[box]ඔන්න යාළුවනේ මමත් සිංහල උපසිරැසි දැමිල්ලේ 50 වෙනි කඩ ඉම පහු කරා.වැඩේ ලේසි උනේ නැහැ. බාධක නම් එමටයි. කොල්ලා වගේ හිටියට මාත් දෙදරු පියෙක්. ඒ වගේම කරන රස්සාවත් රජයේ උනාට හරිම කාර්ය බහුල එකක්.කොහොම උනත් මේ උපසිරැසි දැමිල්ලෙදි මම මේ චිත්‍රපටි වලට ලැබෙන කමෙන්ට්ස් ප්‍රමාණය ගැන වැඩි බලාපොරොත්තුවක් තිය…
ඔන්න යාළුවනේ මමත් සිංහල උපසිරැසි දැමිල්ලේ 50 වෙනි කඩ ඉම පහු කරා.වැඩේ ලේසි උනේ නැහැ. බාධක නම් එමටයි. කොල්ලා වගේ හිටියට මාත් දෙදරු පියෙක්. ඒ වගේම කරන රස්සාවත් රජයේ උනාට හරිම කාර්ය බහුල එකක්.කොහොම උනත් මේ උපසිරැසි දැමිල්ලෙදි මම මේ චිත්‍රපටි වලට ලැබෙන කමෙන්ට්ස් ප්‍රමාණය ගැන වැඩි බලාපොරොත්තුවක් තියා ගත්තෙ නැහැ.කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලලත් නෑ.හැම වෙලාවෙම සතුටු උනේ ඩවුන්ලෝඩ් කරපු ගාන බලලා. හැබැයි ඔයාලා දාපු කමෙන්ට් කියවලා මම ගොඩක් සතුටු උනා. ඔයාලා දාන පුංචි කමෙන්ට් එකක් උනත් මේ සබ් දාන හැම සහෝදරයෙකුටම ගොඩක් වටිනවා. ඒ වගේමයි හොරෙන්ම උපසිරැසිය බාගෙන යනවට වඩා කමෙන්ට් එකක් දැම්මම ඔයාලටත් පුංචි සතුටක් දැනේවි ඔයාලත් මේ උපසිරැසි කණ්ඩායමට වචනෙකින් හරි කෘතගුණ සැලකුවානේ කියලා..
උපසිරැසි දාපු චිත්‍රපටි ගැනත් කියන්නම ඕන. පළවෙනි චිත්‍රපටියට උපසිරැසි දැම්මේ 2012.06.14. “ඒ කෙල්ලෙක් නිසා යුද්ධයක්“ කියන චිත්‍රපටිය. එදා ඉඳලා මේ වන තෙක්ම විදේශිය චිත්‍රපටි වලට සිංහල උපසිරැසි දාගෙන යනවා. එහෙම දීපු චිත්‍රපටි බොහෝමයක් අමුතුම තේමාවන් රැගත් චිත්‍රපටි උනා. ඒ වගේම චිත්‍රපටි හත අටක් තිරගත වෙන්නත් කලින්ම ඔයාලට දෙන්න හැකියාව ලැබුනා. ඒ උපසිරැසි දාපු ඒවගෙන් 44 ක්ම සම්පූර්ණ චිත්‍රපටි. ඉතුරු හය රූපවාහිණී කතාංග හයක්. ඒ චිත්‍රපටි අතරින් 29 ක්ම ඔයාලා වැඩියෙන්ම කැමති ක්‍රියාදාම ගණයට අයිති චිත්‍රපටියි. තව ඉතිං සංත්රාසජනක චිත්‍රපටි 5කුත් වාර්තාමය චිත්‍රපටි 2කුත්, තෙලිගු චිත්‍රපටි 2කුත්, ඇනිමේෂන් හා කාටුන් චිත්‍රපටි දෙකකුත්, සංගීතමය චිත්‍රපටි තුනකුත්, ඒ වගේම එකම එක දෙමල චිත්‍රපටියකුත් සිංහල උපසිරැසි දාලා ඔයාලට ගෙනාවා. මේ දෙමල චිත්‍රපටියට උපසිරැසි දැම්මේ දිනේෂ් ගමගේ දෙල්ලව සහෝගෙ නොමද සහයත් ලබාගෙන.මම උපසිරස ලබා දුන්න චිත්‍රපට 50 න් 49 ක්ම තනියම කරන ලද උපසිරස ගැන්වීම්. ඉතිං යාළුවනේ, මේ චිත්‍රපටි වලින් 90% ක්ම මට හොයලා දුන්නේ අපේ විකියා. ඒ වගේම ඒ බාරගත්ත චිත්‍රපටි හැම එකකටම වගේ උපසිරැසි දාලා දෙනකල්ම විකියා මාව අතඇරියේ නෑ. ඉස්සරහටත් අත අරින එකක් නෑ.
