Watch Trailer

A Violent Separation (2019) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක වැටෙන්නෙත් Action, Thriller කියන ගැටගරීස් දෙකට තමා, ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක කරන්න කියලා දීපු හසන්ත අයියට ස්තූති කරනවා. මම කතාව පොඩ්ඩක් කියන්නම්, ඇබී, ෆ්‍රැන්සිස් කියන්නෙ අක්කයි නංගියි.. ඇබී රේ කියලා නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් එක්ක තමයි යාලු වෙලා…

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේක වැටෙන්නෙත් Action, Thriller කියන ගැටගරීස් දෙකට තමා, ඉතින් වෙනදා වගේම ෆිල්ම් එක කරන්න කියලා දීපු හසන්ත අයියට ස්තූති කරනවා.

මම කතාව පොඩ්ඩක් කියන්නම්, ඇබී, ෆ්‍රැන්සිස් කියන්නෙ අක්කයි නංගියි.. ඇබී රේ කියලා නාහෙට අහන්නෙ නැති කොල්ලෙක් එක්ක තමයි යාලු වෙලා ඉන්නෙ. කොහොම හරි අැබීලයි ගෙදරම තමයි එයාලා එක්කම රේගෙ අයියා නෝම් ඉන්නෙත්. නෝම් කියන්නෙ පොලීසියේ වැඩ කරන කෙනෙක්, නෝම් ඇබීගෙ නංගි ඒ කියන්නෙ ⁣ෆ්‍රැන්සිස් එක්ක යාලුයි.

ඉතින්, ඇබී රේගෙ උපන්දිනේ දවසෙ රෑ රේගෙන් දෙයක් ඉල්ලනවා.ඒ තමයි එයාට වෙඩි තියන්න උගන්වන්න කියලා. කොහොමහරි රේ මේකට එච්චර කැමති නැති නිසා..එදාම එලි වෙද්දි වගේ රේව පුදුම කරන්න තියෙනවා කියලා රේවත් කාර් එකේ දාගෙ ඇබී යනවා රේට කියලා කොහොම හරි වෙඩි තියන හැටි ඉගෙන ගන්න. ඇබී කලින්ම තාත්තගෙ පරණ පිස්ටල් එකත් අරගෙන තමයි එන්නෙ. ඉතින් දෙන්න රණ්ඩු වෙවී, හිනාවෙවී යද්දි එකපාරටම කාර් එක පාරෙ තියෙන වලකට වැටෙනවත් එක්කම රේගෙ අතින් තුවක්කුව පත්තු වෙනවා. ඇබී එතනමයි. රේ මුලින්ම කරන්නෙ පොලීසියේ වැඩ කරන එයාගේ අයියට කතා කරන එක. මම කතාව එතනින් නවත්තනවා.. රේගෙ අයියා නෝමන් රේව බේර ගනීවිද? රේ කියන කතාව අනිත් අය විශ්වාස කරයිද? මේ ඔක්කොටම උත්තර ෆිල්ම් එකේ තියෙනවා.

IMDB දර්ශකයේ 5.4 ක අඟයක් ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. හෙට කැම්පස් පටන් ගන්න නිසා ඉස්සරහට එක දිගට ෆිල්ම් වලට සබ් අරගෙන එන්න බැරි උනත් පුලුවන් විදියට ඉදලා හිටලා හරි සබ් එකක් අරගෙන එන පොරොන්දුව පිට මම ගියා.. ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,611 downloadsDownload A-Violent-Separation-2019.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

2,611 downloadsDownload Subtitles36 KB

16 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. indika75

    thanks..

  3. Udaya Saman

    Bohoma thuthi upasirasiyata sahoo

  4. wnrodrigo

    Good work friend, Thanks for sub.!!

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...

  8. Buddi

    Thanks.............

  9. tharindhu

    backdraft 2 එකෙයි us එකෙයි සබ් දාපංකො මචො

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  11. Rukshan37

    Ela ela

  12. AsithaDilruwan

    ela saho thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. බොබී

    බොහොම තුති සහෝ. අධ්‍යාපන වැඩ ඉවර කරලා ආයෙත් සබ් එකක් අරන් එන්න හැකිවේවා කියලා පතනවා.

  15. RavindraRishantha

    ඔබේ ඉගෙනුම් කටයුතු සඵල වේවා

  16. pra78

    thank you saho...
    [