සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති කරන ගමන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ තවත් මලයාලම් සිනමා නිර්මාණයකටයි. මේක 2019 වසරේ තිරගත උන Adhyarathri. 2019 ඔක්තොම්බර් 04 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම…

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ නිර්මාණය මට වෙන් කරලා දුන්න සිසිල ප්‍රසාද් සොයුරාට ස්තුති කරන ගමන් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මං ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ තවත් මලයාලම් සිනමා නිර්මාණයකටයි. මේක 2019 වසරේ තිරගත උන Adhyarathri.
2019 ඔක්තොම්බර් 04 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Drama/ Comedy කාණ්ඩයේ සිනමා නිර්මාණයක්.
4.7/10 IMdb
81% Google Users
3.1/5 Desinartini.com
ලබා ගන්න සමත් උන මේ නිර්මාණය සිනමා අධ්‍යක්ෂක Jibu Jacob ගේ අධ්‍යක්ෂණයක්. Sharis Mohammed, Jebin Joseph Antony තිර රචනයක් වන මේ සිනමා නිර්මාණයෙහි Bijibal ගේ සංගීතයෙන් වර්ණ ගැන්වුණ ගීත කිහිපයක් ඇතුලත් වෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කියනව නම් ‘මංගල ජය’ ජය මංගල සේවය වගේ කතාවක්. හැබැයි මේකේ මඟුල් කපුවා නම් මනෝහරන්. මනෝහරන් තරුණ කාලේදී (Jathavedh Rajan) එයාගේ නංගිගේ විවාහ මංගල්ලේ උත්සවේ පවත්වන වෙලේ නංගි තමන්ගේ ආදරවන්තයා එක්ක හඳ පානෙම පැනලා යනවා. මේ සිද්ධියෙන් ඇතිවෙන ලැජ්ජාව දරා ගන්න බැරිව මනෝහරන්ගේ තාත්ත සියදිවි හානි කර ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ ගොඩක් අවමානෙට පත්වෙන මනෝහරන් තමන්ගේ හිතවත් කෙනෙක්ගේ දුව කසාඳ බඳින උත්සවේකට සහභාගී වෙලා ඉද්දි අදාල මනමාල පාර්ශවේ ඒ මනමාලිව ප්‍රතික්ෂේප කරපු වෙලාවක ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙලා මනමාලිට ක්ෂණිකවම අපුරු මනමාලයෙක් හොයල බන්දලා දෙනවා. ඒක තමයි මනෝහරන්ගේ වෘත්තීය ජිවිතේ ආරම්භය. එතකොට එතකල් ගමේ මඟුල් කපුකම කරපු ට්‍රේසම්මට (Pauly Valsan) එයාගේ රස්සාව නැති වෙනවා. එදා ඉඳන් ට්‍රේසම්මට මනෝහරන්ව නයාට අඳු කොළ වගේ වෙනවා. මනෝහරන් අනුන්ට මඟුල් හෙව්වට තමන්ට මඟුලක් හොයන එක නතර කරල දානවා. මොකද තමන්ගේම පෙම්වතියවත් හොඳ කෙනෙක් හොයල බන්දලා දීලා සතුටු වෙන කෙනෙක් තමා මේ මනෝහරන්. ඔහොම කාලේ ගත වෙද්දී මනෝහරන්ගේ (Biju Menon) මේ මංගල සේවය විවාහ උත්සවයකට අවශ්‍ය සියලුම දේ සපයන පුළුල් සේවයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමේ මඟුල් තුලා හොයල බන්දලා දීලා, ළමයි හම්බ උනාම කන් විදලා, අකුරු කියවලා, ඒ අයගේ පවුල් ප්‍රශ්න වලටත් මැදිහත් වෙන life time warranty එකක් හම්බෙන සේවයක් තමයි මනෝහරන්ගේ මංගල සේවාව.
මේ මනෝහරන්ට ආදරේ පෙන්නන්න බෑ. ගමේ කොල්ලෝ කෙල්ලෝ මනෝහරන් එනවා කියද්දී පණ එපා කියල දුවන්නේ. මොකද දෙමවිපියන්ගේ කැමැත්තෙන් ඒ ගමේ කොල්ලෝ කෙල්ලෝ ජෝඩු කරන්නේ මනෝහරන් විතරමයි. මනෝහරන්ට හොරෙන් ගමේ කාටවත් මංගල රාත්‍රියක් ගත කරන්න කිසිම චාන්ස් එකක් නෑ. මනෝහරන් කිව්වොත් ආයේ හොයන්න බලන්න දෙයක් නෑ කියල තමයි කියන්නේ. ඔහොම ඉද්දි තමයි ගමේ වැඩිය උගත් නැති ඒත් උත්සාහයෙන් දියුණු උන කුන්ජුමොන්ට (Aju Varghese) කසාදයක් මේ මනෝහරන් කතා කරන්නේ. කතා කරපු මනමාලි නම් වෙන කවුරුත් නෙමේ මනෝහරන්ගේ හිටපු පෙම්වතිය ශලිනි ගේ දුව අශ්වති රාමචන්ද්‍රන් (Anaswara Rajan). පෙම්වතුන්ව පෙන්නන්න බැරි මනෝහරන්ට මේ කසාදෙ හින්ද හොඳ පාඩමක් ඉගෙන ගන්න වෙනවා. ඒ මොකද්ද කියල බලන්නම වටිනවා.
ඔයාල හැමෝටම මේ නිර්මාණය රස විඳින්න ආරාධනා කරනවා. තවත් සිනමා උපසිරැසියකින් නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True Web DL පිටපත් සඳහා අදාළ වේ.
3,729 downloadsDownload Adhyarathri-2019.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
13 comments
රොයිලි
නලින් පෙරේරා
බලමු වෙඩින් සීන් එක කොහොමද කියලා. ස්තුතියි.
ජය වේවා!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!indika75
thanks..
Kavinu
පුදුම මලයාලම් මැෂිමක් නොවැ
මලයාලම්වලින්ම 50 ගහයි වගේ... උපසිරැසි දෙන විදිහට ඒකට වැඩි කාලයක් යන එහෙකුත් නැති වේවි ❤️
ජය වේවා! අනුශ්වරාගේ ෆිල්ම් අතෑරල කොහොමද...සබ් එක්ක තව පාරක් බලන්න පුලුවන් දැන්
හැකිනම් දිලීප්ගේ Chandrettan Evideya (2015) සුපර් හිට් කොමඩියටත් උපසිරැසි දෙන්න කියල ඉල්ලනව, ජය වේවා!!!සුභාෂිණි මල්ලව ආරච්චි
බොහොම ස්තුතියි මල්ලි <3 <3 <3 chola මං මුලදී වගේ කරපු එකක්. ඒක පරක්කු වෙලයි පළ වුනේ ඒකයි.
විමා
මේකත් බලමු :D
Lakshan
THANKS Digatama malayalam walata upasirasi denna. Aadu (2015) film ekata sub kaloth watinawa
Nethini123
නියමයි නියමයි.... :-D :-D :-D ;-)
isuru srinath sjs
විශේෂයෙන්ම Malayalam වලට සබ් කරන එකටත්, මේ ගෙනාපු සබ් එකටත් බොහොම ස්තුතියි !!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Bimsara
Please, vaanku ekatath sub ekak hadala dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P