50 වෙනි චිත්‍රපටියත් ඔන්න සුපිරිම එකක්. Die Hard චිත්‍රපටි මාලාවේ අළුත්ම චිත්‍රපටිය තමයි අද ඔයාලට සිංහල උපසිරැසිත් එක්කම දෙන්නේ. මෙහි ප්‍රධාන චරිතය වන ජෝන් ගෙ චරිතය රඟපාන්නේ Die Hard (1988) චිත්‍රපටියේ හිටිය සුපිරි නළු Bruce Willis. ඔහු කවුද කියලා අපේ යාළුවන්ට අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරේ මේ චිත්‍රපටිය තියෙන්නේ 43 වන තැනයි. ඇමරිකානු ඩොලර් 92,000,000.00 ක වියදමක් දරලා හදපු මේ චිත්‍රපටිය ප්‍රදර්ශණය ඇරඹුන මුල් සතියේ විතරක් ඇමරිකානු ඩොලර් 24,834,845 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා. ක්‍රියාදාම ගණයට අයිති වන මේ චිත්‍රපටි මාලාවේ තවත් චිත්‍රපටියක් 2015දී එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා.
කතාවේ මුල ටික කෙටියෙන් මෙහෙමයි. ජොන් ගෙ පුතා අවුරුදු තුනක් තිස්සේ රුසියාවේ ඉන්නේ. ඒත් ඔහු ගැන කිසිම ආරංචියක් නැහැ. ඒත් ජෝන්ට එක දවසක් එක පාරටම ඔහුගෙ පුතා ගැන නරක ආරංචියක් ලැබෙනවා. ඒ රුසියාවෙදි පුද්ගලයෙක්ව ඝාතනය කිරීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. ඉතින් ජෝන් යනවා ඔහුගෙ පුතාව බේරගෙන ආපහු ඇමරිකාවට අරගෙන එන්න කියලා. ඒත් රුසියාවට ගිහින් බලනකොට එතන වෙලා තියෙන්නේ අමුතුම විදිහේ අවුලක්.
ඒ අතරේ රුසියාවේ තවත් සිද්ධියක් සිදු වෙමින් පවතිනවා. යූරි කොමරොව් නැමති කෝටිපතියා අවුරුදු 5ක් තිස්සේ හිරේ දඬුවම් විඳින කෙනෙක්. ඔහු ගාව රුසියානු ආරක්ෂක අමාත්‍ය අපේක්ෂකයෙක් වන චැගරින් නැමැත්තාට විරුද්ධව ලිපි ගොණුවක් තියෙනවා. මේ චැගරින් කොහොම හරි යූරිගෙන් අර ලිපි ගොනුව ගන්න උත්සාහ කරනවා.
ඉතින් යාළුවනේ, කොහොමද ජෝන් ගෙ පුතා මිණී මැරුමකට පැටලෙන්නේ? ඇයි යූරි සිරදඬුවම් විඳින්නේ? චැගරින්ට විරුද්ධව තියෙන ලිපිගොනුව යූරි කොහෙද හංගලා තියෙන්නේ? ඒ ලිපිගොනුව චැගරින්ට ලබා ගන්න පුළුවන් වේවිද? මොනවද ඒ ලිපිගොනුවේ තියෙන්නේ? ඒ වගේම ජෝන්ට තමන්ගෙ පුතාව බේරගන්න පුළුවන් වේවිද? ඒ වෙනුවෙන් ඔහුට මොන වගේ ක්‍රියාදාම සිදු කරන්න වේවිද? යූරි, චැගරින්, ජෝන් සහ ඔහුගෙ පුතා එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ. ජයවේවා!
340 MB (BR) කොපිය මෙතනින් බාගන්න c0f6ab60bd6d7f14ef819138cb22e81e4dce5860 810 MB (BR) කොපිය මෙතනින් බාගන්න 38d74db2dfc8911158763799f2911689d1ca1db5 1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න e65fa726f06082adba2378d42515003c2b85e6c0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
18,299 downloadsDownload A.Good_.Day_.to_.Die_.Hard_.2013-2.zip174 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
322 comments
ගුරු
quik
thanks all the best :D
විදුර අධිකාරි
බාලා ඉවරයි .. තැන්කු වේවා හොදේ
hashan
thank uuu..
danushka
mage unusum suba pethum denidu sahodaraya.....thawa boho kalayak sub danna hekiyawa lebewai kiya prarthana karame....
a wagema mekath kiyanna ona ,sub weda karan ne kiwwana mata "Wrar"soft ware ekath dunne oya...thanks..jaya wewa!!!chami
thnxxxxxxxxxx
tharanga
පට්ට පට්ට මචං මගෙත් උණුසුම් සුභ පැතුම්!
