Watch Trailer

5 Sundarikal (2013) Sinhala Subtitles | සුන්දරියන් පස් දෙනෙක්! [සිංහල උපසිරසි සමඟ]

කාන්තාවක් සුන්දර වෙන්නේ කොහොමද? රූපයෙන්ද? සිනහවෙන්ද? කතාවෙන්ද? හැසිරීමෙන්ද? නැතිනම් ගති ගුණයන්ගෙන්ද? බොහෝ දෙනෙක් බොහෝ දේවල් කියාවි. ඔව්. ඒ සියල්ලන්ගෙන්ම කාන්තාවක් සුන්දර කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම විවිධාකාරයෙන් සුන්දර කාන්තාවන් පස් දෙනෙකු පිළිබඳව ගලායන චිත්‍රපටයක් තමයි “අන්ජු සුන්දරිකාල්” කියන්…

කාන්තාවක් සුන්දර වෙන්නේ කොහොමද? රූපයෙන්ද? සිනහවෙන්ද? කතාවෙන්ද? හැසිරීමෙන්ද? නැතිනම් ගති ගුණයන්ගෙන්ද? බොහෝ දෙනෙක් බොහෝ දේවල් කියාවි. ඔව්. ඒ සියල්ලන්ගෙන්ම කාන්තාවක් සුන්දර කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම විවිධාකාරයෙන් සුන්දර කාන්තාවන් පස් දෙනෙකු පිළිබඳව ගලායන චිත්‍රපටයක් තමයි “අන්ජු සුන්දරිකාල්” කියන්නේ. අපි ඒකට “සුන්දරියන් පස් දෙනෙක්” කියමු.

මේ “සුන්දරියන් පස් දෙනෙක්” යනුවෙන් මම සිංහල උපසිරැසි රැගෙන ආ චිත්‍රපටය මලයාලම් සිනමා සිත්තමක්. බලන්න කළිනුත්, බලනකොටත්, බැලුවට පස්සෙත් ‘අමුතු’ කියන ගණයට වඩා ‘මහා අමුතු’ කියන ගණයට වෙන් කළ හැකි සිනමා සිත්තමක් තමයි මේ. ඊට හේතු කියනවනම් කෙටි කතාන්දර පහක එකතුවක් ලෙස තමයි මෙය ගලායන්නේ. මම කෙටි කතා කිහිපයක් එක් කොට සෑදු චිත්‍රපටයක් නැරඹු මුල්ම අවස්ථාවයි මේ. කෙටි කතාවක සාමාන්‍යයෙන් තිබෙන කුතුහලය, සමහරවෙලාවට අපට දැනෙන අගක් මුලක් නැති ගතිය, අවසානය පැහැදිලිව නොදැක්වීම, කතාවේ අවසානය ප්‍රේක්ෂකයාගේ අභිමතයට සකස් කරගන්නට ඉඩ ලබාදීම වගේ බොහෝ ලක්ෂණ මෙහි කතා තුළත් දක්නට ලැබෙනවා. මෙම චිත්‍රපටය හඳුන්වා තිබෙන්නේ ‘ආදරය’ පිළිබඳව වෙනස්ම ආකාරයෙන් දක්වන කෙටිකතා පහකින් සමන්විත චිත්‍රපටයක් ලෙසයි.

ඉතින් කතා පහම මුල ඉඳන්ම බලන්න කියලා ආරාධනා කරනවා කිසිම දෙයක් කියන්නේ නැතිව. එතකොට මේ චිත්‍රපටයේ අදහස් ඔබ කැමති ආකාරයකට සිතා ගැනීමට වගේම රසවින්දනයටත් පහසු වේවි.

මෙම සිනමා සිත්තම නිකුත් වුණේ 2013 ජූනි 21 වන දිනයි. පැය 2යි මිනිත්තු 20ක් දක්වා නැරඹිය හැකියි. කතාවන් පහක් නිසා අධ්‍යක්ෂකවරුන් පස් දෙනෙකුත් සිටිනවා,

  1. ආශික් ආබු
  2. ශයිජු කලීඩ්
  3. අමාල් නීරද්
  4. සමීර් ථහිර්
  5. අන්වාර් රශීඩ් යන පිරිස විසින්

මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ අධ්‍යක්ෂණන්ද දායක වුණ අමාල් නීරද් ශිල්පියා විසින්. මෙම කතා රචනා කොට තිබෙන්නේ,

  1. එම්.මුකුන්දන්
  2. සිජෝයි වර්ගීස්
  3. අමාල් නීරද්
  4. ෆෙන්ග් ජිකායි
  5. හශීර් මොහමඩ් යන රචකයන් විසින්.

මෙය අයත් වන්නේ family/ romance ගණයටයි. Amal Neerad production හි නිපදවා ඇති මෙය බෙදා හැර තිබෙන්නේ August Cinema ආයතනයෙන්. imdb දර්ශකයෙන් 6.8ක අගයක් ලබාගැනීමට මෙම නිර්මාණය සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටයෙන් උපයාගෙන ඇති සමස්ත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 3.2ක් වෙනවා.

ඒ වගේම දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත චරිත දෙකක් වන Nivin Pauly, Dulquer Salmaan යන සුපිරි තරු යුවලත් මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ නිසා මේ චිත්‍රපටය නොවරදවාම නරඹන්න කියන ආරාධනාවත් සමඟින් නැරඹීම ඔබට භාර කරනවා.

අවසානයේදී ස්තූතිවන්ත වෙනවා මෙම චිත්‍රපටය උපසිරැසි කිරීමට ලබාදුන් ශාන් විමුක්ති සොහොයුරාට සහ මගේ සහෝදරිය (ගයේෂා සත්සරණී)ටත්.

