Watch Trailer

9: Nine (2019) Sinhala Subtitles | ලෝක විනාශය අභියස? [සිංහල උපසිරැසි සමඟ]

දන්නවද මේ විශ්වය කොච්චර ලොකුයිද කියලා? ඒකත් එක්ක බලනකොට, මිනිස් සංහතිය කොච්චර පොඩියිද කියලා දන්නවද? අපි ඉන්න මේ පෘථුවිය අයත් මන්දාකිණිය තමයි ක්ෂීරපථය. පෘථුවිය ඇවිල්ලා මේ ක්ෂීරපථයෙ තියෙන තවත් එක්තරා ග්‍රහලෝකයක් විතරයි. ඒ කියන්නෙ, මේ විශ්වයේ තවත් මන්දාකිණි කෝටි විසිදාහකට වඩා තියෙනවා. ඒ හැම එකකම මිනිස…

දන්නවද මේ විශ්වය කොච්චර ලොකුයිද කියලා?
ඒකත් එක්ක බලනකොට, මිනිස් සංහතිය කොච්චර පොඩියිද කියලා දන්නවද?
අපි ඉන්න මේ පෘථුවිය අයත් මන්දාකිණිය තමයි ක්ෂීරපථය.
පෘථුවිය ඇවිල්ලා මේ ක්ෂීරපථයෙ තියෙන තවත් එක්තරා ග්‍රහලෝකයක් විතරයි.
ඒ කියන්නෙ, මේ විශ්වයේ තවත් මන්දාකිණි කෝටි විසිදාහකට වඩා තියෙනවා.
ඒ හැම එකකම මිනිස්සු ඉන්නවද එතකොට?

ඇල්බට් අයින්ස්ටයින් වතාවක් කියලා තියෙනවා,
මේ විශ්වය හරියට, පොඩි ළමයෙක්ට මහා ලොකු පුස්තකාලයක් වගේ දෙයක් කියලා.
ලොකු රාක්ක පිරිලා තියෙන්නෙ,
කියවලා තේරුම්ගන්න අමාරු භාශාවෙන් ලියවිච්ච, ලොකුම ලොකු පොත් වලින්.
ළමයා දන්නෙ නැහැ ඒක කියවන්න ඕනෙ කොහොමද කියලා.
ඉතිං, ඒ පිටිපස්සෙ තියෙන අබිරහස් ඒ ළමයට හොයාගන්න වෙන්නෙ නැහැ.

පෘතූවි පෘෂ්ඨය ආසන්නයෙන් ගමන් ගන්නා ධූමකේතුවක් හේතුවෙන් අතිමහත් ව්‍යසනයක් විය හැකියැයි විද්‍යාඥයන් පවසා සිටිනවා. තවත් ඉතුරුව ඇත්තේ දින කිහිපයක් පමණක් වන අතර, ලොව වටා සියළුම ජනතාව මේ හේතුවෙන් කලබලයට පත්වී තිබෙනවා. රටවල් කීපයක භීතියට පත්වූ ජනතාව, සංවිධානාත්මකව කැරළි ගැසීමට පටන්ගෙන තිබෙනවා. ලොව වටාම ව්‍යාකූල තත්වයක් ඇතිවී තිබෙනවා. ආකාශ තලය ගෝලීය වශයෙන් වසා දමනු ලබනවා. සියළුම ප්‍රධාන නගරයන් දැඩි ආරක්ශාව සහ සෝදිසිය යටතේ පවත්වාගෙන යනවා. ධූමකේතුවෙහි චුම්භක ක්ෂෙත්‍රයන්හි බලපෑම හේතුවෙන් දින නවයක් පුරාවට ලොව පුරා විදුලිය ඇණ හිටිනු ඇත.

