Watch Trailer

A Tale of Two Sisters (2003) | අඳුරැ රහස් නැත්තේ කාටද? [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පළමු සිංහල උපසිරැසිය කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ සහෝදරයෙක් දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!! මීට පෙර පළකල ලිපිය. හැමදාම ඉංග්‍රිසි සහ හින්දි බයිස්කොප් බලන යාලුවන්ට ඔන්න මම අ…

A Tale of Two Sisters (2003)
මේ තමයි මගේ පළමු සිංහල උපසිරැසිය කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ සහෝදරයෙක් දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!!

මීට පෙර පළකල ලිපිය.

හැමදාම ඉංග්‍රිසි සහ හින්දි බයිස්කොප් බලන යාලුවන්ට ඔන්න මම අද “දකුණු කොරියානු” Horror film එකක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනා දෙයක් තමයි ආසියානු රටවල නිර්මාණය කරන horror films , hollywood නිෂ්පාදන වලට වඩා ගුණාත්මකබවෙන් ඉතාමත් ඉහළ බව. මේ හේතුව නිසාම බොහෝ hollywood නිෂ්පාදකයින් අතිවිශාල මුදල් කන්දරාවක් වැයකොට සුපිරි effect බවිතා කොට තමන්ගේ ශෙලියට නැවත නිර්මාණය කලත් ආසියානු මුල් නිර්මාණය අභිබවා යන්නට හැකිවි ඇත්තේ ඉතා සුලු ප්‍රමාණයකට පමණයි. කොරියානු චිත්‍රපටයෙන් තරමක් වෙනස් උනත් 2009දී තිරගතවුනු The Uninvited නම් චිත්‍රපටය A Tale of Two Sisters හි මුලික කතාව අනුගමනය කරනවා.

දැන් මේ චිත්‍රපටිය ගැන කතාකරනවා නම් imdb හි 7.4/10 පමණ ඉහල ප්‍රෙක්ෂක ප්‍රතිචාර ලබා සිටින අග්‍රගණ්‍ය horror film එකක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. නමුත් මෙය අපි හැමදාම දකින horror වලට වඩා බොහෝ වෙනස් ආකරයක් ගන්නා කතාවක්. “සූ-මී” හා “සූ-යොන්” නම් සොහොයුරියන් දෙපළක් වටා ගෙතුන මේ අපුරු අන්දරය ආරම්භ වෙන්නේ මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින සූ-මීව පියා විසින් නිවසට රැගෙන ඒමත් සමගයි. එහිදි අපිට මුණගැසෙන කුඩම්මාගේ චරිතය නපුරු කුඩම්මා ලෙස වටහාගන්න වැඩිවේලාවක් ගතවන්නේ නෑ.

මෙතෙක් වේලා බොහොම සුන්දර අන්දමින් ගලාගිය මෙම චිත්‍රපටය මෙතැන් පටන් ඉතා අඳුරු මාවතක් ඔස්සේ ගමන් කිරිමට පටන් ගනනවා. සොහොයුරියන් දෙදෙනා, පියා සහ කුඩම්මා අතර ඇතිවන හැලහැප්පිම් මගින් මේ පවුල් සංස්ථාව ලොකු රහස් කිපයක්ම එකිනෙකාගෙන් වසන් කරන බව අපට පෙනීයනවා. මේ පවුලට එකිනෙකාගෙන් එල්ලවෙන පිඩනයට අමතරව අත්භුත බලවේග කිපයක්ම මෙම නිවස වටා ක්‍රියාත්මක වෙමින් නිවැසියන් භීතියට පත්කරනවා. මේ අතරින් සොහොයුරියන්ට පෙනෙන මැදිවියේ කාන්තා හොල්මන. කුඩම්මාව ලුහුබදින කුඩා දැරියගේ හොල්මන අපට සදහන් කරන්න පුලුවන්. මෙම අභිරහස් වලට හේතුව සොහොයුරියන්ගේ මවගේ අකල් මරණය හා සම්බනද බව අපිට අනුමාන කලහැකි උනත් අධ්‍යක්ෂකවරයා අවසාන මොහොත දක්වාම අපෙන් සැබෑව වසන් කරනවා.

