Watch Trailer

The Attacks of 26/11 (2013) | දෙවියන් බිල්ලට දුන් ත්‍රස්තවාදය…..[සිංහල උපසිරැසි සමඟ]

තවත් හින්දි සලරුවක් ගෙනෙන්න තමා මේ සූදානම. මේ මගේ 17 වන චිත්‍රපට උපසිරැස වන අතර මේකත් තවත් ත්‍රස්තවාදය ගැන කියවෙන කතාවක්. සත්‍ය සිදුවීමක් ගැන කරන ආවර්ජනයක්. ඒ වගේම මම මේ කරන දෙවන උපසිරැසි නිර්මාණය Ram Gopal Varma කියන දක්ෂ අධ්‍යක්ෂක විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයකට කරන. මෙහි රංගන දායකත්වය දෙන්නේ දක…

තවත් හින්දි සලරුවක් ගෙනෙන්න තමා මේ සූදානම. මේ මගේ 17 වන චිත්‍රපට උපසිරැස වන අතර මේකත් තවත් ත්‍රස්තවාදය ගැන කියවෙන කතාවක්. සත්‍ය සිදුවීමක් ගැන කරන ආවර්ජනයක්. ඒ වගේම මම මේ කරන දෙවන උපසිරැසි නිර්මාණය Ram Gopal Varma කියන දක්ෂ අධ්‍යක්ෂක විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටයකට කරන. මෙහි රංගන දායකත්වය දෙන්නේ දක්ෂ හින්දි නළුවෙක් වන Nana Patekar විසින් ඔහු මෙහි පොලිස් සහය කොමසාරිස්වරයාගේ චරිතය රඟ දක්වනවා. එහෙනම් මම පොඩ්ඩක් මාතෘකාව දෙසට හැරෙන්නම්.

මම හිතන්නේ අපේ යාලුවෝ හැමෝටම මතක ඇති ඉන්දියාවට මීට අවුරුදු කිහිපයකට කලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල උනා 2008 නොවැම්බර් 26 වන දින. ඉන්දියාවේ මුම්බායි වල තියෙන සුපිරි තරු පහේ හෝටලය වන තාජ් මහල් පැලස් ඇන්ඩ් ටවර් හෝටලය සහ ප්‍රධාන දුම්රිය පොළ වන CST (චත්‍රපති ශිවාජි ටර්මිනස්) දුම්රිය පොළ, ඔබරෝයි ට්‍රයිඩෙන්ට් හෝටලය, ලියෝපොල්ඩ් අවන්හල, නාරිමන් හවුස් නමැති සමාජ සත්කාරක ආයතනය, කැමා රෝහල (ළමා සහ කාන්තා), මෙට්‍රෝ සිනමා හල සහ ශාන්ත සේවියර් පාසැල යන ස්ථාන ඉලක්ක කරගෙන මේ ත්‍රස්තවාදී ප්‍රහාරය දියත් උනා. තව මතක විදිහට කාර් බෝම්බයකුත් පිපිරී ගියා. කොහොමහරි මේ මිලේච්ඡ් ප්‍රහාරයෙන් 166 දෙනකු මරුමුවට පත්ව 238 දෙනෙක් දෙනෙකු තුවාල ලැබුවා. මෙහිදී මේ නිවට ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගත්තේ අහිංසක නිරායුධ මිනිසුන් ගැහැණුන් සහ පුංචි දරුවන්. එහි කෘරත්වය සහ මිලේච්ඡත්වය ගැන අපේ රටේ අයට නම් අමුතු දෙයක් නෙමෙයි මීට වසර කිහිපයකට කලින්. ඒ නිසා මේ වගේ ප්‍රහාර අපේ රටේ නොවුනමත් නෙමෙයි මතක නම් කොලොන්නාව තෙල් ටැංකි සංකීරණයට එල්ල වුන කොටි ප්‍රහාරය. ඒ වගේ එකක් තමා මේකත් හැබැයි එහි සිදු උනා වගේ ආර්ථික මර්මස්ථාන ඉලක්ක කර ගැනීමක් නෙමෙයි ඉන්දියානු ප්‍රහාරය පසු පස තියෙන්නේ නම් එහිදී හුදෙක්ම ඉලක්ක කර ගෙන තිබුනේ හැකිතාක් මිනිස්සු මැරීම වනි තුච්ඡ් අභිමතාර්ථයක්. ඒ වගේම ඉන්දියාවේ ආරක්ෂාව පිලිබඳ කළු පැල්ලමක් එකතු කරපු සිදුවීමක් මේ සිදු වීම. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියනවනේ, ලොකු ලොකු කතන්දර කිව්වට ගෙදරට ඇවිත් කණට ගහල යනකන් මෙයාලගේ ලොකු ලොකු කතා කියන අයට බැරි උනා ප්‍රහාරය එල්ල කරලා දවස් තුනක් යනකන් ඒක මැඩපවත්වා ගන්න. මොකද වාර්තා වලට අනුකූලව 26 වෙනිදා රෑ ආරම්භ කල ප්‍රහාරය 29 වෙනකන් ත්‍රස්තවාදීන්ට කරගෙන යන්න ලැබුනා.