මේ ධූමකේතුව නිසා අපිට මීට කලින් අත් නොවිඳපු දෙයක් අත් විඳින්න වෙනවා.
මේකෙන් මිනිස්සුන්ට වෙන එක බලපෑමක් තමයි,
ඉන්ටර්නෙට්, වට්සැප්, ෆේස්බුක් වගේ දේවල්
දවස් නමයක් යනකම් පාවිච්චි කරන්න වෙන්නෙ නැහැ.
මේ ධූමකේතුවේ ආරම්භය අපි නොදන්නා තැනකින්.
අපි තවමත් හොයාගෙන නැති, නොදන්නා මන්දාකිණියක ඉඳන්.
සංසන්දනාත්මකව කියනවා නම්, එවරස්ට් කන්දටත් වඩා ලොකු මේ ධූමකේතුව,
පෘථුවි පෘෂ්ඨය ආසන්නයෙන් පසුකරගෙන යෑමට නියමිතයි.
ඒ වගේම, සූර්‍ය ගිණි සිළුවක් ඇති වේවි.
මේ ධූමකේතුවට බොහොම බලවත් චුම්භක ක්ෂේත්‍රයක් පිහිටලා තියෙනවා.
ඒ කියන්නෙ, බලවත් විද්‍යුත් චුම්භක ස්ඵන්දනයක් තියෙනවා.
ධූමකේතුවේ බලවත් EMP එක, පෘථුවියේ විද්‍යුත් චුම්භක ක්ෂෙත්‍රයට බලපානවා.
විද්‍යුත් ශක්තිය පාවිච්චි කරන හැමදෙයක්ම, විශාල ජල විදුලි බලාගාර, අපේ මොබයිල් ෆෝන්, ඔරලෝසු වගේ දේවල්…
ඒ හැම දෙයක්ම අක්‍රිය වෙනවා.
පෘථුවියේ EMP අගයත් ඉක්මවා යන මේ චුම්භක ක්ෂේත්‍රය,
ක්‍රම ක්‍රමයෙන් එහි ශක්තිය අඩු වෙලා ගිහිල්ලා, දවස නමයකට පස්සෙ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.
ඒ වෙනකම්, අපි හැමෝටම ඒකෙ බලපෑම විඳින්න වෙනවා.
ලෝකයම විද්‍යුත් චුම්භක බුබුලක් බවට පත්වේවි.

පොඩ්ඩක් ඉන්න. මේ දේවල් ඔහොම පොඩ්ඩක් පැත්තකින් තියලා, අපි පොඩ්ඩක් හොයලා බලමූ ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක් කියන්නෙ මොකක්ද කියලා.

අභ්‍යවකාශයේ ගමන් කරන විශාල පාෂාණ කැබැලි ග‍්‍රහක යනුවෙන් හැඳින්වෙයි. සාමාන්‍යයෙන් ඉතා කුඩා ප‍්‍රමාණයේ ග‍්‍රහක කැබැලි නිරන්තරයෙන් පෘථිවියට කඩා වැටෙන අතර එසේ කඩා වැටෙන එම කැබැලි උල්කා සහ උල්කාෂ්ම යනුවෙන් හැඳින්වේ. පෘථිවියට තර්ජනයක් එල්ල වන්නේ දැවැන්ත ග‍්‍රහකවලිනි.

වල්ගාතරු එසේත් නැතිනම් ධූමකේතු නිර්මාණය වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඈතින් ඇති, වායු කොටස් සහ දුවිලි අංශු අධික ලෙස සිසිල් වීමෙනි. මේවා සූර්යයාට ආකර්ෂණය වී, නිරන්තරයෙන් එය වටා ගමන් කරයි. වල්ගාතරු දීප්තිමත්ව බබළන්නේ සූර්යයාගෙන් නිකුත්වන ආලෝකය පරාවර්තනය කරන නිසාය. වල්ගාතරු ලක්ෂ ගණනක් හිරු වටේ ගමන් කරමින් ඇත. එහෙත් විටින් විට අපට පෙනෙන්නේ වල්ගාතරු 150 ක් තරම් සුළු ගණනකි. වල්ගාතරුවක ‘වල්ගය’ ඇතිවන්නේ සූර්ය තාපය නිසා එහි වායු සහ දුවිලි පිටතට විසිරී යෑමේදීය.

වැඩිදුරටත් ඔබේ දැනුම වෙනුවෙන් ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ, ජනක අඩස්සූරිය මහතාගේ ලිපියකින් කොටසක් මෙසේ උපුටා දක්වන අතර, පහත විස්තරයෙහි සම්පූර්ණ අයිතිය එතුමා සතුවේ.

