සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අවුරුද්දේ අප්‍රෙල් මස 01 වෙනිදා නිකුත්වුණ Aakkariyam (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද ආවේ. කොවිඩ් 19 වසංගතය කියන්නේ අද වෙද්දි මුළු ලෝකෙම කටයුතු අඩපණ කරලා මුළු ලෝකයම විනාශ මුඛයට ඇදලා දාපු බො…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 අවුරුද්දේ අප්‍රෙල් මස 01 වෙනිදා නිකුත්වුණ Aakkariyam (2021) මලයාලම් සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි අද ආවේ.
කොවිඩ් 19 වසංගතය කියන්නේ අද වෙද්දි මුළු ලෝකෙම කටයුතු අඩපණ කරලා මුළු ලෝකයම විනාශ මුඛයට ඇදලා දාපු බොහොම අකාරුණික වෛරසයක්. මේ හින්දා ලෝකයේ සෑම කර්මාන්තයකටම අත් වෙලා තියෙන්නේ බොහෝම අවාසනාවන්ත ඉරණමක්. චිත්‍රපටි කර්මාන්තය කියන්නෙත් මේ හේතුවෙන් අඩපණ උන තවත් කර්මාන්ත ක්ෂේත්‍රයක්. ඒත් මේ වසංගතයත් ආශිර්වාදයක් කර ගත්තු නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් මේ වෙද්දි තමන්ගේ නිර්මාණ සාර්ථක ලෙස එළි දක්වලා තියෙනවා. මලයාලම් සිනමා නිර්මාණකරුවන්ට මේ අතරේ සුවිශේෂි තැනක් හිමිවෙනවා. මේ වසංගත කාලය හා බැදුණු, මේ කාලයට අනුගත වන ආකාරයට සිදු කරන ලද නිර්මාණ කිහිපයක්ම පහුගිය කාලයේ අපිට දකින්නට ලැබුණා. මේ Aakkariyam කියන්නෙත් කොරෝනා වසංගතය මුල් කරගෙන සිදු කරපු නිර්මාණ කාර්යයක්.
අද වෙද්දි 7/10 IMDb අගයක්, 85% ගූගල් පරිශීලක අගයක් හිමිකර ගත්ත මේ චිත්‍රපටිය Sanu John Varghese අධ්‍යක්ෂණයක් වගේම Sanu John Varghese, Arun Janardanan, Rajesh Ravi ගේ තිර රචනයක්.
මේ කතාව ගැන කිව්වොත්, ෂර්ලි (Parvathy Thiruvothu) හා රෝයි (Sharaf U Dheen) කියන්නේ එකිනෙකා තේරුම් අරන් බොහොම ආදරෙන් ඉන්න විවාහක යුවලක්. හැබැයි මේ දෙන්නම කලින් විවාහ වෙලා හිටපු දෙන්නෙක්. ෂර්ලිට පළමු විවාහයෙන් අවුරුදු 12ක විතර දුවෙක් ඉන්නවා. ඇගේ දුව සෝෆි තමිල්නාඩු කන්‍යාරාමයක ඉගෙන ගන්නවා. ෂර්ලි හා රෝයි දෙන්නා ජීවත් වෙන්නේ මුම්බායි වල. රෝයි ව්‍යාපාරිකයෙක්. 2020 අවුරුද්දේ කොරෝනා වසංගතය හිස ඔසවමින් ඉන්න වෙලාවක රෝයි හා ෂර්ලි, කේරළේ පදිංචි විශ්‍රාමික ගණිත ගුරුවරයෙක් වන ෂර්ලිගේ තාත්තා ඉට්ටියිවාරා (Biju Menon) තනියම වාසය කරන මහ ගෙදරට නිවාඩුවක් ගත කරන්න එනවා.
ෂර්ලි සහ රෝයි මහ ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව තුළ පළමු ලොක්ඩවුන් කිරීම සිද්ධ වෙනවා. ඒ අතරෙදි රෝයිගේ ව්‍යාපාරික කටයුත්තකට යාලුවෙක් ලබා දුන්න ණය මුදලක් නැවත යාළුවා රෝයිගෙන් ඉල්ලනවා. මේ හේතුව හින්දා රෝයි ලොකු මූල්‍යමය ගැටළුවකට මූණ දෙනවා. මේ වෙලාවේ රෝයිගේ මාමාණ්ඩි, තමන්ගේ ගෙදර සහ ඉඩම් විකුණලා ණය මුදල පියවමු කියලා යෝජනා කරත් රෝයි ඒ යෝජනාවට කැමැත්ත පල කරන්නේ නෑ. ඒත් වෙන විකල්පයක් නැති හින්දා අවසානෙදි රෝයි මේ වැඩේට කැමති වෙනවා. මේ අතරෙදි බොහොම නිවිච්ච මනුස්සයෙක් වෙච්ච ඉට්ටියවාරා මහත්තයා ගෙදර සම්බන්ධයෙන් ලොකු රහසක් රෝයිට හෙලිකරනවා. ඇත්තම කිව්වොත් රෝයිගේ ඇස් උඩ යන රහසක්. ඊට පස්සේ මොනවා වෙයිද? රෝයිගේ ප්‍රශ්න විසදෙයිද? දෙවියන්ගේ කැමැත්තට හැමදේම සිද්ධ වෙයිද? කවුද දන්නේ?
