Watch Trailer

New York (2009) Sinhala Subtitles | 9/11 ප්‍රහාරයෙන් පසු නොදුටු පැත්ත…[සිංහල උපසිරැසි සමඟ]

“යහළුවන් තිදෙනෙක්.. එක් සිදුවීමක්.. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි” ඔයාලට මොකද හිතෙන්නේ කිසිම වරදක් නැතිව කෙනෙකු මාස නවයක් නිරුවත්ව, උපරිම වද හිංසා සමග, (ඔවුන්ගේ මුහුණට රෙදි කෑල්ලක් ඔතලා ඒකට මුත්‍රා කරල) හිර අඩස්සියක දමලා මාස නවයකට පසුව “අපිට සමාවෙන්න දරුවෝ, අපෙන් වරදක් උනේ” කියල නිදහස් කල…

“යහළුවන් තිදෙනෙක්.. එක් සිදුවීමක්.. ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි”

ඔයාලට මොකද හිතෙන්නේ කිසිම වරදක් නැතිව කෙනෙකු මාස නවයක් නිරුවත්ව, උපරිම වද හිංසා සමග, (ඔවුන්ගේ මුහුණට රෙදි කෑල්ලක් ඔතලා ඒකට මුත්‍රා කරල) හිර අඩස්සියක දමලා මාස නවයකට පසුව “අපිට සමාවෙන්න දරුවෝ, අපෙන් වරදක් උනේ” කියල නිදහස් කලොත් එහෙම. ඔයාල ඊට පස්සේ මොකද කරන්නේ. මම දන්නවා දැන් ඔයාලට මතක් වෙන්නේ සන්ජේ දත් රඟපාපු, එයා අවුරුදු 14 ක් හිරකරලා තියපු Zinda චිත්‍රපටිය. මේ ඒකට වඩා හාත්පසින්ම වෙනස් එකක්.

මම පොඩි සාරාංශයක් දෙන්නම් දැන් ෆිල්ම් එක ගැන….

FBI වැටලීමකින් ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේදී එක ඉන්දියානු පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා “ඕමාර් අයිජාස්” කියන. ඒ ඔහු ලග පුපුරණ ද්‍රව්‍ය හා AK 47 ලඟ තබා ගැනීම නිසාත් ඔහු වැඩ කරන්නේ “සමීර් ෂෙයික්” කියන ත්‍රස්තවාදියාට කියලා අනුමාන කරන නිසාත්. සමීර් ෂෙයික් යනු ඕමාර් අයිජාස්ගේ කොලේජයේ යහළුවකු වන අතර ඔහු ත්‍රස්තවාදියෙක් නොවන බවත් හොයා ගනු ලැබූ ආයුධ ඔහුගේ නොවන බවත් ඕමාර් විසින් පවසනවා. නමුත් FBI එකේ නියෝජිත වන රෝෂන් පවසනුයේ සමීර් ෂෙයික් යනු ත්‍රස්තවාදියෙක් බවත් මෙම පටලැවිල්ලෙන් ගැලවීමට නම් සමීර් ෂෙයික් අල්ලා ගැනීමට FBI එකට උදව් කරන ලෙසත් ඕමාර් හට පවසනවා. ඕමාර් තම යාළුවා හට ද්‍රෝහී කම් කිරීමට මුලින් අකැමති උවත් පසුව මෙයින් ගැලවීමට වෙන මගක් නැති නිසාත් සමීර් ෂෙයික් යනු ත්‍රස්තවාදියෙක් නොවන බව ඔප්පු කිරීමටත් FBI එකට උදව් කිරීමට එකඟ වෙනවා.