පෘථිවියට ග්‍රහක හෝ ධූමකේතු වලින් ඇතිවන බලපෑම් මෙයින් වසර මිලියන 65ක් පමණ ඈත අතීතයේ සිට වාර්තා වී ඇත. ක්‍රෙටේසීය යුගය අවසන් කර පෙලියෝපින් යුගයේ ආරම්භය සිදුවීම තවමත් විද්‍යාත්මක අභිරහසක් වන නමුත් ඒ සඳහා පෘථිවියට ආගන්තුක ලෙස පැමිණි ඉතා විශාල ගල් කැබැල්ලක් හෝ ධූමකේතුවක් හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙක්සිකෝවේ පිහිටි විෂ්කම්භය කිලෝමීටර 180 වන චෙක්සුලබි (Chicxulub) ආවාටය වසර මිලියන 65 පමණ වයස වීමත් ඩයිනෝසරයන් වඳවීම සමඟ යම් කිසි සැසඳීමක් පෙන්නුම් කරයි. ඒ අනුව ඩයිනෝසරයන්ගේ වඳවීම උල්කාපාතයක් හෝ ධූමකේතුවක් පෘථිවිය සමඟ ඝට්ටනය වීමෙන් වූවා යැයි යන මතය බැහැර කළ නොහැක.

දෙවනුව මිනිසා ද? මිනිසාටත් මෙම ඉරණම අත්වේ ද? ඩයිනෝසරයන් හා සමඟ සසඳන කල මිනිසා සිටින්නේ විද්‍යාව සහ තාක්ෂණය අතින් අති අද්විතීය ස්ථානයකය. උල්කාපාත සහ ධූමකේතු ගැන අප දන්නා කරුණු බොහෝ වුවත් එමඟින් ඇති විය හැකි ව්‍යවසනය දෙස බලන විට අප සියලු දෙනා මේ පිළිබඳව යම් තාක් දුරට දැනුවත් වී සිටිය යුතුය.

මේ පිළිබඳ දැනුවත් වීමේ වැදගත්කම නිසා 2014 සිට සෑම වසරකම ජූනි 30වැනි දින ලෝක ග්‍රහක දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත.මෙම දිනය ග්‍රහක දිනය ලෙස යොදා ගැනීමට හේතු වී ඇත්තේ 1908 ජූනි 30 වෙනි දින රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ තුම්ගුස්කා (Tunguska) ප්‍රදේශයට කඩාවැටුණු මීටර් 60ක පමණ උල්කාපාතයෙන් සිදුවූ විනාශයයි.

මෑත කාලයේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ ග්‍රහක විශාල ප්‍රමාණයක් වාර්තා විය. මෙයට හේතුව වර්තමානයේ මෙම ග්‍රහක නිරීක්ෂණය කර ඒවායේ ගමන් මග නිවරැදිව නිගමනය කළ හැකි තාක්ෂණය සහ ඒ සඳහා ස්ථාපිත කර ඇති පෘථිවි මධ්‍යස්ථාන වේ. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි කැටලිනා අහස නිරීක්ෂණ මධ්‍යස්ථානය (Catelina Sky Survey) ග්‍රහක අනාවරණය සහ නිරීක්ෂණයට වෙන්වූ නිරීක්ෂණාගාරයකි. පසුගිය වසරක මැයි මස 15 වන දින 2010 WC9 ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර 203000 ක් දුරින් ඇදී ගියේය. මෙහි විශාලත්වය මීටර 60 – 130 ක් පමණ වූ අතර මෙය 1908 තුම්ගුස්කා (Tunguska) උල්කාපාතයට වඩා විශාල විය. මෙවැනිම තවත් සිද්ධියක් 2018 අප්‍රෙල් 15 වන දින වාර්තා විය. 2018 GE3 නම් වූ ග්‍රහකය පෘථිවියට ආසන්නව ගමන් කිරීමට දිනකට ප්‍රථම සොයාගත් අතර පෘථීවියේ සිට කිලෝ මීටර 192200 ක් දුරින්,එනම් පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුරින් අඩක් පමණ දුරකින් ගමන් කර ඇත. මෙම ග්‍රහකයේ විශාලත්වයද මීටර 48 – 110 ත් පමණ විය.මෙම සිද්ධියෙන් පෙනී යන්නේ කෙතරම් තාක්ෂණය දියුණු වුවත් කෙතරම් නිරීක්ෂණාගාර තිබුණත් අපට නොදැනී ග්‍රහක පෘථිවියට ළඟා වී මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් විය හැකි බව නොවේද?