Drama – Mystery – Thriller කාණ්ඩ යටතේ නිර්මාණය වෙලා තියෙන මේ නිර්මාණය, ඔබ බලාපොරොත්තු වෙන සම්ප්‍රදායික අභිරහස්, ත්‍රාසජනක කුතුහලයෙන් පිරුණු චිත්‍රපටියක් නෙමෙයි. බොහොම හිමින්, වැඩි කලබලයක් නැතිව ගලාගෙන යන කතාවක් කියලා කියන්න ඕනේ. ප්‍රධාන චරිත ගැන විශේෂයෙන් කියන්න අවශ්‍ය නොවුනත්, විශේෂයෙන්ම මේ චිත්‍රපටියේ සුළු චරිත නිරූපණය කරන රංගන ශිල්පීන්‌ගේ රංගනය පවා විශිෂ්ඨ මට්ටමක තියෙනවා. මලයාලම් සිනමාවට ආදරේ කරන රසිකයින්ට මේ සිනමා නිර්මාණය අනිවාර්යෙන්ම රස විඳින්න කියලා ආරාධනා කරනවා. මේක වෙනස්ම අත්දැකීමක් වෙයි.
තවත් සිංහල උපසිරැසියකින් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
4,392 downloadsDownload AKM-2021.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
36 comments
PCVENOM
Kushan
Sub akta thanks
Neo
Thanks sister
Keep it upAnonymous
තැන්කු තැන්කු
Hasitha
උපසිරසියට ස්තුතියි සහෝදරී
Sadun
කන්නඩ,බෙංගාලි ෆිල්ම් වලටත් සබ් දෙන්න බලන්න
නියම ත්‍රිලර් ඒවා තියනෝAnonymous
වෙන ඉල්ලන්න ඒව නැද්ද බන්..
Anonymous
..වෙන ඉල්ලන්න ඒව නැද්ද බන්
Laka
ඉතින් උබ ඉල්ලපන්...අනුන්ට පව් නොදී
Anonymous
මේ ඉන්දියන් ෆිල්ම් ඉතින් ලංකාවෙ ගොඩයන්ට මැජික් වගේ තමයි..පව් ඉතිං. අහිංසක ජීවිත..
Anonymous
සිරාවටම බන්.දකුනු ඉන්දීය ෆිල්ම් ලෝකෙ හොඳම ෆිල්ම් කියල හිතන් ඉන්න සෙට් එකකුත් ඉන්නවනෙ..උන් සිරාවටම පව් තමා බන්..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Thnkz sis
Uvi
Thai horror ewata sub denna
Anonymous
ඉස්සරනං රේණු අක්කගෙ සබ් එකක් කිව්වොත් ෆිලුම මොකක් උනත් ඩව්න්ලෝඩ් වෙන්න දානවා.කාමතිපුර එකෙන් පස්සෙනං හොඳට හොයල බලල තමයි ගන්නෙ.සබ් එකට තුති..
ලව්නේරිස්
අනේහ් බන් සබ් දෙන ඔක්කොම සුපිරිම ඒවා වෙන්නේ නෑ බන් , එහෙමවෙන්න නම් හැදෙන ෆිල්ම් ඔක්කොම සුපිරි ඒවා වෙන්න එපැයි..
ඔහොම කමෙන්ට් දාලා අලුත් ෆිල්ම් සබ් දෙන අය නැතිකරගන්න එපා බන් , බලපන් දැන් සයිට් එකේ කොච්චර පරන ෆිල්ම් (ගොඩක් ඒවා බලන්න වටින ඒවා නෙවෙයි) සබ් දීලද කියලා.....
