Watch Trailer

A Hidden Life (2019) Sinhala Subtitles | හෘදසාක්‍ෂියේ අඩහැරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මං ආයෙම ආවා තවත් සිනමාපටයක් අරගෙන. A HIDDEN LIFE නම් වූ මෙම චිත්‍රපටය 2019 වර්ෂයේ විකාශය වෙච්ච DRAMA/ HISTORY යන වර්ගීකරණයන්ට අයත් වෙන සිනමාපටයක්. එසේම මේ වන විට මෙය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ROTTEN TOMATOES හෙවත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබාගන්නට සමත්වෙලා තියෙනවා. එස…

ඔන්න එහෙනම් මං ආයෙම ආවා තවත් සිනමාපටයක් අරගෙන. A HIDDEN LIFE නම් වූ මෙම චිත්‍රපටය 2019 වර්ෂයේ විකාශය වෙච්ච DRAMA/ HISTORY යන වර්ගීකරණයන්ට අයත් වෙන සිනමාපටයක්. එසේම මේ වන විට මෙය IMDB දර්ශකයේ 7.5ක අගයකුත් ROTTEN TOMATOES හෙවත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබාගන්නට සමත්වෙලා තියෙනවා. එසේම සැබෑ සිදුවීමක් අලෙළා නිර්මාණය වූ ඉතිහාසාත්මක සිනමාපටයක් විදිහට ඒක ඉතාම හොද අගයක්.

කතාව ගෙතෙන්නෙ දෙවැනි ලෝක යුද්ධ සමයේ සිද්ධ වෙන සිදුවීම් හා සබැදිව. 1938 මාර්තු 12වැනි ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්ගෙ නාසි හමුදාව ඔස්ට්‍රියාව අල්ලාගැනීමෙන් පසුව එරටද නාසි පාලනයට නතු වෙනවා. සමස්ත යුරෝපය සහ ඉන් ඔබ්බට ලෝකයම යටත් කරගැනීමේ අභිලාෂයෙන් පසු වූ හිට්ලර් ජර්මානුවන් පමණක් නොව තමා විසින් යටත් කරගත් මෙම රටවල සිටි පිරිමින් පවා සිය හමුදාවට බදවාගන්නවා. ඉතින් මේ කතාවේ කතා නායකයා වෙන්නෙ එලෙස ඔස්ට්‍රියාවේ සිට ජර්මානු හමුදාවට බැදීමට තෝරාගත් නමුත් ඊට විරුද්ධ වෙන සාමාන්‍ය ගොවියෙකු වටා.

ෆ්‍රාන්ස් කියන්නෙ ගොවියෙක්, ඒවගේම හොද සැමියෙක්,තාත්තා කෙනෙක් සහ පුත්‍රයෙක්. ඉතින් ෆ්‍රාන්ස්ට අවස්ථාව හිමි වෙනවා නාසි හමුදාවට බැදෙන්න. කොටින්ම ෆ්‍රාන්ස් හමුදා පුහුණුව ලබන්න පවා යනවා. නමුත් ඊට පස්සේ ඔහුගේ හිත තුළ හැගීමක් ඇති වෙනවා හිට්ලර් විසින් ගෙනයන යුධමය ව්‍යාපාරයට විරුද්ධව. නිකරුණේ රටවල් ආක්‍රමණය, මිනිසුන් සමූලඝාතනය කිරීම වැනි කරුණු නිසා ෆ්‍රාන්ස් කැමති වෙන්නෙ නෑ හිට්ලර්ගෙ හමුදාවට ගිහින් යුද්ධ. මේ නිසාම කැදවීමේ ලිපිය ලැබුණත් ෆ්‍රාන්ස් එය නොසළකා හරිනවා. ඒ විතරක් නෙවෙයි නාසි හමුදාවට සහ හමුදා සෙබළුන්ගේ පවුල්වලට අවශ්‍ය ආධාර ලබාදීමත් මේ ෆ්‍රාන්ස් ප්‍රතික්‍ෂේප කරනවා.

ඉතින් මේ ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඔහුට විදින්න වෙන කරදර, ඔහුගේ පවුලට විදින්න වෙන දුක්ගැහැට වගේම මොනතරම් දුක් වින්දත් සිය ආත්මය පවා නොදුන් අභීත මිනිසෙකුගේ ඉතාමත් සංවේදී කතාවක් තමයි මෙහි අඩංගු වන්නෙ. එහෙමනම් ඔබටම එය බලන්න ආරාධනා කරමින් මා සමුගන්නවා.

“If God gives us free will, we are responsible for what we do or what we fail to do.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  Bluray පිටපත් සඳහා අදාළ වේ.

2,959 downloadsDownload A-Hidden-Life-2019-1.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,959 downloadsDownload Subtitles31 KB

12 comments

  1. Dimuthu Dananjaya

    Knight Rider season 3,4 sub dennakooo

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

  3. indika75

    thanks..

  4. devaka perera

    Thanks bro

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Bandara

    Thanks Maduka. one of the great film i ever seen

  7. රිශාන්ත

    Thanx bro

  8. Dewadithya

    Thanks for sub!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. sakindu123

    අපි ෆිල්ම් එක බැලුවා. සබ්ටයිටල් එක හොඳයි. ජයවේවා!!

  11. Nirosh C

    ස්තුතියි.පුළුවන්නම් ටෙරන්ස් මලික්ගෙම Tree of Life චිත්‍රපටියට සබ් දෙන්න

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!