අරසපුරම් වගේම ආන්ඩියාපුරම් ගම් දෙකටම ප්‍රධානියා වුණේ මුනියාන්ඩි. මුනියාන්ඩිගෙ දුව ලක්ෂ්මි, සැමියාගෙන් වෙන් වෙලා තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් වුණ අන්බු එක්ක මුනියාන්ඩි ගාව ජීවත් වුණා. මුනියාන්ඩිගෙ ආඩම්බරය එයාගෙ මුනුබුරා. මුනියාන්ඩි වගේම අන්බුත් ගමේ රණ්ඩු වලට හරි හපනෙක්. අන්බුගෙ ලෝකය එයාගේ අම්මා,…

අරසපුරම් වගේම ආන්ඩියාපුරම් ගම් දෙකටම ප්‍රධානියා වුණේ මුනියාන්ඩි. මුනියාන්ඩිගෙ දුව ලක්ෂ්මි, සැමියාගෙන් වෙන් වෙලා තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් වුණ අන්බු එක්ක මුනියාන්ඩි ගාව ජීවත් වුණා. මුනියාන්ඩිගෙ ආඩම්බරය එයාගෙ මුනුබුරා. මුනියාන්ඩි වගේම අන්බුත් ගමේ රණ්ඩු වලට හරි හපනෙක්. අන්බුගෙ ලෝකය එයාගේ අම්මා, සීයා විතරක් වෙලා තිබුණා. අනෙක් දරුවා වුණ අරිවු තාත්තා එක්ක කැනඩාවේ ජීවත් වුණා. අරිවුට තමන්ගෙ ලෝකය එකම නෑයා වුණ තාත්තා විතරයි. අරසපුරම් ගමේ කුලයෙන් උසස් අයත්, ආන්ඩියාපුරම් ගමේ කුලහීන අයත් ජීවත් වුණා. අරසපුරම් අය ආන්ඩියාපුරම් මිනිස්සුන්ව පහත් විදිහට සැලකුවා. අරසපුරම් අය වංශවත් පෙළපතකින් පැවතගෙන එන්නන්. මේ ගම් දෙක අතරේ නිතරම ආරවුල් ඇති වුණා. අන්බු, අරිවුගෙ දෙමව්පියන් වෙන් වුණෙත් මේ ගැටළු නිසාම තමයි. කොහොමින් හරි මේ ගම් දෙක එකතු කරන්න ඒ ප්‍රදේශයේ වැඩ බලන දිසාපති වරයා උත්සහ ගත්තා. ගම් දෙකම එකතුවෙලා සැනකෙළියක් පවත්වන්න තීරණය කලා. අරසපුරම් අය ඉහලින්ම කැමති වුණත් ආන්ඩියාපුරම් පුරම් අය අසාධාරණ තත්වය නිසා හිත් තැවුලකිනුයි හිටියෙ. උත්සවය කඩාකප්පල් කරන්න ආන්ඩියාපුරම් අය උත්සාහ කලා. මේ වැඩේ අන්බුගෙ අතටම අල්ලගෙන වැරදිකාරයින්ව පොලිසියට අල්ලලා දුන්නා. මේක ආන්ඩියාපුරම් මිනිස්සු තදින්ම හිතේ තියා ගත්තා. කොහොමින් හරි පස්සෙ දවසක අන්බුට රණ්ඩුවකදි ඔළුවට බලවත් පහරක් වැදුණා. සනීප වුණ අන්බු, ඒ පහරෙන් පස්සෙ හැසුරුණේ දරුණු මුරණ්ඩු අන්බු විදිහට නෙවෙයි. අන්බු ආදරෙන් බලාගත්ත ගොනා පවා අන්බුව දැකලා පන්නාගෙන ආවා. මේ ඇවිත් ඉන්නෙ අරිවු නම්, වෙන් වුණ අම්මා තාත්තව එකතු කරන්න අරිවුට පුළුවන් වෙයිද? තමන්ගෙ අයියව, සීයව වගේම ගමත් වෙනස් කරන්න පුළුවන් වෙයිද?