කොහොම උනත් ත්‍රස්තවාදය මොන වේශයක් අරන් ආවත් ඒකට හැඟීම් දැනීම් තියෙන මනුස්සකම තියෙන දුක සතුට විඳින ඔනෙම මනුස්ස ජීවියෙක් විරුද්ධයි. මොකද එකෙන් විනාශ වෙන්නේ අහිංසක ජිවිත පමණක්ම නිසා, එහි ගොදුරු වෙන්නේ දරු පවුලක් සුරක්ෂිත කරන තාත්තෙක්, එහෙම නැත්තන් පොඩි දරුවෙකුගේ අම්මෙක් බිරිඳක් එහෙමත් නැත්තන් මල් වගේ තමන්ගේ පණ වගේ හදා වඩා ගන්නා පුංචි මල් කැකුළක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒකට මම වගේම අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනේ. අද මම මේ චිත්‍රපටිය ගැන කියනවට වඩා වට පිටාව ගැන කිව්වේ මොකද මේක සත්‍ය සිදුවීමක් අලලා ගෙතුන සිනමා සිත්තමක් නිසා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සත්‍ය සිදුවීම නරඹන්න කියලා. මොකද ඉතාමත් සංවේදී විදිහට මෙහි දර්ශන මෙහෙයවන්න මෙහි අධ්‍යක්ෂකතුමා සමත් වෙලා තියෙනවා. තව දෙයක් මේ ගැන මට විකියා ගතු කිව්වේ ඊය රාතී‍්‍රයේදී, ඉතින් අද උදේ දෙන්න පුළුවන් උනා. එකත් බලන ඔයාල නිසා එහෙනම් පොඩි කොමෙන්ටුවක් කොටගෙන උපසිරැසත් අරන් යන්ට හොඳේ 😀 එහෙනම් නැවතත් මුණ ගැහෙන කන් හැමෝටම ජයෙන් ජය වේවා !!!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

6,932 downloadsDownload The-Attacks-of-26-11-2013sinhala.sub_.baiscope.lk_.rar44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,932 downloadsDownload Subtitles44 KB

75 comments

  1. Sidath

    පට්ටම එකක් ,,,ජය

  2. elakiri

    එල කිරි ඉදෙන්ම තවත් සුපිරි එකක්.....

  3. amilatk

    jaya wewa!!!!

  4. lk

    bohoma pin patta films awa gamn geyna akata

  5. chami

    thnxxxxxxxxxxxx

  6. jeewantha

    maxxama thama bro digatama subs demu

  7. quik

    thanks

  8. rusuru | රුසිරු

    පට්ට පට්ට මචං මේක එනකම් උන්නේ..තුති

  9. zumo man

    elazz... thxzzzz

  10. shann

    නියමයි සහෝ..අනිවා බලන්න ඕනේ...

  11. geeth

    good films tx for subs

  12. naleen

    elane mey wage awa balanna mama asai

  13. thusitha

    supirine thxxxxxxxxx bro

  14. අකිල

    ෆිල්ම් එකක් බලලා හැරෙන්නත් වෙලාව නෑ තවත් ඒවා,, ජයම වේවා සහෝට මේ කරන සත්කාර්යයට

  15. ganidu

    තැන්ක්ස් සහෝට

  16. Neranji

    මම 25 GB තියෙන්නෙ. මේම චිත්‍රපටි දීම හෙලා දකිමි..

  17. kapila

    jayen jayama wewa!!!! hasantha

  18. upali

    ela ela ela ela ela

  19. Neranji

    අයියෝ!!!!!!!! මේම එක දිගට දුන්නාම මෙව්වා... බානන අපිට ඩේටා නෑනෙ... (අඬමින්)

  20. laka007

    tnx kollooo

  21. lasidu

    පට්ට හොදේ මේක එනකම් මාත් බලන් උන්නේ . ජය

  22. hh

    ela machan bokkenma pattama akak

  23. fad

    maxxxxaa :D

  24. Nilanka

    ele ela yaalu.thanks sub walata

  25. mihin ලංකා

    තවත් පට්ට එකක්, කිවුවත් වගේ මේ දෙන දීමට ලොවෙත් ඩයලොග් එක ගන්න වෙයි සල්ලි වලට .. හික්ස්..

    ඒ කොහොම උනත් මේක නම් බලනව.

    ජය

  26. tharanga

    ආහ්.. අඩේ මුන් නම් පට්ට උන ටිකක්. දෙනවා වෙඩි වගේ.ජය වේවා ඔන්න ගන්නෝ

  27. tharanga

    උන නෙමේ :( උන් හොදේ...

