේ දොස්තර කෙල්සන් කොහෙන්වත් ඉඳන් ඇවිල්ලා සැම්සන් කියලා නම් කරපු ඇල්ෆාව මොෆින්-සයිලසින් උණ්ඩයකින් තාවකාලික මද සිහි තත්ත්වයකට පත් කරනවා.
කෙල්සන් ස්පයික්වයි අයිලාවයි එක්කන් යන්නේ මිනිහා හදපු මිනිස් ඇටකටු පිරිසිදු කරලා හදපු අති විශාල ස්මාරකයක් ළඟට. මිනිහා මැමෙන්ටෝ මොරි කියන මරණානුස්මරණ සංකල්පය පැහැදිලි කරලා එරික්ගේ හිස් කබල ස්මාරකයට එකතු කරනවා. කෙල්සන් අයිලාව පරීක්ෂා කරලා එයාට දරුණු පිළිකාවක් තියෙන බව දැනගන්නවා. කෙල්සන් ස්පයික්ට සැනසීමක් විදියට “මැමෙන්ටෝ අමෝරිස්” – “ඔබ ආදරය කළ යුතුයි යන්න සිහිපත් කරගන්න” කියලා කියනවා. අයිලා තමන්ගේ ඉරණම පිළිගෙන කෙල්සන්ට තමන්ව මරා දාන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේ කෙල්සන් එයාගේ හිස් කබල ස්පයික්ට දෙනවා ස්මාරකයේ උඩින්ම තියන්න.
සැම්සන් කෙල්සන්ගේ ආරක්ෂිත ස්ථානයට ඇතුළු වෙද්දි, ස්පයික් ඌව බෙහෙත් දාපු උණ්ඩයකින් සිහි විකල් තත්ත්වයට පත්කරලා කෙල්සන්ගේ ජීවිතය බේරගන්නවා. කෙල්සන් ස්පයික්ට කියනවා අත දරුවත් එක්ක ගෙදර යන්න කියලා. ඒත් ස්පයික් දරුවව ගමේ දොරටුව ළඟ තියලා මහ බ්‍රිතාන්‍යයට ආපහු යනවා, තවමත් දැඩි කලකිරීමෙන්. ජේමි කියවනවා ස්පයික්ගෙන් ආපු ලියුමක්. ඒකේ තියෙනවා එයා දරුවට අයිලා කියලා නම දාලා තියෙන බවත්, තමන් සූදානම් වුණාම ආපහු එන බවත්. ජේමි ස්පයික් පස්සෙන් මහ බ්‍රිතාන්‍යයට යන්න හදනවා. නමුත් මුහුදු රළ නගින නිසා බැරි වෙනවා. දවස් 28කට පස්සේ, ජිමී සැවිල්ගේ විලාසයෙන් ඉන්න කණ්ඩායමක් ස්පයික්ව ආසාදිත සමූහයකින් බේරගන්නවා. ඒ කණ්ඩායමේ නායකයා තමයි වැඩිහිටි ජිමී ක්‍රිස්ටල්. මිනිහා දාගෙන හිටියේ යටිකුරු කරපු කුරුසයක්. මේ තමයි අර පල්ලියෙදි පූජක තාත්තා පොඩි කාලෙදි නැතිවුණ කොල්ලා දැන් ලොකු වෙලා.
ජිමී සැවිල් කියන්නේ බ්‍රිතාන්‍යයේ ඉස්සර ගොඩක් ප්‍රසිද්ධ වුණු රූපවාහිනී නිවේදක කෙනෙක්. ජීවත් වෙලා ඉන්න කාලේ බොහොම ජනප්‍රිය කෙනෙක්, මෙයා BBC එකේ වැඩසටහන් කළා, පුණ්‍යායතන වලට ගොඩක් සල්ලි එකතු කළා.
2011 දී මිනිහා මැරිලා අවුරුද්දකට විතර පස්සේ තමයි හරි කතාව එළියට ආවේ. අවුරුදු ගණනාවක ඉඳන් මේ මනුස්සයා සිය ගාණක් ළමයින්වයි තරුණ අයවයි ලිංගික අපයෝජනය කරලා තියනවා. මිනිහා තමන්ගේ ප්‍රසිද්ධ බව භාවිතා කරලා රෝහල්වල, BBC එකේ, හැම තැනම මේ අපරාධ කරලා තියනවලු.