මේ චිත්‍රපටය ගැන විශේෂයෙන් සදහන් කලයුතු දෙයක් තමයි මෙහි එන සැම රුප රාමුවක් පිටුපසම විශාල අරුතක් ගැබ්වී තිබෙන බව. මේවා ඔස්සේ කතාව තේරුම් ගැනිමට අධ්‍යක්ෂකවරයා අපට ඉඟි ලබා දෙනවා. මේවා හොඳින් තේරුම් ගත්තොත් කතාවේ රසය තවත් වැඩිවෙන බව නොඅනුමානයි. එසේ කිරිමට නොහැකි උනත් කිසිම අඩුපාඩුවක් නොවන්නේ මෙහි එන horror scene ඉතාමත් බිහිසුණු අන්දමට, අප නොසිතන අන්දමට ඉදිරිපත් කර තිබෙන නිසායි. තවද මෙය පැහැදිලි කිරිමට නොයෙකුත් දෙනා විසින් ලියන ලද විචාර විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් කම තිබෙනවා.

කුඩම්මාගේ කුරිරු ස්වාභාවයත්, සොහොයුරියන්ගේ අතර පවතින බැඳිමත් මනාව ඉස්මතු වෙන ආකාරයෙන් මෙම බයිස්කොප් එක අති බිහිසුණු අවසානයක් කරා ලගා වෙන්නේ අප කිසිසේත් බලාපොරොත්තු නොවු හෙලිදරව්වක් සමගිනුයි. ප්‍රෙක්ෂකයා කම්පාවටත්, විශ්මයටත් පත් කරන මෙම අවසානයත් සමග අපි මෙතෙක් වෙලා ගොඩනගාගෙන පැමිණි මතවාද සියල්ල දෙදරා යනවා.

කිහිප වරක් නැරඹුවත් එපා නොවන මෙය ඒ සෑම අවස්ථාවකම කලින් නොදුටු පැතිකඩක් නිරාවරනය කරනවා. Horror සහ අමුතු චිත්‍රපට වලට කැමති සෑම කෙනෙකු විසින්ම නැරඹිය යුතු බයිස්කොප් එකක් බව අවසානයට කියන්න අවශ්‍යයි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ගනුශ්ක රණසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

A Tale of Two Sisters (2003) on IMDb

 

 

688 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 9bd2a07c64c222a2324975f20c783929fe0d8f5c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,834 downloadsDownload A-Tale-of-Two-Sisters-2003-www.baiscopelk.com-.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/අමල්-ප්‍රසන්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමල් ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අමල් ප්‍රසන්න

Subtitles

1,834 downloadsDownload Subtitles19 KB

101 comments

  1. shehan

    thanks ada mama 1

  2. chamila

    Tnaks ganu.......

  3. Pasindu

    නියම ලිපිය.... තැන්කූ....

  4. chanaka

    Mata nam bayai
    moko karanne nobalath be
    thawa kauru hari ekka balanna bagannawa

    hiks.......

    thanxs hode

  5. Lakshitha

    මුලින්ම කියන්න ඕනෙ බයිස්කෝප් එකේ මම කියවපු හැම ලිපියක් අතරින් හොදටම ලියපු ලිපිය මේක කියලා.. ලියලා තියන විදියට ඕනෙම කෙනෙක්ට බාගන්න හිතෙනවා.. දිගටම මේ විදියටම කුතුහලය ඇති වෙන විදියට ලියන්න.. බොහෝම ස්තුතියි...

  6. San J

    බොහොම ස්තූතියි ගනුශ්ක සහෝදරයා ලිපියට. හොරර් මූවි වලට නම් මම වැඩිය කැමති නෑ. ඒත් කමක් නෑ බානවා.

  7. kenny

    කියලා තියෙන විදියටනම් හොදයි කියල හිතෙනවා.ඉතුරුවා බලලම කියන්නං.ඔන්න බෑවා එහෙනම්.තැන්ක් යූ......

  8. Dhana

    monada ban baya hithena ewama danne... hoda love story dapanko, nathtam action film dapanko ban....

  9. wappula

    oyage wisthare nam mara lassanai thank you verry mutch:

  10. Tharindu Chat

    ඇත්තටම කුතුහලය පිටාර ගලන විදියට ලිපිය ලියලා තියෙනවා, මාත් horror බලන්නේ නැති උනාට බාන්න ආස හිතුනා..

    ස්තූතියි!!!

  11. pasiya

    banawaaaa baye baaa :O

  12. Ajith

    Thanks Saho...

  13. Udaya සාලින්ද

    thanks saho.....

  14. sujja

    nice post. thank you mate..

  15. Asitha

    thnx sahoo...!!

  16. sunanda

    ලිපිය කියෙවුවම බය හිතෙනවනෙ.නියමෛ සහො.අනිවාර්යෙන් බලන්න හිතෙනව කියෙවුවම.බොහොම ස්තුති සහො ‍ෆිල්ම් එකට.ඔන්න බැවා..............