2017 ඔක්තෝම්බර් මස 18 වන දින ශ්‍රී ලංකාවේ දකුණු දිග අහසේ දර්ශනය වූ විශාල උල්කාපාතයද මෙවැනිම සිද්ධියකි. මෙම සිද්ධිය බොහෝ දෙනෙකු තුළ කුතුහලයක් ඇති කෙරෙනු අතර එය කුමක් වන්නට ඇත්දැයි දැනුවත් නොවීය. මේ නිසා උල්කාපාතයක් යනු කුමක්දැයි දැනුවත් වීම කාලෝචිත වේ. පෘථිවිය ඇතුළු සියලුම ග්‍රහ වස්තු අභ්‍යවකාශයේ නිරතුරුව චලනය වෙමින් පවතී. එමෙන්ම සෙන්ටි මීටර් කිහිපයක සිට කිලෝමීටර සියගණනක් දක්වා විශාල ගල් කැබලි මෙම අභ්‍යවකාශයේ නිරන්තරයෙන් ඒ මේ අත ගමන් කරයි. මෙම ගල් කැබලි පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට නතුවී පෘථිවියට කඩා වැටීම නිරන්තරයෙන් සිදුවන නමුත් ඉතා ඝන පෘථිවි වායුගෝලය මඟින් මෙම මධ්‍ය ප්‍රමාණයේ ගල්කැබලි ඉහල අහසේ දී විනාශ කර දමයි. සැලකිය යුතු තරම් ප්‍රමාණයේ ආගන්තුකයෙක් එනම් මීටර් 5-10 පමණ වන ගල් කැබලි සම්පූර්ණයෙන්ම දැවී නොගොස් ගොඩබිමට කඩා වැටීමට හැකියාවක් ඇත. එසේ පෘථිවිය මතට වැටෙන උල්කාෂ්ම (Meteoroid)‚ උල්කාපාත (Meteorite) ලෙස හැඳින්වේ.

උල්කාපාත ප්‍රධාන වශයෙන් වර්ග 3කට වෙන් කෙරේ. ඒවා නම් පාෂාණනමය උල්කාපාත, යකඩ අඩංගු උල්කාපාත සහ පාෂාණ සහ යකඩ සංයෝජනය වූ උල්කාපාත වේ. පාෂාණ (Stony) උල්කාපාත වල සිලිකේට අඩංගු වන අතර, යකඩ උල්කාපාත වල ප්‍රධාන වශයෙන් යකඩ අඩංගු වේ. ඊට අමතරව යකඩ උල්කාපත වල නිකල්, ලෙඩ් වැනි බර මූලද්‍රව්‍යද අඩංගු වේ.

2017 ඔක්තෝම්බර් මස 18වන දින ශ්‍රී ලංකාවට දර්ශනය වූ උල්කාපාතයේ කොටස් හමුවූ බවට දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී වාර්තා විය. එම පාෂාණ කොටස් සත්‍ය වශයෙන්ම උල්කාපාතද නැතහොත් පෘථිවි පාෂාණ කොටස්ද යන්න තහවුරු කර ගැනීම තරමක් අපහසු කටයුත්තකි. කෙසේ වෙතත් මෙම පාෂාණ කොටස් සරල පරීක්ෂණ කිහිපයක් මඟින් යම් මට්ටමකට අභ්‍යවකාශයෙන් පැමිණියේද යන්න නිගමනය කල හැක. පළමුව පාෂාණ වල මතුපිට ස්වාභාවය නිරීක්ෂණය කිරීමෙන් මෙම සැකය තහවුරු කරගත හැක. උදාහරණයක් ලෙස පහත රූප සටහන් වල පෙනෙන ආකාරයට උල්කාපාතයක මතුපිට දැඩි ලෙස පිලිස්සුම් සහිත ලක්ෂණ දැකිය හැක. තවද බොහෝමයක් උල්කාපාත වල යකඩ නිසා චුම්භක වලට ඇද ගැනීමේ බලයක් ඇත. උල්කාපාත වල බැර ලෝහ අඩංගු නිසා සාමාන්‍යයෙන් ඝනත්වය ඉහල අගයක් ගනී. පෘථිවියේ ඇති හුණුගල්, තිරිවාන හෝ ග්‍රැනයිට් වල ඝනත්වය 2-3 g/cm3අතර පවතී. නමුත් උල්කාපාතයක සාමාන ඝනත්වය 7-8 g/cm3 පමණ වේ. එනම් උල්කාපාතයක විශාලත්වය සමඟ සසඳා බැලීමෙන් අතට දැනෙන බර වැඩි වේ.නිවරැදිව හඳුනාගත් උල්කාපාත කොටස් පෘථිවිය මතට පතිත වන උල්කාපාත වල වටිනාකම මිල කළ නොහැකි තරම් වේ. මන්ද මෙම උල්කාපාත කැබලි වලින් සෞරග්‍රහ මණ්ඩලයේ උපත, පෘථිවිය මත ජීවය බිහිවීම වැනි මතබේදයට තුඩු දී ඇති ප්‍රශ්න ගණනාවකට පිලිතුරු සෙවිය හැකි බැවිනි.