එහෙනම්, නැවත උපසිරැසියකින් හමුවෙමු. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

5,257 downloadsDownload 5-Sundarikal-2013.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

5,257 downloadsDownload Subtitles35 KB

37 comments

  1. C. R. ජයලත්

    Niyamai Sonali Akki Jaya Wewa!!!!!

  2. Nimesh Dinuranga

    නියමයි අක්කියෝ

  3. Madhawa

    Biscope eke tv series wlta weekly sub denne na kiyanne attada , 2018 ena 13 reasons y , stranger things wge ewatah aye sub denne nadda mchn ??

  4. KAVINDA GAMAGE

    අපි හැමෝටම බලන්න මේ වගේ සුපිරි ෆිල්ම් අරගෙන ආවට ගොඩක් ස්තුතියි .

  5. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    බොහොම ස්තුතියි..!
    තවත් ලස්සන මලයාලම් ෆිල්ම් චිත්‍රපට වලට
    උපසිරැසි දෙන්න ..
    ☺☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  6. rangika Kariyawasam

    Fattai ...නියම වැඩක් කලේ නංගෝ.මලයාලම් ෆිල්ම් කලෙක්ෂන් එකට ඇත්තටම අඩුවට තිබුනු ෆිලුමක් තමා මේ ෆිලුම. මමත් භාගන්න ට්‍රයි කල ෆිල්ම් එකක්. ඒත් සීඩස් අඩු නිසා බැරි වුනා.

    මේ ෆිල්ම් එකට සබ කල එකට ෆටිටම තැන්ක්ස් නගෝ. නියම ෆිලුමක් . මේක හදන්න මහන්සි උනාට බෝමත් ස්තුතීයි . ජයවේවා.. දිගටම මලයාලමි සබ් දෙන්න කියලා ඉල්ලනවා... ෴

  7. Kulanjana Maduranga

    niayamai…malayalam nm ithin aniwa balanawama thama...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Indrajith

    Thanks for the subtitle

  9. Thilina Ħímąruwaŋ

    නියමයි මචන් මන් අසයි මලයාලම් මේ ෆිල්ම් ඊ ඉන්න සෙට් එකටම තව ෆිල්ම්ස් දාන්න.........උම්මා.

  10. ඩොක් අයියා

    තැන්කු වේවා “සොනාලි තාරිකා” නංගියෝ ඔයාගේ කැපවීමට.

    ඔන්න එහෙනම් ඒ උපරැසියත් අපි බාගත්තා හොඳේ

  11. Sineth Rashmika

    සබට ස්තූතීයි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sashika

    thnkz bokaaaaa

  14. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  15. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  16. deshan

    bohoma stuthi jaya wewa

  17. Dhanush Narangoda

    අම්මේ ඉතින් කෙල්ලෙක්.... කොමන්ට් එකක් කොටන්නම ඕනි හි හි .....
    මේ මචන්ලා ඇයි සීරියස් වල සබ් දෙන එක ගැන අරම කතාවක්..? උඹලගේ සබක් අඩුම 2000ක් වත් ඩවුන්ලෝඩ් කරනවා... හතර දෙනෙක් විතර උඹලට අනම් මනං කියනවා ඒ කියන්නේ 0.2% ක් වගේනේ බන් 99.8%ක් ම මොකුත් කියන්නේ නැහැනේ බන් .?
    උඹලගේ වැඩක් ඉතිං

  18. Salinda

    ela bokaaa ..

  19. Sujith

    පට්ට හොදේ ත්වත් මේ වගේ ෆිල්ම් දෙන්න
    Jaya janaki nayaka telugu filumatath sub dennako sahoo
    Thanks bro

  20. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි උපසිරැසිය වෙනුවෙන්.මේකත් මලයාලම් රසිකයින් උපසිරැසියක් බලාපොරොත්තු වුන ෆිලුමක්.ඉස්සරහටත් හොඳ මලයාලම් ෆිලුම් වලට සබ් දෙමු.ජය!

    1. rangika Kariyawasam

      තරිඳු සහෝ පුලුවන්නමි Chunkzz (2017) Malayalam ෆිලුමටත් සබ දෙන්න.
      අපට අතහැරුනු තවත් ෆිලුමක් තමා fahadh faasil ගේ Role Models (2017) ඒකටත් අපේ සහෝ කෙනෙක් සබ දෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා... ජයවෙිවා

  21. prasad

    ලංකාවෙ ගොඩේ සෙට් එක තමා මේව බලන්නෙ නේද?

    1. Lalani Maduwanthi

      Oya made da?

    2. Lalani Maduwanthi

      Prasad oya madee inna urek neda?

  22. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට.
    ජයෙන් ජය.

  23. ජගන්නාථ

    බොහොම ස්තූති උපසිරැසියට.

  24. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  25. Tharu

    Tnq

  26. kent parker

    thanks

  27. Lalani Maduwanthi

    Godaaak lassana,,godaaak duka hithena film 1k,,,,,godaaak pin oyalata,,,,godaak sthuthy

  28. Lalani Maduwanthi

    Godaaak lassana,,godaaak duka hithena film 1k,,,,,godaaak pin oyalata,,,,

  29. Lalani Maduwanthi

    Aneee thawa Malayalam,,tamil movies denna,,,,

  30. malith

    Thank you

  31. Thilina Chamara

    බොහොම ස්තුතියී...

  32. kasunindika

    Thank you bro!!

  33. Nayanthanisal

    thankz

  34. badurdeen

    Thank you for the Subtitle, keep up the good work