මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූවෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, රවී යනු මව සමඟ ජීවත් වන කඩවසම් තරුණයෙකි. රවී තවමත් ඉගෙනුම ලබන අතර කීර්තිමත් පවුලක පොහොසතෙකු වන දි…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “අනූවෙනි උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 6.6 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්.
මෙහි කතා කතා සාරාංශය වන්නේ, රවී යනු මව සමඟ ජීවත් වන කඩවසම් තරුණයෙකි. රවී තවමත් ඉගෙනුම ලබන අතර කීර්තිමත් පවුලක පොහොසතෙකු වන දිවාන් ජන්කිදාස්ගේ සුරූපී දියණිය වන කාංචන්ගේ ගුරුවරයා වශයෙන් කටයුතු කිරීමට රවීට අවස්ථාව ලැබේ. එහිදී රවී සහ කාංචන් ආදරයෙන් බැඳෙයි. යහපත් තරුණයෙකු වන රවී කෙරෙහි කාංචන්ගේ පියා වන ජන්කිදාස් කැමැත්තක් දක්වා ඔවුන්ගේ විවාහය සිදු කිරීමට කටයුතු සලසයි. විවාහ ගිවිස ගැනීමේ උත්සවය තුළදී මෙම විවාහය ගැන ප්‍රශ්නයක් මතුවේ. එනම් ජන්කිදාස්ගේ සොයුරිය විසින් රවීගේ මව වන ජමුනා හඳුනාගෙන, ඇයගේ අතීත දිවියේදී සිදුවූ අමිහිරි සිදුවීමක් සභාව ඉදිරිපිට හෙළි කරයි. එනම් රවී යනු පියෙක් නොමැති දරුවෙක් බවයි. එහිදී විවාහය සිදු නොවෙන අතර නිවසට පැමිණෙන රවී තම මවගෙන් මෙහි ඇත්ත කතාව විමසා සිටියි. රවීගේ මව එය හෙළි කරන අතර එයට කනගාටුවට පත්වී රවී තම නිවසින් පිටවී යයි. මේ අතර කාන්චන්ට තවත් විවාහ යෝජනාවක් ගෙන එයි. එහිදී රවී සිතන්නේ කාංචන් විවාහ වූ බවයි. නමුත් කාංචන් මෙම විවාහයට කැමති නොවෙයි. මේ අතර කලකිරීමට පත්වූ රවී කළ වරදක් සඳහා උසාවියට ඉදිරිපත් කරයි. මෙහි තීන්දුව දීමට සිටින විනිසුරුවරයා රවීගේ ජීවිතය ගැන විමසා බලයි. එහිදී විනිසුරුවරයා රවී තමාගේ පුතා බව හඳුනා ගනී, නමුත් එය හෙළි නොකරයි. මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ධර්මේන්ද්‍ර සහ ආශා පාරෙක් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට් “. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
අන්තර්ජාලයේ Aaye Din Bahar Ke (1966) Full Hindi Movie | Dharmendra, Asha Parekh, Balraj Sahni යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු පනහයි, තත්පර හතළිහක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
676 downloadsDownload Aaye-Din-Bahar-Ke-1966.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
- #1966
- #Asha Parekh
- #Balraj Sahni
- #Dharmendra
- #Editor's Pick
- #Harbans Dost
- #Must Watch
- #Nazima
- #Raghunath Jhalani
- #Sachin Bhowmick
- #Sarshar Sailani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #You Decide
- #උපසිරැසි
- #විතානගේ ප්‍රියන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
Anonymous
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් ස්තුතිය පුද කරමි.....
D P Gamage
Mr. Priyantha,
This is also good film. I really appreciate your service!W T Ajith
I watched a lot of the other movies you subtitled. This is also one of the most valuable in world cinema.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
SJ
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Old is gold, Thank you so much!