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වශයෙන් ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂක හිප්-පොප් ආදි දායක වනවා. චිත්‍රපටයේ චන්ඩි චරිතය නම් ඉස්කෝලෙ නාට්‍යයකට ඇන්ද හුරුබුහුටි කොලුවෙක් වගෙයි. කොහොම වුණත් ආදි සිනමාවට නවකයෙක්. ජ්‍යාත්‍යන්තරයට ගිය, ‘විශාල්’ ජීප් එකේ හාන්සිවෙලා පියාඹන මීම් එකේ පසුබින් ඇහෙන “ආම්බල-ආම්බල-ආ-ආ-ආම්බල” පසුබිම් සංගීතය ආදිගෙ තමයි. ඒ ක්ෂේත්‍රයට ආව Aambala (2015) චිත්‍රපටියෙන්. Thani Oruvan (2015), Aranmanai 2 (2016), Druva (2016), Imaikkaa Nodigal (2018) වගේ චිත්‍රපට වලට සංගීතය සැපයුවෙත් ආදි තමයි. ආදි විතරක් තනිවම නෙවෙයි ආදි එක්ක ජීවාත් පාර්ශව කරුවෙක්. 2017 ඉඳන් රංගනයට පිවිසෙන ආදි Meesaya Murukku (2017), Natpe Thunai (2019), Naan Sirithal (2020), Sivakumarin Sabadham (2021) විදිහට හැම චිත්‍රපටයකම ප්‍රධාන චරිතය රඟ දක්වනවා. චෙන්නාය තුල ආදිටම වෙනම රසිකයින් පිරිසක් නිර්මාණය වී තියෙනවා. කොහොමින් හරි චිත්‍රපටි නැත්තටම නැති වෙලාවක ජනවාරි උත්සව මාසයේ තමන්ගේ චිත්‍රපටයක් එලි දක්ව ගන්න ආදි වාසනාවන්ත වුණා.
අනෙක් චරිත දිහාවට හැරුණොත්, නැපෝලියන්, මෙහි මුනියාන්ඩි ලෙසින් ඉදිරිපත් වනවා. Virumaandi (2004), Suthan (2021), Pokkiri (2007), Yejaman (1993), Asuran (1995) [Predator (1987) දෙමළ වර්ෂන් එක] Sivan (1995) [Robocop (1987) දෙමළ වර්ෂන් එක], Seema Raja (2018) චිත්‍රපට රැසකට නැපෝලියන් දායක වුණා. විරුමාන්ඩි වැනි චිත්‍රපට රැසක දැක්වූ නැපෝලියන්ගේ ස්වාභාවික රංගනය මෙහිදීද දැකිය හැකියි.
විදාර්ත් මේ චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය ඉදිරිපත් කරනු ලබනවා. Mynaa (2010), Kutrame Thandanai (2016), Vizhithiru (2017), Karangu Bommai (2017) යනාදි චිත්‍රපටවලදී දැකගත හැකි විදාර්ත් මුල් වරට දුෂ්ඨ චරිතයක් නිරූපණය කරන්නේ මේ චිත්‍රපටයෙනුයි. Drishyam (2013) හි ගීතා ප්‍රභාකර් චරිතය ඉදිරිපත් කල ආශා සරත් වගේම, තෙළිඟු, කන්නඩ, දෙමළ චිත්‍රපට නළුවෙක් වගේම හඬනළුවෙක් වුණ සයි කුමර් ද මෙහි චරිත නිරූපණය කරනවා.
ඔමික්‍රෝන් වගේ කොරෝනා ප්‍රභේද බෝ වෙන වේගය වැඩිවීමෙන් ඉන්දියාවේ සිනමාශාලා වැහෙද්දි, සිනමාශාලා වලට විවෘත කරන්න තිබුණ මේ චිත්‍රපටිය Disney + Hostar ඔස්සෙ නිකුත් වුණා. චිත්‍රපටයට ධණාත්මක ප්‍රතිචාර ලබා වැනීමට හැකි වුණා. චිත්‍රපටයෙන් සමහර පණිවිඩ කියා දෙනවා. ඒ වුණත් චිත්‍රපටය ඇතුලෙ චීන ජාතිකයෙක් දෙමළෙන් කතා කරනවා, සුද්දන්ව බිම ඉන්දවගෙන ඉන්නවා වගේ වෙනස් දේවල් තියෙන්න පුළුවන්.
