Watch Trailer

Jalsa (2022) Sinhala subtitles | කළු, සුදු නොවේය අප අළු මිනිසුන්ය. [සිංහල උපසිරසි]

තාත්තවයි මල්ලිවයි ගෙයින් පිටමං කළාට පස්සේ ආලියාට දැනුනේ මෙහෙමයි කියන්න බැරි සැනසීමක්. දිග ඇරලා තිබ්බ පාඩම් පොත් ටික එහෙමම තිබ්බ ගමන් ආලියා ගියේ නාන කාමරේට. ඇඟපත හෝදගෙන සිංදුවකුත් මුමුණ මුමුණ එළියට ආපු ආලියා සුවඳ විලවුන් ටිකක් එහෙමම හලාගත්තා. ඒ වෙලෙයි එයාගේ ෆෝන් එක නාදවෙන්න ගත්තේ. ෆෝන් තිරයට හිනා වු…

තාත්තවයි මල්ලිවයි ගෙයින් පිටමං කළාට පස්සේ ආලියාට දැනුනේ මෙහෙමයි කියන්න බැරි සැනසීමක්. දිග ඇරලා තිබ්බ පාඩම් පොත් ටික එහෙමම තිබ්බ ගමන් ආලියා ගියේ නාන කාමරේට. ඇඟපත හෝදගෙන සිංදුවකුත් මුමුණ මුමුණ එළියට ආපු ආලියා සුවඳ විලවුන් ටිකක් එහෙමම හලාගත්තා. ඒ වෙලෙයි එයාගේ ෆෝන් එක නාදවෙන්න ගත්තේ. ෆෝන් තිරයට හිනා වුණු ආලියා කෝල් එකට උත්තර දෙන්න යුහුසුළු වුණා. “හරි බබා.. මං මේ එනවා”. හනික ඇඳුමකට බැස්ස කෙල්ල කාමරේ ලයිට් එහෙමම දාලා තිබ්බ ගමන් ගෙයින් එලියට බැස්සා. මහ රෑ කාත් කවුරුවත් නැති පාර දිගේ ඇවිදන් යද්දි හිතට බයක් නොදැනුනාමත නෙමේ, ඒත් හිතට දිරිය අරන් ඇය හනි හනික පියවර තිබ්බා. ඈත වංගුව ගාව යතුරුපැදියක ඡායාව දැක්ක ආලියාගේ මූණට ආවේ සැනසීම මුසු වෙච්ච හිනාවක්. “රිස්වාන්, මං ආවා” ඇය එහෙම කියාගෙන යතුරුපැදියට ගොඩ වුණේ. පනගැන්වුනු යතුරුපැදිය පාරේ ඉදිරියට යන්න ගත්තා.වෙලාව පාන්දර 1ට විතර ඇති.

මෙතනින් ආරම්භ වෙන අවාසනාවන්ත පරිච්ඡේදය ගැන පොඩි හෝ හෝඩුවාවක් තිබුණා නම්,
අද ආලියා ගෙයින් එලියට නොබහින්න තිබ්බා…

Jalsa… මේ වගේ චිත්‍රපටියක් කාලෙන් කාලෙටවත් බොලිවුඩයෙන් එලි නොබහින්න, අපිට බොලිවුඩයෙන් එල්ලවෙන මේ පීඩාව දරාගන්න බැරිවෙන්න තිබ්බා. ඒ තරමටමට බොලිවුඩයෙන් හැදෙන බොහොමයක් නිර්මාණ ගැන ඇහැට දිරවගන්න අමාරු තරමේ ඒවා. චිත්‍රපට පැත්තකින් තියමු, විනාඩි 2.5ක පූර්ව ප්‍රචාරක පටයක් බැලුවා නම් හොඳටම ඇති. ඉතින් ඔය පීඩාවට හිලව් වෙන්න වගේ වසරකට සැරයක් දෙකක් තුනක් කවුරුහරි කෙනෙක් එනවා ඇහැ, කන වගේම හිතත් පිනවන බොහොම අපූරු නිර්මාණයක් අරන්. විද්‍යා බාලන් කියන්නේ ඒ කිව්ව ජාතියේ අයගෙන් කෙනෙක්. වසරකට සැරයක් වගේ ඇවිදින් හොඳ නිර්මාණයක් දායාද කරලා සද්ද නැතුව ඉන්නවා. අද මේ ඇවිල්ලා තියෙන්නේ එහෙම දවසක්. විශේෂය කියන්නේ මේ සැරේ විද්‍යා බාලන් ඇවිත් ඉන්නේ තනියෙන්ම නෙමේ තවත් අග්‍රගණ්‍ය නිළියක් වන ෂෙෆාලි ෂාහ් එක්කයි. ඉතින් ලේසි වෙන්නේ නෑනේ පවර් හවුසස් දෙකක් එකම චිත්‍රපටියක ඉන්නවා කියද්දී.. පෆෝමන්සස් අතින් චිත්‍රපටිය ඇතුලේ දකින්න වෙන්නේ වෙනම සටනක්. Too Much Talent in One Frame!!.

