[box]මේක ඇවිල්ලා මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මගේ පළවෙනි උපසිරැසි නිර්මානය තමයි Bait (2012). ඒක බලපු නැති අය මෙතනින් ගන්න. සිනමා වංශ කථාවෙ විකට රජා ලෙස කිරුළු පැළඳගෙන ඉන්න චාලි චැප්ලින් ගේ එළම කොමඩි චිත්‍රපටියක් තමයි මම දෙවෙනියට තෝර ගත්තෙ උපසිරැසි දාන්න. දැන් කියයි චාලි චැප්ලින් ගේ ෆිල්ම් වලට මොකට…
මේක ඇවිල්ලා මගේ දෙවෙනි උපසිරැසි නිර්මානය. මගේ පළවෙනි උපසිරැසි නිර්මානය තමයි Bait (2012). ඒක බලපු නැති අය මෙතනින් ගන්න. සිනමා වංශ කථාවෙ විකට රජා ලෙස කිරුළු පැළඳගෙන ඉන්න චාලි චැප්ලින් ගේ එළම කොමඩි චිත්‍රපටියක් තමයි මම දෙවෙනියට තෝර ගත්තෙ උපසිරැසි දාන්න. දැන් කියයි චාලි චැප්ලින් ගේ ෆිල්ම් වලට මොකටද සිංහල සබ් කියලා. ඇත්තම කියන්න එපැයි මේකේ සම්පූර්ණ උපසිරැසියෙම තිබුනේ ලයින් 145 යි. මේ ෆිල්ම් එකට තියන ආසාවටමයි මම සබ් දැම්මේ. මට අද උදේ තමයි මේ ෆිල්ම් එක යාළුවෙකුගෙන් ලැබුනේ. මම බැළුවා චිත්‍රපටිය. ආයි කියන්න දෙයක් නැහැ එළම එල. මම කියන්න ඕනි නැහැනේ චාලි චැප්ලින්ගේ චිත්තරපටි ගැන නේද. මේ ෆිල්ම් එක හුස්ම හිර වෙනකන් හිනා වෙන්න පුළුවන් වගේම හිතට ලොකු දුකක් දැනෙන සංවේදී අවස්ථා ගොඩක් මේකෙ තියනවා. මේක බලපු අය වගේම නොබලපු අයත් ඇති නේද. මම හිතන් ඉන්නේ චාලි චැප්ලින් ගෙම චිත්‍රපටියක් වන The Gold Rush එකටත් සබ් දාන්න…
මේක තිරගත වෙලා තියෙන්නේ 1928 අවුරුද්දේ. පට්ට පරණයි නේද. අළුත් පරණ බේදයක් නැහැනේ හොඳ නිර්මාණයක් රසවිදින්න. මේක ජාත්‍යන්තර චිත්‍රපටි දර්ෂකයේ රේටින් (IMDB Rating) 8.0/10 ලබාගෙන තියනවා.
හරි දැන් අටුවා ටීකා මැදැයි නේද. අපි මේකේ කථාවට බහිමුකෝ පොඩ්ඩක්. ඉබාගාතේ යන රස්තියාදු කාරයො ඉන්නවා නේද.? මේකෙත් ඉන්නෙත් ඒ වගේ චරිතයක් තමයි. චාලි තමයි ප්‍රධාන චරිතේ. ඔහු ඇවිද ඇවිද ඉන්නකොට අහම්බෙන් වගේ සර්කස් එකකට ගිහින් කරන වෙනස්කම් දිගේ තමයි චිත්තර පටියෙ කථාව දිවෙන්නේ. මම වැඩිය කථාව ගැන කියන්නේ නැහැ. ඔයාලා මේක බාගෙනම බලන්න කියලා මම ආරාධනා කරනවා. චිත්‍රපටිය බලලා කොමෙන්ටුවක් එහෙම කොටාගෙන යන්න හොඳේ…
අමතක වෙනවා තව ටිකෙන්. මේ ටිකත් කියන්න එපැයි. බයිස්කෝප් සයිට් එකෙන් ඔයාලට සිංහල උපසිරැසි 1000 ක් දීලා තියන මේ මොහොතේ ඒ උපසිරැසි 1000 අතරට මටත් එකතු වෙන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.. ඒ වගේ මේ සිංහල උපසිරැසි 1000 සීමාව උපසිරැසි 2000 සීමාව කරා ඉක්මනටම ගෙන යන්න එකතු වෙන්න කියලා ඔයාලා ඔක්කොටම ආරාධනා කරන ගමන් මම මෙහෙම කියලම ලිපිය ඉවර කරන්නම්. ජයවේවා බයිස්කෝප්සිංහලෙන්…!! වෙන අය කොච්චර කෑ ගැහැව්වත් සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප්ම තමයි…නැත්ද මම අහන්නේ..