ඒ නිසා අලුත් ෆිල්ම් දෙන උන් ටික රැකගනිල්ලා!Anonymous
ඇත්ත..අලුතෙන් එන හැම ෆිල්ම් එකම සුපිරි නෑ තමයි..එව්නාට මෙතන ප්‍රශ්නෙ උපසිරැසිකරුවයි රසිකයයි අතර තියෙන විශ්වාසෙ..රේණු අක්කත් එක්ක 50ටම ආවෙ පට්ට විශ්වාසෙකින්..සමහර ෆිල්ම්වල රේටින්ග්ස්වත් බලන් නැතුව ඩව්න්ලෝඩ් කරපු අවස්තා තිබ්බා..මම කියන්නෙ මේකයි.ෆිල්ම් එකක් හරි සීරීස් එකක් හරි දෙනකොට ලියන ලිපිය තමයි වැදගත්ම "හසිත මධුශාන්" කියලා කියල සබ් දෙන කෙනෙක් ඉන්නවා..පුලුවන්නං හොයල බලන්න..අවසානෙට දුන්න ෆිල්ම් එක Gloomy Sunday .උපසිරැසිකරුවන් 1000ක් බිහිඋනත් විශ්වාසෙ කියන දේ හරි වැදගත් මචන්..ඒක නැති උනාම ආපහු හදන්න අමාරුයි.කාමතිපුරට කලින් අක්කත් එහෙම කෙනෙක්.අදටත් ඒ විශ්වාසෙ රැකපු එකම උපසිරැසිකරුවා හසිත මධුශාන් අයිය විතරයි..
අනික කොහොමද මචන් කියන්නෙ පරණ ෆිල්ම් ගොඩක් බලන්න වටින් නෑ කියන්නෙ.පොඩ්ඩක් හොයල බලහන් බන්.කොච්චර සුපිරි පරන ෆිල්ම් තියෙනවද කියලා..අලුත් ෆිල්ම් නං එහෙමයි ඉතින්.හසිත මධුෂාන්
බලන්න වටින නොවටින එක තීරණය වෙන්නෙ එක එක්කෙනාගෙ පුද්ගලික කැමැත්ත මතයි. පරන ෆිල්ම් බලන්න කැමති අය පරන එව්වා බලයි අලුත් එව්වා බලන අය අලුත් එව්වා බලයි. සයිට් එක ඒ හැමෝගෙම මිසක් එක රාමුවකට කොටු වෙන්න ඕනි නෑ...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ....!
දැන් ඉස්සර වගේ සබ් කරන්න වෙලාව නෑ සහෝ, තවමත් ආසාවට මේ වගේ සයිට් එක පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල යනව විතරයි...Anonymous
වෙලාව නැති උනාටනං කමක් නෑ..දවසකට ලයින් 5 ගානෙ කරලා මාස 3 කටවත් සැරයක් ෆිල්ම් එකක්නං ඕනෙමයි..මොකද ඒ තරං ඇබ්බැහිවෙලා..අපේ සෙට් එකේ උනුත් දැන් මගෙන් අහන්නෙ හසිතගෙ ෆිල්ම් එකක් නැද්ද කියලා..අයියගෙ නමින් ලැපේ ෆෝල්ඩර් එකක් පවා තියෙනවා..අයිය දුන්න ෆිල්ම් වලින් gloomy sunday,black book,the salesman,15 minutes of war,eskiya,beirut,the snow walker,lust caution,shoplifters,kursk,il mare,amour,goodfellus,metropolis.sand storm,omar,american beauty,carpernaum,the irishman සුපිරිම සුපිරි..
අනික තව 3යි නේ..අපිට අමතක නෑ හොඳේ..ලෝක සිනමාවෙ තියෙන අපිට මිස් උන සුපිරි ෆිල්ම් සෙට් කරල දෙන එකට අපිත් කළගුන සලකන්න එපැයි.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ, මං කරපුවා මටවත් මෙච්චර හොදට මතක නැතිව ඇති. ආයෙම සබ් ටිකක් කරන්න ඕනි තමයි වෙලාව හොයාගෙන. සතියකින් වගේ ඔස්කාර් බෙස්ට් ෆොරින් ලැන්වේජ් ෆිල්ම් එකට නොමිනේට් උන පලස්තීන සිනමා සිත්තමකින් හමු වෙමු...
Anonymous
july 22.still waitingggggggggggg
Laka
ස්තුතියි සහෝදරි
Anonymous
Thank you sister
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …ජයෙන් ජයම වේවා !!
රංගික සිනෙත් කාරියවසම්
සුපිරියක් .සබ දෙනකම් හිටියේ.බෝම තුති සහෝදරිය.ජය
Yash
Prithviraj ඉන්න අලුත් මලයාලමක් ගොඩබැහැලා තියෙන්නේ,ඉක්මනට ඒකට සබ් ගේමු සහෝදරී
මේකටත් බොහෝමත්ම ස්තුතියිNethini123
වෙනස්ම විදිහක නිර්මාණයක්....පාර්වතී ඉන්න ඒවා මඟහැරගන්න නම් එපා... :-D
බොහොම ස්තූතියි අක්කේ උපසිරැසට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
cold case sub dennakoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Anonymous
cold case sub plz
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Bandara
ලංකාවෙ සිරිත් විරිත් ඉවුම් පිහුම් පරිසරය දකින්න පුලුවන් අපුරු චිත්‍රපටියක්..බොහොම ස්තූතියි රේණුකා සොයුරිය මෙවැනි දේ තෝරාගන්නවට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
super thanks for the sub waiting for another one !!!!!!!