  17. Lakshan

    Mama samanyan Horror films balanne na . Bt me post 1a dakkama me film 1a balanna hetuna nisa download wenna damma. Post 1a nam down karanna hetena wediyata elatama liyala tiyanawa . Thankz fil 1ta ................. :)

  18. විකියා

    maXXa :)

  19. Suren n. Semage

    Thanx saho. horror movies walata mamath wediya kemathi ne.
    eth kemathi aya wenuwen baiscope adaviya pohosath kalata godak sthuti.

    all da best.

  20. Ramraj

    අප්පේ හොරර් නේද? එහෙනම් ඉතිං නොබා කොහොමද. ඔන්න මම අද අන්තිමයා හික් හික්

  21. අමල් ප්‍රසාද් සමරවීර

    අම්මෝ..... කියනකොටත් ඇගේ මයිල් ස්මයිල් වෙනව!! බලමු බලමු වැඩෙත් එහෙමමද කියල!!! තැන්කූ ශනුස්ක..

  22. Akalanka Yapa

    wow.....
    downloading!
    thanxx

  23. ෆා

    කොරියන් ෆිල්ම් හොයාගෙන යද්දි මේ ෆිල්ම් එක අනන්තවත් අහුවෙලා තියෙනවා. ඒත් Horror එකක් නිසා මම හිමීට මඟඇරලා ගියා. ඒත් මේ ලිපිය කියෙව්වට පස්සේ බය පැත්තකින් තියලා බලන්නමයි හිතන්නේ.. ඔන්න එහෙනම් ඔයා කියන නිසාම බානවා හොඳේ..

  24. sudaraka

    thanks..thanks very much mama hoyamin hiti ela
    film ekak.poddak meke sound track eka ahala balanna .excellent.thanks again.
    www .youtube.com/watch?v=-2wfD10MT7E

  25. agith

    thanks..

  26. ganesh

    mamath banava

  27. Thusitha sampath

    Thanks bro

  28. chanaka chana

    wensakatath ekka hodai yaluwa.. Godak thanks machan.. niyamai...

  29. Hemal

    ඉතාමත් හොද ලිපියක්, කතාවත් ඒ වගේම ඇති කියල හිතනව.ඔන්න මත් බන්න දැම්මා.ස්තුතියි !!!

  30. විකියා

    :)

  31. man

    nicenicenicenicenice

  32. maa

    hmm lassana bayankara horror ekak wage,, thnx sahoo mewage film danawata, asai thawa horror danawa nam,, api innawa hamadama honda film balanna,, lankawe nati apita mewage honda film ekak balala fit eke innath puluwan,, onna baaawooooo........

  33. ashan kandy

    deela thiyena wistharenam patta balannama hitenwa. eth horror mn balannema na. ane duke ba saho.. :(

  34. Uraj Deemantha

    මේ වගේ ඒවා බාන්නේ නෑ නේ :(

  35. laksirigun

    aulak na oba tuma kiyana nisama balama balamuko... onna apith gatta macho...

    Thanks!!!!!

  36. Jayani

    ioo.. baluwata therum ganna bane//mkda karanne.?

  37. මම

    මෙකෙ ඉන්න උන් ඔක්කොම ඹය ගුල්ලොනෙ...පො: ඒකට මම බලන්නෙම මේවා. තන්x වේවා.

  38. මී හරකා

    ඇත්තටම නියම පිචැර් එක. මම මගේ හාමිනේටත් පෙන්නුවා. එයත් කියනවා මීට කලින් බලපු අනිත් බය හිතෙන ඒවාට වැඩිය යම් ගැඹුරු හෙලි දරව්වකුත් සමග හිතන්න ගොඩාක් දේ ඉතුරු වෙනපිචැර් එකක් කියලා

    බොහොම ස්තූතියි

  39. මී හරකා

    ඇත්තටම නියම පිචැර් එක.

  40. brother

    Kiyapu tharam gathiyak nam nane

  41. Edgar

    meka mama down kara kathawa therenne nane.

  42. ishanka

    tikak baya hithena patai. kamak ne baalama balanna ona. thanks bro.

  43. ashen malinda

    මේකේ තේරුම මොකද්ද? මට නම් අන්තිම හරිය තේරුනේ නෑ

  44. ishanka

    thankx... korean ewa balanam ne.. honda ethi kiyala hithenawa..

  45. halapaya

    Sirawatama, Its so difficult 4 me to understand the movie:(

    But appreciate ur efforts :)

  46. ganidu

    පළමු වැඩේට සුභ පැතුම්!

  47. ranga

    pattama film akak thanks yaluwa

  48. ccnp

    Thanks

  49. harsha

    plamu wadeyta suba pathum 2 kath demu

  50. vee

    maxxa maxxa

Load more comments