හරි එහෙනම්. ඉහත විස්තරයෙන් ලොකු අමතර දැනුමක් ලබන්න ඇති කියලා හිතනවා. එහෙනම්, ඒ දැණුමත් හිතේ කොනක තියාගෙන, අපි ආපහු චිත්‍රපටය දිහාට හැරෙමු.

ධූමකේතු හෙවත් වල්ගාතරු සම්බන්ධයෙන් එක එක විදියෙ කට කතා තියෙනවා. එක්තරා කතාවක් තමයි, බර්මියුඩා ත්‍රිකෝණය කිව්වම නොදන්න කෙනෙක් නැහැනෙ. මෙන්න මේ බර්මියුඩා ත්‍රිකෝණයේ පෘථුවි මුහුණත මත එක්තරා ධූමකේතුවක සුන්බුන් තවමත් තියෙනවා කියලා කියවෙනවා. ඒ වගෙම, ඒ ධූමකේතු කොටසේ EMP (Electromagnetic Pulse) එක තවමත් ක්‍රියාත්මක වෙනවා කියලත් කියනවා. ඔන්න ඔය නිසාලු, සමහර ගුවන් යානා, නැව් වලට බර්මියුඩා ත්‍රිකෝණය ආසන්නයේදි සැටලයිට් සිග්නල් නොලැබී ගිහිල්ලා, වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙන්නම අතුරුදහන් වෙලා යන්නෙ. තවත් ජනප්‍රියම කතාවක් තමයි, ධූමකේතු කියන්නෙ පිටසක්වල ජීවීන්ගෙන් ලැබෙන පණිවිඩ කියන එක. ඒ වගේම තමයි, පුරාතණ කාලයේ ඉඳලා මනුශ්‍ය වර්ගයා විසින් ආකාශ වස්තූන් සලකනු ලැබුවෙ අනතුරක පෙර නිමිති වශයෙන්. විශේෂයෙන්ම ධූමකේතු. මිනිස්සු විශ්වාස කලේ මේ ධූමකේතු ඇවිල්ලා විනාශයේ දූතයන් විදියට. යාඥාවන් සහ වෙනත් චාරිත්‍ර වාරිත්‍ර යොදාගෙන මිනිස්සු ඒ විනාශයේ දූතයන් පරාජය කරන්න බලනවා. මිනිසාට තේරුම් ගන්න බැරි සංසිද්ධි ගැන මිනිසා නිරන්තරයෙන්ම බියෙන් තමයි පසුවුණේ. සමහරු මේ දේවල් ගැන විශ්වාස කරන එකක් නැහැ. නමුත්, ඔබට පේන්නෙ නැහැ කියලා, ඔබට දැනෙන්නෙ නැහැ කියලා, මේ කිසිම දෙයක් සැහැල්ලුවට ගන්න මෝඩ වෙන්නෙ එපා. මිනිස් ඇසට නොපෙනෙන, මිනිස් කණට නොඇසෙන, මිනිසාට තේරුම්ගත නොහැකි, අනන්තර අප්‍රමාණ බලයන්, ශක්තියන් මේ ලෝ තලයේ පවතිනවා!