සැප්තැම්බර් 11 ( 9/11) ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සිදු ප්‍රහාරයට ප්‍රථම සමීර්, මායා, සහ ඕමාර් යනු නිව් යෝර්ක් උසස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ යහළුවන් තිදෙනෙක් විය. සමීර් සහ මායා යනු ඇමරිකානු පුරවැසිභාවය ලත් ඇමරිකානු ජීවිතයක් ගත කරනු ලැබූ දෙදෙනෙකි. ඕම්ර් එම විද්‍යාලයට පැමිණෙන්නේ ශිෂ්‍යත්වයක් ලැබීම නිසායි. ඔවුන් එහි ඉතා සතුටු දායක ලෙස තම ජීවිතය ගත කල අතර 9/11 ප්‍රහාරය සිදු විය. එමගින් ඔවුන්ගේ ජීවිත සහමුලින්ම වෙනස් විය. 9/11 ප්‍රහාරයෙන් දින 10 කට පසුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පින්තුර දෙකක් ලඟ තබා ගැනීමේ වරදටත් ගුවන් ටිකට් පත් දෙකක් ලඟ තබා ගැනීමේ වරදටත් සමීර් ෂෙයික් ව FBI එක මගින් ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස අනුමාන කරමින් මාස නවයක් පුරා වද හිංසා සමග රැඳවුම්ගාරයක (හිර අඩස්සියක) හිර කරන ලදී. මාස නවයකට පසු ඔහු සම්බන්ධව කිසිදු සාක්ෂියක් FBI එකට සොයාගත නොහැකි වීම නිසා සමීර් ව ” FBI එක මගින් වරදක් වූ බවට සමාව ගෙන” නිදහස් කරන ලදී. (ඉහතින් සදහන් කර ඇත්තේ ෆිල්ම් එකේ මුල් විනාඩි කිහිපයයි. දෙවනුව සදහන් කර තියෙන්නේ ෆිල්ම් එකේ මැද හරියේ විස්තර කිහිපයක්. ෆිල්ම් එක බලන අතර ඔයාලට මේක ගලපගන්න පුළුවන් වෙයි)

මාස නවයකට පසු නිදහස් වන සමීර් හට වෙන්නේ මොනවද? ඔහු ත්‍රස්තවාදියෙක් නම් එසේ වන්නේ කාගේ වරදින්ද? ඔහු ත්‍රස්තවාදියෙක් නම් ඔහුගේ ඉලක්කය කුමක්ද? එය සාර්ථක කර ගැනීමට හැකි වේද ? ඕමාර් හට තම නිදොස් බාවයත් සමීර් ත්‍රස්තවාදියෙක් නොවන බවත් ඔප්පු කිරීමට හැකි වෙයිද ? පාසලේදී හොදම මිතුරා වූ ඕමාර් FBI එක සමග එක්ව තමන් ගැන ඔත්තු බැලීමට නැවත ඔහුගේ ජීවිතයට ආ බව සමීර් දැන ගනීද? අවසානයේ සමීර්, මායා හා ඕමාර් හට සිදු වන්නේ කුමක්ද ? දැන ගන්න ඉතින් ෆිල්ම් එක බලන්න වෙනවා….

මෙහි සමීර් ලෙස ජෝන් ඒබ්‍රහම්, මායා ලෙස කට්රිනා කයිෆ්, ඕමාර් ලෙස නීල් නිතින් මුකේෂ් හා,FBI නියෝජිත රෝෂන් ලෙස ඉර්ෆාන් කාන් විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වෙනවා. මෙය IMDb රේටින් තුල 6.7 ක අගයක් ලබාගෙන තිබෙනවා. මට නම් හිතෙන්නේ ඒ මදි කියලයි.

මේ මගේ ගීත වලටත් සබ් දාපු මගේ දෙවන චිත්‍රපටයයි.ඒ වගේම හරිම අසාවෙන් කල එකක්.අනික ඔයාලට මෙම ෆිල්ම් ඒකෙන් මගේ ඉන්ග්ලිෂ් සබ් දැමීම ගැනත් තීරණය කරන්න පුළුවන් වෙයි…මොකද වැඩි හරියක් ලයින් ඉන්ග්ලිෂ් වලින් තිබුණු නිසා. අනික කිහිපයක් ලයින් විකියා සහෝගේ උපදෙස් අනුව,ටයිම් ලයින් මටම හදලා දාන්නත් උනා. ඉතින් ගොඩක් මහන්සි උනා වැඩේට….දැන් ගොඩක් කොමන්ටුත් අඩුවෙන් වැටෙන්නේ.මොනා කරන්නද ඉතින් නේද..කාරියක් නැ….ෆිල්ම් එක නම් පට්ටම පට්ට ෆිල්ම් එකක්, අනිවා බලන්න කියලා ඉල්ලනවා අන්තිම හරිය නම් හිතා ගන්න බැරි විදියට දුකයි…පුළුවන් නම් බලල ඉවර වෙලා කොමන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා.
මේ මගේ අටද කොහෙද….එහෙනම් ජය වේවා….

