Watch Trailer

Poster Boys (2017) Sinhala Subtitles | පෝස්ටරේ ඉන්න කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් ගෙන්න හිතුවා,වැඩේ හිතුවට වඩා කාලේ ගියා,වැඩ රාජකාරි තත්වය නිසා, කොහොම වුනත් වැඩ රාජකාරි අස්සේ උපසිරසියක් ගෙනවමයි කියලා හිතුවා,ඔයාලට අද ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් අරගෙන ආවා. කතාව ගැන කියනවානම් කතාව ගෙතෙන්නෙ පෝස්ටරයක් වටා තමයි,ඔයාලට නමින් ඒක පැහැදිලි වෙනවා ඇත…

කොහොමද ඔයාලට ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් ගෙන්න හිතුවා,වැඩේ හිතුවට වඩා කාලේ ගියා,වැඩ රාජකාරි තත්වය නිසා, කොහොම වුනත් වැඩ රාජකාරි අස්සේ උපසිරසියක් ගෙනවමයි කියලා හිතුවා,ඔයාලට අද ටිකක් වෙනස්ම ආකාරයේ කතාවක් අරගෙන ආවා. කතාව ගැන කියනවානම් කතාව ගෙතෙන්නෙ පෝස්ටරයක් වටා තමයි,ඔයාලට නමින් ඒක පැහැදිලි වෙනවා ඇති, පෝස්ටර් කොල්ලෝ ඉන්දියාවේ හින්දි චිත්‍රපටි සංස්ථාව මගින් තමයි හදලා තියෙන්නේ,කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shreyas Talpade මේක මෙයාගේ පලවෙනි අධ්‍යක්ෂණය සහ මෙය නළුවෙක්,ඔයාලා හොදටම දන්නවා ඇති Golmaal 3 එකේ ලක්ෂ්මන්ට ඉන්නේ එයා තමයි.කතාවේ රගපාන අය අතර ජනප්‍රිය අය ගොඩක් රංගනයෙන් දායක වෙනවා, Sunny Deol, Bobby Deol, Shreyas Talpade,මේ කතාව ජිවිත කතාව වගේම ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් කිහිපයක් ඇසුරෙන් කතාව හදලා තියෙනවා,

හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු,ජන්ගිති කියල ගමක් තියෙනවා ඒ ගමේ සිද්ධ වෙච්ච දෙයක් නිසා තමයි මේ කතාව දිගටම සිද්ධ වෙන්නේ,විහිළු වගේම වැදගත් දේවල් ගොඩක් කතාවේ තියෙනවා, කොහොමහරි කතාවේ චරිත 3ක් තියෙනවා,ප්‍රධාන චරිත ජගාවර් චෝද්රි,විනේ ශර්මා,අර්ජුන් සිං,මේ තුන්දෙනාට දන්නෙම නැතිව පෝස්ටර් වගයක් ගම පුරාම ගහනවා, ඒ පෝස්ටර් වල තියෙන්නේ “වසෙක්තමි ශල්‍යකර්මය ගැන(Vasectomy=මිනිහෙක්ට කරන ශල්‍යකර්මයක්,එයාගේ සහයිකවට නැවත ගර්භනි වෙන්න බැරිවෙන්න) කොහොමහරි මේ පෝස්ටර් නිසා මෙයාලා ගමේ ගොඩක් ලැජ්ජා වෙනවා,ජගාවර් චෝද්රි එයාගේ නංගිගේ කසාදෙ මේ නිසා නතර වෙනවා,තව විනේ ශර්මා,එයා ගුරුවරයෙක් එයාගේ නෝනා ටිකක් අමුතු කෙනෙක්,දුවලා දෙන්නෙක් ඉන්නවා,නෝනට ඕනේ වෙලා තියෙන්නේ කොහොමහරි පුතෙක් ඕනේ කියන හැගීමෙන්,කොහොමහරි මේ කතා ඔක්කොම නෝනට ආරංචි වෙලා මෙයාව දික්කසාද කරන්න හදනවා,ඔය අතරේ අර්ජුන් සිං එයාගේ කෙල්ල එහෙම නැත්තම් බදින්න ඉන්න ගැහැණු ළමයට රියා,එයාලගේ ගෙදරට විවාහ යෝජනාවක් අරගෙන යන්නේ,කොහොමහරි එයාගේ තාත්තා මේ පෝස්ටර් ගැන ආරංචි වෙලා එකත් නවත්තනවා,කතාව ඔය විදියට තමයි යන්නේ,බලමු මේ තුන්දෙනාට මේ පෝස්ටර් ගැහුවේ කවුද මොකටද ගැහුවේ කියලා හොයාගන්න පුලුවන් වෙයිද,මෙයාලගේ ජිවිතේ තිබ්බා වගේම තියෙයිද කියලා,එහෙනම් කතාව රස විදින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DVDRip පිටපත් සඳහා අදාල වේ.

5,816 downloadsDownload Poster-Boys-2017.zip81 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,816 downloadsDownload Subtitles81 KB

24 comments

  1. viduranga

    ආහ් ඉඳලා ඉඳලා කාලෙකින් සුපිරිම ෆ්ලොප් එකක් ගෙනල්ලා වගෙ.
    (ෆ්ලොප් කියන්නෙ මොකක්ද කියලා නොදන්න ඈයො මේ කොනට)
    සබට තුති,ඔබට ජය!

  2. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  3. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  4. Eranga Sandaruwan

    සබී බොබී නිසා ගන්න හිතුනා..

    උප සිරැසියට බොම ස්තූතියි..
    ජය වේවා.

    ටීවී සීරියස් නැති නිසා ෆිල්ම්ම බලන්න එපෑ දැන්

  5. KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් නොමිලේ කරගෙන යන මේ සේවයට .

  6. Praveen

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. ඉසුරු සම්පත් සිරිසේන

    Thanks

  8. Subhash pushpakumara

    Man hamadama බලාපොරොත්තු වෙනවා ඔයාලා tv serious වල sub දාල ඇති කියලා ... ath ඇත්තටම giya thama tiyenne.... admin mandalen dapu akama thami... dukai appa.... viking season 5awa witharai... vema aiye sub dennako... man danna uba kamathima tv serious aka kiyala..

  9. Thilina Chamara

    thank you

  10. Sujith

    එල සහෝ ලස්සන ෆිල්ම් එල ජය වෙවා
    Jaya janaki nayaka telugu film ekatath sub dannako bro

  11. Navodya Kgj

    admin plz tv serious vala sub danna..........

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. ඩොක් අයියා

    ගොඩක් ස්තුති “රෂීන් මන්සිල්” මල්ලියෝ

    ඔන්න එහෙනම් මාත් උපරැසිය බා ගත්තා

  14. dharshana

    Thanks...

  15. praneeth madu

    බොහෝම ස්තූතියි සහෝ

  16. dinusha

    SUBTITLE DOWNLOAD KARANNA BA NE SAHO

  17. DG

    bohoma sthuthi saho..

  18. Udaya Fernando

    Thanks Rashin

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Amanda Sandu

    Thanks for the subtitles

  21. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  22. prince dinushan

    ela machaan film eka

  23. Shamal Priyasadh

    Elz mchn.. tnx සබට එලම බ්‍රෝ

  24. Chamara Diaz

    Thnks Bro....~

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.