ක්ලින්ට් ඊස්ට්වුඩ්ව අපේ බයිස්කෝප් යාළුවන්ට අළුතෙන් හඳුන්වල දෙන්න ඕන නෑනේ. මේ කියන්න යන්නෙ ඔහු අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාපු තවත් රසවත් චිත්‍රපටියක් ගැනයි. Absolute Power කියන නමෙන්ම කියවෙන විධියට මේකෙ තියෙන්නෙ උවමනා තරම් බලය තියෙද්දි ඕන කෙනෙක්ව නටවන්න පුළුවන් කියන තේමාවයි. මේකෙ ප්‍රධාන චරි…

ක්ලින්ට් ඊස්ට්වුඩ්ව අපේ බයිස්කෝප් යාළුවන්ට අළුතෙන් හඳුන්වල දෙන්න ඕන නෑනේ. මේ කියන්න යන්නෙ ඔහු අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාපු තවත් රසවත් චිත්‍රපටියක් ගැනයි. Absolute Power කියන නමෙන්ම කියවෙන විධියට මේකෙ තියෙන්නෙ උවමනා තරම් බලය තියෙද්දි ඕන කෙනෙක්ව නටවන්න පුළුවන් කියන තේමාවයි. මේකෙ ප්‍රධාන චරිතය වන ලුතර් විට්නි වෘත්තීය හොරෙක්. ජීවිතයේ පසුයාමය දැහැමෙන් සෙමෙන් වාසය කරන බව ලෝකයට පෙන්නුවත් ඔහුගෙ රස්සාව ලොකු පෝසතුන්ගෙන් හොරකම් කිරීමයි. ඒ නිසාම ඔහුගේ තරුණ දියණිය ඉන්නෙ ඔහුගෙන් ඈත් වෙලා.
වතාවක් මිලියන්පති (බිලියන් ද මන්දා) ව්‍යාපාරිකයෙක්ගෙ නිවසට ඇතුළු වෙලා ඔහුගේ රහස් සෙප්පුවෙන් වටිනා බඩු හොරකම් කරද්දි ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනව. අදාල ව්‍යාපාරිකයගෙ තරුණ බිරිඳ ඇමරිකානු ජනාධිපති ඉදිරියෙදි ඔහුගේ ආරක්ෂකයින් අතින් මැරුම් කනව. මේක ජනාධිපතිගෙ ප්‍රතිරූපයට හොඳ නැති නිසා ඔහුගෙ සගයින් මේ සිදුවීමයටපත් කරන්න යනව. නමුත් ප්‍රබල සාක්ෂි සහිතව අපේ ලුතර් එතනින් පැනගන්නව.
ඔහුව හඳුනගන්න ඇමරිකානු රහස් පරීක්ෂණ අංශ එක්ක සෙල්ලම් කරමින් තමාට උවමනා විඳියට අදාල තැනට නියම විඳියට කරුණු ඔප්පු වෙන විධියට සාක්ෂි ඉදිරිපත් කරන්න ලුතර් දරන උත්සාය ගැන තමයි චිත්‍රපටිය පුරාම තියෙන්නේ. ඒ කොහොමද කියල බලන්න නම් චිත්‍රපටිය බාලම ඉන්න. මේකෙ IMDb විස්තර මෙතනින් බලන්න.
ලිපිය – h සොහොයුරා

25 comments
chamila
දිනුක
එළ එළ බාමි.......
චමිදේවා
ම්ම්ම්...Clint Eastwood ගෙනේ...ඉතිං බලන්නම වෙනවා...එහෙනම් ඔන්න බානවා...ස්තූතියි h.
Confiuzd ප්‍රෝග්‍රැමර්
දැන්නම් මේක බාන්නම වෙනවා :D
විදුර ඉමේෂ්
ඔන්න මමත් බෑවො,බොහොම ස්තුතියි දුන්නට!!!
අනුරාධ
යාළු සහෝලා......නැද්ද අපේ "Tom Hanks" සහ "Steven Spielberg" ගේ බයිස්කෝප් ටිකක් හොයාගන්න, මම මේ කියන්නෙ මේ දෙන්නගෙ හොඳම වැඩ පෙන්නපු ඒවා, දන්නව ඇතිනෙ මම කියන්නෙ මොන බයිස්කෝප් ගැනද කියලා
කසුන් නදීශන
එළ. බානවෝ
sama
math kamati “Tom Hanks” සහ “Steven Spielberg” ගේ බයිස්කෝප් walate
පොඩි මෑන්
මමත් මේක බානවා එල එල
Randi
What u all r doing is fantastic. me wagema tikak samana katawak tiyanawa ENTRAPMENT kiyala sean conery and cathrine zita john ragapana eka ba ganna barida
චම්පික
ed Harris මගේ ප්‍රියථම නළුවා. ඒ වගේම තමයි clint eastwood. අනිවා බාමී. thanxa සහෝ.
shiwantha
thanx machan
h
@ අනුරාධ sama - ටොම් මාමයි ස්පිල්බර්ග් මාමයි දෙන්නම එල වැඩකරුවො තමයි. මමත් සෑහෙන්න ටොම් හෑන්ක්ස්ගෙ චිත්‍රපටි බලල තියෙනව. ස්පිල්බර්‍ර්ග් හදපු ඒව හොය හොය බැළුවෙ. දෙන්නම්කො ළඟදිම.
h
@ චම්පික - Ed Harris මමත් ආස නළුවෙක්. වැඩිය ප්‍රධාන චරිත නැති වුණාට කරන ටික ගොඩක් තාත්විකයි නේද.
hemantha samarakoon
ඔයාලගෙ අර ලිපි ලැයිස්තුවට යන්න බැරි ඇයි.....?
අකියා (aKILLER)
fatttttttttttttttttaaaaaaaaaa
Varuna
මචෝ එලම කිරි. උඹල කරන මේ වෑඩෙට බොහොම ස්තුතියි. පුලුවන්නම් ong bak 2 හොයල දීපන්. Thank you wewa.
Uraj Deemantha
1997 ෆිල්ම් එකක් නේද.....?? බාමු බලන්න Old is Gold නේ ..... :D
Asitha
Thnx Mr. h bro....
I jst c dis movie on baiscope...
hw i miss dis....?????randi
downloaded and watched the movie, MAXXA!!! good movie...
by the way when i tried to access baiscopelk site yesterday,it gave me an error msg saying tht http forbidden
why is that??
roshan
thawa athuth film tag karanna .. web site ekata jaya
Nishan
bawa..........Thanks....
Ramraj
මගේ රවුටරේ අවුල් කාලේ ආපු ෆිලම්. මට මග ඇරිලා මේකත්.
Hiroshan
Thank you Film Ek Dmmat.
bb
විස්තර දැම්මට වැඩක් නැහැ සබ් නැති නිසා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela kathawak wage..... :D