මීට පෙර පළ කළ ලිපිය.

මේ කියන්න යන්නෙ අලුත්ම ෆිල්ම් එකක් ගැන..ගොඩක් අය බලාගෙන හිටිය මේකෙ හොද ටොරන්ට් එකක් එනකම්..ඔන්න දැන් ඇවිත් තියෙනව..මේ ගැන මුලින්ම මාව දැනුවත් කළ ‘Dark Shadow’ සොහොයුරාට ස්තූතියි.. 🙂 මේ ෆිල්ම් එක අනික් හින්දි ෆිල්ම් වලට වඩා වෙනස් වෙන්න හේතු ටිකක් තියෙනව..මේක හදල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටයක ආකාරයට..ඒ වගෙම බොහෝදුරට කතාබහ වෙන්නෙත් ඉංග්‍රීසියෙන්..ජෝන් ඒබ්‍රහම්,කට්‍රිනා කායිෆ් වගේම නේල් නිතින් මුකේශ් යන නලු නිළි පිරිසගේ රංගනයෙන් මේ ෆිල්ම් එක හැඩ වෙලා තියෙනව..
මෙන්න මෙහෙමයි New York චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ,ඒ පිලිවෙලටම මම කියන්නම්..ඇමරිකානු ආරක්ශක අංශ විසින් ලුහුබදිනව එක්තරා කැබ් රථයක්..මේ රථය නවත්වා පරීක්ශා කළවිට පොලීසිය හොයාගන්නව අවි ආයුධ තොගයක්ම..පසුව මේ කැබ් රථයේ අයිතිකාරය අතඩංගුවට ගැනෙනව..ඔහු මේ පිළිබද කිසි දෙයක් දන්නෙ නෑ..
නමුත් බොහෝ දිනක් පොලිසියෙ නතර කරගෙන සිටිය ඔහුට පැවරෙනව අමුතුම රාජකාරියක්..මීට වඩා කියල ෆිල්ම් එකේ රසය අඩු කරන්න මම අදහස් කරන්නෙ නෑ..
ඇමරිකාවට එල්ලවූ 9/11 ප්‍රහාරයෙන් පසුව ආසියානුවන්ට ඇමරිකාවෙදි විදින්න උන දුක් ගැහැට ආදිය හොදින් සාකච්චා වෙන ලස්සන ෆිල්ම් එකක්..මෙය නිකම්ම නිකම් ෆිල්ම් එකකට වඩා රසවත් හා අර්ථවත් එකක් වෙලා තියනව මෙහි කතා වෙන මාතෘකාව නිසා..

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

5,029 downloadsDownload New-York-2009-SinhalaSubs.Baiscopelk.zip107 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-07-25

Subtitles

5,029 downloadsDownload Subtitles107 KB

112 comments

  1. Uraj Deemantha

    එළ එළ කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ .......!! :) Thanks ගුරෝ :D

  2. DragonD

    oyage films 3 ka taama baawenawaa.....

    api itin slt 512 ne !

  3. මල්$han

    ඔන්න ඉතින් අපිත් දැම්මා බාගතවෙන්න...අනේ ගුරො ඇයි බං දවසකට 1 ‍ෆිල්ම් 1 ගානේ දාන්නේ?? අපේ Machine දැන් නිකන් Server Machine වගේ :D

    ප.ලි: ඔන්න මෙදා පොටේ ප්‍රථම ප්‍රතිචාරය මගෙන් හොදේ

  4. kolla

    මේක බාන එක කොත‍රම් දුරට සාධාරණද ගූරො?කොහොම වුනත් තෑන්ක්.මම නම් ඉතින් මෙක බෑවා:D :) කව්ඩ බොලෙ ඩාර්ක් ශඩො කියන්නෙ හික් හික්

  5. මල්$han

    මදැයි කොලා එතනත් 3වෙනියා උනා...ඇයි මටම මෙහෙම වෙන්නේ.... :(

  6. බුධාජීව

    බාමි !