    එල

  28. chamath cafe

    බොහොම පින් සහෝට පට්ට ෆිල්ම්ස් සබ් දාලම අරගෙන එන එක

  29. lakshitha

    jayama wewa

  30. thusitha

    ohoma yn hasantha maxxa

  31. was

    තවත් නියමම ෆිල්ම් එකක්.උපසිරස දාලා ගෙනාවට හසන්තට මෙන්න මල් මිටක් :)

  32. uda

    හෙහ් ඊයෙ රෑ කිව්ව එක අද උදේම දීල තියෙන්නේ මේ...
    අපට වඩා වෙලාව වෙනස් නේ උඹට ඉතින් :P මමත් බලන්ඩ ඕනෙයි කියලා හිතාගත්තා. කවද බලන්ඩ වේද දන්නෑ ඒකට! කමක් නෑ කවද හරි බැරියෑ නෙහ්? තාම පොඩි එකකුත් නැහැ නේ...

    මොනවා වුණත් ලිපියේ කියල තියෙන කතාව ඇත්තයි!ත්‍රස්තවාදය කියන දේ මොන හේතුවකට කෙරෙනවා වුණත්, ඒකෙ ආයෙ යහපත් ත්‍රස්තවාදය' අයහපත් ත්‍රස්තවාදය' කියල දෙයක් තියෙන්ඩ හැටියක් නෑ නෙව. වචනයෙන්ම තේරෙන විදිහට ඒක ත්‍රස්ත+වාදය! භීතියත් සංත්‍රාසයත් වපුරන සංකල්පයක්. ඒකෙදි තෝරලා කිරලා මැනලා මිනිස්සුන්ගෙන් අහලා බලලා බිලිගන්නෙ නෑනෙ, අහුවෙන හැමෝම එකවර පොඩිපට්ටම් කරනවා මිස! හැබැයි ඉතින් බටහිර බලවතුන් තමන්ගේ වාසියට කිරිපොවා ඇති දැඩි කළ මේ අන්තවාදී ත්‍රස්තවාදය අද සෙසු ලෝකයට විතරක් නෙවෙයි ඔවුනටත් මහ තර්ජනයක් වෙලා. කතාවටත් "කියන්නේ සර්පයාට කිරි පෙව්වා වගෙයි" කියලා :P

    ත්‍රස්තවාදය කියන්නේ මනුස්ස සමාජයේ ඇතිවුණ පීළිකාවක් හා සමානයි. අද ඒක මුළු මානව සමාජ දේහයම පුරා පැතිර යනවා. ප්‍රතිකර්ම නෑ!

    නියමයි හසෝ මේක හැකි උක්මනින්ම දීපු එක! දැන් උඹ මොකෝ හිතන්නේ; මම කීවෙ බොරුද? තුතිවේවා සහ ජයවේවා! හෙහ් හෙහ් ;)

  33. නලියා

    ස්තුතියි වේවා හසන්ත සහෝ..

    මෙවගේ පට්ටම මුවි එකක් අපිට ගෙනාවට

    ජය වේවා

  34. g-a-n-d-u

    පට්ට පට්ට

  35. ishara

    supiri

  36. Kolla

    tnx

  37. jana

    loweth na :D

  38. pubudu

    ela saho

  39. කැලුම් ගුණසේකර

    විකියා නිදාගන්නවත් දෙන්නේ නැහැ නේද දැන්? :D ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

  40. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි හසන්ත සහෝ ඉක්මනටම මේකට උපසිරැසි ලබා දුන්නට.. මමත් බාගන්න ගොඩට දාගත්තා.. ජයවේවා!

  41. “චූටී මල්ලි”

    ඇත්තටම සයිට් එකට ගොඩවෙන කොට මන් අනුමාන කලා
    මේක දෙන්න ඇත්තෙ දිදුල කියලා
    බැලින්නම් හසන්තනෙ
    ඒ කියන්නෙ දැන් අළුත් ෆිල්ම්ස් ආපු ගමන්ම
    සබ් දෙන්න ඩබලක් ඉන්නවා
    එල එල මේක එනකම් තමා උන්නෙ

    අර කිව්වා වගෙ රෑ මේක ගැන කියලා උදේ මේක ඉවරකලා කියන්නෙ
    මාර ගේමක්නෙ ඒකට වෙනම ස්තුති කරන්න ඔනි
    එහෙනම් තව අළුත් ඒවාට දෙන්න
    ඔබට ජය....

  42. Menu1024

    Thank you bro :)

  43. pubudusupun

    නියමයි හසන්ත අයියේ. මාත් මේක බාන්න ඕනේ. බොහෝම පින් සබ් එකට :D :D :D

  44. Jinna

    thank u..........

  45. රොයිලි

    බොහොම ස්තූතියි හසනත සහෝ සිංහල උපසිරැසියට. ලිපිය නම් මල් හතයි කිව්වා. ජය෴෴ :P :P

  46. Uraj Deemantha

    ස්තූතියි සිංහල උපසිරැසියට :)

  47. පිස්සු පුසා

    hindi nobalami...

  48. Kasun

    බොහොම ස්තුතියි මචන්,,

    ස්පාටකස් (Spartacus) එකත් ඉක්මනටම දීපන් මචන්,, අවුරුදු ත් නෑ වගේ ඒක නැතුව....

  49. ishara

    patta hode

  50. chandana

    tx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.