Watch Trailer

ABCD (Any Body Can Dance) (2013) Sinhala Subtitles | නර්තනයෙන් උමතු වූවන්.. [සිංහල උපසිරැසි සමඟ]

නර්තනය කියන්නෙ බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැලඳ ගන්නා දෙයක්. නර්තන කියන තේමාවට මුල් තැන දෙමින්, ඉන්දියාවේ බිහි වූ සුපිරිතම චිත්‍රපටයක් තමයි මම අද මේ ඔයාලට අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය ඉන්දියාවට සුවිශේෂී වීමට එක් හේතුවක් වන්නේ මෙය එරට තිරගත වන පළමු ත්‍රිමාණ චිත්‍රපටය නිසාවෙන්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලක…

ABCD - Any Body Can Dance (2013)

නර්තනය කියන්නෙ බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැලඳ ගන්නා දෙයක්. නර්තන කියන තේමාවට මුල් තැන දෙමින්, ඉන්දියාවේ බිහි වූ සුපිරිතම චිත්‍රපටයක් තමයි මම අද මේ ඔයාලට අරගෙන ආවෙ. මෙම චිත්‍රපටය ඉන්දියාවට සුවිශේෂී වීමට එක් හේතුවක් වන්නේ මෙය එරට තිරගත වන පළමු ත්‍රිමාණ චිත්‍රපටය නිසාවෙන්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7ක් ලබාගැනීමටත් මෙයට හැකි වී තිබෙනවා. මෙහි ප්‍රධාන භූමිකාව රඟ දක්වන්නේ සුපිරි නළු ”ප්‍රභූ දේවා” විසිනි. එහෙනම් මම වැඩි කතා නැතුව කෙලින්ම චිත්‍රපටයේ කතාවට බහින්නම්.

විශ්ණු (ප්‍රභූ දේවා) කියන්නෙ දක්ෂ නැටුම් ගුරුතුමෙක්. එයා වැඩ කරන්නෙ තම මිත්‍රයෙක් වන ජහන්ගීර් සමඟ ඔහුගේ නැටුම් පාසලේ.. කොහොම හරි චිත්‍රපටය ආරම්භයේදීම නැටුම් තරඟයකින් ඔවුන්ගේ කණ්ඩායාම ජයග්‍රහණය කරන සිදුවීමක් පෙන්වනවා. ඒත් විශ්ණු දන්නව තමන්ගෙ කණ්ඩායමට වඩා අනිත් කණ්ඩායම හොඳින් නර්තනය ඉදිරිපත් කළ බව. ඒත් ජහන්ගීර් කොහොම හරි හොර කරල කණ්ඩායම දිනවනව. මෑන්ස්ට ඕනෙ හොඳින් හරි නරකින් හරි දිනන්න. මේ හේතුව නිසා ඇති වුන ප්‍රශ්නයක් නිසා විශ්ණු මේ නර්තන පාසැල අත්හැරල තමන්ගෙ පරණ යාලුවෙක් ලඟට යනව. ඒ ගෙදර ඉද්දි මෙයා දකිනව පොලීසියෙන් පැනල යන කොල්ලො සෙට් එකක්. මේ කොල්ලො ටික පස්සෙ පොලීසියෙන් කොච්චර පැන්නුවත් මුන්ව අල්ලන්න බෑ. මොකද මේ සෙට් එක දන්න වැඩ කිඩ සේරම දාල අරෙහෙන් මෙහෙන් රිංගල පැන ගන්නව. මේ අයව දැකපු විශ්ණු සර්ට අදහසක් පහල වෙනව නර්තන කණ්ඩායමක් හදන්න. හැබැයි වැඩේ හිතුව තරම් ලේසි වෙන්නෑ. ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල ඔයාලම බලන්න. සුපිරි නැටුම් ටිකක් ඔයාලට බලාගන්න පුලුවන්.(ටිකක් කිව්වට ටිකක් නෙමෙයි හොඳේ!)..