  7. chamila

    මම මේක කලින් බාලා තිබ්බේ :) එත් තාම බලන්න නම් බැරි වුනා :(

  8. Anonymous

    echchara quality na film eka nam

  9. ChuttaFX

    hindi film1k balapu kalayak mathaka na. baalama balanna ona. thanx guro. :D

  10. KHz

    එලම තමා ..... තෑන්ක්ස් ගුරෝ :D

  11. chamila

    අපරාදේ බන් පැය දෙකහාමාරක් මේක බලන වෙලේ ඉංගිරිසි 2 ක් බලන්න පුළුවන්... :D

  12. සමන් කලුබෝවිල.

    අම්මෝ........ මාර කාලයකට පස්සේ හින්දි ෆිල්ම් එකක් බලන්න හදන්නේ......ඔන්න බෑවා..............

  13. DIL

    Ela.. mcn Thanx.. kalakin Hindi Film ekk balanne..

  14. Prabath Sameera Wijerathna

    Movie eka ea taramma hodai kiyala nam hitenne naha. Story eka lassana naha ekai.... habai balanna ....

  15. stanley

    Many thanks, Keep on sharing SHEARING IS BETER THAN CARING IN INTERNET

  16. සහන්

    මට හින්දි ‍ෆිල්ම් බලනකොට ඇඬෙනවා, කමක්නෑ ඉංග්‍රීසි වගේ කියපු නිසා බානවා

  17. පොතේ ගුරා

    @Uraj Deemantha !එළකිරි මචෝ.. :)

    @DragonD!එළ එළ..බාපන් බාපන්..මම නම් රෑටත් මැශිම ඕන් එකේ තියන්නෙ.. :)

    @මල්$han ! හික්z..ඒක තමයි බන් බයිස්කෝප් සම්ප‍්රදාය!රොයිලි බුවා ආව්ම දවසට ෆිල්ම් දෙක ගානෙ උනත් දෙන්න බැරිය! :P

    @kolla ! බාල බලපන්කෝ ෆිල්ම් එකේ වෙන දේවල් සාධාරණද කියල,බාන එක නම් සම්පූර්ණ සාධාරණයි.. :)

    @මල්$han ! අෆොයි සැලෙන්න එපා මචෝ,ඕන ත‍රම් චාන්ස් හම්බෙයි පළවෙනිය වෙන්න..

    @බුධාජීව! එළ මලේ!

    @chamila !බලපන්කො..ටිකක් වෙනස් දෙයක් ගැන කතා වෙන්නෙ..ඒකයි මම මේක හොදයි කියන්නෙ.. :)

    @නිර්නාමික! හ්ම්ම්..අවසානය ටික අනාගෙන තියෙන බව නම් ගොඩක් අය කියනව..ඒත් තේමාව හොදයිනෙ මචෝ.. :)

    @ChuttaFX !එළ එළ සහෝ.. :)

    @KHz! මේ අපේ එළකිරි එකේ බුවාද?වෙල්කම් කීව ඕං!

    @chamila! හික්z..ඒක නම් ඇත්ත..හින්දි ෆිල්ම් නෙ බන්z..

    @සමන් කලුබෝවිල! එළ එළ මචන්z.. :)

    @DIL! එළ එළ සහෝ.. :)

    @Prabath Sameera Wijerathna !ගොඩක් හින්දි ෆිල්ම් වල තියෙනව වගේ ආද‍්ර කතාවක් නැති උනත් ආසියානුවන්ට උන සිදුවීමක් (අසාධාරණයක්?) ගැන කතා වෙන නිසා වෙනසකටත් එක්ක හොද ෆිල්ම් එකක්නෙ මචෝ..(අවසානය නම් අනාගෙන තියෙනව)

    @stanley! වෙල්කම් මචෝ.. :)

    @සහන් !හික්z..මේකට නම් ඇඩෙන එකක් නෑ මචෝ..බලපන්කො.. :)

  18. DareDevil

    මෙච්චර කල් fil බැලුවට comments දැම්මේ නෑනේ...ඕං මං අද ඉදන්වත් දානවා...

  19. chathurarcrc

    අම්මේ ගුරා හින්දි ෆිල්ම් එකක් දාලා.බොහොත් ශුක්ක්‍රියා

  20. පැතා

    thanks ගුරෝ ටිප් ටොප්

  21. පොතේ ගුරා

    @DareDevil!හික් හික්..එළ එළ ස හෝ..අලුතෙන් ෆිල්ම් බාන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් ප‍්රයෝජනවත් වෙයි උබල දාන කමෙන්ට්ස්!