ධූමකේතුවක් පෘථුවිය ආසන්නයෙන් ගමන් ගන්නවා…
පොඩි එකක් නෙමෙයි, එවරස්ට් කන්ද වගේ අති විශාල ධූමකේතුවක්…
මීට කලින් මේ වගේ ධූමකේතුවක් පෘථුවිය පහුකරගෙන යනකොට,
ජූලියස් සීසර් එයාගෙ රොමානු අධිරාජ්‍යය ගොඩනගනවා!
මේ දැවැන්ත ධූමකේතුවෙ බලපෑම නිසා මුළු ලෝකයටම දින නමයකට විදුලි බලය ඇණ හිටිනවා…
මේ කිසිම යන්ත්‍රික උපකරණයක් වැඩ කරන්නෙ නැහැ.
මිනිසුන්ට ඉතුරු වෙන්නෙ,
හිරු උදාව, හිරු බැසීම, සුලඟ, වර්ෂාව සහ සොබාදහම පමණයි.
සමස්ත ලෝකයම යුග ගණනාවකින් ආපස්සට ගමන් කරනවා!
මේ ධූමකේතුව පෘථුවිය පහකරගෙන යනවා දකින්න පුලුවන් තැන් කීපයෙන් එකක් තමයි හිමාලය කන්ද!
මේ හිමාලය කන්දෙ ඉන්නවා අභිරහස් ගෝත්‍රයක්!
මේ ධූමකේතුව නිසා භීතියෙන් පසුවන ගෝත්‍රයක්!
මොකද කියනවා නම්,
විද්‍යාත්මක ලෝකය මේ ධූමකේතු ගැන දැනගන්න අවුරුදු මිලියන ගාණකට කලින් තමයි,
ඔවුන් මේ ගැන දැනගෙන හිටියෙ!
ඒ ගෝත්‍රයේ අය ඉන්න ගුහාවල බිත්තිවල
පුරාණ සටහන් විදියට ලියලා තියෙනවා…
‘කාලාන්තරයකට පෙර රතු ධූමකේතුවක් පසුකර ගිය බවත්…’
‘නුදුරේදීම එය යලිත් පැමිණෙන බවත්!’

මහත්තයෝ…
ඔබව අන්ධකාරය විසින් ගිලගෙන තියෙන්නෙ.
ඔබව විනාශ කරලා දමන්න පුළුවන් ආකරයේ අන්ධකාරයක්.
ඔබේ පුතණුවන්ව ආරක්ශා කිරීම ඔබගේ රාජකාරිය.
මේ තමයි ඔබගේ ඉරණම!
ඔබට සිදුවෙනවා අන්ධකාරයට මුහුණදී, එය පරාජය කරන්නට.
ඔබට පමණයි එය කළ හැක්කෙ.
ඔබගේ පුතණුවන්ව ආරක්ශා කරගන්න!
නොමැති නම්, අන්ධකාරය විසින් ඔබ දෙපළවම විනාශ කර දමාවි.
ඔබට ආලෝකය පෙනේවා කියා, මා යාච්ඤා කරන්නම්, මාගෙ පුත!

එදා මෙදා තුර මලයාලම් සිනමාවෙන් බිහිකරන ලද අසමසම, ජනප්‍රියතම රංගන තාරකාව… ඔව්, අවිවාදයෙන්ම ඒ මෝහන්ලාල්. ඔහුට පසුව මෙගා ස්ටාර් මම්මුති. ඔහුටත් පසුව…? ඔව්, වෙන කවුරුවත් නෙමෙයි, 1999 වර්ෂයේදී සිනමාවට අවතීර්ණ වෙලා, Memories, 7th Day, Picket 43, Oozham, Ezra, Tiyaan, Adam Joan, Vimaanam, Koode වැනි වෙනස්ම ආරක, විශිෂ්ඨ මට්ටමේ සිනමා නිර්මාණ ප්‍රේක්ෂක ඔබට තිලිණ කරමින්, එතකින් නොනැවතී එදා මෙදා තුර මලයාලම් සිනමාවෙ වැඩිම ආදායම් මුදලක් ලබාගත් චිත්‍රපටය බවට Lucifer චිත්‍රපටය පත්කිරීමට දරදිය ඇදි ඒ අදෘශ්‍යමාන හස්තය… වෙන කවුරුවත් නෙමෙයි, ඔහු නමින් Prithviraj Sukumaran. විටෙක ඔහු රංගන ශිල්පියෙක්. විටෙක සංගීත ශිල්පියෙක්. තවත් විටෙක නිශ්පාදකයෙක්. තවත් විටෙක ඔහු අධ්‍යක්ෂකවරයෙක්. එකී මෙකී නොකී සියලු හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ, මෝහන්ලාල් සහ මම්මුති යන ද්විත්වයෙන් වැසී ගිය, මලයාලම් සිනමාවෙ කිරුළු නොපළන් රජු ඔහුයි. එවැනි විශිෂ්ඨයෙකුගේ රංගන කෞෂල්‍යයෙන් ඔපවත් වී, ඊට අමතරව ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී Prakash Raj ගේ රංගන දායකත්වයද සහිතව, 100 Days of Love චිත්‍රපට අධ්‍යක්ශක Jenuse Mohammed ගේ අධ්‍යක්ශණයෙන් හැඩ වැඩ ගැන්වෙන මෙම සිනමා නිර්මාණය, කාරණා දෙකක් හේතුවෙන් මලයාලම් චිත්‍රපට ප්‍රේක්ශක ඔබට වැදගත් වෙනවා.

