මිනිසෙකු යනු ඔහුගේ සිතුවිලිවල ප්‍රතිපලයකි. ඔහු සිතන දේ බවට ඔහු පත් වේ. (මහත්මා ගාන්ධි තුමා) ආයුබෝවන් යාළුවනේ ඔන්න මේ වතාවේ වෙනස්ම ආකාරයේ කතාවක් ඔයාලට අරගෙන ආවා මේ දවස්වල ගොඩක් දෙනෙක් ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න නිසා ඔයාලට කුතුහලයෙන් පිරි හුඟක් අය ආසම විදියේ චිත්‍රපටයක් හම්බවුණා. 2019 දෙසැම්බර් මස 19…

මිනිසෙකු යනු ඔහුගේ සිතුවිලිවල ප්‍රතිපලයකි.
ඔහු සිතන දේ බවට ඔහු පත් වේ.
(මහත්මා ගාන්ධි තුමා)
ආයුබෝවන් යාළුවනේ ඔන්න මේ වතාවේ වෙනස්ම ආකාරයේ කතාවක් ඔයාලට අරගෙන ආවා මේ දවස්වල ගොඩක් දෙනෙක් ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න නිසා ඔයාලට කුතුහලයෙන් පිරි හුඟක් අය ආසම විදියේ චිත්‍රපටයක් හම්බවුණා. 2019 දෙසැම්බර් මස 19 වන දින නිකුත් කරන ලද පැයකුත් විනාඩි 55ක් පුරා දිවෙන IMDb අගය 6.7 වගේ ඉහළ අගයක් අරගෙන තියෙන Thriller ගණයට අයත් හොද චිත්‍රපටයක්. අහම්බයෙන් මුණගැහෙන මිතුරන් පස් දෙනෙක් හා ඔවුනට හම්බවෙන පරණ පුස්තකයක් වටා ඔවුන්ගේ ඉරණම ලියවිලා තියෙන ආකාරය කොහොමද කියන්න ඔයාලට බලාගන්න පුලුවන්. Santhosh Prathap මෑත කාලයේ සිනමාවට පිවිස දුර ගමනක් යන්නට වෙර දරන බව පෙනෙන්නට තිබෙන නවක නළුවෙක් කියල කියන්න පුළුවන්. Dhayam (2017),Bayama Irukku (2017), Bayama Irukku (2018), Podhu Nalan Karudhi(2018), Dev(2019), හා 2020 වර්ෂයේ තිරගතවුණ Comrade, Irumbu Manithan, Oh My Kadavule යන චිත්‍රපට වලට දායක වෙලා තියෙනවා. මීට අමතරව Madhu Shalini, Sana Althaf, Ashwin Jerome, Gokul Anand, යන අය ඔහුගේ අනෙක් මිතුරන්ගේ චරිත වලින් දායක වනවා.කතාව දෙසට පොඩ්ඩක් හැරිල බලමු. ඒ වගේම කියන්න ඕනෙ මේකේ ලස්සනම Heart Beat Song එකකුත් ඇතුළත් වෙනවා.