500 MB කොපිය මෙතනින් බාගන්න ed031becd60b00cdbd00945bfcc828dc2c42e3f1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,028 downloadsDownload The.Circus.1928.zip12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් ඉරේෂ් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් ඉරේෂ්
Subtitles
42 comments
delmar
chamath cafe
පට්ට පට්ට මචං :)
elakiri
එලකිරීනේ මේවා නම් අනිවා බලන්න ඕනේ
wow
wow... maru :D
chami
thnxxxxxxxxxxxx
upali
ela ela ela ela
tharanga
බොහොම පින් මචං
quik
thanks
Isuru
sinahala nam baiscope thama :D
shann
මාත් බලනවා.. බොහොම තුති
Dilan-
baiscope aka dinewa :D thxz
ositha
niyamai :)
Dishan
බෝම පිං සහෝ මමත් ගත්තා ජය වේවා
නලින්
ස්තුතියි ප්‍රදිප් සහෝ
ජය වේවා
mudiya / මුදියා
මාර ෆිල්ම් එකක්නෙ ප්‍රදීප් දීල තියෙන්නෙ.නියමයි හොඳේ.මේ ළඟදි මේ ෆිල්ම් එකේ වෙන්න ඇති පොඩි කෑල්ලක් පෙන්නුව ටීවී එකේ.අර සිංහයෙක්ගෙ කූඩුවක් ඇතුලෙ යන කේස් එකක්.දිගටම මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් දෙන්නකො.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [වීමා] 〠
එලකිරි බන් උදාගෙ ආරම්භය ඔන්න බලපන් ඉතින්,
දැන් ඉතින් නිහඩ සිනමාවත් බයිස්කෝප් එක ආක්‍රමණය කරනව
මේව තමයි පට්ටම නිර්මාණ
oLd iS goLd කියන්නෙ නිකමටද ඉතින්..
වෙන මොන කතාද බන් අනිවා බැලිල්ලක්
ජය හොදේ!
උපසිරසියට බොහොම තුතිසමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සහෝ
Sandarujay
Thnx....
Sandarujay
Apocalypse Now (1979)
IMDB 8.6Sandarujay
Bicycle Thieves (1948)
me film ekatath subs denna puluwannam loku help ekak..
Sandarujay
http://thepiratebay.sx/torrent/5522628
supir film ekak
IMDB 8.8“චූටී මල්ලි”
ඔව් ඔව් සබ් නම් බයිස්කෝප් තමා
මේ සබ් එකට තෑන්ක්ස්
ඔබට ජය.....Sachith
නියමයි සහෝ.... ඔන්න එහෙනම් සිංහල සබ් එක්ක ආයෙමත් බලනවා...
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nalaka
thanks macho
lesiyan hambaven nathi film. saahenda watinawa.
jayama wewaaw a thilak
මොනවා ලියන්නද මංදා.බාගෙන බලනවා මිසක්.ස්තූතියි බොහොමත්ම
Charlie
ehenan onna thanks machan.Puluwan nam chaplin ge the great dictator eke sub danna,
uda
ඇත්තෙන්ම සහෝ නිහඩ යුගයේ අනගි නිමැවුම්, එකිනෙක නිහඩවම රස විදින්ඩ ඉඩ ලබා දෙන්ඩ හිතීම අගය කරනවා. මේ ආශ්‍රිත කාරණයක් ගැන විකියා ඔයාව දැනුවත් කරයි කියලා මම විශ්වාස කරනවා. ඒකටත් ඔයාගේ සහයෝගය ලැබ දෙන්නට කටයුතු කරනවානම් හරිම අගෙයි සහෝ...
මේකට තුති! ජය!
ප්‍රදීප් ඉරේෂ් චතුරංග
නිහඩ යුගයේ අනගි නිමැවුම් වල කාරණයක් ගැන විකියා සහෝ මාව දැනුවත් කරයි කියලා කිව්වට විකියා සහෝ මට මොනවත් කිව්වේ නැහැ නොවැ....
dimuthu තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,චාලි චැප්ලින්ගේ සියලුම කතා වලට සබ් දෙන්න සහෝ, මොකද ෆිල්ම් වල වැඩිය දෙබසුත් නැහැනේ, මේ කතා ටික දෙන්න කාලය දැන් හරි සහෝ,ජයවේවා.
black desha
පට්ට මචං
hasan
mareeeeeeeeee maru niyamai machan mewama dapan ela ela
Uvindu sathsara
sira film eka
Uraj Deemantha
හික්ස්.... පට්ට ෆිල්ම් එකක් වගේ..... :D
දිනිඳු සම්පත්
හිනාවෙවී බලන්න බැරියැ. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
suranga
give more.... charlies movie thanks to you dear
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍වරුණ නිරෝෂණ
චාලි චැප්ලින්ගේ තවත් කතාවක්... මේ වගේ පැරණි රසාංග අපිට දෙනවට ගොඩක් ස්තුතියි මචං.....
Pradeep Iresh
එල එල
ricadodamien
Thank U Pradeep brother & baiscope team for the sub, it was beautiful. all the best to baiscope team.........
suchroxx
Thanks Bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Charley Chaplin kiyanne mee looketa hambuna loku sampathak..
godak thanks machan meeekata sub dammata