  1. පලවෙනි හේතුව තමයි, මේ තමයි එදා මෙදා තුර මලයාලම් සිනමාවෙන් නිෂ්පාදනය කෙරෙන්නා වූ පලමු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය.
  2. දෙවනි හේතුව තමයි, සුප්‍රකට Sony Pictures චිත්‍රපට ආයතනයේ බෙදාහැරීමේ අයිතිය සහිත පලමු මලයාලම් සිනමා සිත්තම වෙන්නෙත් මේ චිත්‍රපටයම තමයි.

Fantasy/Sci-fi/Thriller/Action යන කාණ්ඩ නියෝජනය කරමින්, පෙබරවාරි 7 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, මේ වන විට Imdb දර්ශකයේ 7.7 ක ඉහල අගයක් සමගින්, නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගැනීමට සමත්වී තිබෙනවා.

වෙනස් ආකාරයේ සිනමා අත්දැකීමක් ලැබීමට රුචි ඔබට, අවසානය තෙක් කුතුහලයෙන් ඇලී ගැලී සිටීමට රුචි ඔබට, ඉහලින්ම නිර්දේශ කරනවා මේ කදිම සිනමා නිර්මාණය. එසේනම්, අවසරයි සමුගන්න. ජය!

ප.ලි. – මේ චිත්‍රපටය බාරගෙන තිබුණේ තරිඳු රසාංග සහෝදරයා. ඔහුගේ කාර්‍යබහුල බව නිසා තමයි මට මේ අවස්තාව ලැබුණේ. ඒ වගේම, චිත්‍රපටයේ ගීත වෙනුවෙන් උපසිරැසි යොදා දුන් තරිඳු රසාංග සහෝදරයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper WEB-HD පිටපත් සඳහා අදාළ වේ.

15,256 downloadsDownload 9-Nine-2019.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

15,256 downloadsDownload Subtitles53 KB

66 comments

  1. PaSindu MaDumal

    එල සිසිල අයියා..
    ලිපි නම් ඉතින් සිසිල තමයි....ජය✌✌

  2. Tharaka

    me wage wenas film walata sub dena ekata godariyak thanks...............

  3. rangika Kariyawasam

    ලිපිය බලාගෙන පහලට එනකොට තමා දැක්කේ සිසිල සහෝ සබ කලා කියලා. කියලා වැඩක් නෑ ෆට්ටම වැඩක්. බෝම තුති ගමා. නියමයි
    ප්‍රිතිගේ ෆිලුමකට සබ දෙන්නේ සිසිල සහෝ නැතිනම් තරිඳු සහෝ.ජයවේවා දෙන්නටම

  4. Ranidu

    Prithviraj,sisila saho dennma bullet tamai ithin..
    Supiri saho..
    Jaya wewa!!!

  5. Kawi Jayasinghe

    Tnx mchoo

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sisila sahoo aun ekata haa lipiyataa...

  7. gihan perera

    සුපිරි හැඳින්වීම සහෝ....පට්ට ෆිලුම....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  8. deliya

    thanks sahodaraya sub akata.awagema lipiyatat lipiyat patta.jayawewa budusaranai

  9. pasinduhasalankakm

    jaya wewa thankz

  10. Udaya Saman

    Ammooooo.bohoma thuthi siaila aiye upasirasiyata.lipiyath e wagema maru.

  11. Thilan Durage

    Hoda lipiyak... Chithrapatayata eha giya danumak... Subha gaman... Idiriyatama ayamu... hamoma ekka... Bs!Tc

  12. Coc pissa

    Hdrip ekt hri yanne nadda sub eka?

  13. Jagathje

    ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද

  14. D.Chamara

    සබ් එකට බොහෝම ස්තුති සහෝ ... !

  15. R_deshan

    ගොඩක් වටින ලිපියක්...සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තූතියි සිසිල අයියෙ..