    @chathurarcrc !හික්z..බාපන් බාපන්.. :)

    @පැතා! වෙල්කම් මචෝ..

  22. බුධාජීව

    මේකට ඉංගිරිස් සබ්ටයිටල් හොයාගත්ත කෙනෙක් ඉන්නවද ?

  23. සහන්

    උඹල මොනව කීවත් මට මේ film එක බලද්දිත් ඇඬුනා ;( මොකද ඇමරිකානුවන් ආසියානුවන්ට සලකන විදිහ දැකලා. අදටත් ඒකෙ වෙනසක් දකිනවද? මෙ ලඟදිත් ඉන්දියාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ප්‍රසිද්ධ නළුව ෂරුක්ඛාන්ව ඇමරිකාවෙ Airport එකකදි පැය ගානක් රස්තියාදු කරවලා අපහසුතාවලට ලක් කලේත් ඇමරිකානුවන්ගේ ආධිපත්‍ය..බලය.. පෙන්නන්න නෙමෙයිද? එච්චර ප්‍රසිද්ධ කෙනෙකුට එහෙමනං අපි ගැන කවර කතාද?............... (ඒකනෙ අපි උන්ගෙ softwares හරි හොරෙන් පාවිච්චි කරල උන්ට පොඩි හරි පාඩුවක් කරන්න උත්සාහ කරන්නෙ :D හික්Z)

  24. Akalanka

    Meka nam niyama film ekak
    balanna

  25. rotiya

    onna ehenan apith banawa meka

  26. බුධාජීව

    ඉතාම වැදගත් පණිවුඩයක් දෙන චිත්‍රපටයක්. මේක තුල කතාබහ කෙරෙන සංකල්ප ඉතාම විවාදාපන්න වගේම හරිම සංවේදී. වටිනා සිනමා කෘතියක්.

  27. Anonymous

    :)

  28. රොයිලි

    @ sinhalatech,

    thanx මචං සබ් ලින්ක් එකට.

  29. Amil

    English subtitles ewanna rapid share eke thiyanawa pay karanna ona free ekak nadada

  30. Ela Kolla

    මෙක මචො මම බලපු හොදම HINDI FILM එකක්... LOVE AAJ KAL DVDrip ඈවිල්ල.. එකත් බාලල දාපන්

  31. RANUSHKA

    MEKA NADAKERANNE NAHA UPDATE KERANNE

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා..

  32. Black Panther

    thanx :D downloading

  33. Sampath Hewage

    meka thadata wadinawa..............uparimai.....duka hithenawa.............i love it............

    Three Friends
    One Event
    And
    The World
    Around Them
    Changed

  34. nimantha

    me meke sinhala sub file ekak enne nadda

  35. ganidu

    Thanks so much

  36. was

    පට්ට පට්ට මචං බලන්න ඕනේ

  37. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි යාළුවා මේ චිත්‍රපටියට සිංහලෙන් සබ් දුන්න එකට. කතාව මුලින් කියවගෙන යද්දී මට මතක් උනෙත් සංජේ දත් ගෙ “සින්දා“ චිත්‍රපටිය. මමත් චිත්‍රපටිය බාගනිමි. ජයවේවා!

  38. ccnp

    Thanks kolla :)

  39. දිනිඳු සම්පත්

    අඩේ මේක මම බාගෙන තිබිලා තියෙන්නේ.. ඒ නිසා සබ විතරක් බාමි..

  40. rusuru | රුසිරු

    හින්දි නම් බලනවා කෝමත් :)

  41. dineth

    සුපිරි මචං එලස්

  42. quik

    ela ela thxx

  43. lasidu

    පට්ට පට පට :)

  44. Janaka

    jaya wewa thxxx

  45. lk

    maxxa dwn karanawa

  46. elakiri

    එල එල එලම තමා වැඩේ පට්ට

  47. srimal

    Thxzz

  48. chamara

    Maru.film akak macho

  49. අරුණ

    ජය වේවා !!!!!!!!!!

  50. h[A]s

    සබ් වලට තැන්ක්ස් :)

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.