1939 වසර, මහා විනාශය පෙර නිමිති හැම පැත්තෙන්ම පෙනෙන්න ගත්ත කාලයක්, දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමට අවශ්‍ය පසුබිම ඒ වෙනකොට බිම්මට්ටමේ හැදිලා තිබුනේ. මේ වසරේ නැගෙනහිර යුරෝපය දෙකට බෙදාගෙන පාලනය කරන්න හිට්ලර් සමග ස්ටාලින් ගිවිසුම් ගතවෙනවා. මේ හේතුවෙන් එවකට නැගෙනහිර යුරෝපයේ තිබුන ලිතුවේනියාව වැනි කුඩා රටවල් අ…
1939 වසර, මහා විනාශය පෙර නිමිති හැම පැත්තෙන්ම පෙනෙන්න ගත්ත කාලයක්, දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමට අවශ්‍ය පසුබිම ඒ වෙනකොට බිම්මට්ටමේ හැදිලා තිබුනේ. මේ වසරේ නැගෙනහිර යුරෝපය දෙකට බෙදාගෙන පාලනය කරන්න හිට්ලර් සමග ස්ටාලින් ගිවිසුම් ගතවෙනවා. මේ හේතුවෙන් එවකට නැගෙනහිර යුරෝපයේ තිබුන ලිතුවේනියාව වැනි කුඩා රටවල් අමු සොහොන් බවට පත්වෙනවා. ස්ටාලින් සමග අත්සන් කල ගිවිසුම උල්ලංඝනය කරමින් හිට්ලර්ගෙ නාසි හමුදාව නැගෙනහිර යුරෝපයේ පිහිටි ලිතුවේනියාව ආක්‍රමණය කරනවා, ජර්මන්නුන්ට යුදෙව්වන් පෙන්නන්න බැහැ, ඔවුන් යුදෙව්වන් නගරවල හංදිවලට ගෙනත් සමූලඝාතනය කරනවා. යුදෙව් ලමුන් පැහැරගෙන රෝහල්වලට ලේ ලබාගෙන සමූහ මිනීවලවල්වල දානවා. මෙන්න මේ වගේ දරුණු භීශනයක් තියෙන කාලෙක මැක්ස්ට හා ලයිමාට ඉතා දුශ්කර ජීවිතයකට මුහුනදෙන්න සිදුවෙනවා. එහිදි මැක්ස්ගෙ දෙමාව්පියන් අහිමිවෙන අතර ලයිමාගෙ දෙමව්පියන්ද කරදරවලට මුහුණ දෙනවා.මේ චිත්‍රපටියෙන් දේශපාලනය ආර්ථිකය ආදරය වගෙ මානව සබඳකම් ගැන ලස්සනට කියවෙනවා.
දැන් අපි චිත්‍රපටයෙ වෙනත් විස්තර ගැන බලමු 2017 වසරේදි රුසියාවෙ එලිදැක්වුන මෙම චිත්‍රපටය Drama|History|War කාණ්ඩවලට අයත්වෙනවා. Pavel Chukhray විසින් අධ්‍යක්ශනය කල මේ චිත්‍රපටියෙ යුද චිත්‍රපටියක් වුනාට සටන් ජවනිකානම් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඉතා නාට්‍යමය ස්වරූපයෙන් කතාව ගලාගෙනයනවා. Rinal Mukhametov, Yuliya Peresild, Yelisey Nikandrov යන නළු නිලියො චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.තව දෙයක් ලෝකෙ පුරා තියෙන හොඳ නිර්මාණ භාෂා ප්‍රශ්නය නිසා අපිට බලන්න විදියක් තිබුනෙ නැහැ. ඒත් දැන් බයිස්කොප් එකේ ඉන්න අපේ සහෝදර උපසිරසි කරුවන් මේ දවස්වල වැඩි වැඩියෙන් වෙනත් භාෂා වල චිත්‍රපටි වලට උපසිරසි කරන බවක් පේන්න තියෙනවා. ඒක ඇත්තටම පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන් කාරණයක් වෙනවා. ඊළඟට මගෙ උපසිරසි පලකරන්න සහයෝගය ලබාදෙන සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුලු කාර්ය මණ්ඩලය මේ වෙලාවෙ මතක් කරන්න ඕන. ඊළඟ චිත්‍රපටිය ගෙනෙන තෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR Rip පිටපත් සඳහා අදාළ වේ.
1,581 downloadsDownload Holodnoe-Tango-2017.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
10 comments
Anonymous
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Anonymous
Thanks......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හෂාන්
උපසිරැසියට බොහෝම ස්තූති සහෝ
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank u bro