elakiri
එලකිරිනේ මචං මේක එනකම් උන්නේ 50 ට සුභ පැතුම්!
lk
thanks maxxa
wow
wow... maru :D
ccnp
Thanks
upali
ela ela ela 50 cngrtz
lasidu
ජයම වේවා කොල්ලෝ සබ් නම් උබලගේ සබ් තමා බයිස්කෝප් දිනේවා! දිනිදුට 100 ක්ම දාන්න ලැබේවා!
ajja
බියිස්කොප් එකේ පළවෙනියා උණ පලේවෙනි පාර ........... අරන්ම බලමුකෝ
mihin ලංකා
පට්ටම ෆිල්ම් එකක්නේ නියමයි සුභ පැතුම්
ositha
elakiri hode jaya
shann
මගෙත් උණුසුම් සුභ පැතුම්!!!!!
ganidu
තෑන්ක්ස් මචෝ 1000 සබ් ක්ම දන්නට ලැබේවා
නීනු
සුබ පැතුම් දිනිඳු....... මම කියන්නම්කො බස්කෝප් එකෙන්!! :D
nadika
tnx mchn. supiri film akak
Sachith
50 වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභපැතුම්!....
sarath
thanks dinidu
Dharshana
Niyamai macho...suba pathum...Thanks sub walata..
pubudu
gr8 macho
D.Chamara
tankz
mihin ලංකා
පට්ට පතුරු ෆිල්ම් එකක් මචෝ .. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
“චූටී මල්ලි”
අම්මත හුදු ඔයත් අර්ධ ශතකෙ ගැහුවා නෙ සද්ද නැතිවම
එල එල සහෝ හදවතින්ම සුභ පතනවා ඕක ඉක්මන්ටම ශතකයක්
කරගන්න ලැබෙන්න කියලා ඔයා දුන්න ගොඩක් ඒවා බැලුවා ඇත්තටම
පට්ට ඒවා තමයි ඔක්කොම ඔයා දෙන්නෙ
අද එකත් පහරක්නෙ ඉතින්
මේකනම් අනිවා බලන්න ඔනි
එහෙනම් 51 දෙනකම් බලන් ඉන්නවා
ඔබට ජය....naleen
ela wadak :D jaya
©V PACK Ent
නියම වැඩක් සහෝ....තැනක් යූ වේවා..!!
kalinga
බොහොම පින් අපි වෙනුවෙන් ඔයාල කරන මෙහෙයට.උපසිරස 50 ම 99% ක් ම තනියම දාන ඔයාල තමා සුපිරි පොරවල්.:)
g-a-n-d-u
ජයම වේවා..සිය දහස් ගණන් සබ් දෙන්න ලැබේවා!
Fernando
all the best macho
රෂි
thnks machan... man meka enakalmai unne.. thankksss a lot
ishara
niyama wadak bri
Gayan
goda goda meyka anakam unne
අසංක
මගෙනුත් සුනුස්ම් සුභ පැතුම් අදම බලනවා මේක
wall e
එළනේ මැක්සා හොදේ
ishan
machan mama me film eke sub download karanna danna hama wada kallakma dala baluwa..eth hari giye na..mama hithanne sub file eka damage wela wenna ona..puluwannam ayeth sub file eka upload karanawada..?? please..
කැළුම්
ජය වේවා අපේ කොල්ලන්ට සේරම වැඩ දැඋ මල්ලන් එක්ක අපේ සතුට වෙනුවෙන් කන කට්ටට. ජයම වේවා
lakshitha
all the best ayyaa..thnkzzz..
kasun
supiri macho thawath subs denna wasanawa labeywa
zumo man
elazzz thnxzzzz
saliya
wish you all the best
amilatk
jaya wewa!!!!
උදාර
කියලා වැඩක් නෑ සුපිරි හොදේ
anil
50ta suba pathum
jack
ඉස්සරවෙලාම 50 කඩයිමට සුබ පතනවා මචෝ. ඒ වගේම ඉදිරි වැඩ කටයුතුත් සාර්තක වෙන්න කියලා සුබ පතනවා. මේකේ සබ් එකටත් මචන් බෝහෝම ස්තුතියි.
p.a.t.h.u
සුපිරිම සබ් දෙන්නේ ඔයාල තමා දෙන්න තුන්දෙනා සබ් දාලා අනාගෙන්නේ නැතිව කරන වැඩේ හරියට කලේ කවදත් බයිස්කෝප් තමා.මගේ උපහාරය සැමදෙනාටම
waruna
meyka anakam unne.tx
f_live
නියමා.....................යි මචෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![A Good Day to Die Hard (2013) | නොමැරී ඉන්න කියාපු දවස.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/A-Good-Day-To-Die-Hard-2013.jpg)


ගොඩක් ස්තුතියි යාලුවා