මේ චිත්‍රපටියෙන් සමාජය යහපත් ආදර්ශ රාශියකුත් ගෙනහැර පානවා. කණ්ඩායම් හැඟීම කියන දේ කොච්චර වැදගත්ද, විශ්වාසය, ඉවසීම, කැපවීම, නොසැලෙන උත්සාහය.. මේ හැමදේම මේ චිත්‍රපටයේ අඩංගු වෙනව. හැමෝටම බලන්න වටින සුපිරිම ෆිල්ම් එකක්. මේ වෙනකොට මේ චිත්‍රපටයට වැය වූ මුදල මෙන් දෙගුණයකටත් වඩා ආදායමක් ලබල තියනවලු. ඒකෙන්ම තේරෙනවනෙ කොහොමද කියල.

අද මම හුඟක් අසනීප තත්වයේ ඉඳලත් මේ චිත්‍රපටයට ඔයාලට දෙන්න පුලුවන් වුනේ මේ චිත්‍රපටය මගේ හිතට හොඳටම අල්ලල ගියපු නිසා. අද උදේ ෆිල්ම් එකත් බලල ඉවර වෙලා තමයි සබ් එක දාන්න ගත්තෙ. ඉතින් ලොකු වෙහෙසක් දැරුව. ඒ නිසා ඔයාල අදහසකුත් දාල යනව නම් සතුටුයි. ගියවර Jack Reacher ෆිල්ම් එකට අදහස් දක්වපු හැමෝටමත් බොහොම ස්තූතියි. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජයම වේවා෴

ABCD (Any Body Can Dance) (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

15,952 downloadsDownload ABCD.Any_.Body_.Can_.Dance_.2013.zip315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

15,952 downloadsDownload Subtitles315 B

113 comments

  1. nadika

    ade man balandama hetapu akak. tnxxxxxxxxxxxx mcho

    1. kasun

      thnkssss hoyapuma eka............

    2. vihanga

      abcd 2 denna plz.................

  2. lk

    ado patta meyka anakm unne

  3. h[A]s

    පට්ට මචෝ සුපිරි ෆිල්ම් එකක් මේක

  4. wow

    wow,. maru :D

  5. tharanga

    දිදුල පට්ටම එකක් දීලා නේ ජයම වේවා!

  6. amilatk

    jaya wewa!!!!

  7. Ashan ravihansa

    onna ada man 1st

  8. Vimukthi

    thanks a lot saho
    :D ^_^ :D

  9. Isuru

    maxxa wadak saho jayama wewa!!!!

  10. kalinga

    පට්ට පතුරු ෆිල්ම් එකක් මේක නම් අනිවා බලනවා!!!!!!!

  11. Fernando

    niyamai saho.... :D

  12. ccnp

    Thanks

  13. elakiri

    එල එල එලම කිරි මචං සබ් එක නම් මල් 7 යි

  14. හසන්ත වික්‍රමරත්න

    මමත් අද උදේ තමයි මේක බැලුවේ නියමෙටම තියෙනවා Step Up තත්වෙටම තියෙනවා. කොල්ලා ලෙඩ ගානේ ඉඳන් සබ් හදලා. එහෙනම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

  15. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  16. pubudu

    patta wadak didula saho

  17. zumo man

    elazzzz thnxzzzzz

  18. shann

    බොහෝ තුති සහෝ . ඉන්දියාවේ ඉන්න හොදම නළුවෙක් තමා ප්‍රභූ කියන්නේ , එලස්

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අම්මටසිරි, එළනේ....බලන්න හිතන් හිටපු එකක්...මේක නම් අනිවා බලනවා...
    අසනීප තත්වය ඉක්මනට සුව අතට හැරෙවායි ප්‍රාර්ථනා කරනවා...ජය වේවා.