එම්.ජී.ආර් ගේ Enga Vittu Pillai (1965) චිත්‍රපට අච්චුවෙන් බොහෝ චිත්‍රපට නිකුත් වුණා. මෑත කාලීනව බොහෝම සීමා වෙලා තියෙනවා. මේක සාර්ථක ආදායම් ඇදගන්නා සංකල්පයක්. බොහෝ වෙලාවට නළුවෙක් විදිහට ස්ථාවරත්වයක් නිර්මාණය කරගැනීමෙන් අනතුරුව ද්විත්ව චරිත රංගනයට නළුවන් පෙළඹෙනවා. මෙහි ‘වන් ලයින්’ කතාව Ben Hur (1959)ට සමානයි. එක හා සමාන පුද්ගලයින් දෙදෙනෙක්. එක් අයෙක් දුෂ්ඨයෙක් හෝ පොහොසත් අයෙක්, අනෙක් කෙනා යහපත් කෙනෙක්. දෙදෙන අතරෙ චරිත මාරුව ගැනයි කතාව ගොඩනැගෙන්නේ. දුෂ්ඨ චරිතය යහපත් මාර්ගයට ගෙන එනවාද යන්නයි චිත්‍රපටයේ අවසානය.
ලෝකයේ විවිධ බෙදීම් තියෙනවා. රට, ජාතිය, ආගම, පාට, කුලය කියලා. ඒ අපි අහලා තියෙන රචනාව. බෙදීම් තියෙන්නෙ ඒ අතරෙ විතරක් නෙවෙයි පළාත් අතරෙ, ගෙවල් ඇතුලෙත් තියෙන්න පුළුවන්. බෙදලා බෙදලා ව්‍යාපාර කරන එකත් ව්‍යාපාර කලාවක්. ඉන්දියාවේ IPL තරඟ වලට ප්‍රාන්ත බෙදිලා සමාජමාධ්‍යය කරන්න පුළුවන් තරමට දූෂිත කරනවා. ලංකාවේ මේ තත්වය පූදින සමයේ තියෙනවා. ඒ විදිහට පළාත් වෙන් කරලා විවිධ ව්‍යාපාරික ආයතන වලින්, දේශපාලන ආයතන වලින් ක්‍රීඩා හඳුන්වලා දෙනවා. ඔන්ලයින් ක්‍රීඩා පවා. මේ සෙල්ලම් වෙනුවෙන් වෛරය පතුරවගෙන සමාජ මාධ්‍යවල අසභ්‍ය වචන වලින් බැනගන්නවා. මේ ලඟදි අවසාන වුණ Lanka Premiere Leuge උදාහරණයකට ගන්න පුළුවන්. ඡන්දයකදී පවා මේ වගේ දේවල් බොහෝ දකින්න පුළුවන්. ව්‍යාපාර ගැටවලට, දේශපාලන උගුල් වලට අහුනොවී අදට, හෙටට, අනාගතයක් ඉතිරි කරන්නයි වුවමනා. ඉතින් අදහස් දක්වන වගේම බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි! අදහස් උදහස් තියෙනවා නම් ඒවාත් පහලින් පල කරන්න.
බුදු සරණයි! සියළු දෙවිවරුන්ගේ රැකවරණයි!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,105 downloadsDownload Anbarivu-2022.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
22 comments
Arawinda Sunimal
oshanda
thanks sahoo
Pasindu Madumal
සබට තුති සහෝ ❤️
Anonymous
Thanks for sub
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Raja vikramarka (2021) filumata sub dennako
Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Nilush Angana
Sub ekata thanx
Anonymous
thanks ravindu saho
Vishwa sasanka
Thank you
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Karthikeyage aluth filume sub denna
Jevan
Thanks machi
Anonymous
තැන්කු වේවා
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ...dulan
ස්තුතියි !
Rajitha
උපසිරසියට ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thanks (Ravidu Naveen)