[box]හොඳට ඇඳ පැළඳ ගත්ත පුද්ගලයෙක් දුටුවොත් ඔබ ඔහුව හඳුන්වන්නේ කොහොමද? මහත්මයෙක්.. නැත්නම් වැදගත් මහත්මයෙක්. මේ මහත්මයා මොන වගේ වෘත්තියක් කරන කෙනෙක් වෙන්න ඇතිද.. කළමනාකාරවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, පරිපාලන නිලධාරියෙක්. ඔහු වැඩ කරන ආයතනය කුමක් විය හැකිද? රජයේ ආයතනයක් නැත්නම් පුද්ගලික ආයතනයක්. ඒ ආයතනයෙන්…
හොඳට ඇඳ පැළඳ ගත්ත පුද්ගලයෙක් දුටුවොත් ඔබ ඔහුව හඳුන්වන්නේ කොහොමද? මහත්මයෙක්.. නැත්නම් වැදගත් මහත්මයෙක්. මේ මහත්මයා මොන වගේ වෘත්තියක් කරන කෙනෙක් වෙන්න ඇතිද.. කළමනාකාරවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, පරිපාලන නිලධාරියෙක්. ඔහු වැඩ කරන ආයතනය කුමක් විය හැකිද? රජයේ ආයතනයක් නැත්නම් පුද්ගලික ආයතනයක්. ඒ ආයතනයෙන් කෙරෙන්නේ කුමක් වෙන්න පුලුවන්ද? ඒක මිනීමරු ආයතනයක් කියා කිවුවොත් නොඅනුමානයි ඔබ පුදුම වෙන බවට. ජි හ්යෝන්ග්-දෝ (Ji Hyeong-do) මෙම ආයතනයේ සේවය කරන මහත්මයෙක්. පිටතින් ලෝහ නිෂ්පාදන ආයතනයක් ලෙස පවත්වාගෙන යන මේ ආයතනයේ ඔහු විශ්වාසවන්ත උසස්වීම් රාශියක් ලබපු පුද්ගලයෙක්. මිනීමරු ආයතනයක උසස්වීම ලබන්නනම් ඉතින් උසස් ගනයේ මිනීමරුවෙක් වෙන්න ඕන කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ ආයතනයේ ඉන්නේ නිකන්ම මැරයෝ නෙවෙයි. වෘත්තීයමය මිනීමරුවෝ. කොටින්ම කියනවනම් කවමදාවත් වැඩක් අහු නොවෙන්න හොඳට සැලසුම් හදල වැඩ කරන කණ්ඩායමක්. මොවුන්ගේ සේවය ලබාගන්නෙත් සමාජයේ උසස් පැලැන්තියේ පුද්ගලයින්. එවැනි එක මෙහෙයුමකට ඔවුන්ට ලැබෙන මුදල හිතාගන්නවත් බැරි තරම්. ඒත් මුදල් මත දිවෙන ලෝකයක කොතරම් මුදල් තිබුනත් මුදලින් කරන්න දෙයක් මේ ඔවුන්ට ඉතිරිවී නැත්නම්….
මිනීමරුවෙකුට ආදරය අකැපද? ආදරයක් නිසා සැලසුම් බිඳ වැටෙනවානම්, එවැන්නෙක් නවත්වන්නට මිනීමරු ආයතනයක් කුමක් කරාවිද? තමන් තරුණ කාලේ හිතේ හිටිය කෙල්ල නැවත හමුවෙලා ඇයට ආදරය කරන ජි හ්යෝන්ග්-දෝ තමන්ගේ මිනීමරු ජීවිතය ගැන කලකිරිලා ආයතනයෙන් සමු ගන්නට තීරණය කරනවා. කෙතරම් දක්ෂයෙක් වුනත් ආයතනයේ නීති වලට පිටින් යන අයගේ ඉරණම හිතාගන්න පුළුවන්නේ.. ජි හ්යෝන්ග්-දෝ ත් මේ ඉරණමටම පත් වේවිද? ආයතනය ඔහුවත් ඔහුගේ ආදරයත් බිලිගනීවිද? ආයතනයෙන් ලබා ගත් දෙයක් ඇත්නම් එයින් ඔහුට ජීවිතය ගලව ගත හැකිවේවිද?
2012 වසරේ ඔක්තෝම්බර් 11 දින තිරගත වීම ඇරඹු මේ චිත්‍රපටයේ කොරියානු තේමාව Hoi-sa-won (회사원). චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Im Sang-yoon කියන කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයායි. IMDb අගය 6.3ක් ලෙස හිමිකර ගන්න මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.
Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා.
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! (새해 복 많이 받으세요…!)
700 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 09f0b79c961405a40360a20ed92e8f3ab2f6bf83 2.8 GB කොපිය (BR) මෙතනින් බාගන්න 4c9cb879aa248b2a14f1976fa074ef6b4de12c9f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,399 downloadsDownload A.company.man_.2012.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනුක මධුශාන්
Subtitles
102 comments
ositha
chami
thnxxxxxxxxxxxxxxxxx
dev
ela ela...
bohoma stuti saho...patta katawak wage.. .samith
hit man , propesanal assasiners lata kamathi ayata me film eka supirima supiri film ekak.....sub ekath niyameta thiyanawaa.....
i hope ur teem consider more about chainise, korian movies.......
all the best baiscope team....!!!!tharanga
මේක මම කලින් දැක්කා කොරියාවේ හදපු ෆිල්ම් වලින් බොක්ස් ඔෆිස් පහරක් මේක... අනිවා පට්ටම වගේ කතාව.. ජය වේවා අපේ කොරියන් කොලුවට
උදාර
ජයම වේවා අහලා තිබ්බා පට්ටම එකක්ලු. බලනවා පුළුවන් ඉක්මනටම . ජය වේවා තවත් ඒවා ඕනේ
zumo man
elazzzz thnxzzzz
geeth
patta patta machan meywa thama one :D
chethiya
thanks well done
Neranji
දිනුක!!! ඇයි මේ වාගේ ඇක්ෂන් ඒවාට සබ් දාන්නෙ... මම හරි ආසයි මේවා බලන්ඩ.. අනේ මේවා මට ඩවුන්ලෝඩ් කරලා දෙන්නෙ පොලීසියෙන්ද? සහෝ!!!
quik
thanks
දිනිඳු සම්පත්
පට්ට කතාවක් වගේ..බලන්නම ඕන. හැබැයි පොඩි සයිස් කොපියක් තිබුනනම් අපි වගේ දුප්පත් කොල්ලන්ට වටිනවා මචං.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
shann
සුපිරි මචං අනිවා පට්ට
tharanga
බ්ලුරේ එක ඩිරෙක්ට් ගන්න 700 රිසම් සපෝර්ට්
http://s.dlfyou.com/SaeedBryant/Movie/720p%20%26%201080p%20…
was
ලොවෙත් නෑ එල තවත් ඒවා ඕනේ මචෝ ...
srk
thanks. සුබ අලුත් අවුරුද්දක් වේවා
“චූටී මල්ලි”
අපෙ කොරියන් කොල්ලා අවුරුද්දට කොරියන් තෑග්ගක්ම දිලා වගෙ
එල එල සහෝ
තවත් කොරියන් එව්වට දියන් මචන්
උබටත් සුභ නව වසරක් වේවා එහෙනම්
ඔබට ජය...nilupa
thanks machan digatama subs denna
Dilan
patta film eka, supiri saho..
jayawewa..!! digatama denna unu unu ewa.
ela tamaishashik
කොරියන් කතා පට්ට අයියේ .
ඊට කලින් දුන්න කතාවත් බැලුව .
මේ වගේ අමුතු තෙමාවල් තියෙන ඒවා දෙන්න හොදේtharanga
http://s.dlfyou.com/SaeedBryant/Movie/720p%20%26%201080p%20…
.rar එකත් එක්කම සේරම කොපි කරගෙන වෙනම ටැබ් එකක් අරගෙන දෙන්න.....නැත්තම් එරර් එකක් එනවා...
ජය
nisha
මචන් කොරියන් ෆිල්ම්ස් නම් ඉතින් එලම තමා.තව තව කොරියන් ෆිල්ම්ස් වලට සබ් දෙන්න.thanks මචන් මේ ෆිල්ම් එකට
upali
supiri saho
කැළුම්
අඩේ මැක්සා නේ මචං මේවා නියමයි තවත් ඒවා ඕනේ
hh
ela ela ela pattatatattatatataa
mihin ලංකා
නියමයි බාන ගමන්
rusuru | රුසිරු
බොහොම පින් මේ වගේ නියම ෆිල්ම්ස් සබ් එක්කම ගේන එකට,..