අද වනකොට මිනිහව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දන්නා වඩාත් භයානක සැලසුම් සහගත ලිංගික අපරාධකරුවෙක් විදියට හඳුන්වනවා. මේ අපචාරය නිසා ළමා ආරක්ෂාව ගැන BBC එකේ සහ අනෙකුත් ආයතන වල විශාල වෙනස්කම් පවා වුණා.
ඇයි මේ චිත්‍රපටියට මිනිහගේ චරිතය එකතු කරලා තියෙන්නේ ?
ජිමී සැවිල් ජීවත් වෙලා ඉන්නකොට ළමයින්ට උදව් කරන, හිතවත්, පුණ්‍යශීලී මනුස්සයෙක් විදියට පෙනී හිටියත්, ඇතුළතින් මිනිහා භයානක කෙනෙක් වුණා. චිත්‍රපටයේ “ජිමී ක්‍රිස්ටල්” චරිතයත් එහෙම්මයි – බාහිරින් ආරක්ෂාව පොරොන්දු වුණත් ඇත්තටම මිනිහා භයානක කණ්ඩායමක නායකයෙක්.
The Bone Temple එකේ කතාව,
කලින් ෆිල්ම් එකේ සිද්ධි වලට පස්සේ, ස්පයික් කියන චරිතය සර් ජිමී ක්‍රිස්ටල්ගේ ආසාදිතයෝ ඝාතනය කිරීමේ කල්ලියට එකතු වෙනවා. මේ වෙද්දි බ්‍රිතාන්‍යය Rage Virus එකෙන් විනාශ වෙලා. ඒ අතරේ, ඩොක්ටර් ඉයාන් කෙල්සන් ලෝකේම වෙනස් කරන්න පුළුවන් අලුත් සම්බන්ධතාවයක් හදාගන්නවා.
එහෙනම් ෆිල්ම් එක බලන්න. ඔයාලගේ අදහසුත් පහළින් දාන්න.
ඉතින් ගොඩක් සතුටුයි. මම ඔයාලට ඊළඟට බොහොම පරණ රූපවාහිනි කතා මාලාවක් ගේන්න හිතාන් ඉන්නවා. බලපු ඉතින් වැඩේ කොහොම වෙයිද කියලා.
28 Years Later 2 (2026) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,351 downloadsDownload 28-Years-Later-The-Bone-Temple-2026.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
16 comments
MAAL NATH
MAAL NATH
Good luck........thanks.......
shehan
Thanks guys As Always ...... You guys are the best
shehan
Congratulations UD shehan and you guys are the best
Buddhika laKMal
200වෙනි උපසිරැසියට සුබ පැතුම් ශෙහාන් සහෝ.....
ඔයාගේ වෙලාව අරං උපසිරැසි 200ක් හදල අපිට බලන්න අරං ආවට ගොඩාක් ස්තූතියි සහෝ......
කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා..........
මේ උපසිරැසියටත් ස්තූතියි මචං.......
..................යුරාන් ධනුක (දනුවා)
නියමයි සහෝ ඔයා සුපිරිම ෆිල්ම් එක්ක සුපිරි ලිපියකුත් දෙන නිසා ඒවා බලන්න ආසයි
දිගටම වැඩේ කරගෙන යමු
200ට සුබ පැතුම්
ජයවේවා!!!Nuwan Asela
Congratulations brother 200 sub ekata
Sung Jin-Woo
අනේ The Art of Sarah කේ-ඩ්‍රාමා එකට සබ් දෙන්නකෝ.
Arawinda Sunimal
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..A S H
Malith samarawickrama
Congratulations and thanks very much bro
Ruchira Lakmal
Thanks for the sub!!
Sahan Gayantha
thanks a lot UD saho sub ekata
Gihan
200වෙනි උපසිරැසියට සුසුභපැතුම්
උපසිරැසියට බොහෝම ස්තූතිඑල්. සී. දමැල්
200වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් ශෙහාන් සහෝ! :)
250ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
ජය ✌Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Good luck........thanks.......