  20. quik

    thanks

  21. mihin ලංකා

    ජයම වේවා සහෝ පට්ට පතුරු

  22. jana

    bohoma pin :P

  23. sangeeth

    patta machan...tawat me wage ewa danna...

  24. geeth

    ela wadak machna

  25. murad

    thank u bro ,,,

  26. chamath cafe

    සුපිරි හොදේ දැන්ම බාලා බලනවා අපි

  27. jack

    සුපිරි වැඩක් මචන්
    අසනීපයට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා.

  28. අසංක

    බලන්න ඕනේ නියම නළුවෙක් ඉන්නේ

  29. Anushka

    පට්ට මචෝ
    අසනීප තත්වය ඉක්මනට සුව අතට හැරෙවායි ප්‍රාර්ථනා කරනවා
    බොහෝ තුති සහෝ

  30. ganidu

    තැන්ක්ස් වේවා!!

  31. eraNga

    niyamai saho thwath sub denna wageyma lede ikmanin suwa wenna kiyala pathanwa!

  32. කැළුම්

    බොහොම තුති. ඉක්මන් සුවය පතමි

  33. දිනිඳු සම්පත්

    අද බයිස්කෝප් එකෙන් මාර දීමක් දෙනවනේ.. කොහොම ස්තූති කරන්නද මන්දා.. ඔන්න මමත් බාගන්න ගොඩට දැම්මා දිදුල සහෝ. අසනීපයෙන් ඉඳලත් මේ වගේ සුපිරි චිත්‍රපටියකට උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තූතියි.. ජයවේවා!

  34. upali

    ela ela ela ela ela

  35. ositha

    didula denne supiri awa..ikmanin leda hoda wenna kiyala pathanwa

  36. p.a.t.h.u

    ela saho

  37. දිෂාන්

    බෝම ස්තූතියි දිදුල සහෝ.. ඉක්මන් සුව පතනව...
    ජය වේවා

  38. සමීර කරුණාරත්න

    මට නිකමට වගේ හිතුනා මැෂින් දෙකෙන් එක්ක වෙන්නෙ ඇති කියල.... ඒ පාර KD මැෂිම... අසනීප තත්වය තියාගෙන අපි වෙනුවෙන් කරපු කැපවීම හුගක්ම අගය කරනව, ඒ වගේම ඉක්මන් සුව පතනවා...! වෙනදා වගේම බොහොම තුතී උපසිරැසට...

  39. ශාන් විමුක්ති [වීමා]

    elakiri ban
    thnx hode :)

  40. lakshitha

    thnxxxxx saho

  41. BK

    Patta.... Thx

  42. Shan ගමගේ

    අෆ්ෆට සිරී දිදුල නියමයි....මේක දෙන්නේ කොයි වේලාවට කියලා බලා ගෙන හිටියේ...ස්තුතියි සබ් එකට​...

    එහෙනම් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.

  43. කැලුම් රණවක

    එලස් මේක එලකිරි ෆිල්ම් එකක්.සබ් එක එනකම් හිටියෙ.බොහොම ස්තුතියි සහෝ..

  44. nipuna

    maxxa

  45. ns

    thanx...

  46. Ashan ravihansa

    I Me aur Main (2013) DVD Rip film ekata sub eka dendako macho

  47. harsha

    tx

  48. “චූටී මල්ලි”

    මන් නම් කලින් ඉදන්ම හිතාගෙන උන්නෙ
    මේක නම් දෙන්නෙ උබ තමා කියලා
    හරියටම හරි ගියා උපකල්පනෙ
    අසනීපයි කිවා නේ බය වෙන්න එපා අනිවා ඔයාට
    ඉක්මනටම හොද වෙනවා
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  49. nuwan

    elama thamai machan jaya wewa.....!

  50. විදුර අධිකාරි

    කතා කරලා වැඩක් නෑ සහෝ .. ඔයානම් එලම තමයි. එනකන් උන්නු ෆිල්ම් එකක් මේක ..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.