Hellfire (2026) Sinhala Subtitles Hellfire” (2026) කියන්නේ ක්‍රියාදාම සහ ත්‍රාසය (Action-Thriller) උපරිමයෙන් පිරුණු සුපිරිම සිනමා නිර්මාණයක්. Stephen Lang, Dolph Lundgren සහ Harvey Keitel වගේ හොලිවුඩයේ දැවැන්ත නළුවන්ගේ රංගනයෙන් මේ සිනමාපටය හැඩවෙනවා. කතාව ගෙතෙන්නේ “රොන්ඩෝ” (Rondo) කියන හුදකලා, පුංචි…

Hellfire (2026) Sinhala Subtitles
Hellfire” (2026) කියන්නේ ක්‍රියාදාම සහ ත්‍රාසය (Action-Thriller) උපරිමයෙන් පිරුණු සුපිරිම සිනමා නිර්මාණයක්. Stephen Lang, Dolph Lundgren සහ Harvey Keitel වගේ හොලිවුඩයේ දැවැන්ත නළුවන්ගේ රංගනයෙන් මේ සිනමාපටය හැඩවෙනවා.
කතාව ගෙතෙන්නේ “රොන්ඩෝ” (Rondo) කියන හුදකලා, පුංචි නගරයක් වටා. මේ නගරය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ “ජෙරමියා විට්ෆීල්ඩ්” කියන අනුකම්පා විරහිත පාතාල නායකයා, එයාගේ පුතා “ක්ලයිඩ්” සහ ඔවුන්ගේ මැර කල්ලිය විසින්. නගරයේ පොලිසියත් (ෂෙරිෆ්) මේ අයට යටත් වෙලා, ලොකු කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමක් කරගෙන යනවා. මේ නිසා නගරයේ සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙන්නේ මැරයන්ගේ වහලුන් වගේ බයෙන් ජීවත් වෙන්න.
දවසක් මේ නගරයට අහම්බෙන් පය තියනවා නමක් ගමක් නැති, තමන්ගේ අතීතය හංගගත්තු වයසක සංචාරකයෙක් (Nomad). අතේ සතේ නැතිව කෑම වේලක් හොයාගන්න ආපු මේ මනුස්සයාට “ඕවන්” සහ ඔහුගේ දියණිය “ලීනා” උදව් කරනවා. ඕවන් කියන්නේ රෝද පුටුවකට සීමා වුණු අසරණ පියෙක්. විට්ෆීල්ඩ්ගේ මැරයන්ගෙන් මේ අහිංසක පවුලට වෙන අසාධාරණකම් සහ හිරිහැර දැකලා, තමන්ගේ පාඩුවේ යන්න ආපු මේ නාඳුනන සංචාරකයා ඔවුන්ව බේරගන්න මැදිහත් වෙනවා.
කිසිම කෙනෙක් නොදන්නවා වුණාට, මේ “නොමැඩ්” කියන්නේ ඇමරිකානු විශේෂ බලකායේ (Special Forces / Green Beret) හිටපු අති දක්ෂ, භයානක සොල්දාදුවෙක්. තනි මනුස්සයෙක්, මුළු නගරයක්ම බය කරගෙන ඉන්න පාතාල කල්ලියක් එක්ක තනියම හැප්පෙන්නේ කොහොමද? ඔහුට මේ මැරයන්ව විනාශ කරලා මේ නගරයේ මිනිස්සුන්ට නිදහස අරන් දෙන්න පුළුවන් වෙයිද? කියන එක තමයි ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.
මේක හරියට John Wick, Nobody, The Equalizer වගේ, පෙනුමෙන් සාමාන්‍ය වයසක මනුස්සයෙක් වගේ හිටියත්, ඇතුළෙන් ඉන්න සුපිරිම වැඩකාරයෙක් තනියම ලොකු සතුරන් පිරිසක් එක්ක ගේම ඉල්ලන ජාතියේ ගැම්මක් තියෙන ෆිල්ම් එකක්. කතාව පුරාම තියෙන කුතුහලයයි, සුපිරි Action ටිකයි නිසා මුල ඉඳන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට Hellfire හඳුන්වන්න පුළුවන්.
උපසිරැසියට ගැලපෙන කොපිය අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් සහ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.
1,528 downloadsDownload Hellfire-2026.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hellfire (2026) Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
5 comments
Buddhika laKMal
charu
ස්තූතියි යසිරු හසරංග සහෝ
ප්‍රසාද් කන්දමුල්ල
සබ් එකට මහන්සියට බොහෝම ස්තුතියි සහෝ
nilanka
thanks.....
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

ස්තූතියි යසිරු හසරංග සහෝ මේකට සිංහල සබ්එක දුන්නට