Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitless ඔන්න යාළුවනේ පහුගිය දිනවල ඉතාමත්ම ජනප්‍රිය සිංදුවක් උන “කොලවරි” ගීතය අඩංගු දමිල චිත්‍රපටිය ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම අපි අරගෙන ආවා තේරෙන භාෂාවෙන්ම බලන්න.. ඔයාලට මතක ඇතිනේ මේ සින්දුව කොච්චර උන්මාදයක් උනාද කියලා.. භාෂා ගණනකින්ම මේ…

ඔන්න යාළුවනේ පහුගිය දිනවල ඉතාමත්ම ජනප්‍රිය සිංදුවක් උන “කොලවරි” ගීතය අඩංගු දමිල චිත්‍රපටිය ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම අපි අරගෙන ආවා තේරෙන භාෂාවෙන්ම බලන්න.. ඔයාලට මතක ඇතිනේ මේ සින්දුව කොච්චර උන්මාදයක් උනාද කියලා.. භාෂා ගණනකින්ම මේ ගීතය ප්‍රතිනිර්මාණය උනේ මේ ජනප්‍රියතාවය නිසාමයි.
IMDB රේටිවන් වල 6.8/10ක් අරගෙන තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන නලුවා විදිහට රඟපාන්නේ රජිනිකාන්ත් නැමති සුපිරි දමිල නලුවාගේ බෑනා වන ධනුෂ්. ඒ වගේම නිලිය විදිහට රඟපාන්නේ කමල් හසන් නැමති සුපිරි දමිල නලුවාගේ දියණිය වන ස්රුති කේ හසන්. ධනුෂ් “රාම් “ විදිහටත් ස්රුති “ජනනි“ විදිහටත් තමයි චරිත නිරූපනය කරන්නේ. රාම් සහ ජනනිගෙ ආදරයේ අදියර තුනක් මේ කතාවෙන් කියවෙනවා.. ඒකයි මේ කතාවට Three හෙවත් “තුන“ කියලා නම දාලා තියෙන්නේ..
කතාව ගැනත් ටිකක් කියන්නම්. චිත්‍රපටිය පටන් ගන්නේ රාම් ගෙ මළ ගෙදරින්.. රාම් සියදිවි හානි කරගෙන හෝ කවුරුහරි විසින් මරලා දාලා විදිහට තමයි පේන්න තියෙන්නේ. රාම්ගෙ මරණෙට මුල් උන සිද්ධි මාලාව ගැන තමයි චිත්‍රපටියෙන් පෙන්නන්නේ.. රාම් ඉස්කෝලෙ ගිහින් එන ගමන් වැස්සක් වෙලාවේ ජනනිව දකිනවා පාරෙ ඉඳගෙන බයිසිකලේ චේන් එක දාගන්න බැරුව ඉන්නවා.. ඉතින් රාම් ගිහින් ජනනිට උදව් කරනවා. ඒ වෙලාවේ රාම්ට ජනනි ගැන හිත යනවා.. කොහොමහරි රාම් ජනනිගෙ පස්සෙන් ගිහින් ජනනිව යාළු කරගන්න හදනවා.. ජනනි නම් මුලින් අකමැතියි.. එක දවසක් මෙහෙම පස්සෙන් ගිහින් රාම්, ජනනිගෙ තාත්තටත් අහු වෙනවා. ජනනි යන භෞතික විද්‍යා උපකාරක පන්තියට රාම් යන්නේ ජනනිව කොහොම හරි යාළුකරගන්නයි. අන්තිමට රාම්ට අනිත් හැම විශයටම වඩා භෞතික විද්‍යාවට වැඩි ලකුණු ගණනකුත් ලැබෙනවා. කොහොම හරි මේ දෙන්නා යාළු වෙලා දෙමාපිය විරෝධතාවය මැද කසාදත් බඳින්වා.. මේ දෙන්නගෙ ආදරේ හරිම සුන්දරයි.. රාම් සහ ජනනි එකිනෙකා වෙනුවෙන් කොඩක් කැපකිරීම් කරනවා.. හැබැයි කසාද බැඳලා ටික කාලෙකට පස්සේ මේ දෙන්නා අතර ප්‍රශ්ණ ඇතිවෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රශ්ණ ඇති වෙන්නෙත් මේ දෙන්නගෙ තියෙන අප්‍රමාණ ආදරය නිසයි.
ඉතින් යාළුවනේ.. ඇයි මේ විදිහට මේ දෙන්නා අතර ආදරය නිසා ප්‍රශ්ණ ඇති වෙන්නේ? ඔවුන් කොහොමද මේ ප්‍රශ්ණ විසඳගන්නේ? රාම්ගෙ මරණය ඇත්තටම සියදිවි නසා ගැනීමක්ද? එහෙම නැත්නම් කවුරුහරි රාම්ව මරණවද? මේ දෙන්නගෙ ආදරේට කණකොකා හඬන්න මූලිකම හේතුව මොකක්ද? වගේ දේවල් චිත්‍රපටිය බලන්නෙ නැතිව ඉතින් දැනගන්න විදිහක් නැහැ.. (ඒ වගේම කෙල්ලෙක්ව යාළු කරගන්නෙ කොහොමද කියලා මේ චිත්‍රපටියෙන් හොඳ අදහසක් ගන්නත් අපේ මල්ලිලාට පුළුවන්.)
ඒ වගේම දිවිය පුරා වෙබ් අඩවියේ පලවුන “කොලවරි“ ගීතයේ සිංහල අනුවාදයකුත් මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. හරිම සරල හරිම ලස්සන තේරුමක් තියෙන මේ ගීතය සහ චිත්‍රපටිය කවදාවත් අපේ හිත් වලින් මැකිලා නොයාවි..
ආදරය පැරදුනු විට,
මෙතරම් හදවත ගිනිගන්නේ ඇයිද?
සඳ ඇත්තේ බොහෝ දුරිනි.
සඳෙහි පැහැය සුදුය.
සුදු පැහැය පිටුපසින් ඇත්තේ රාත්‍රියයි.
රාත්‍රියේ පැහැය කලුය.
ඇගේ සමෙහි පැහැය සුදුය.
ඇගේ හදවතෙහි පැහැය කලුය.
ඇසට ඇස මුණගැසුණි.
මගේ අනාගතය අඳුරුය.
අතෙහි වීදුරුව ඇත.
වීදුරුවේ විස්කි ඇත.
ඇස් කඳුලින් පිරී ඇත.
ජීවිතය හිස්ය.
ඇය පැමිණිදා සිට ජීවිතය රිවර්ස් ගියරයට වැටී ඇත.
ආදරය,මගේ ආදරය…,
මට කොකා පෙන්වා ඇත.
දෙවියනි,
මට මෙය ඔබට ඇසෙන්නට කියන්නට උවමනාය.
මම ටිකෙන් ටික මියයමින් සිටිමි.
ඇය සතුටින් සිටින්නේ කෙසේද?
3 (2012) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා අදාළ වේ.
34,517 downloadsDownload 3-2012-SinhalaSubs-Baiscopelk.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට සහ “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
3 (2012) Sinhala SubtitlesSubtitles
- #3 (2012) Sinhala Sub
- #3 (2012) Sinhala Subtitles
- #3 Sinhala Sub
- #3 Sinhala Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #Hayley Atwell
- #Offbeat
- #Rebecca Ferguson
- #Simon Pegg
- #Sinhala Subtitle
- #Tom Cruise
- #Ty Simpkins
- #Ving Rhames
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #ධනුෂ්ක | ධනා
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![3 (2012) Sinhala Subtitles | වයි දිස් කොලවරි… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/3-2012.jpg)