Jalsa කියන්නේ ඕනම Genre එකක චිත්‍රපටි රස විඳින අයට බලන්න පුළුවන් කතාවක්. කිසිම කම්මැලිකමක් නැතුව මේ Drama| Thriller එක කුතුහලයෙන් බලලා ඉවර කරතහැකි. චිත්‍රපටිය අධ්‍යක්ෂණය සුරේෂ් ත්‍රිවේනි විසින් තමා සිදු කරන්නේ. මතක ඇතිනේ 2017 අවුරුද්දෙදි විද්‍යා බාලන්ගෙම අපූරු චිත්‍රපටියක් ආවා Tumhari Sulu කියලා. ඒකත් අධ්‍යක්ෂණය කළේ මෙයාම තමයි. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ Jalsa වෙනුවෙන් 6.7ක හොඳ අගයක් සටහන් වෙලත් තියෙනවා. අවසානයට කියන්න තියෙන්නේ Jalsa කියන්නේ මේ වසරේ අත ඇරගන්න හොඳ නැති බොලිවුඩ් චිත්‍රපට අතරින් එකක් කියලයි.

මේ සති අන්තයේ අනිවාර්යෙන්ම තමන්ගේ වටිනා කාලයෙන් පැය 2 වෙන් කළොත් ඒ පැය 2 ගැන කිසිම පසුතැවීමක් නම් ඇති වෙන එකක් නෑ.මේ බරසාර අගනා ලිපිය ලියලා දුන්නේ හින්දි ඔස්තාර් ෆීනික්ස් විසින් එහෙනම් ගිහින් එන්නම්.

 

ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

6,872 downloadsDownload Jalsa-2022.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

6,872 downloadsDownload Subtitles42 KB

37 comments

  1. Vihanga

    dan nam ubala sub danawa hodatama madi.gemak gahamu ban.habayi ubalage colitiya mokewath na

  2. Anonymous

    Tamilmv eke thynow dakka me film eka
    Vidya ge ekak nisa kawruwathma sub node thibunath filuma ba gaththa
    Echcharata wishwasai vidya gana, saho uda kypu widyatama......
    Bohoma sthuthiyi sub ekata saho

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Sanjeewa2010

    Pattaaaaa

  5. Kushan

    Sub akta thanks

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Naveen

    උපසිරසියට තුති

  8. Anonymous

    ස්තූතියි සිසිත, මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවෙ නෑ

  9. දිල්කී බාත්

    MaxxA දාන්න ඕන මේවට නේ..
    තෑන්ක්ස් මචන් සබ් එකට

  10. Samith

    Thanks brother

  11. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  12. Anonymous

    හොයේ

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Anonymous

    තෑන්ක්ස් වේවා

  15. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  16. Anonymous

    Thakz a lot.

  17. bunny

    Thanks buddy

  18. Dineth de silva

    Thanks brother

  19. indika 75

    thanks..

  20. Anonymous

    Salute (2022)
    Aarattu (2022) Malayalam film walata sub denna plz

  21. Ashan dinelka

    The Great Indian Murder hindi series ekata sub dennakow

  22. Anonymous

    Thnkz

  23. හේමන්ත

    ස්තුතියි සිසිත.
    ජයවේවා....

  24. Dilhani

    විද්‍යාගේ ෆිල්ම් හැම එකක්ම එයාගේ ප්‍රභල රංගන පෞරුෂයෙන් වැහිලා යන ඒක සාමාන්‍ය දෙයක්. co-star එයාව අභිබවා යන්නේ නැති තරම්. ඔන්න මේකෙනම් shifali shah විද්‍යට වඩා ඉස්සරහින් ඉන්නවා. මිට කලින් විද්‍යාව පහු කරනවා දැක්කේ no one kills jessica එකේ රානි මුකර්ජී විතරයි.

  25. Anonymous

    තෑම්ක්ස් කොම්ලෝ ❤

  26. Ramesh

    Thanks brother

  27. Mano

    Godak sthuthi..Jaya wewa!

  28. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  29. Malith samarawickrama

    Thanks machan sub ekata.

  30. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සසියා. ජයවේවා !!

  31. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  32. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work

  33. sahangayantha

    thanks a lot saho sub ekata

  34. Anonymous

    lightyear eke subtitle dendako

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. mindika

    Thanks !!!