  16. Aac3

    ලිපිය නම් පට්ටම සහෝ... සබ දෙනකන් බලන් හිටියේ ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ .. මේ වගේ ෆිලුමක් ඔයාගේ සබ් එක්ක බලනවා කියන්නෙ ආයෙ සුපිරිම තමා... ජය වේවා !!!

  17. Su

    thankks saho sub ekta.. :)

  18. Buddi

    Thanks.......

  19. ඔෂද ධනංජය

    thanks sahoo

  20. rb maya

    Thanks

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Lalani Maduwanthi

    Wowwww,,,,,thank you sisila,,,,godaak pin oyata

  23. Prashanpn

    THANKS machan

  24. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  25. NuwanK

    Thank u Bro..

  26. Hemantha De Silva

    ස්තුතියි සිසිල....
    බලාගෙන හිටපු චිත්‍රපටයක්...
    ලොකු විස්තරයක් එක්කම...
    ලොකු මහන්සියක ප්‍රතිඵල...

  27. Sanjeewa2010

    Pttaaaaaaaaaaaattaaaaaaaaaa

  28. Uvindu Dilshan

    Sub ekata thankx brother

  29. Raphaele

    Thank you so much.

  30. Bandarajbandara

    ස්තුතියි ජයවේවා

  31. ishanmaxmaxmax

    Ela bro

  32. R_deshan

    සබ් එකනම් සුපිරියට කරල තියනව සිසිල අයියගෙ වැඩක් නෙ ඉතින්...හැබැයි ෆිල්ම් එක නම් බල්ලගෙන් පටන් අරන් මැක්කගෙන් ඉවර කරන ජාතියෙ කතාවක්.ධූමකේතුවෙ විස්තරේ නිකන් ෆිල්ම් එක run කරන්න පිටින් ගාපු ආලේපනයක් විතරයි.ෆිල්ම් එකේ කතා කරන සීන් එකයි මේ ධූමකේතුවයි අතර ඩිරෙක්ට් සම්බන්ධයක් නෑ.අභ්‍යාවකාශයට සම්බන්ධ science fiction ෆිල්ම් එකක් කියල හිතන් බැලුවට හොලිවුඩ් science fiction ෆිල්ම් එකක ගැම්ම මේකෙ නෑ.ෆිල්ම් එකේ කතා වෙන්නෙ වෙනම එකක්.

  33. චානක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට,
    ඔන්න එහෙනම් බා ගත්තා.

  34. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    සිසිලගෙ ලිපි ලිවීමේ රටාවෙන්ම මම හඳුනාගත්තා.
    ගොඩක් ස්තුතියි සවිස්තරාත්මක ලිපියට.
    ජයෙන් ජයම වේවා!

  35. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  36. nihalpujitha

    සින්හල උපසිරසට බොහෝම ස්තුතියි ...

  37. Nilush Angana

    Sub ekata thanx

  38. Pradeep Pasqual

    Thanks for the sub...!!

  39. Milind@

    Thanks saho

  40. සනිඳු ලක්ඛිත

    බයිස්කෝප් එක විකිපීඩියා එකක් කරන්න පුලුවන් එකම කෙනාටයි...ඒ තමයි සිසිල ප්‍රසාද්...උපසිරසට වගේම ලිපියටත් බොහොම ස්තූති සහෝ..බහුතරයක් ඔහේ ඇවිත් සබ් එක බාගෙන යනවා කියලා දැන දැනත් කියවන සුලුපිරිස වෙනුවෙන් මේ වගේ වටිනවා ලිපියක් ඉදිරිපත් කරන එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ..බුදුසරණයි..ජය වේවා!!!

  41. Ishara125

    Thanks

  42. harris

    Thnx bro sub ekata

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. chathurangi93

    niyamai. Godak Thankz

  45. Ajithkumara1

    බොහොම ඉස්තූතියි ඔබ සැමටම

  46. MadhuBandara

    Thank You Yaluwa

  47. sanoj1994

    Thanks bro sub ekata

  48. Shehan putha

    THANKS BRO s prasad.

  49. Rumesh dhanushka

    Thanks prasad

  50. Amila Roshan

    Sub ekata thanaks saho....
    JAWAYAWEWA

    1. Lasantharathnasirirox

      බොහෝම ස්තුතියි....ජයවේවා !!!

Load more comments