Bandula
තරංග යාලුවට තෑන්ක්ස් ලින්ක් එකට... බොහොම තුති සහෝ
wow
wow,,,maru :D
Pushpe
niyama wadak kollooooo
Gayan
bohoma thxxxx
jack
patta kathawak wage. niwaduwata balanna film eka bagannawa. thnx macho sub ekata
Fernando
gr8 film macho
දිනුක මධුශාන්
බොහොම ස්තුතියි හැමෝටම, තරංග සහෝ බොහොම ස්තුත්යි Direct link එකට.. ජය!
chamath cafe
මේක පට්ටම ෆිල්ම් එක.. :)
jana
bohoma pin
Dilan-
aniwa supirima akakne
wall e
ජය වේවා සහෝ මේවා අනගි
kalinga
නියමයි සහෝ අනිවා බැලිලක් මේක නම් ... බොහෝ පින්
Lasindu
නියම ෆිල්ම් එකක් වගේ, ඔන්න ඩවුන් වෙන්න දැම්ම, බොහොම ස්තුති සිංහලෙන්ම දුන්නට :)
Rashmika
great work aiyya,tawath ma waga korean movies walata sub danna,special my little bride kiyala lasssana korean movie akak tiyanawa,plzzz pluwan nam akatath sub danna,good work.:)
dj
පට්ටයි හොදේ බයිස්කෝප් තමා අපේ හොදම සයිට් එක හැමදාම
uda
හහ් කොරියන් කොල්ලා ආයෙ ඇවිල්ලා, තවත් සුපිරි චිත්‍රපටියකුත් අරගෙන!
මරු ආහ්! අලුත් අවුරුද්දට තෑගිත් අරන් ඇවිල්ලා තියෙන්නේ. ලකාවේ කොල්ලන්ට කෙල්ලන්ට; පිටරටක ඉදගෙන; ඒ රටේ නිර්මාණ; අපේකමට අපේ උන්ට තෑගිදෙන උඹ අපට හුගාක් වටිනවා මචෝ...
උඹ ඉන්නේ කොරියාවේනම්; මේවා කරන්නෙ යමර කට්ටක් කාගෙන බව අපි දන්නවා. ඒක නිසා කාටවුණත් මේවා අනික්වට වැඩිය වටිනවා.
එකක් උඹ මේ වෙනුවෙන් කන කට්ට!
අනික උඹ දෙන්නෙ වෙනත්ම රටක නිර්මාණ වීම!මේවාට හරියට ඉල්ලුම! ඔව් ඔව් ඉල්ලම පෑදුණා වගේ තමා උඹ ඉන්නකම්! එන එන එක දේවි කොහෙන්හරි හොයලා! නියමයි කොල්ලා, හැකි විදිහට දිගටම කරගෙන යමු.(මම හරිද දන්නෑ, උඹ රට ඉන්නවා කියලා උපකල්පනය කළ එක? වැරදිනම් නිවැරදි කරපන් හොදේ...)
එහෙනම් බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජය!
Anushka
අනිවා පට්ටම වගේ කතාව.. ජය වේවා
ගයාන්
තැන්ක්ස් මචන්
දිනුක මධුශාන්
උදා සහෝ මේ පාරනම් ඔයාට වැරදුනා, මම ලංකාවේ ඉන්නේ,කොරියාව පැත්ත පලාතේ ගිහින් නැහැ, ;) ඔයාගේ comment නම් මාරු, ඒව දකින කොට ඇත්තටම තව තව සබ් දෙන්න හිතෙනවා.. අනික් comment දාපු අය තරහ වෙන්න එපා හොඳේ.. හැමෝටම ගොඩක් ස්තුතියි..
Arjuna
Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා. menna me wachana tika hinda mata oyata comment ekak ewannama hithuna.suba aluth awruddakma wewa! yaluwa.
pubudusupun
සහෝ මට තාම නම් මේක බලන්න වෙලාවක් හම්බ වුනේ නැහැ :(. ඒත් සබ් දෙන්න උන මහන්සියට ගොඩක් ස්තුතියි. :D :D
hemalal
ඔබ අනුන්ගේ සිත් දිනාගන්න පුළුවන් අයෙක්. ඒ නිසා සටහනක් නොදා යන්න බෑ. හරියට වීදාගම මෛත්‍රී හිමියන් දෙවිදත් හිමියන් ගැන ලිව්වේ අනේ දෙව්දත් නොදිටි මොක්පුර කියලා.ඒ වගේ ඔබට ලිවීමේ හැකියාවක් තියෙනවා. ඔබට ජය.....
lk
pattama tahwa one ikmanta saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta patta machan supiri