දුෂ්‍යන්ත් සංචාරක පක්ෂියෙක් වගේ බයික් එකේ රට වටේම ඇවිදින එක එයාගෙ විනෝදාංශය. එයිදන්,සංගීතවේදියෙක් වෙන්න උත්සාහ කරමින් පුහුණුවීම් කරගෙන ඉන්න කෙනෙක්. ඒ ඔහුගේ ප්‍රියම්බිකාවගේ හදිසි වියෝවේ වේදනාවත් දරාගෙනම. ජීවිකා, පින් කටයුතු වල නිරතවෙමින් අතට ලැබෙන හැම සතේම පුණ්‍ය කටයුතු වලට යොදවමින් සිටින්නියක්. සමීරා, පත්තරේක වාර්තාකාරිණියක් ලෙස කටයුතු කරමින් සිටියදි සත්‍ය දේවල් පළ කරගත නොහැකිව කළ කිරීමෙන් රැකියාවෙන් ඉවත්වෙලා ලේඛිකාවක් වීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නියක්. ජීවිකාගේ උපන්දිනේ වෙනුවෙන් ඇය සංවිධානය කරනවා පුණ්‍යාධාර එකතු කිරීමේ ප්‍රසංගයක්. ප්‍රසංගයේ ගීත ගයන්නේ එයිදන්. කොහොම හරි මේ ප්‍රසංගයට පැමිණෙන මෙයාල එකිනෙකා අහම්බයෙන් මුණ ගැහිලා අදුන ගන්නවා. මන් කිව්වේ 4 දෙනෙක් ගැනනේ. අනිත් කෙනා තමයි ධර්නා, එයා තාත්තගෙ සල්ලි වලින් කාල බීල විනෝදෙන් ඉන්න කෙනෙක්. ප්‍රසංගය අවසානයේ 5 දෙනාම මුණ ගැහිලා රාත්‍රී භෝජයට සහභාගි වෙලා එකිනෙකා ගැන අදුන ගන්න අතරේ ඔවුන් තීරණය කරනවා කට්ටියම එකතුවෙලා විනෝදෙට ඇවිදින්න යන්න. එහෙම ගිහිල්ලා විනෝදවෙලා රෑ නවතැන් පළේ නිදාගන්න ලෑස්ති වෙනකොට කට්ටිය පොඩි සෙල්ලමක් කරන්න තීරණය කරනවා. සමීරා තමයි මේ සෙල්ලම ගැන කියන්නේ. රාක්කයෙන් අහබු විදියට පොතක් අරගෙන ඒකෙ තියෙන පේළියක් කියවන්න ඕනෙ. ඒක තමන්ගේ ජීවිතේ වෙන්න යන සිද්ධියක් කියල විශ්වාස කරන්න ඕන. ඒක තමයි සෙල්ලම. රාක්කයෙන් පොතක් තෝරගන්න සමීරා ඒක දිග හරිනවා. ඒක පරණම කාලේ, හරියට රොබින් හුඩ් කතාවේ තිබ්බ පොතක් වගේ. පොතේ නම “පන්චරාක්ෂරම්”. ඉස්සෙල්ලම කියවන්න ගන්නේ සමීරා,
විශාල ගැටලුවකට මැදිව
අභියෝගයන් රැසකට මුහුණ දී
කුණාටුවකට පසුව
සන්සුන් වූවක් මෙන් අවුල් ජාලාවෙන් මිදුණා
සාමයක් ලැබුවා
නීල පරවියන්ගේ ගුමු ගුමුව ඇසෙන විට,
මෙය අවසානයක් නොව
මහා ව්‍යසනයක ආරම්භයක් බව ඔබට වැටෙහෙනු ඇත.
පළමු ජේදයෙන්ම භයානක ප්‍රෙහේළිකාවක් වගේ තිබුණ් වැකිය දැකලා කට්ටියම හොල්මන් වුණා. කට්ටියම මාරුවෙන් මාරුවට කියෙව්වත් කිසිම කෙනෙක්ට මේකේ තේරුම හිතාගන්න බැරිවුණා. වට කිහිපයක්ම පැය ගාණක් කට්ටිය මේ සෙල්ලම කළත් අවසානයේ පොත විසි කරල දාලම කට්ටිය නින්දට ගියා. පහුවදත් කට්ටිය පොත ගැනම හිත හිතා ආපහු යන්න ගියා. ඔහොම දවස් ගානක් සාමාන්‍ය විදියට ගෙවීගෙන ගියත් එකිනෙකාගෙ ප්‍රෙහේළිකා මතුවන්නට පටන් ගත්තා. ඔන්න එහෙනම් එතනින් එහාට මෙයාලගෙ දෛවය විසදන ආකාරය ඔයාලට භාරයි යාළුවනේ.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
9,842 downloadsDownload Pancharaaksharam-2019.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
16 comments
Hashan M. Priyadarshana
Anonymous
Thank You
RMshirantha
අද තමය් බාගත්තෙ. තැන්කූූ....
Isirajanith
Thanks sub ekata pluwanman DC superhero girls TV series cartoon 2019 sub dennko please
Rukshan37
Ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lalani Maduwanthi
Thank you
Isuru Srinath
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..
Anonymous
Thanks bro
viradaka
thank you brother
santhusha319
බොහොම ස්තූතී මචං
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ.... තෙරුවන් සරණයි !!!
A r perera
ස්තුතිය බ්‍රෝ
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!nilanka
thanks...
Amila Jayasekara
අම්මෝ බං හෑල්ලේ දිග
දිග
හදපු එකා වත් ඔහොම නැතුව ඇති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)