Watch Trailer

A Goofy Movie (1995) Sinhala Subtitles | මැක්ස් සහ ගූෆි (පිය පුතු සවාරිය) [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ එහෙනම් හැකි තරම් ඉක්මනට මම තවත් ලස්සන ඇනිමේෂන් ෆිලුමකට අද සබ අරන් ආවා.ඔයාල අපි කව්රැත් ඉතින් කාර්ටුන් කීවෝත් ඒකෙන් තොර ලෝකයක් නෑනේ. අද අරන් ආවේ Walt Disney Company එක මගින් 1995 වර්ෂයේදි එලි දක්වපු A.Goofy.Movie.1995 චිත්‍රපටය.දැන් ඉන්න පරම්පරාවට නම් මේ Disney ලාගේ මේ කාර්ටූන් ගැන එච…

කොහොමද යාලුවනේ එහෙනම් හැකි තරම් ඉක්මනට මම තවත් ලස්සන ඇනිමේෂන් ෆිලුමකට අද සබ අරන් ආවා.ඔයාල අපි කව්රැත් ඉතින් කාර්ටුන් කීවෝත් ඒකෙන් තොර ලෝකයක් නෑනේ. අද අරන් ආවේ Walt Disney Company එක මගින් 1995 වර්ෂයේදි එලි දක්වපු A.Goofy.Movie.1995 චිත්‍රපටය.දැන් ඉන්න පරම්පරාවට නම් මේ Disney ලාගේ මේ කාර්ටූන් ගැන එච්චර අවබෝධයක් නෑ වගේම මේ කාර්ටූන් චිත්‍රපට ලංකාව තුල එතරම් ජනප්‍රිය නොවුනද යුරෝපා රටවල නම් මේවා ජනප්‍රියම කාර්ටූන් චිත්‍රපට බවට පත්වෙලා තියෙනවා. පෞද්ගලිකව මාත් එම කාලයේ විකාශනය වුනු කාර්ටුන් බොහොමයකට ආදරේ කරනවා.

Kevin Lima විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටය Robert Taylor සහ Michael Peraza Jr විසින් නිර්මාණය කරන ලද The Disney Afternoon රූපවාහිනී කතා මාලාව වන Goof Troop මත පදනම් වුනා. Goof Troop TV කතාංගයක් සඳහා අදහස් සලකා බලමින් සිටියදී Disney විසින් Goofy රංගනයෙන් දායක වන නාට්‍යමය සජීවිකරණ චිත්‍රපටයක් සෑදීමේ අදහස ඉදිරිපත් කරා.. එහෙත් ලීමාට අවශ්‍ය වුනේ Goofy චරිතයක් ලෙස පුළුල් කිරීමට. Farmer, Paulson සහ Cummings ඇතුළු බොහෝ නළු නිළියන් ඔවුන්ගේ චරිත නිරූපණය කරන්නට වූ අතර චරිතයේ වයස් වෙනස නිසා Dana Hill වෙනුවට මැක්ස්ගේ කටහඬ ලෙස Marsden ඉදිරිපත් විය. තවද, R&B කලාකරු Tevin Campbell විසින් “Stand Out” සහ “I 2 I” ගීත ඉදිරිපත් කරමින් චිත්‍රපටයේ කැපී පෙනෙන ලෙස පෙනී සිටින ප්‍රබන්ධ කීර්තිමත් සංගීතඥයෙකු වන Powerline සඳහා ගායනය සපයන ලදී.

ඩොලර් මිලියන 18 නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව ඩොලර් මිලියන 37.6ක් උපයා ගන්නට මෙම චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.එමෙන්ම IMDB මීටරයේ 6.9 දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා.

දැන් කතාව පැත්තට හැරෙනවා නම් මැක්ස් කියන්නේ දගකාර හැබැයි සගීතයට ආදරේ කරන කොලු ගැටයෙක්. ඒත් ප්‍රින්සිපල් මේසර්ට නම් මේ හාදයාව දිරවන් නෑ.ප්‍රින්සිපල් මේසර් මේ මැක්ස්ගේ තාත්තා වන ගූෆ්ට කතා කරලා මැක්ස් ගැන ලබා දෙන අවවාදයක් නිසා ගූෆ් තීරණය කරනවා මැක්ස් එක්කන් නිවාඩුවක් ගත කරන්න යන්න ඒ යන ගමන නිසා ගොඩක් දේවල් ඇතිවෙනවා වගේම,මැක්ස්ට දාලා යන්න බැරි කෙනෙකුත් ඉන්නවා.එහෙනම් කතාව බලලා ඔයාලම තීරණය කරන්නකෝ මොනවද ඉදිරියට වෙන්නේ කියල.

ලිපය ටිකක් දීර්ඝ වුනා ඒකට පොඩ්ඩක් සමාවෙන්න කියල ඉල්ලනවා. අතාරින් නැතිව මේ කාර්ටුන් එක බලන්න කිසිම කම්මැලියක් නැතිව ඔයාලව ඔයාලගේ ලමා කාලයට අරන් යාවි.අදට එහෙනම් මම යනවා ආයෙත් ෆිලුමක් එක්ක හමුවෙමු.අමතක නොකර පහලින් කමෙන්ට් එක්කුත් දාලා යන්න.

ජයවේවා !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,474 downloadsDownload A-Goofy-Movie-1995.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිසර ධර්මපාල

Subtitles

1,474 downloadsDownload Subtitles39 KB

14 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  3. MAALIK

    සබ් එකට තෑන්ක්ස් බොක්කහ් ෆිලුම මරු!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Tharusha Jayan

    ඕකෙ ඊලග ෆිලුමෙ සබත් ඉක්මනට බලාපොරොත්තු වෙනවා

    1. Ruchira

      Dnata ekak kargena yana gamn eka iwara unama Aniwa dennam sago

  6. indika 75

    thanks..

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    PSA site eke honda aluth films thiyanawa.
    Ewatath sub denna pls...

  8. Anonymous

    thanks sub ekata..

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. hnsrockz$

    සබ් තිබුන් නැති නිසා බලන්නෙ නැතිව හිටියේ. මේවගේ කාටූන් බලනවා.
    සබ් වෙනුවෙන් බොහොම ස්තූතියි!❤
    පුළුවන් නම් මේවටත් සබ් දෙන්න.

    An Extremely Goofy Movie (2000)
    Aladdin 2: The Return of Jafar (1994)

    Scooby-Doo Meets the Boo Brothers (1987)
    Scooby-Doo and the Ghoul School (1988)
    Scooby-Doo in Arabian Nights (1994)

  11. hnsrockz

    සබ් හොය හොයා හිටියේ. බොහොම ස්තූතියි!
    පුළුවන් නම් මේවටත් දෙන්න.
    An Extremely Goofy Movie (2000)
    Aladdin 2: The Return of Jafar (1994)
    Scooby-Doo Meets the Boo Brothers (1987)
    Scooby-Doo and the Ghoul School (1988)
    Scooby-Doo in Arabian Nights (1994)
    Martin Mystery (Series 2003–2006)

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!